Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Thursday, February 11, 2010

ගුගල් ලංකාව තුලදි block කරන්න යනවා කියන්නෙ ඇත්තක්ද?

මට අද මගේ මිතුරකුගෙන් ලැබුණ පණිවුඩයක තිබුණු ලිපිනය (url) ට අදාල ලිපිය  දැක්කම මට මගේ ඇස් දෙක අදහාගන්න බැරි වුණා. ඒ වෙබ් පිටුවෙ දැක්වුණු විදියට අපි අන්තර්ජාලයේදී මූණු පොතටත් වඩා රඳාපවතින වෙබ් අඩවිය www.google.com ලංකාව තුලදී භාවිතා කරන්න ඇති හැකියාව නවතන්න සූදානම්ලු.( මම මූණුපොතට වඩා ගුගල් මත රඳා පවතිනවා..)

මගේ හැඟීම නම් එය සැබෑවක් වනවා යනු ලංකාවේ විශාල පිරිසක් මහත් අපහසුතාවකට ලක්වනවා නිසැකයි. මට නම්  ගුගල් නැතිව අන්තර්ජාලය භාවිතා කරනවාට වඩා හොඳයි අන්තර්ජාලය භාවිතා නොකර ඉන්න එක කියලා හිතෙනවා.

මේ තියෙන්නෙ ලිපියට යන ලිපිනය. කියවලා බලන්න.
http://lankanewsweb.com/news/EN_2010_02_10_013.html

මේ තියෙන්නෙ මම දැනට එක් වතාවක්වත් භාවිතා කර ඇති ගුගල් සේවාවන්.  ඉතින් ගුගල් නවත්වනවා කියන්නෙ මට මේ සේවාවන් සියල්ලම නැති වනවා කියන එකයි නේද?


 
 


තවත් දෙයක්, දැන් ඉතින් yahoo හරි වෙනත් ඊමේල් ගිණුම් සපයන්නෙකුගෙන් නව ලිපිනයක් ලබා ගෙන මම දැනට ලියාපදිංචි වෙලා තියෙන වෙබ් අඩවි සියල්ලටම ගිහින් ගිණුම් විස්තර තියෙන තැනට නව ලිපිනය ලබාදෙන්නත් වෙනවා. බැරි වෙලාවත් නව ලිපිනය තහවුරු කරන්න කියලා පරණ ලිපිනයට ලිපියක් යැව්වොතින්???
ඒත් කමක්නෑ කියමුකෝ.. කාලයක් යද්දි අනිත් සෙවුම් යන්ත්‍රත් ලංකාව තුලදි අඩපණ කරොතින්????

21 comments:

  1. මොකක්ද බං ඔය link එකට යන්න බෑනෙ. අනිත් එක ඔය ලෝකෙ නැති කටකතා කරයන්ගෙ වැඩක්ද දන්නෙනෑනෙ. කෝකටත් ඔබ කලබල නොවී ඉදපං කොල්ලො

    ReplyDelete
  2. එක සැරේට එච්චර දරුණු තීරණයක් ගනී කියල නම් හිතන්න අමාරුයි. එත් මේ යන පොට නම් අල්ලන්නෙ නෑ.

    ReplyDelete
  3. @gama
    goproxing.com වලින් යන්න

    ReplyDelete
  4. http://www.lankanewsweb.com/Sinhala/news/2010_02_10_009.html

    proxy වලින් යන්න බෑ proxy ත් block කලොත්...මම ඉන්න UAE වල ඉස්සරලම block කරලා තියෙන්නේ proxy ටික.....VOIP, Proxy කියන වචන වලට දාල හැම සයිට් එකම block....Anchor free hot spot shield වලින් විතරයි ඕනේම සයිට් එකකට යන්න පුළුවන්...

    ReplyDelete
  5. ලිංක් එක වැඩ නැත.

    ReplyDelete
  6. මචං ඔය ලංකා නෙව්ස් වෙබ් කියන්නේ එච්චර විශ්වාස කරන්න පුළුවන් සයිට් එකක් නෙමේ. ඒකෙ සමහර නිව්ස් මවල දෙනව.

    ReplyDelete
  7. මේක එච්චර ලේසියෙන් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නෑ.
    මොකද රජයේ සමහර තැන්වලත් මේක පාවිචිචි කරනවනේ.

    MAY BE A BULLSHIT

    /බිඟුවා...!

    ReplyDelete
  8. ඉරානය ජීමේල් ඒක බිලොක් කරා කිව්වාම මම විහිළුවට කිව්වේ "චීනයත් හුටපටයක් දාගත්තු ගුගුලයේ ජිමේල්ල දැන් ඉරානයේ තහනම් කර ඇත. එනයින් මේ සමීකරණයට අනුව ඊළඟට ශ්‍රි ලංකාවද?" කියලා. ඒක ඇත්තක් නොවුණොත් හොඳයි.

    ReplyDelete
  9. ඔය වෙබ් සයිට් එක තනිකරම මඩ සයිට් එකක්. google තහනම් කරල වැඩක් නෑනෙ. ඕක තනිකරම බොරුවක්.

    ReplyDelete
  10. රජය අපහසුතාවයට පත් කරන්න, විජාතික බලවේග ගොතපු බොරැවක් ඕක! :)

    ReplyDelete
  11. හැබැයි ඉතින් ඔය සයිට් එකේ කිව්ව දේවල් ගොඩක් ඇත්ත වෙලා තියනවා. සමහ‍්ර නිව්ස් අයිටඊඑන් එකටත් ඉස්සෙල්ල කිව්වෙ මේගොල්ලො. ගූගල් විත‍්රක් නෙමේ FB twitter වගේ එවත් බ්ලොක් ක‍්රන්න යන්නේ. එතකොට නම් හ‍්රි ශෝක්. මම හදවතින්ම පතනවා ඕක බ්ලොක් ක‍්රන්න කියලා.

    @panni
    ගූගල් තහනම් ක‍්රලා වැඩක් නෑ කියන්නේ නැතුව ඔයගේ බ්ලොග් සයිට් එක වගේද බ්ලොක් ක‍්රන්න ඔනේ ? බහුබූත කියවන්න එපා.

    FYI
    රජාගේ හොදම යාළුවා වෙන චීනෙ නම් ගූග්ල් සීමා ක‍්රල තියෙන්නේ democracy කියල සර්ච් ක‍්රන්නවත් දෙන්නේ නෑ. you tube එහෙම සම්පූර්නයෙන් බ්ලොක් ක‍්රලා තියෙන්නේ.

    ReplyDelete
  12. සමහර ISP ලා මේ සයිට් එක බ්ලොක් කරලා වගෙයි පෙනෙන්නෙ.
    මඩ ගහනවා කියලා අපිව බය කරාම හරියනවද මම අහන්නෙ? තව පොඩ්ඩෙන් හර්දයාබාධයක් හැදෙනවා මට..දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ.

    මේක ඇත්තක් නොවේවා!!!!!!!

    @gama @තමීර @Saman @බුද්ධි @දසයා @බිඟුවා @~බිன்ku~ @panni @කොමා @මල්මාමා
    ප්‍රතිචාර වලට ස්තුතියි.

    ReplyDelete
  13. පුහුලට තිබ්බ අත ලබ්බට නොතියයි කියලා සහතික වෙන්න පුළුවන් කාටද? අහෝ goo....

    ReplyDelete
  14. හිතන්න ආමාරුයි ඔහොම වෙයි කියල.

    ReplyDelete
  15. මෙහෙම උනොත් නං වහ කන්න තමයි වෙන්නෙ...

    ReplyDelete
  16. @kasun @Tharu @astroanu @මධු වීරකෝන්
    ප්‍රතිචාර වලට ස්තුතියි.

    ReplyDelete
  17. හා හා මල්ලී . . කලබොල වෙන්න එපා . . අපිට සුබ අනාගතයක් ලබල තියෙන්නේ . . . ඔය පටන් ගන්න හැදුව විතරයි . . බලන්නකෝ අනාගතේ කොයි තරම් නම් සුබ වෙයිද කියලා . . .

    අර මකුනෙක් මදුරුවෙක් මැරුනොත් විතරක් ලේ දකින්න ඇහැකි "කේතුමතී නුවරයි" අපි ජීවත් වෙන්නේ කියලා මල්ලීට අමතක වුනාද . . .


    සුභ අනාගතයක් . . . !!

    ReplyDelete
  18. @දුකා .. ඒත් මට නම් බයේබැරුවා අයියේ.. ස්තුතියි ප්‍රතිචාරයට..

    ReplyDelete
  19. පිස්සුනේ. ඔය ලංකා ඊ නිව්ස් කියන්නෙ මඩ සයිට් එකක් ඕකට කවුරුවත් බය වෙන්න එපා. ගූගල් බ්ලොක් කරලා වීරවංශට මාලිගා හදන්න යැ.
    /කුම්භකර්ණයා

    ReplyDelete
  20. @කුම්භකර්ණයා
    ස්තුතියි ප්‍රතිචාරයට..
    ඔබට සුබ දවසක්..

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails