Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Tuesday, August 20, 2013

ජනෙල් 9යි ලිනස් torvalds

විශ්වාස කරන්නත් අමාරු ප්‍රවෘත්තියක් දකින්න ලැබුනා හදිසියෙම.
ලිනක්ස් (linux) වල නිර්මාතෘ, එහෙම නැත්නම් ජනෙල් වල බිල් අයියා එක්ක අවුරුදු 20ක් විතර තරඟ කරපු ලිනස් ටොවාල්ඩ්ස් (linus torvalds) බිල් (bill gates) අයියාගේ ජනෙල් 9 (windows 9) ව්‍යාපෘතිය එක්ක එකතු වෙන්න යනවාලු.

අනේ අපොයි.

සාමාන්‍යයෙන් විශාල පරිගණක පද්ධති සඳහා යොදාගත් යුනික්ස් මෙහෙයුම් පද්ධතිය සාමාන්‍ය පරිගණක වෙත අරන් ඇවිත් ජනතාවගේ ස්වේඡ්ඡා සහභාගිත්වයෙන් වැඩිදියුණු කරන්න පුලුවන් මෙහෙයුම් පද්ධතියක් බවට පත් කරලා ඒ පද්ධතිය තමන්ගේ අයිතිය යටතේ නොතියාගෙන හැමදෙනාටම පාවිච්චි කරන්න පුලුවන් අන්දමට ලබා දුන්නු ලිනක්ස් පද්ධතියේ අනාගතය අවිනිශ්චිත වුනා නෙව හදිසියෙම.

ජනෙල් වලට තරඟයක් දෙන මෙහෙයුම් පද්ධතියක මුදුන් මුල ගලවලා අරන් තමන්ගේ නිතරම ආපදාවන්ට ලක්වන කර්නලය අලුතින් ගොඩ නඟන්නත් නිතරම වයිරස වලට මුහුන දෙන මෙහෙයුම් පද්ධතිය ඒවායින් ගලවාගන්නත් ලිනස් උදව් කරාවි.
ඒත් ඉතින් ඊට පස්සෙ බිල් අයියා පේටන්ට් ටිකකුත් ගනීවි තමන් යොදාගත්තු තාක්ෂණය වෙනුවෙන්.

මට හිතෙන්නෙ ගුගල්ලාත් මේ බව මුලින්ම අනුමාන කරන්න ඇති. මොකද ඒ අය විවෘත මෘදුකාංග වෙනුවෙන් සහය දක්වන බව පෙන්නුවත් බිටා සංස්කරණ නිකුත් කරද්දි ඒවා ජනෙල් වෙනුවෙන් නිකුත් කරන්න වග බලා ගන්නවා. බලන්න ජනෙල් සඳහා ගුගල් නිෂ්පාදන තිබුනත් ඒවායේ ලිනක්ස් නිෂ්පාදන නැති හැටි. (ගුගල්ගේ වර්ණත් ජනෙල්වල වර්ණම නේද)

මම 2004දි මුලින්ම රෙඩ්හැට් ලිනක්ස් වලින් පටන්ගෙන විවිධාකාර ලිනක්ස් පද්ධති අත්හදා බලලා අන්තිමට ඕපන් සූසේ 11.1 සිට (opensuse 11.1) ඕපන් සූසේ වල අවුරුදු ගණනාවක් රැඳී ඉන්නවා. කොටින්ම කීවොත් ලැප්ටොප් එක ගත්තෙත් ලිනක්ස් දමලා. එතැන මට අව්‍ශ්‍ය දේ නොතිබුන නිසා ඒ අය අත තිබුනු ලිනක්ස් පද්ධතියක් දමාගෙන ඇවිත් ගෙදර ආ ගමන් ඕපන් සූසේ වලට මාරු වුනා. මේ වෙද්දි මම විශාල වශයෙන් ලිනක්ස් වලට ඇබ්බැහිවෙලා කීවොත් නිවැරදියි. පුලුවන්තරම් ජනෙල් වලින් ඈත් වෙලා වැඩ කරන්න බැලුවත් රැකියාස්ථානය තුල නම් ජනෙල් පුරවලා. ඒත් පෝටබල් ඕපන් ඔෆිස් දාගත්තා මගේ පෙන් එකට රැකියා ස්ථානයේදි ලිපි ලේඛන කටයුතු කරද්දි පාවිච්චි කරන්න.

මේ හදිසියේ ලැබුනු ආරංචිය මම වගේ පිස්සු හැදුනු අය බය කරවන අපහසුතාවන්ට ලක්කරන දෙයක් වෙන්නෙ මේ නිසායි. අපි ලිනක්ස්වල ගුණ වයමින් ජනෙල් වලට බැන බැන අඩුපාඩු පෙන්වනකොට ලිනක්ස්වල මුදුන්මුල ජනෙල්වල මුදුන්මුලක් වෙන්න ලෑස්තිය.

මේ ආරංචිය බොරුවක් වුනොත් මම වගේම බොහෝදෙනෙක් සතුටු වේවි.

මතක ඇති නෙ බෑඩ් විස්ටා කැම්පේන් (bad vista campaign) එක. ඉදිරියේදි ඒ වගේ කැම්පේන් කරන්න වුනොත් ඒ සඳහා බාධාවක් වේවි මේ ලිනස්ගෙ කාර්යය.

http://itsfoss.com/linus-torvalds-to-join-microsoft/

මේ ලිපිය අප්‍රේල් 1දා විහිලුවක් විදියට ලියපු එකක් වුනොත් හරිම සැනසීමක්..

Sunday, August 11, 2013

ටැංකිය පිරෙන්න ම තෙල් ගහලා පිනකුත් කරගනිමු.


කවදාහරි වාහනේ තෙල් ටැංකිය පිරෙන්නම තෙල් ගහලා තියෙනවාද? අනිවාර්යෙන්ම ඹව් නේද?
ඒත් කවදාවත් හිතලා තියෙනවාද ෆුල්ටෑංක් ගහද්දිත් බොහෝවිට අපිට ගෙවන්න තියෙන මුදල අගට රුපියල් 500න් හරි 1000න් හරි එහෙමත් නැත්තන් 100න් සම්පූර්ණයෙන්ම ඉතිරි නැතිව බෙදෙන ගානක් වෙන්නෙ කොහොමද කියලා

මීළඟ වතාවෙ ෆුල් ටෑංක් තෙල් ගහද්දි පොඩ්ඩක් ටැංකිය දිහා බලන්න. ටැංකිය කට මට්ටමටම පිරිලා තියෙනවා කියලා පෙනෙද්දිත් තෙල් ගහන කෙනා මීටරය දිහා බල බලා අගට බිංදු දෙකක් පෙනෙන මුදලක් පෙන්වනකන් තවත් තෙල් ගහනවා නේද? ඒත් ටැංකිය උතුරනවා දැකලා නැතිව ඇති. ටැංකියේ කට මට්ටමට තෙල් ඇවිත් තියෙද්දි ටැංකියට පිරෙන තෙල් උතුරන් නැති වෙන්න නම් ඊළඟට එන තෙල් ටැංකියට නෑවිත් තියෙන්න ඕන. නැත්නම් මීටරය රවුම් ගානක් පෙන්නන්න ඕන නිසා තෙල් නිකුත් නොකර මීටරය කරකවන්න ඕන. ඒත් ඇත්තටම සිද්ද වෙන්නෙ වෙන දෙයක්

බොහෝ තෙල් සපයන නල වල තියෙනවා සෙන්සර් එකක් ටැංකිය පිරුණුවිට අඳුරගන්න පුලුවන් වෙන්න. එවිට ඒ මට්ටමට වඩා පිරෙන තෙල් නැවතත් පිරවුම් හලේ තෙල් ටැංකිය වෙත පොම්ප කරනවා වෙනත් වෑල්වයක් මගින්. ඉතින් අපි තෙල් ගහන්න ගිහින් ටැංකිය පිරෙන්න තෙල් ගහන් කීවම නලයේ ක්‍රියා කරු රවුම් ගානක් වෙනකන් තෙල් ගහනවා. අපි ටැංකිය පිරුණම ඒ බව නොදැන රවුම් ගානකට මුදල් ගෙවලා තෙල් ටිකකුත් පිරවුම් හලට පිනට දීලා එනවා .

තවත් දෙයක්
  • තෙල් ගහද්දි උදේම තෙල් ගහන්න. එවිට අපි හවසට තෙල් ගහද්දි ලැබෙන තෙල් ප්‍රමාණයට වඩා වැඩි පරිමාවක් ලැබේවි. මොකද පොළොව රත් වෙද්දි තෙල් ප්‍රසාරණය වෙන නිසා දවල්ට ලැබෙන්නෙ පරිමාව වැඩි වුනු තෙල්. ඒ තෙල් උෂ්ණත්වය අඩු වෙනකොට පරිමාව අඩු වෙනවා.
  • ඉතා ඉක්මනින් තෙල් පුරවන නලයකට වඩා සෙමින් තෙල් පුරවන නල පාරිභෝගිකයාට වාසි දායකයි. මොකද වේගයෙන් තෙල් පිටකරන නලය සමහර අවස්තා වලදි මීටර ගත කරන ලද තෙල් වාහන යේ ටැංකිය වෙත ගමන් කරවන අතරම සුලු ප්‍රමාණයක් පිරවුම් හලේ ටැංකිය වෙත යවනවා. මොකද සමහර අවස්ථා වල නලයෙන් තෙල් පිටකරන පරිමාව නලයට තෙල් ලබා දෙන පරිමාවට වඩා අඩු වුනාම තෙල් නලය තුල පීඩනය අවම කරන්න ඒ වගේ ක්‍රියා දාමයක් සිදු කරනවා. ටැංකිය පිරුණාමත් සිදු වෙන්නෙ ඒකමයි.
Related Posts with Thumbnails