Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Sunday, January 3, 2010

opera MINI භාවිතා කර සිංහල කියවමු.

ජංගම දුරකථනය භාවිතාකර අන්තර්ජාලය තුල සැරිසරන විට සමහර අවස්ථාවලදී ඔබට සිංහලෙන් ලියැවුණු වෙබ් පිටු කියවීමට අවශ්ය වන්නට ඇතුවාට සැක නැත. ඒ සඳහා ඔබේ ජංගම දුරකථනයතුල සිංහල භාෂාව පිහිටුවා තිබිය යුතු වේ. නමුත් එයට සමහර ජංගම දුරකථන සහය දක්වන්නේ නැත.

ඊට පහසු විසඳුමක් operaMINI web-browser එක මගින් සපයා දී ඇත. එනම් operaMINI භාවිතා කර සිංහලෙන් ලියැවුණු වෙබ් පිටු කියවීමේදී සිංහල අකුරු ජංගම දුරකථනයතුල දී render කිරීම වෙනුවට ඔවුන්ගේ server එකක් තුලදී render කිරීමයි. එනම්මෙහිදී ජංගම දුරකථනයට එන සිංහල අකුරු ඔවුන්ගේ server එකක් තුලදී render කර ඡායාරූප ලෙස ජංගම දුරකථනයට එවීමයි. මෙවිට කිසිඳු අපහසුවක් නැතිව ජංගම දුරකථනය හරහා කියවීමට හැක.

නමුත් මෙවිට භාවිතා වන දත්ත ප්රමාණය තරමක් විශාල අගයක් ගන්නා බැවින් "සාමාන්‍ය ජංගම දුරකථන දත්ත ගාස්තු (standard GPRS data rates)" වලට යටත්ව අන්තර්ජාලය තුල සැරිසරන්නේ නම් ඔබේ  ජංගම දුරකථනජාලය විසින් තරමක් විශාල මුදලක් අයකිරීමට ඉඩ ඇත.

ක්රමය.
  1. ඔබේ ජංගම දුරකථනය තුල operaMINI web-browser එක පිහිටුවා ගන්න. මෙය opera වෙබ් අඩවියෙන් නොමිලේ බාගත කරගත හැක.
  2. operaMINI web-browser එක ක්රියාත්මක කර එහි "වෙබ් ලිපිනය (URL)" යොදන ස්ථානය (address bar) තුල about:config ලෙස සටහන් කර එවිට පෙන්වන වෙබ් පිටුවට යන්න.
  3. පහලින්ම ඇති "Use bitmap fonts for complex scripts" යන්න ට අදාල drop-down-list එකෙහි "no" වෙනුවට "yes" යොදා සුරක්ෂිත (save) කරන්න.
  4. මෙවිට එම වෙබ් පිටුව reload වනු ඇති අතර ඉන්පසුව ඔබ සිංහල බසින් ලියැවුණු වෙබ් පිටු කියවීමේදී සිංහල අකුරු දිස්වේ.

(මෙම ලිපිය කලකට පෙර ඉංග්රිසි බසින් ජංගම දුරකථනය භාවිතාකර මවිසින් ලියන ලද ලිපියක සිංහල පරිවර්තනයයි)

මාගේ ලිපි වල සිංහල අකුරු වල කිසියම් දෝෂයක් ඇතැයි කීප දෙනෙක් ප්‍රකාශ කළ අතර එම දෝෂ පෙන්වාදීම පිළිබඳව ස්තුතිය ප්‍රකාශ කරමි. දැන් එම දෝෂය දක්නට නැතැයි සිතන අතර එලෙස දෝෂයක් පෙනේනම් මා හට දන්වන මෙන් ඉල්ලා සිටිමි. 2010-04-08

3 comments:

  1. ලිපියෙ යුනිකේත වල අවුලක් පේනව ...

    ( ක්රමය. ක්‍රමය )

    ReplyDelete
  2. nokia S40 wala sinhala unicode daanna puluwanda?

    ReplyDelete
  3. @arunaweerasinghe රකාරාංශය,යංශය ටයිප් වෙන්නෙ නෑ.

    @Naleen Dhanushka සමාවන්න. මම ෙනාදනිමි.

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails