මේ දිනවල ලෝක විනාශය ගැන කතාබහ වටාපිටාවෙන් අහන්න ලැබෙන එක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. මේ අතරේ සමහරු ලෝක විනාශය මායාවරුන්ගේ දින දර්ශනයට අනුව සිදු නොවන බව ප්‍රකාශ කරනවා. මටත් නිකමට වගේ හිතුනා මායාවරු කී දිනට ලෝක විනාශය සිදු නොවුනොත් මොනවා වේවිදැයි හිතා බලන්න.
බොහෝදෙනෙක් හිතාන ඉන්නෙ 2012-12-21 දින ලෝක විනාශය සිදුවන බව. ඒ නිසා බොහෝවිට ඒ ආසන්න දින වන විට මිනිසුන් මානසික රෝගීන් මෙන් තමන් අවට පරිසරය විනාශ කරන්නට පෙළඹේවි. ඒ 12-21 න් පසු ඒ පරිසරය පාවිච්චි කරන්න මිනිසුන් ඉතිරි නොවන නිසා. නමුත් එදින ලෝක විනාශය සිදු නොවුනොත් ?
ඊට පසු දින මිනිසුන් ආහාර වෙනුවෙන් සටන් වදීවි. මිනිසා විසින් විනාශ නොකර ඉතිරි වු සම්පත් බෙදාගැනීමට නොහැකිව සටන් වදීවි. ඉතින් සමහරවිට ලෝක යුද්දයක් වුවත් ඇතිවිය හැකියි. මිනිස් වර්ගයා තමන් කරන ලද මෝඩකම් පිළිබඳව දුක් වේවි. ආහාර හිඟය නිසා බොහෝදෙනෙක් මිය යාවි. මියගියවුන්ගේ සිරුරු කොටස් දිරාපත් වන විට ඒවා හේතුවෙන් පරිසරය තව තවත් අපිරිසිදු වේවි. අපිරිසිදු පරිසරය තුළ වසංගත රෝග පැතිරේවි.
ඉතින් 2012-12-21 දින මායාවරුන් පැවසු ලෙස ලෝක විනාශය සිදු නොවුනොත් එදින ලෝක විනාශය හෝ මිනිස් වර්ගයාගේ විනාශය ආරම්භ වේවි.
ඒ වගේම අපි කොහොමද උපකල්පනය කරන්නෙ මායාවරු 2012 දෙසැම්බර් මසින් තම දින දර්ශනය නිමා කලේ ලෝක විනාශය සිදු වන නිසා ම යි කියලා. මොකද අපිට හිතන්න බැරිද මායාවරුන්ගෙ දින දර්ශනය සෑදීමේ ව්‍යාපෘතියට මුදල්/ප්‍රතිපාදන හිඟයක් නිසා ඒ ව්‍යාපෘතිය 2012 දෙසැම්බර් මස දක්වා දින දර්ශනය සෑදීමෙන් අවසන් කල බව. (ප්‍රතිපාදන හිඟය නිසා වර්තමාන ව්‍යාපෘති කීයක් අතරමග නවතිලා ඇත්ද)
අනික තමන් විසින් දින දර්ශනය සෑදූ පසු ඔවුන්ගෙන් පසු පැවතෙන මිනිසුන්ට දින දර්ශන සෑදීමේ ව්‍යාපෘති සිදු කළ නොහැකි වේ යැයි සිතා ඔවුන්ට අවස්ථාවක් දුන්නාද දන් නෑ දින දර්ශනය එතැන් සිට සැදීමට. .
තව අපි වගේ වැඩ පසුවට කල් දමන අය කොටසක් ඒ දින දර්ශනය සෑදිම පසුවට කල් දැමුවා ද දන්නෙත් නෑ නෙ.
ඉතින් , මායාවරු කී දිනට ලෝකය විනාශ නොවුනොත් ඊට පසු දින ලෝක විනාශය ඇරඹේවි.