Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Tuesday, January 12, 2010

එයාටෙල් නුවරදි වැඩ පටන් අරන්...

මම අද දවස් ගානකට පස්සෙ නුවර ගියා. ගිහින් ගෙදර එන්න බස් එකකට නඟින්න ගුඩ්ෂෙඩ් එකට ආවාම මතක් වුණා රීචාර්ජ් කාඩ් එකක් ගන්න. ඉතින් මම ලඟපාත තිබුණු phone කඩයකට ගිහින් රීචාර්ජ් කාඩ් තියෙනවාද ඇහුවා. (ඉල්ලපු රීචාර්ජ් කාඩ්  වර්ගය මෙතනට අදාල නැති වෙයි කියලායි මම වර්ගය සඳහන් නොකරන්නෙ)  . එතන නෑ කිව්වම මම ඊළඟ කඩයටත් ඒ විදියට කඩවල් 5 කට විතරත් ගියා.  ටික වෙලාවකින් මට පෙනුනා නුවර ගුඩ්ෂෙඩ්  ගම්පොල බස් නවත්තන තැනින් පටන්ගන්න කඩවල් වල රතුපාට වැඩි වෙලා කියලා. ඉතින් මම තවත් ඉස්සරහට ගිහින් මුරුතලාව බස් නවත්තන තැනට යන්න කලින් මට අවශ්ය කාඩ්එකක් ගත්තා.
දැන් ඉතින් බස් එකට නගින්න ආපහු බස් එක ලඟට එන ගමන්  කඩවල් වල වෙනස ගැන හොයලා බැලුවා. එතකොටයි මම දැක්කෙ කඩවල් වල  නාම පුවරු ගොඩක් එයාටෙල් සමාගමින් ලබාදී ඇති බව.
අනෙක් සමාගම්වල දැන්වීම් තිබුණත් දැන් ගොඩක් අය විකුණන්නෙ එයාටෙල්  විසින් සපයන දෑ විතරයි. දැන් කඩවල් කීපයක් විතරයි හැම ජංගම දුරකථන සමාගමකම කාඩ් විකුණන්නෙ. මෙතන මම සදහන් කරන ලද්දේ නුවර ගුඩ්ෂෙඩ්  ගම්පොල බස් නවත්තන තැන සිට මුරුතලාව බස් නවත්තන තැන දක්වා තත්වයයි. අනික් තැන්වලත් මෙහෙමද දන්නෑ.

mama me dawas tike mage blog eke font awla hadaganna try karanawa. dan keepawathawakma font maaru kara.. man hithanawa me wathawe kalin thibunata wada awl wela penenawa kiyala..Sorry for the inconvenience and I'll try to solve it soon..

මාගේ ලිපි වල සිංහල අකුරු වල කිසියම් දෝෂයක් ඇතැයි කීප දෙනෙක් ප්‍රකාශ කළ අතර එම දෝෂ පෙන්වාදීම පිළිබඳව ස්තුතිය ප්‍රකාශ කරමි. දැන් එම දෝෂය දක්නට නැතැයි සිතන අතර එලෙස දෝෂයක් පෙනේනම් මා හට දන්වන මෙන් ඉල්ලා සිටිමි. 2010-04-08

6 comments:

  1. ඉතිං ඔච්චර ඕකම විකුණුවට ගන්න මිනිස්සු ඉන්නවද? මට නම් හිතෙන්නේ කඩ බං‍කොලොත් වෙන වැ‍ඩක් වගේ..

    ReplyDelete
  2. යහලුවා ඔයා පාවිච්චි කරන්නෙ realtime singlish නෙමෙද... ‍XP නම් os එක වෙනම පරණ sinhala XP කියන සොෆ්ට් එක හොයලා දාගන්න...

    ReplyDelete
  3. @malee_msg තව ටික දවසකින් හරියයි.. එ් කඩවල් වලින් වැඩි හරියක් අයිති කීපදෙනෙක්ට.. phone විකුණන අතරයි card විකුණන්නෙ. (ප්රධාන බිස්නස් එක phone.) ප්රතිචාරයට ස්තුතියි.

    ReplyDelete
  4. @රවා මම opensuse11.0 පාවිච්චි කරන්නෙ. මම සිංහල අවුල හදාගන්න linux එක මාරු කරන්නත් උත්සාහ කරා. නුවර CD/Computer කඩවල මිනිස්සු ලිනක්ස් කියන නම දන්නෙත් නෑනෙ.
    http://roshanherath.blogspot.com/2009/05/my-linux-timeline_31.html
    ප්රතිචාරයට ස්තුතියි.

    ReplyDelete
  5. මේක ඇඩ්වටයිසින් ලෝකයක් නේ මචං . .

    ReplyDelete
  6. @දුකා එපාවෙනකන් ඇඩ්ස් දාන එක මට නම් පේන්න බෑ

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails