Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Sunday, January 10, 2010

gmail වලින් ඇත්තටම 7.5GB දෙනවාද?

මම http://gmail.com පාවිච්චි කරලා gmail ගිණුමට ඇතුල්  වුනු ගොඩක් වෙලාවට දැක්ක දෙයක් තමයි අපට ලැබෙන inbox  ප්‍රමාණය  දෙදහස්  ගණනක ඉඳලා එක්වරම හත්දහස්  ගණනකට වෙනස් වෙනවා. මෙය ඉතා ඉක්මනින් සිදුවන දෙයක් නිසා එය දැකීමටනම් අන්තර්ජාල සම්බන්ධතාව තරමක් අඩු වේගයකින් ක්‍රිරියාත්මක වන වේලාවක http://gmail.com හරහා username ,password  යොදා gmail ගිණුමට ඇතුල්  වී  පරීක්ෂා කරන්න.
yahoo අසීමිත inbox ඉඩක් දීමට පටන් ගනිද්දී yahoo මගින් කීවේ වැඩි දෙනෙක්  100MB ට වඩා inbox පාවිච්චි නොකරන බැවින්  ඔවුන්ට අසීමිත ධාරිතාවට සරිලන ලෙස තම දායක (server)  පරිගණක වල ධාරිතාව  වැඩිදියුණු කිරීමට අනවශ්‍ය බවයි.  gmail භාවිතා කරන්නන් සඳහා 7.5 GB ලබාදුන්නත් එයින් 100MB ට වඩා inbox ඉඩ පාවිච්චි කරන්නේ එහෙමත් අයෙක් බැවින් gmail සඳහාද මෙය අදාල කරගෙන ඇති බවයි  ම‍ගේ අදහස..

මාගේ ලිපි වල සිංහල අකුරු වල කිසියම් දෝෂයක් ඇතැයි කීප දෙනෙක් ප්‍රකාශ කළ අතර එම දෝෂ පෙන්වාදීම පිළිබඳව ස්තුතිය ප්‍රකාශ කරමි. දැන් එම දෝෂය දක්නට නැතැයි සිතන අතර එලෙස දෝෂයක් පෙනේනම් මා හට දන්වන මෙන් ඉල්ලා සිටිමි. 2010-04-08

10 comments:

  1. ඇත්ත තමා ඔය ගූගල් කාරයා මහ හොරෙක්... මට නම් පේන්න බෑ...

    ReplyDelete
  2. ඔය දෙනව කියන ඉඩ ප්‍රමාණය ඇත්තටම දෙන ප්‍රමාණයක් නෙවෙයි. 7.5GB දුන්නත් දෙනව කියල කිව්වත්, ඒක අපිටම කියල වෙන් කරන ඉඩ ප්‍රමාණයක්‍ නෙවෙයි. අපි භාවිතා කරල තියෙන ඉඩ ප්‍රමාණය 1GB ව‍ගේ නම්, ඉතිරි 6.5GB ප්‍රමාණයම වෙනත් අය අතර බෙදිල යනව. ඕකයි Yahoo වලත්, Unlimited Web Space විකුණන තැන් වලත් වෙන්නෙ. :)

    ReplyDelete
  3. මගේ inbox එක නම් දැන් 985MB වෙනව.

    ReplyDelete
  4. අපෝ මගේ නම් තව ටිකයි තියෙන්නේ.. 86%ක් ෆුල්..

    ReplyDelete
  5. @මහසෝණා නමුත් දැන් තියෙන තත්වෙ හැටියට "ගූගල්" මත තමයි අපි රඳා පවතින්නෙ.

    @Supun Sudaraka මම නම් හිතන්නෙ GMail එකෙන් අපට ගිගාබයිට් 2 ට ටිකක් වැඩි ප්රමාණයක් අනිවාර්යයෙන්ම දීලා ඉතිරි ටික අවශ්ය අයට පමණක් ලබා දෙනවා කියලායි. ඔවුන් උපායක් විදිහට ගිගාබයිට් 7.5 පෙන්වනවා අැති.

    @ආදර කතාව @Naveen Madhawa , attachment තියෙන email යාහු එකකට හරි වෙනත් gmail ගිණුමකට හරි forward කරලා gmail එකෙන් මකලා දාන විදියට සකසන්න. එක ජංගම දුරකථන අංකයකට gmail ගිණුම් 4ක් හදන්න පුලුවනි.

    @Naveen Madhawa, දැනට තියෙන ලිපිනය වැදගත් නිසා ,වෙනත් provider කෙනෙක්ගෙන් email ගිණුමක් අරඹලා දැනට තියෙන mail සියල්ල එම ගිණුමට ගන්න (බැකප් කරන්න) . (gmail to gmail , mail සියල්ල එකවර ගන්න බෑ). gmail ම අවශ්ය නම් ඉන් පසු වෙනත් gmail ගිණුමකට බැකප් කරන්න පුලුවනි.

    @මහසෝණා, @Supun_Sudaraka, @ආදර_කතාව, @Naveen_Madhawa , ප්රතිචාර වලට ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  6. gmail වල තිය mail සියල්ල තමුන්ගෙ පරිගනකයට බාගත හැකියි. outlook හරි වින්ඩොස් මෙල් පාවිච්චි කරලා. මම නම් gmail වල තිබුනු 4 gb බාගත්තා.

    ReplyDelete
  7. Google බොහෝ සේවා නොමිලේ දෙන නිසා, අපිටම කියලා 7.5GB වෙන් කර තැබීමක් බලාපොරොත්තු වීම සාධාරණ නැහැ. අවශ්‍ය වෙලාවට තිබුනාම ඇති නේ? අනිත් අතට, මට නම් තවම 1GB වත් ඕන වෙලා නෑ, මොකද මම ළඟකදි ඉඳා අනවශ්‍ය ලියුං මකන්න පුරුදු වුනු නිසා.

    @මහසෝණා: එහෙම හිතන්න හේතුව මොකක්ද?

    ReplyDelete
  8. @රවා නමුත් online තියෙද්දි අපට අවශ්ය ලිපිය පහසුවෙන් සෙියාගත හැකියි නොවෙද?

    @Supun Budhajeewa මමත් එකඟයි.

    @රවා @Supun Budhajeewa , ප්රතිචාර වලට ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  9. මම නම් හිතන්නේ මෙන්න මේ නිසයි ඉඩ යන්නේ....10Mb විතර මේල් එකක් එකවර කීප දෙනෙකුට නෙවෙයි, අවස්ථා 5කදී forward කලොත් එතන 50Mb ඉඩක් ගන්නවා....එතන thread 5ක් තියන නිසා...මම නම් කරන්නේ ලොකූ attachment තියන මේල් වල thread එකක් ඉතුරු කරලා අනිත්වා මකනවා.....

    ReplyDelete
  10. @saman මම වෙලාවක හොයලා බලන්නම්.. මම හිතන්නෙනම් එ් වෙලාවට thread 5 තිබුණත් subject, body එක එකමනම් එ් ඔක්කොම එකම මේල් එකේක් විදියට සලකනවා කියලායි.. හොයලා බලලා කමෙන්ට් එකක් දාන්නම් වෙලාවක..
    ප්රතිචාරයට ගොඩක් ස්තුතියි.

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails