Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....
Showing posts with label සමාජය. Show all posts
Showing posts with label සමාජය. Show all posts

Saturday, April 30, 2022

අර්බුද මැවීම

ණයක් අරන් ත්‍රීමලේ ටැංකි ටික හදන්න තිබුනා. එහෙනම් මේ වෙද්දි කලාපෙ ලොකුම තෙල් ගබඩාව.

ණය අරන් රට ඇතුලෙ කර්මාන්තශාලා ටිකක් හදන්න තිබුනා. ජංගි මැහුවත් රටට ආදායම් ගේන්න තිබුනා


තවත් දෙයක්, බැඳුම්කර වංචාවට මොනවා වුනත් පාස්කු ප්‍රහාරය නොවුනානම් මෙයැයිලට ආණ්ඩු බලය ගන්නවා කියන එක හීනයක් වෙන්න තිබුනා. අන්තිමට බැඳුම්කර වලට වුන දේකුත් නෑ, පාස්කු ප්‍රහාරයට වුනු දේකුත් නෑ.


මේ පහුගිය අවුරුදු  10 ඇතුලෙ රටේ සංවර්ධනයට කරපු ව්‍යාපෘති.

පොකුණ - ලංකාවෙ පෙන්වන නාට්‍ය ගානට, ඉන්න වේදිකා ප්‍රේක්ෂකයන් ට ප්‍රමාණවත් හෝල් තිබුනා. විවෘත කරාට පස්සෙ  කී පාරක් ⁣නාට්‍ය පෙන්වලා තියෙනවාද ඒකේ.

මත්තල- කටුනායක රත්මලාන තියෙද්දි ලොකු අවශ්‍යතාවක් නැතිකොට ඇයි තව එකක්.

කුලුන - චැනල් ටික එකතැනට ගන්න ඕන වුනා. එහෙම කලේත් නෑ. කලත් පරණ කුලුණු ටික නැති වෙන් නෑ. දැනට තියෙන්නෙ කෝච්චියේ කොළඹ යන එකාට කොළඹ ලං වුනා කියලා අඳුර ගන්න උදව්වක් විතරයි

සම්මන්ත්‍රණ ශාලාව-සම්මන්ත්‍රණ කීයක් තිබුනාද

හයිවේ- පටන් ගන්න තිබුනෙ කොළඹ ට්‍රැෆික් අඩු වෙන විදියට කොළඹ ඇතු⁣ලෙ පාරවල් ටිකෙන්

වරාය-කීයක් වියදම් වුනත් චීනෙ ගත්තෙ ඩිස්කවුන්ට් ප්‍රයිස්.

පිට්ටනි- ජාත්‍යන්තර තරඟ තියන්න පලාතෙන් පලාතට පිට්ටනි මොකටද? බලන කෙනා කොහෙ තිබුනත් බලන්න යනවා. අනික හැමදාම තරඟ නෑ කියලා නඩත්තු නොකර ඉන්නද?

ජනගහනයට හරියන විදියට ආහාර නිපදවන්න ලෝකෙම පිලිගත් විදියට රසායනික කෘෂිකර්මය තියෙද්දි (රසායනික පොහොර කියන්නෙ ආසනික් දමන එක නෙවෙයි. කාබනික කෘෂිකර්මයෙදි තියෙන රසායන ශාක වලට අවශ්‍ය නිසි ප්‍රමාණ වලින් ලබා දෙන එක)  දවසින් දෙකින් කාබනික කරන්න ගියා. රටේ කෘෂිකාර්මික නිෂ්පාදන ගත්තු කිසිම රටක් කාබනික නිෂ්පාදන ඉල්ලුවෙත් නෑ. 100% නෙවෙයි 20% වත කාබනික කෘෂිකර්මය  කරන රටක් ඇත්තෙත් නෑ. ආහාර සුරක්ෂිත තාවය කැලේ. පිටරටින් ගේන ආහාර කාබනිකද කියලා කවුද දන්නෙ.අන්තිමේ නතර වුනේ රට ඇතුලෙ කෑම නැති වෙලා, කොමිස් ගත්තා කියලා චීන ගූ නැවකින් ප්‍රසිද්දියේ අහගෙන වන්දිත් ගෙවලා. වීරයෝ වගේ "වගා හානි වලට වන්දි දෙනවා" කීවට වන්දි දෙන්නෙ තීරණ ගත්තු, උපදෙස් දීපු අයගේ පුද්ගලික ධනයෙන් ද ? එතකොට තමන්ගෙ තීරණ ගැන වගවීමක් ඇත්තෙම නැතිද?

සල්ලි අච්චු ගැහුවම වැඩි වෙන්නෙ සල්ලි විතරයි. උද්ධමනය වැඩි වෙන් නෑ කීවා. දැන් සල්ලි වැඩි වෙලා වෙන්ටැ මේ තරම් බඩු ගණන් යන්නෙ. 

අමුද්‍රව්‍ය ගෙනත් මෙහෙ නිෂ්පාදන කරන අයගෙ අමුද්‍රව්‍ය වලට ටැක්ස් ගැහුවා. නිෂ්පාදන ගෙන්වන යාලුවන්ට සහන දුන්නා. 

ඩොලර් එක අසීමිතව පාලනය කරා අතේ තියෙන ඩොලර් වියදම් කරලා. අන්තිමේ බැංකුවලට සල්ලි එවපු අයත් , උණ්ඩියල් නොදැන හිටපු අයත් උණ්ඩියල් පාවිච්චි කරන්න ගත්තා උණ්ඩියල් රේට්එකයි බැංකු රේට් එකෙයි තිබුන gap එක වැඩ වුන නිසා (ඉස්සර උණ්ඩියල් ගෙවන ගානයි බැංකුව ගෙවන ගානයි අතර ලොකු වෙනසක් තිබුනෙ නෑ). රටට කොච්චර විදේශිකයො ආවත් එයාලා බැංකුවකින් සල්ලි මාරු නොකලොත් ඒ කියන්නෙ හොටෙල් වලට වියදම් කලා කියලා ඒ ඩොලර් බැංකු පද්දතියට එකතු වෙන්නෙ නෑ, එලියෙ වැඩි මිලක් ගෙවද්දි. රටගිහින් නැහිලා නැහිලා හම්බු කරපු සල්ලි අඩු රේට් එකකට බැංකුවට එවන්නෙ මොකද එලියෙ රුපියල් 40-50 වැඩිය දෙනකොට. නිෂ්පාදන අපනයනය කරපු අයගෙ ඩොලර් වැඩි කොටසක් බැංකු වලට ආවා ඉස්සර. ඒත් අමුද්‍රව්‍ය ප්‍රශ්නෙත් එක්ක අපනයන අඩු වෙලා ආදායම් අඩු වුනා. 

(මේවා වුනේ කොරෝනා නිසා කියලා හිතනවා නම් ඉතින් මෙච්චර වෙලා  මේක කියවන්න ගත කැරපු කාලය අපරාදෙ)

හැම දේකින්ම අන්තිමට වුනේ රුපියල් 250ට අඩුවෙන් තියාගන්න පුලුවන්කම තිබුනු ඩොලර් එක 350 පැනපු එකයි.



ආයෙත් කියන්නෙ, බැඳුම්කර වංචාවට මොනවා වුනත් පාස්කු ප්‍රහාරය නොවුනානම් මෙයැයිලට ආණ්ඩු බලය ගන්නවා කියන එක හීනයක් වෙන්න තිබුනා. අන්තිමට බැඳුම්කර වලට වුන දේකුත් නෑ, පාස්කු ප්‍රහාරයට වුනු දේකුත් නෑ.

.

Sunday, February 5, 2017

හීනමානය හා දවල් හීන.

තමන්ගේ දරුවා දොස්තර කෙනෙක් කරගන්න බැරි වුනු නිසා දෙමව්පියෝ ද තමන්ට නොලැබුණු permit වැනි පහසුකම් දොස්තර වරුන්ට ලැබෙන නිසා සාමාන්‍ය ජනතාව ද දොස්තරලා සමඟ තමන් සන්සන්දනය කරගන්න ගොස් තමන් ගැන උපන් හීනමානය නිසා saitm එකෙන් දොස්තරලා පිටවී ඇවිත් රජයේ වෛද්‍ය පීඨ වලින් පිටවෙන දොස්තරලාට තියෙන තැන ගන්නා තුරු දෑස් දල්වා බලා සිටිති . ගැටලුව ඇත්තේ ඔවුන්ට ලැබෙන පුහුණුව හා ඔවුන්ගේ දැනුම මත බව අමතක කරති . මුලින් එකඟ වූ පරිදි අවසන් වසර රුසියාවේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබා උපාධිය සම්පූර්ණ කළානම් මේ ගැටලුව ඇති නොවනු ඇත . දැන් saitm වෙනුවෙන් කතා කළ එහි උපාධිධාරීන් ලංකාවේ ලියාපදිංචි කිරීමට කටයුතු කළ අය ලංකාවේ දොස්තරලා වෙතින් බෙහෙත් නොගන්නා බවත් ලංකාව තුළදී බෙහෙත් ගන්නේ අද දොස්තරලාටපාඩමක් ඉගැන්වීම ගැන උදම් අනන ජනතාවම බවත් තේරුම් ගන්නා විට අශ්වයා හිටපු ඉස්තාලය වත් ඉතිරි නොවනු ඇත .
ඉදිරියේදී act16 සමත් නොවූ විදේශ වෛද්‍ය උපාධිධාරීන් ද saitm අවසන් වසර විභාගය ලියා පැමිණ ලංකාවේ වෛද්‍ය හිඟය නැති කර දමනු ඇත .

ප්‍රශ්නය මෙය යැයි සිතුවද ඇත්තටම ඇත්තේ ප්‍රශ්න ගොඩකි. නිසි උසස්පෙල අධ්‍යාපන සුදුසුකම් නොමැති අය වෛද්‍යවරු වීම ඉන් පළමුවැන්නයි.
මේ  අසල්වැසි ඉන්දියාවෙ තත්වෙ
https://www.facebook.com/MEDBRO2017/?ref=page_internal&fref=nf
 
දැනට ලංකාවේ පවතින තත්වය අනුව අපට කවදාවත් හොරපාරෙන් දොස්තර කෙනෙකු වූ අයෙකු හමු නොවේයයි සිතිය නොහැක්කේ දේශපාලන මඩගොහොරුව විසින් මුලු ලංකාවම මඩ ගොහොරුවක් කර ඇති නිසාය.

 උපුටාගැනීම www.facebook.com

 උපුටාගැනීම www.facebook.com

 උපුටාගැනීම www.facebook.com

උපුටාගැනීම www.facebook.com

සමසෞඛ්‍ය උපාධිය විනාශ කිරීමට කටයුතු කළේ කවුරුන්ද යන්නත් මේ වන විට සමසෞඛ්‍ය සිසුන් තම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් එහාමෙහා ගමන් කිරීමට විඳින දුක දන්නේ එම සිසුන්මය. එය කාටත් අමතක වී ඇති දෙයකි.

උපුටාගැනීම www.facebook.com


උපුටාගැනීම www.facebook.com





උපුටාගැනීම www.facebook.com



උපුටාගැනීම www.facebook.com
 
උපුටාගැනීම www.facebook.com

හෙද සිසුන්ට සූතිකාගාර පුහුණුව ලබා දීමට එරෙහිව පවුල් සෞඛ්‍ය සේවිකාවන් උසි ගැන්වූයේ කවුරුන්දැයි හොඳින් පෙනුනි. අවුරුදු 3ක පුහුණුවට අමතරව හෙද සිසුන්ට සූතිකාගාර පුහුණුව ලබා දීමෙන් රෝගීන්ට අවැඩක් වන්නේ නැති බව ඕනෑම කෙනෙකුට පැහැදිලි වන දෙයකි. හෙද සිසුන්ට වඩා අඩු කාලයක් එක් අංශයක් පිළිබඳව පමණක් අධ්‍යාපනය ලබන අයට අමතරව හෙද සිසුන්ට සූතිකාගාර පුහුණුව ලබා දීම සාධාරණ වග කිසිකෙනෙකුට නොපෙනුනි. නමුත් මාධ්‍ය සංදර්ශන නිසා මහජනතාව මිඩ්වයිෆ්ලාගේ රාජකාරිය හෙදියන්ට දෙන්න යන බවට මතයක් හදා ගත්තේය.  හෙද සිසුන්ට සුතිකාගාර පුහුණුව ලබා දුන් පසු ඔවුන්ට ලැබෙන පිළිගැනීමත් පිටරටවලින්  හෙදහෙදියන් සඳහා හොඳ ඉල්ලුමක් ඉදරිපත් වූ විට ඉන් දුකට පත් වන්නේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් නොවන බව දත් දුකට හා බියට පත්වූවෝ තමන්ගේ ගැටලුව වෙනත් ආකාරයකින් ජයගත්හ.

උපුටාගැනීම www.facebook.com


සයිටම් දොස්තරලා ආපු එක හොඳයි කියමින් සල්ලි ගෙවලා ඉගෙනගත් දොස්තරලා ආවම රජයේ විශ්ව විද්‍යාලවලින් ආපු දොස්තරලාට පාඩමක් ඉගැන්වීමට හැකිවනු ඇතැයි සිතා දවල් හීන බැලූ අයට සයිටම් හා ඔවුන්ට විරුද්ධ වූ වෛද්‍යවරු එකතු වී දවල් තරු පෙන්වන දිනය තව නොබෝ දිනකින් උදා වෙනු ඇත.


මේ සිදුවන්නේ වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය සේවයේ සියලු අංශ වලට  දිට්ඨ ධම්ම වේදනිය කර්මය පළ දෙන සමයයැයි මට සිතේ. එනම් සෞඛ්‍ය සේවය යනු එකිනෙකා කෙරෙහි කුහකකම ඉරිසියාව උපරිමයටම බලපවත්වන තැනක් වන නිසාය. අනෙකා තමන්ට වඩා පඩි ගැනීමත් අධ්‍යාපන සුදුසුකම් ගැනීමත් නොරිස්සන්නන් පිරී සිටින අංශයකි.

සෞඛ්‍ය සේවයේ සියලු අංශ එකතු වූ විට දේශපාලනයට අවැසි පරිදි මඩගොහොරුවක් කිරීමට තවදුරටත් ඉඩ නැති වන බව කාහටත් නොවැටහීම රටේ අවාසනාවය.

පලි- සෞඛ්‍ය සේවය තමන්ගේ ගැටලුව ඇත්ත ඇති හැටියට දැක එකමුතු වී ජය ගැනීම පසෙක දමා වෙනත් අය කුලප්පු කර තමන්ගේ ජාම බේරාගන්නා අයගෙන් පිරී ඇති නිසා ඉහත දැක්වෙන අන්දමේ ප්‍රකාශ තවදුරටත් දැකිය හැකි වෙනු ඇත. 

ඉහත ඡායාරූප කිසිවක් මාගේ නිර්මාණ නොවන බවත් සියල්ල මුහුණුපොතින් (www.facebook.com) උපුටාගත් බව කරුණාවෙන් සලකන්න.







Thursday, February 4, 2016

කඩේ යාමක් නොවේ.

සැ.යු. -කලින් ආණ්ඩුවටවත් දැන් තියෙන ආණ්ඩුවටවත් ඊළඟ ආණ්ඩුවටවත් කඩේ යාමක් නොවේ.

මිනිස්සුන්ගෙ ඡන්දෙන් පත්වුනු කෙනෙක් වැරැද්දක් කළොත් ඒ වැරැද්ද පෙන්නලා දෙන එක දේශපාලකයාව/පක්ෂය පත් කරගත්තු අයගෙ වගකීම. එහෙම නැතිව මම බයියෙක් මම ටොයියෙක් කියලා අනික් පැත්ත කරන හරි වැරදි හැම දේම වැරදි විදියට දකිමින් තමන් කැමති පැත්ත කරන හරි වැරදි හැම දේම හරි විදියට දකින ඡන්ද දායකයින් ඉන්නකන් ලංකාවෙ මිනිස්සුන්ට වැඩක් කරන්න දේශපාලකයා යොමු වෙන්නෙ නෑ. ඒ වෙනුවට ඒ අය වටේ ඉන්න අයට වැඩ කරගන්නවා. මේක බයියන්ටත් ටොයියන්ටත් පොදුයි. කලින් ආණ්ඩුව කරපු වැරදි විවේචනය කරන්න වගේම මේ ආණ්ඩුවේ වැරදි විවේචනය කරන්න කොන්ද පණ තියෙන්න ඕන. ඒ වගේමයි හොඳ දේ කලත් ඒ දේ පිළිගන්න කොන්ද පණ තියෙන්න ඕන. නැතිව ඒ ඒ කාලෙට තියෙන ආණ්ඩුව පත් කලේ අපි. අපේ ආණ්ඩුව කියලා පලාබබාලා කරන කියන හැමදේම අගය කරන එක මිනිස්සු තමන්ටම කරගන්න මෝඩකමක්. 

කෙටියෙන් කීවොත් කලින් ආණ්ඩුව රට කෑවානම් මේ ආණ්ඩුව රට කනකොට ඒකටත් විරුද්ධ වෙන්න ඕන. ඊළඟ ආණ්ඩුව රට කනවනම් ඒකටත් විරුද්ද වෙන්න ඕන. ඕනම ඡන්දෙකින් පස්සෙ අහන අහන එකා ඡන්දෙ දීලා තියෙන්නෙ දිනපු පැත්තට. ඒත් කාලයක් යද්දි දිනපු පැත්තට වඩා පැරදුණු පැත්තට ඡන්දෙ දුන්නු අය වැඩියි.

අවසාන වශයෙන්

මොකක් වුනත් රටක් විදියට ශ්‍රීලාංකිකයින් විදියට පෙරට එන්න නම් හැම ජාතියක්ම නියෝජනය වෙන්න කියලා කෑල්ලෙන් කෑල්ල එකතු කරපු ජාතික කොඩියයි භාෂා කීපයකින් ගයන ජාතික ගීයයි හේතු වෙන්නෙ නෑ. එකමුතුකම ගැන හැඟීම එන්න නම් හැම ජාතියක්ම නියෝජනය වෙන්න එක දෙයක් තිබුනම ඇති. අපි හිතුවට හැම ජාතියක්ම නියෝජනය වෙන්න කියලා කෑලි කෑලි එකතු කරලා වෙනස පෙන්නලාදීලා තිබුනම ජාතින් අතර සංහිදියාව ඇති වෙනවා කියලා ඒ වෙනුවට වෙන්නෙ අපි අපේ භාෂාව අපේ කොටස කියලා වෙන් කරගෙන මිනිස්සු වෙන්වීමක් හා කුලල් කා ගැනීමක් විතරයි. එහෙම නැතිව හැම ජාතියක්ම එකම දෙයක් යටතේ එකතු වුනානම් රටේ ජාතික සමගිය ඇතිවේවි.

ජාත්‍යන්තරයට ඕනත් අපේ රටේ මිනිස්සු එක එකා බෙදිලා ඉන්නවා දකින්න. ඒ වගේමයි දේශපාලකයිනුත්. මොකද තනි රටක් විදියට ලංකාවෙ මිනිස්සු එකමුතු වුනොත් ඒ අයට පැවැත්ම නැතිවෙනවානෙ.

Saturday, October 31, 2015

සෝනි ගන්න අයට දෙවි පිහිටයි.

මම සෝනි ෆෝන් එකක් ගන්න ඕන කියලා හිතිලා සිංගර් එකට කෝල් කළා අද උදේ. මොකද වෙන තැනකින් ගන්නවාට වඩා ඒජන්ට් ගෙන්ම ගන්න එක හොදයි කියලා හිතුන නිසා.

ෆෝන් එකක් ගැන කියලා දැනගත්තම කෝල් එක ආන්සර් කරපු කෙනා ෆෝන් එක කොල්ලෙක්ට දුන්නා.

ඒ කොල්ලට මම කීවම එක්ස්පීරියා+ෆෝන් මොඩල් එක, මනුස්සයා කියාපි එක්ස්පිරියා කියන්නෙ නොකියා එකක් නේද? ඒකෙ මොඩ්ල් නම්බර් එක කියන්න අපි ගෙන්වලා දෙන්නම් කියලා.

මම කීවා එක්ස්පීරියා කියන්නෙ නොකියා එකක් නෙවි සෝනි එකක්. ඒකෙ ගාණ කොහොම වෙයිද කියලා. එහාපැත්තෙන් කියනවා ගාණ බලලා විනාඩි පහකින් කෝල් එකක් දෙන්නම් ෆෝන් නම්බර් එක දෙන්න කියලා.

තමන් ඒජන්ට් විදියට ඉන්න බ්‍රෑන්ඩ් එකට අයිති ෆෝන් මොඩල් එකක් ගැන නොදන්න උන්ගෙන් ෆෝන් ගන්න මට ඕන නෑ වෙන තැනකින් ගන්නම් කියලා මම කෝල් එක කට් කළා.

මම අත්දැකීමෙන් දන්නවා ඒ ෂොප් එකට ගියාම එතැන ලොක්කා නැතිනම් වැඩ කරන අය තම තමන්ගෙ පාඩුවේ තමන්ගෙ වැඩ. එන කෙනා ගැන ගානක්වත් නෑ. ළගට ගිහින් කතා කරාමත් අර තියෙන්නෙ පොඩ්ඩක් බලන්න කියනවා.ලොක්කා හිටියොත් අපි කඩේ දොරගාවට ගියත් සර් මොකක්ද බැලුවෙ කියලා අහනවා. ඒ නිසායි මම කෝල් කරලා ඇහුවෙ, නිකන් රස්තියාදු වෙනවාට වඩා හොද නිසා.

මුස්ලිම් මිනිහට බැන බැන උන්ගෙන් බඩු ගන්න එපා කීවට සිංහල මිනිහෙක් වැඩ කරන කඩේකට ගියාම අපි රස්තියාදු වෙන්න බලාගෙන යන්න ඕන අනිවාර්යෙන්ම. ඒකයි මුස්ලිම් මිනිහා බිස්නස් අතින් ගොඩ යන්නෙ සිංහල මිනිස්සු වැඩ කරන කඩවල් බංකොලොත් වෙද්දි.

මේ යන විදියට සෝනි බ්‍රෑන්ඩ් එකට ලංකාව ඇතුලෙදි දෙයියන්ගෙම පිහිටයි. මොකද සිංගර් එකේ අලෙවියෙන් පසු සේවාව උපරිමේටම තියෙනවා කියලා අපි කොහොමත් හොදටම දන්නවානෙ.

Saturday, October 3, 2015

ලෝකයා නටවලා නටපු පොලව නැතිකිරීමේ කලාව

ඇමරිකන්කාරයා  90 දශකෙ විනාශ කරපු සෝවියට්සංගමේට අයිති රුසියන්කාරයෝ ආය නැඟිටින් නෑ තමන්ට වදයක් වෙන් නෑ කියලා හිතාන ඇමරිකාව ලෝකෙට පොලිස්කාරයා වෙන්න ගියා.

ඒ මදිවට යැංකියා ලෝකෙ තමන්ට ඕන ඕන විදියට සාමය ඇතිකරන්න ගිහින් අමාරුවේ වැටිලා උදව් ඉල්ලලා දැන් කෑ ගහනවා රුසියන්කාරයෝ වැරදි ඉලක්ක වලට බෝම්බ දානවැයි කියලා

ඇමරිකාව මහන්සිවෙලා යුද්දෙ අවුස්සලා අන්තිමේ රුසියාවට තමන් මෙච්චරකාලයක් හංගන් හිටපු බලය පොඩ්ඩක් පෙන්වන්න අවස්ථාවක් උදා කරලා දුන්නු එක ගොඩක් හොඳයි. මොකද නැතිනම් ලෝකයා හිතන් හිටියෙ රුසියාව තවමත් වැටුනු වලෙන් ගොඩ එන්න බැරිව  වලේ කට හොයනවා කියලානෙව.

සමහරවිට මේ සිද්දවෙන දේවල් රුසියාවෙ  යුද බලය බලාගන්න යැංකියාම අටවපු උගුලක් වෙන්න පුලුවනි .

ලෝකෙ බල තුලනය වෙන්න ඇමරිකාවයි රුසියාවයි හැමදාම දෙපැත්තෙ ඉන්න ඕන. නැතිනම් ලෝකයාට වෙන්නෙ කවුරුහරි එකෙක් ගහන පදේට නටලා  බෙරේ පලුවක් විතරක් නෙවි නටපු පොලොවත් නැති කරගන්න.

Wednesday, September 30, 2015

බස් එක මාර වේගෙන් යනවා

ඒ බස් එක මාර වේගෙන් යනවා. අනික් බස් ගමනින් බාගයක් යද්දි මේ ඩ්‍රයිවර් සම්පූර්ණ ගමන යනවා.

ඒ වුනාට උදේ පාන්දර ට්‍රැෆික් නේද?වෙලාවට යන්න පුලුවන් වේවිද?

ඔව්.උදේට ට්‍රැෆික් නම් තමයි. ඒ උනාට ඒ බස් එකේ ගියොත් හරි වෙලාවටත් කලින් වැඩට යන්න පුලුවනි. 

ඒත් වේගෙන් යනවානම් ගමන ෂුවර් නෑනෙ.

බයවෙන්න දෙයක් නෑ මහත්තයා. ඒ බස් එකේ තමයි මාත් හැමදාම යන්නෙ. ඩ්‍රයිවරුත් ෂුවර්, බස් එකත් ෂුවර්. 

******************************************
මහත්තයාටත් තුවාලයි වගේ නේද? නගින්න ජිප් එකට, ඉස්පිරිතාලෙට ගිහින් බෙහෙත් දා ගනිමු.

නෑ සර්. එච්චර ලොකු තුවාලයක් නෙවෙයි මේ. පොඩි හීරීමක්.

බස් එක ගොඩක් වේගෙන් ආවද ?

ඔව්. මාර වේගෙකින් ආවෙ. මගදිත් දෙතුන්පාරක් හැප්පෙන්න ගියා. ඩ්‍රයිවර් පිස්සෙක් වගේ බස් එක අරන් ආවෙ. 

ඉතින් මිනිස්සු හෙමින් යමු කීවෙ නැද්ද?

කොච්චරනම් කීවද රාළහාමි. ඒ වුනාට ඩ්‍රයිවර් කනකටවත් ගත්තෙ නෑ. මුන්ට ඕන පාරෙ යන හැම වාහනෙටම ඉස්සර කර කර රේස් යන්න. බලන්න.දැන් වැඩට යන්නත් පරක්කු වෙනවා. ඩ්‍රයිවර් පොඩ්ඩක් හෙමින් ආවනම් මෙහෙම වෙන්නෙ නෑනෙ.

වෙනදත් මේ බස් එකේමද යන්නෙ?

ඔව්. මම හැමදාම වගේ යන්නෙ මේ බස් එකේ.

මහත්තයා වැඩට යන ගමන් නේද? අර බස් එකේ නගින්න. ඒත් ආයෙවත් වේගෙන් යන නිසා හැමදාම ඒ  බස් එකේම ඇවිත්  හැප්පුනාම ඔහොම කතා කරන්න එපා.

Saturday, August 8, 2015

පොලිසියත් එක්ක (පාරෙදි) රණ්ඩු වෙන්න කලින්...

වාහනයක් ධාවනය කරද්දි පොලිස් නිළධාරින් වාහනය නවත්තන්නෙ රියදුරාගෙන් කීයක් හරි කඩා ගන්න කියන මතය අපේ සමාජයේ මුල් බැසගත්තු තියරියක්. බොහෝවිට මේ තියරිය හරි වුනත් මේ තියරිය වැරදි වෙන අවස්ථාත් තියෙන බව අපි තේරුම් ගන්න ඕන. මෑතක ඉදන් අන්තර්ජාලයට එකතුවන වීඩියෝ අතර රථවාහන වැරදි සම්බන්ධ වීඩියෝ විශාල ලෙස දකින්න ලැබුනා. නමුත් BMW අක්කා සම්බන්ධ සිද්ධියෙන් පස්සෙ ඒ වීඩියෝ එකතු වෙන එක නිකන්ම වගේ නැතිවෙලා ගියා.
මේ සමහර වීඩියෝ වලදි සමහරු කියනවා ඇහුනා තනි පොලිස් නිළධාරියකුට දඩ කොළ ලියන්න බෑ වගේම කාලෙක පටන් ෆේස්බුක් සමාජ ජාලය හරහා ප්‍රසිද්ධ වුනු සමහර නීති වගයක්. ඒ නීති සම්බන්ධව www.police.lk අඩවිය පැහැදිලිව තමන්ගෙ අදහස් දක්වා තියෙනවා. නීතිය නොදැන සිටීමත් වැරදියට දැනගෙන සිටීමත් ගැටලු ඇති කරන නිසා මම හිතුවා ඒ ලිපිය කෙටියෙන් සිංහලට හරවන්න. http://www.police.lk/index.php/special-events-/685-find-out-the-truth

නීතියේ මොන දේ තිබුණත් තමන් රථවාහන නීතියට අනුව තමන්ගෙ වාහනේ ධාවනය කරනවා නම් ගැටලු හා ගැටුම් ගොඩක් අඩුයි. ඒ වගේමයි හැම පොලිස් නිළධාරියකුම වාහන නවත්තන්නෙ හවස ගෙදරට බඩු මල්ල අරන් යන්නවත් තමන්ට තමන්ගෙ ඉහළ නිළධාරින් දුන්න ඉලක්ක සපුරන්නවත් නොවන බව දැන් විශ්වාස කරන්න වෙනවා. මොකද සමහර නිළධාරින්ගෙ නිළඇදුම ඇතුලෙ මනුස්සයෙක් ඉන්නවා. හොදින් කතාබහ කරලා තමන් වැරැද්දක් කරලා තියෙනවානම් ඒක පිළිඇරගෙන පොඩි දඩමුදලක් ගෙවන්න කටයුතු සලසා ගන්න පුලුවනි සමහර නිළධාරින් එක්ක. මොකද අපි රණ්ඩු වෙලා උසාවි යමු කියලා ලියා ගත්තට ඒකෙන් පොලිස් නිළධාරියාට පාඩුවක් වෙන්නෙ නෑ. අපටමයි කාලයයි සල්ලියි පාඩු වෙන්නෙ. රණ්ඩු වෙලා දැඟලීමෙන් වෙන්නෙ රජයේ සේවකයෙක් වෙන පොලිස් නිළධාරියාගෙ රාජකාරියට බාධාකිරීම කියන වැරැද්දත් තමන්පිට වැටෙන එක.

මෝටර් රථවාහන පනතේ සංශෝධනයක් http://www.motortraffic.gov.lk/web/images/stories/document/act_no%2008of2009_en.pdf වෙතින් ගන්න පුලුවන් වුනත් ලිපියේ දැක්වෙන අංක දැක්වෙන මුල් පනත අන්තර්ජාලයේ හොයා ගන්න නැහැ. ප්‍රධානම දේ තමයි මේ මෝටර් රථවාහන පනතේ පොලිස් නිළධාරියකු කියලා පැහැදිලිව දක්වා තිබීම. ඒ නිසා පොලිස් නිළධාරින් දෙන්නෙක් ඕන කියන එක අනිවාර්ය නෑ කියලායි පේන්නෙ.

තනි පොලිස් නිළධාරියකුට මහාමාර්ගයේ දී ඔබව නැවැත්විය හැක. ඔබට පොලිස් නිළධාරියාට විරුද්ධ වීමට අයිතියක් නැත. පොලිස් නිළධාරියාට ඔබව නැවැත්වීමට සම්පූර්ණ අයිතිය ඇත. මෙය මෝටර් රථවාහන පනතේ 162 වගන්තිය යටතේ දක්වා ඇත.

පොලිස් ආඥාාපනතේ 56 වන වගන්තිය යටතේ පොලිස් නිළධාරියකුගේ වගකීම් හා රාජකාරි යටතේ පහත දේ දක්වා ඇත.

පොලිස් නිළධාරියා  සෑම විටම/මොහොතකම සේවයේ නියුතු අයෙකු ලෙස සලකනු ලබන අතර ලංකාවේ ඕනෑම තැනකදී පොලිස් නිළධාරියකු ලෙස කටයුතු කිරීමට බලය ඇත. එය ඔහුගේ රාජකාරියයි.
  1. අපරාධ,වැරදි, මහජන පීඩා වැළැක්වීමට තම සම්පුර්ණ උත්සාහය දැරීම.
  2. සාමය ආක්ෂා කිරීම
  3. වැරදිසහගත හා සැකකටයුතු හැසිරීම් හා පුද්ගලයින් හදුනාගැනීමට.
  4. අපරාධකරුවන් හදුනාගැනීමට හා නීතිය හමුවට පැමිණවීමට
  5. නීත්‍යානුකූලව නිකුත් කළ අණපනත් හා වරෙන්තු ක්‍රියාත්මක කිරීමට

තනි පොලිස් නිළධාරියකුට ඔබගේ රියදුරු බලපත රදවා ගත හැක.
මෙය මෝටර් රථවාහන පනතේ 135(1) වගන්තියේ දක්වා ඇත. 
තනි පොලිස් නිළධාරියකුට රියදුරු බලපතක් රදවා ගැනීම නීතිමය අයිතියක් ඇත. රථවාහනයේ රියදුරා සෑමවිටම රියදුරු බලපත තමාසතුව තබා ගත යුතු අතර පොලිස් නිළධාරියකු ඉල්ලා සිටිවිට ඉදිරිපත් කළයුතුය. 
එමෙන්ම තාවකාලික බලපතක් ඔබවෙත නිකුත් කර ඔබගේ රියදුරු බලපත අත්අඩංගුවට ගැනීමට පොලිස් නිළධාරියාට බලය ඇත.
It has been made clear in Section 135 (1) of Motor Traffic Act that a single Police Officer has a legal right to withhold a driving license. “The driver of a motor vehicle shall always carry his driving license on his person or in the motor vehicle and shall, on demand made by police officer, forthwith produce the license and permit it to be inspected”. 
as Section 135 (4) of Motor Traffic Act that a Police Officer is authorized to take a driving license into his custody after issuing a temporary license for the driver. It is not possible to interdict a police officer after carrying out a disciplinary inquiry against such act.“Where a driving license is produced to a police officer at any investigation made by him into an offence alleged to have been committed in connection with the driving of a motor vehicle by the person who is the holder of the license, the police officer may take charge of such license for the time being and issue to such person a permit under his hand, in the prescribed form and setting out the prescribed particulars.”     

පොලිස් නිළධාරියකු විසින් ඉල්ලා සිටිය හැකි ලියවිලි පිළිබද කිසිදු සීමාවක් පනවා නැත. නිළඇදුමින් සිටින ඕනෑම පොලිස් නිළධාරියකුට ජාතික හැදුනුම්පත ඇතුලු ඕනෑම ලියකියවිල්ලක් පරික්ෂා කළ හැක. රථවාහන  හා අපරාධ අංශ පිහිටුවා ඇත්තේ පරිපාලන පහසුව සදහාය.
No restriction has been imposed on any Police Officer which prevents him from requesting any document other than the NIC.Any Police Officer in uniform has authority to examine any document including the NIC. The separate divisions of Police such as Traffic and Crimes have been established merely for the purpose of easy administration.

පොලිස් නිළධාරියකු ඔබගේ රියදුරු බලපත ඉල්ලා සිටි විට ඔබ එය ඉදිරිපත් කළ යුතුය.
A Police Officer has the authority to request the driving license so as to verify whether the driver is holding a valid driving license for the relevant vehicle. It has been clearly stated in Section 135 of Motor Traffic Act that the driving license should be submitted forthwith if a Police Officer requests a driver to do so.“The driver of a motor vehicle shall always carry his driving license on his person or in the motor vehicle and shall, on demand made by police officer, forthwith produce the license and permit it to be inspected” 

තනි පොලිස් නිළධාරියකුට ඔබට එරෙහිව දඩ කොළ නිකුත් කළ හැක.ඒ සදහා නිළධාරින් දෙදෙනෙකු සිටීම අනිවාර්ය නැත. රාජකාරියේ යෙදී සිටින පොලිස් නිළධාරියා වාචික හා සංඥා මගින් දෙන නියෝග පිළිපැදීමට රියදුරා බැදී සිටී. රාජකාරියේ යෙදී සිටීම යනු නීතිය ක්‍රියාත්මක කිරීමයි. ඉතින් මෙම නියෝග පිළිනොපැදීම යනු රියදුරා නීතිය කඩ කිරීමක් ලෙස උසාවිය මගින් පිළිගනී. 

There is not a law in force which states that a single Police Officer is unable to do so or there should be two officers for the same purpose and it has been made clear in Section 162 of Motor Traffic Act as follows.“The driver of a motor vehicle shall obey all verbal directions or signals, given by a police officer in the execution of his duty, to stop or reverse the car or to make it slow down or turn back or to pass on such side or to keep to such line of traffic as many be indicated by the police officer.”


2010 මාර්තු 28 දැනැති 843 වන IGP චක්‍රලේඛය මගින් පොලිස් නිළධාරින්ට ගිණිඅවි පාවිච්චි කිරීම සීමා කර ඇතත් තහනම් කර නැත. 
A Police Officer has the authority to use fire arms if necessary to maintain law and order in the country. According to the IGP Circular 843 dated 28th March, 2010, the use of fire arms has been limited for the police officers but it has not been prohibited.

ඔබ බීමත් බව පොලිස් නිළධාරියා ප්‍රකාශ කරයිනම් බැලුන් පරික්ෂණයක් කිරීමට පොලිස්  නිළධාරියාට බලය ඇති අතර එසේ නොමැතිනම් රජයේ වෛද්‍ය නිළධාරියා හමුව වෛද්‍ය පරික්ෂණයක් කිරීමට අණ කළ හැක.

It has been clearly mentioned in the Section151 (1c). (a) of the Motor Traffic Act that the offender could be arrested after getting a report by producing him before a government medical officer. “Where a police officer suspects that the driver of a motor vehicle on a high way has consumed alcohol he may require such person to submit himself immediately to a breath test for alcohol or the Police Officer can order him to face a medical test which is done by a Government Medical Officer immediately, and that person shall comply with such requirement.” 

ඔබගේ වාහනය නැවැත්වීමට රථවාහන අංශයේ පොලිස් නිළධාරියකු සිටීම අනිවාර්ය නැත. පොලිස් අණපණත් 56 වගන්තිය මගින් සෑම පොලිස් නිළධාරියකුම එක සමාන බලයකින් යුත් ලෙස දක්වා ඇත. 
There is no such law. Any uniformed police officer has the authority to do so. Furthermore, it has been mentioned in the Section 56 of the Police Ordinance which has already been mentioned above (01) that every police officer has equal police powers. Furthermore, the following facts have been mentioned in Section 63 of the Police Ordinance. “Any person who in any street or road, through free, or passage, within the limits of any town, commits any of the following offences, shall be liable to a fine not exceeding fifty rupees, or to imprisonment not exceeding three months, and it shall be lawful for any police officer to take into custody without a warrant any person who within his view commits any such offence.”   (1) Any person who drives a Vehicle or carrying a Cart without lights after dark and before dawn.
  
_____________________________________________


මේ පහල කොටස ගත්තෙ https://www.facebook.com/legalfirstaid පිටුවෙන්. එතන වැඩි විස්තරයක් දකින්න ලැබුන නිසා මගේ ලිපියට මේ ටික එකතු කරා.
____________________________________________
https://www.facebook.com/legalfirstaid/posts/878370862237230:0

රථ වාහන පොලිස් නිලධාරියකුට ඇති බලතල මොනවාද?

මහා මාර්ගයේදී පොලිස් නිලධාරියෙකුට ඇති බලතල සම්බන්ධව ඇති වැරදි මත කිහිපයකට අදාළ නිවැරදි නීතිය පහත ඉදිරිපත් කෙරේ :

තනි පොලිස් නිලධාරියකුට වාහන නතර කල හැකිය:
01. මහා මාර්ගයකදී තනි පොලිස් නිලධාරියකුට ඔබ පදවන රථය නවතා ලිය හැකිය. පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සිටීම අවශ්‍ය නොවේ. මෝටර් රථ ප්‍රවාහන පනතේ (මෝ.ර.ප්‍ර.ප) 162 වගන්තිය මීට අදාළ නීතියයි.
ඒ අනුව,මෝටර් වාහනය නතර කිරීමට හෝ පසු පසට පැදවීමට හෝ එහි වේගය අඩු කරවීමට හෝ ආපස්සට හැරවීමට හෝ පොලිස් නිලධරයා හෝ වාහන නිරීක්ෂක විසින් සංඥා කරනු ලැබිය හැකි පැත්තකින් ගමන් කිරීමට හෝ රථ වාහන පෙළකට අනුව යාමට හෝ පොලිස් නිලධරියකු විසින් හෝ වාහන නිරීක්ෂකයකු විසින් ස්වකීය කාර්ය ඉටුකිරීමෙහි ලා දෙනු ලබන සියලු වාචික විධිවිධාන වලට හෝ හස්ත සංඥා වලට මෝටර් වාහනයක රියදුරු අවනත විය යුතුය.


පොලිස් නිලධාරියෙකු දඩ කොළ ලිවීම :
02. පොලිස් නිලධරයකු විසින් අල්ලා ගනු ලැබූ විට පහත දක්වා ඇති මෝටර් රථ ප්‍රවාහන පනතේ වගන්තියක විධිවිදානයක් කඩකිරීමක් ගැන හෝ එම වගන්ති යටතේ නිකුත් කරන ලද යම් නියමයක්, නියම කිරීමක්, ඉල්ලා සිටීමක්, දැන්වීමක් අනුව ක්‍රියා කිරීම පැහැර හැරීම යන වරද සිදු කිරීම පිළිඹඳ තම කැමැත්ත අනුව වරද පිළිගන්නා යම් තැනැත්තෙකුට (රියදුරෙකු, වාහන හිමිකරුවෙකු ඇතුලත්ව) එරෙහිව නඩු පැවරීම වෙනුවට ඔහුට එම වරදට අනුරූප දඩයක් ගෙවීමට අවස්ථාව තිබේ. එවන් ගෙවීම් කිරීමක් කච්චේරියකදී හෝ තැපැල් කාර්යාලයක දී කල හැකි අතර ගෙවීම් කල බවට වන කුවිතාන්සිය වරද අල්ලා ගනු ලැබූ දින සිට දින 14ක් තුල අදාළ පොලිස් ස්ථානය වෙත පුද්ගලිකවම හෝ ලියා පදිංචි තැපෑලෙන් ඉදිරිපත් කල හැකිය. (මෝ.ර.ප්‍ර.ප. 215අ )

එම වැරදි පහත දැක්වේ:
21- හඳුනාගැනීමේ තහඩු - දඩ මුදල රු.500.
22- හඳුනාගැනීමේ තහඩුවල හැඩය - දඩ මුදල රු.100.
38 - ආදායම් බල පත්‍රය වාහන වල ගෙන යා යුතුය හා නියම කරනු ලැබූ විට ඉදිරිපත් කල යුතු වීම - දඩ මුදල රු.500.
45 - ආදායම් බලපත්‍ර කඩ කරමින් මෝටර් වාහන පාවිච්චි කිරීම සම්බන්දයෙන් වූ සීමා කිරීම - දඩ මුදල රු.1000.
123(1) (අ) - රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම තහනම් කිරීම - දඩ මුදල රු.2500.
123(1)(ආ) -රියදුරු බලපත්‍රය නොමැතිව තැනැත්තන් සේවයේ යොදවා ගැනීම - දඩ මුදල රු.3000.
123(2) රියදුරුට වයස අවුරුදු 18ට අඩුවීම - දඩ මුදල රු.5000.
140- අධික වේගයෙන් රිය ධාවනය - දඩ මුදල රු.1000.
148 - මාර්ග රීති - දඩ මුදල රු.500.
152 - රියදුරු සිටින ආකාරය - දඩ මුදල රු.100.
153 - රියදුරන් විසින් කල යුතු සංඥා - දඩ මුදල රු.500.
154 - මෝටර් වාහනය පිටුපසට ධාවනය කිරීම - දඩ මුදල රු.20
155 - ශබ්ද හෝ ආලෝක මගින් අනතුරු හැඟවීම - දඩ මුදල රු.100
156 - පා පුවරුවේ නැගී යාම හෝ ඊට අවසර දීම - දඩ මුදල රු.100
157 - මෝටර් වාහනවල ඉදිරිපස ආසනවල ගමන් කරන මගීන් ගණන - දඩ මුදල රු.100
158(2) - ආරක්ෂක හිස් වැසුම් පැළඳීම පැහැර හැරීම- දඩ මුදල රු.500.
159 - ප්‍රචාරක දැන්වීම් බෙදා හැරීම - දඩ මුදල රු.100.
162 - පොලිස් නිලධාරින් විසින් දෙන රථවාහන හැසිරවීමේ විධාන හා සංඥා - දඩ මුදල රු.1000.
165- ටැංකියට පෙට්රිල්/ඩීසල් ලබාගන්නා විට ගත යුතු ආරක්ෂක විධි - දඩ මුදල රු.20.
166- මහාමාර්ගයක රථවාහන නවතා තැබීම - දඩ මුදල රු.500.
167 - මහා මාර්ගයක මෝටර් වාහනයක් නවතා තබනු ලැබූ හෝ අනාරක්ෂිතව තබා යන හෝ ක්‍රියා විරහිත වූ විට ගත යුතු ආරක්ෂක විධි - දඩ මුදල රු.500.
178 - නියමිත ගන්නට වඩා මගීන් ගෙන යාම - දඩ මුදල රු.150 .
159 - මෝටර් වාහනයක ගෙන යා හැකි තැනැත්තන් - දඩ මුදල රු.150.


ප්‍රශ්වාස පරීක්ෂණය:
03. වාහනයක් පදවන ඔබ නවතාලන පොලිස් නිලධාරියෙකු විසින් ඔබ මත්පැන් ගෙන ඇති බවට සැක කරනු ලබන විට ඒ බව නිශ්චය කිරීම සඳහා ප්‍රශ්වාස පරීක්ෂණයකට හෝ ආණ්ඩුවේ වෛද්‍ය නිලධරයකු විසින් පවත්වන පරීක්ෂණයකට හෝ වහාම භාජනය වන ලෙස ඒ පොලිස් නිලධාරියා විසින් ඔබට නියම කරනු ලැබිය හැකිය. එවන් අවස්තාවක ඔබ පොලිස් නිලධාරියාගේ නියමයට අනුව ක්‍රියා කල යුතුය. [මෝ.ර.ප්‍ර.ප. 151(1)(ඇ)]. ඔබ එවන් පරීක්ෂණයකට ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, පටහැනි සාක්ෂි ඉදිරිපත් කර ඇත්නම් මිස, ඔබ මත් ද්‍රව්‍ය ගැනීමෙන් පසු රිය පදවමින් සිටි බවට පූර්ව නිගමනය කෙරේ.

රියදුරු බල පත්‍රය තහනමට ගැනීම :
04. මෝටර් වාහනයක රියදුරු තම රියදුරු බල පත්‍රය සැමවිටම තම සන්තකයෙහි තබා ගත යුතුය හෝ මෝටර් වාහනයෙහි ගෙන යා යුතුය.එය පොලිස් නිලධාරියෙකු විසින් ඉල්ලන විට ඉදිරිපත් කල යුතුඅතර පරීක්ෂා කිරීමට දිය යුතුය. (මෝ.ර.ප්‍ර.ප. 135 )
ඒ වාගේම රියදුරෙකු විසින් සිදු කරනු ලැබුවේ යයි චෝදනා කරනු ලබන වරදක් පිළිඹඳව පොලිස් නිලධාරියෙකු විසින් කාරණ ලද විමර්ශනයකදී ඒ පොලිස් නිලධරයා වෙත රියදුරු බල පත්‍රය ඉදිරපත් කරනු ලබා ඇති විට එම පොලිස් නිලධරයා විසින් එම බල පත්‍රය තාවකාලිකව තම බාරයට ගෙන රඳවා තබා ගත හැකි අතර නියමිත ආකෘතිහි තම අත්සන යොදා තාවකාලික අවසර පත්‍රයක් ලබාදිය යුතුය. එම අවසර පත්‍රය දින 60ක් සඳහා රිය ධාවනයට බල පවතින අතර චෝදනා ගොනු කර ඇති මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම කාල සීමාව දීර්ග කිරීමක් කල හැකිය.


රථවාහන පොලිස් නිලධාරියකුට ඇති සාමාන්‍ය බලතල :
05. රථවාහන පොලිස් නිලධාරියකු යනු තවත් පොලිස් නිලධාරියෙකි. පොලිස් ආඥාපනත යටතේ මුළු ලංකාවටම බල පවත්වන පරිදි සාමය පවත්වාගෙන යාම, වැරදිකරුවන් සොයාගැනීම හා ඔවුන් නීතිය හමුවට ගෙන ඒම, බලයලත් අධිකාරිය විසින් නිකුත් කර ඇති නියෝග හා වරෙන්තු ක්‍රියාත්මක කිරීම ආදී තම රාජකාරි හා බලතල ඔහුට/ඇයට තිබේ. (ව.56)
නමුත් කිසිදු පොලිස් නිලධාරියෙකුට වරෙන්තුවක් ඇතිව හෝ නැතිව යම් අත්අඩංගුවට ගතයුතු අයෙකු සෙවීමේ කටයුත්තකට හෝ යම් වරදක් සම්බන්ධව සෙවීමේ කටයුත්ත සඳහා හෝ හැර ඔබගේ අවසරය නොමැතිව ඔබගේ නිවසට ඇතුළු වීමට බලයක් නොමැත. (අපරාධ නඩු විධාන සංග්රබහ පනත යටතේ 24, 25 වගන්ති යටතේ)

මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ එන සියලු වැරදි සංඥෙය වැරදි වේ, එනම් පොලිස් නිලධාරියෙකුට වරෙන්තුවක් නොමැතිව සැකකරුවෙකු අත්අඩංගුවට ගත හැකි වැරදි වේ(මෝ.ර.ප්‍ර.ප. 239ඈ ).


Wednesday, July 1, 2015

කලාම් තියරියෙන් ජීවිතයට යමක් - ජීවිතය සමබර කරගනිමු.

එදිනෙදා සාමාන්‍ය ජීවිතය ගත කරද්දි අපිට විවිධ අත්දැකීම් තුලින් යමක් අපේ ජීවිතයට එකතු කරගන්න පුලුවනි. තමන් ජීවිතය ගත කරනකොට තමන්ගෙ සාර්ථකත්වය වෙනුවෙන් ඒ ඒ අත්දැකීම් මත පදනම් වෙලා සමහර තීරණ ගන්නා අවස්ථාවනුත් ජීවිතයේ තියෙන්න පුලුවනි. බොහෝවිට තමන් යම් අත්දැකීමක් ලබා ගත්තම ඒ අත්දැකීම තුලින් තමන් ඉගෙනගත්තු දේ අන් අයට දැනගන්න සලස්වන අය අප අතර ඕන තරම්.
තමන් ලබපු අත්දැකීම් අන් අයට ප්‍රකාශ කරලා ඒ අයට තීරණ ගනිද්දි  තමන්ගේ අත්දැකීම් උපකාරයක් කළාට සමහරු ඒ අත්දැකීම් තමන්ටම උපකාරයක් කර නොගන්නා අවස්ථා වුනත් අපි අතර දකින්න පුලුවනි. 

ඉතින් ප්‍රසිද්ධ පුද්ගලයෙක් තමන්ගෙ අත්දැකීම් මත නිර්මාණය කරගත් නියමයන් වෙත සාමාන්‍ය ජනතාව අවධානය යොමු කරනවා වැඩියි. ඒ වගේ ජීවිතයට උපකාර කරගන්න පුලුවන් නියමයන් කීපයක් ඉදිරිපත් කරපු කෙනෙක් තමයි "අබ්දුල් කලාම්" මහතා. ඉන්දියන් ජාතිකයින් පිළිබදව අපේ සමහර අය තුල තියෙන්නෙ හොද ආකල්පයක් නොවුනට කලාම් මහතා කියපු සමහර දේවල් ජීවිතය සාර්ථක කරගන්න වැදගත් වේවි. 

පහත දක්වන්නෙ  රැකියා කරන අයට වැදගත් වෙන්න පුලුවන් ප්‍රකාශ කීපයක්. ඉදිරිපත් කරලා තියෙන්නෙ ආචාර්ය අබ්දුල් කලාම් මහතා.

http://www.chiraag.in/always-leave-office-on-time/

රැකියාවට ආදරය කරන්න. නමුත් ඔබේ ආයතනයට ආදරය නොකරන්න. ඔබේ ආයතනය ඔබට ආදරය කිරීම නවකන දවස ඔබ නොදන්නවා විය හැක. රැකියාවට ආදරය කිරීමත් ආයතනයට ආදරය කිරීමත් දෙකක් විදියටත් එකක් විදියටත් දකින්න පුලුවනි. රැකියාවට ආදරය කරනවා ආයතනයට ආදරය නොකරනවා කියන දෙයින් තමන් රැකියාව කරන ආයතනයේ අනාගතය වෙනුවෙන් හා යහපැවැත්ම වෙනුවෙන් කටයුතු නොකරනවා කියන දේ අදහස් වෙන්නෙ නෑ. මොකද කෙනෙක් රැකියාවට ආදරය කරනවා නම් තමන්ගෙ ආයතනයේ වර්ථමාන හා අනාගත යහපැවැත්ම වෙනුවෙන් අනිවාර්යෙන්ම කටයුතු කරනවා. තමන්ගෙ රැකියාවට ආදරය කරන කෙනා ආයතනය වෙනුවෙන් තමන්ගෙ  වැඩකටයුතු අතපසු කිරීමක් සිදු කරන්නෙ නෑ. ආයතනයට ආදරය කරනවා කියලා මෙතනදි සරලව අදහස් කරලා තියෙන්නෙ තමන්ගෙ ජීවිතේ අනෙකුත් දේ අතපසු කරලා දෛනික ජීවිතේ වැඩි කොටසක් ආයතනය ඇතුලෙම ගතකරනවා කියන එක. ඒ වගේම දෛනිකව තමන්ගෙ ආයතනය වෙනුවෙන් කරන්න තියෙන වැඩ කටයුතු ආයතනයෙන් පිටදිත් කරන්න රැගෙන යන අය අපි දැකලා තියෙනවා. මොකද ආයතනයේ වැඩ වැඩියි,ඉවර කරන්න වෙලාව මදි. ඉතින් ගෙදර අරන් ගිය වැඩ ටික ගෙදරදි ඉවර කරන්නත් බැරිව ආයෙත් පහුවදා රැකියාව කරන තැනටම ගේන්න සිදුවෙන්න පුලුවනි. ඉතින් ගෘහස්ථ ජීවිතයක් නැති තරම්. 

නියමිත වෙලාවට රැකියා ස්ථානයෙන් පිටවන්න. රැකියා ස්ථානයෙන් රාජකාරි වේලාවන් නිර්ණය කර තිබෙනුයේ සේවකයාගේ ජීවිතය සමබර ලෙස ගෙන යාමටත් සේවකයාගෙන් උපරිම ඵලදායිතාවක් ලබා ගත හැකි අන්දමටත්ය. එබැවින් නිර්ණය කරන ලද කාලසීමාවෙන් පිටදී රාජකාරි ස්ථානයේ රැදී සිටිම සේවකයාට මෙන්ම ආයතනයටද අවාසිදායකය. සමහර ආයතන පිරිසිදුකිරීම් හා නඩත්තු කිරීම් සිදු කරනුයේ සේවකයින් වැඩි පිරිසක් ආයතනය තුල නොමැති විට බැවින් ඊට අදාල නොවන සේවකයින් ආයතනයේ රැදී සිටීම එම කටයුතු වලට බාධාවක් විය හැක.

වැඩ කියන දේ කවමදාකවත් ඉවරයක් වෙන්නේ නැති ක්‍රියාවලියක්. අපි වැඩිපුර රැදී ඉදලා වැඩ කිරීමෙන් වැඩ අවුල් වීමක් මිසක් අවසන් වීමක් සිදු නොවන්නේ අපේ ජීවිතේ අනෙකුත් දේ අතපසු වීමෙන් ඇතිවන ගැටලු වලට රැකියාව කරන වෙලාව ගතකරන්න සිදුවෙන නිසා. තවද රැකියාව වෙනුවෙන් විශාල කාලයක් ගත කිරීම නිසා රැකියාව ඒකකාරී වීමත් නිර්මාණශීලි බව අඩු වීමත් නිරවද්‍යතාව අඩු වීමත් සිදු විය හැක. ඒකාකාරී වූ රැකියාවක් කිරීමේදී සේවකයා උනන්දුවෙන් කටයුතු කිරීම වෙනුවට යන්ත්‍රයක් මෙන් කටයුතු කරනු ඇත.

ඔබගේ ගණුදෙනුකරු හෝ සේවාදායකයාව දකින්න තියෙන උනන්දුව වගේම  ඔබේ පවුලේ අය දකින්නත් උනන්දු විය යුතුයි. මොකද සේවාදායකයා/ගනුදෙනුකරු ඔබව බලාපොරොත්තු වන විදියටම ඔබේ පවුලේ අයත් ඔබව බලාපොරොත්තු වෙනවා. ගනුදෙනුකරු/සේවාදායකයා තමන්ගෙන් ගිලිහීයාමත් පවුලේ අය තමන්ගෙන් ගිලිහීයාමත් දෙකම සිදුනොවිය යුතුයි. තවද ඔබ රැකියාවක් කරනුයේ තමන්ගේ පවුලේ අය  වෙනුවෙන් තම වගකීම් හා යුතුකම් ඉටුකිරීමටය.

ජීවිතයේ ඇතිවන ප්‍රශ්න, පසුබැසීම් හා හදිසි අවස්ථා වලදී ඔබේ ප්‍රධානියාටත් සහෝදර කාර්යමණ්ඩලයටත් ඔබ වෙනුවෙන් කරන්න පුලුවන් දේ සීමිතයි. නමුත් ඔබේ පවුලේ අයට ඔබ වෙනුවෙන් කළ හැකි දේ අසීමිතයි.

ජීවත් වෙනවා කියනුයේ රැකියාව කරනවා පමණක්ම නොවේ. රැකියාව හැරුණු විට ජීවිතේ තවත් බොහෝ දේ කිරීමට ඇත. සමාජගතවීමට, විනෝද වීමට, සැහැල්ලු වීමට ඒ වගේම තවත් බොහෝ දේ ජීවිතය තුල දී සිදු කිරීමට ඇත. රැකියාවෙන් උපයන මුදල් වැය කළ යුත්තේ ඒ වෙනුවෙනි.

රැකියා ස්ථානය තුල වැඩි වේලාවක් ගත කරනවා කියන්නේ ඒ පුද්ගලයා ආයතනය වෙනුවෙන් කැපවී වැඩ කරනවා කියන දේ නොවේ. එනම් එම පුද්ගලයා තමන්ගේ රාජකාරි වෙලාව තුල තමන්ට පැවරුණු දේ සාර්ථකව නිම කිරීමට නොදන්නා අසමර්ථයෙකි. ඒ තමන්ගේ අසාර්ථකත්වය හා අකාර්යක්ෂමබවයි. රැකියාව තුල සමහර අත්‍යාවශ්‍ය හා හදිසි අවස්ථාවලදී රාජකාරි වේලාවෙන් පිට රාජකාරි කිරීමට සිදුවිය හැකි අතර එසේ වුවත් සෑමදාම එසේ කිරීමට සිදු වේ නම් රාජකාරියේ ගැටලුවක් හෝ ආයතනය අනතුරුදායක තත්වයකට පත්වීම නිසා එලෙස අමතරව වැඩ කිරීමට සිදු වනවා විය හැක. එබැවින් ආයතනයේ ප්‍රධානියාගේ අවධානය ඒ පිළිබදව යොමු කරවීම හා  ඒ පිළිබදව සොයා බැලීම ආයතනයටද වැදගත් විය හැක. මන්ද යත් රාජකාරි වේලාවෙන් පිට කටයුතු කරනවිට ආයතනයට මූල්‍යමය අතින් පාඩු වීම පිළිබදව ප්‍රධානියා අනිවාර්යෙන්ම සැලකිලිමත් වන බැවිනි.

ඔබ මහන්සිවී අධ්‍යාපනය ලබාගෙන ජීවිතය කැප කළේ යන්ත්‍රයක් වීමට නොවේ. එනම් අධ්‍යාපනය ලැබ රැකියාවක් ලබා ගත් පසු යන්ත්‍රයක් ලෙස ජීවත් වී තේරුමක් නැත. මන්ද යත් යන්ත්‍රයකට කිසිවක් සිතාමතා කළ නොහැක. එමෙන්ම යන්ත්‍රයක් වූ විට ලබාගත් අධ්‍යාපනයෙනුත් ජීවිතයෙනුත් තේරුමක් නොමැත.


Saturday, June 27, 2015

අපේ ආතල් එක.


ලංකාවේ ඉන්න අපි ආතල් ගන්නේ ලෝකේ කිසිම කෙනෙක් ආතල් නොගන්නා අමුතුම ආකාරයකටය. ඒ අපි ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටේ ජහමනයා නිසාවෙන්දැයි සැක මතුවන්නේය. 

අපි පින් පව් විශ්වාස කරන නිසා පව් කිරීමට අකැමැත්තෝය. පින් කරන්න කැමැත්තෝය. අපට පින් කරන්න ගොඩාක් ආකාර විටින්විට මතුවන්නේ අපි පින් කිරීමට සැදී පැහැදී ඉන්නා නිසායැයි සිතෙන්නේය.  අපට පින් අතේ වැඩක් කරගන්න පුලුවන් කාලයක් ආයෙත් ඇවිත් තිබෙන්නේය.

විල මැද බංගලාවේ පුරප්පාඩු පුරවා පිං සිද්ධ කරගන්නත් ඒ පින ගැන හිතමින් ආතල් ගන්නත් අපට දැන් අවස්ථාව උදාවී එහෙම නැත්නම් උදා කර ඇත්තේය. අපි කැපුවත් පාට අපේ පාට නිසා අපිට ඕන පාටේ කෙනෙක් විලමැද බංගලාවට යවන්න දැන් අපට පුලුවනිය. අපේ පාට කෙනෙක් බංගලාවට නොගිහින් වෙන පාටක කෙනෙක් බංගලාවේ සැප විදිනකොට අපිට දුකය. ඒ අපේ පාටේ කෙනාට බංගලාවේ සැප විදින්න දෙන්න නොලැබුන එකටය. කොහොමහරි අපේ පාටේ කෙනා බංගලාවට ගිහින් ආතල් ගන්නාවිට අපි ඒ ආතල් බලමින් ආතල් ගන්න හරිම කැමතිය. ඒ අපේ එකා සැප විදින්න දීලා අනෙක් එකා බංගලාවෙන් එලියට ආපු නිසාය. තවත් එකෙක් ඌ කැමති පාටේ එකා බංගලාවට නොගියා කියා දුක් වෙන්නේ ඊළග වතාවේ අපේ පාටේ එකා බංගලාවට යවනවාමයි කියමින්ය. ඒ ගැන හිතමිනුත් ආතල් ගන්නේ අපිමය. 

බංගලාවට ගිය කෙනා බංගලාවේ අනෙක් අයත් එක්ක හොරා-පොලිස් කරාට හැංගිමුත්තං කලාට එහෙමත් නැතිනම් පොඩ්ඩක් රංඩු උනාට අපිට කමක් නැතිය. ඇත්තටම උන් හිතාන ඇත්තේ රටේ ලොකුම ප්‍රශ්නය විල මැද බංගලාවට හරි තැන තැන තියෙන පොඩි බංගලාවකට හරි කාලෙන් කාලෙට කට්ටිය යවන එක කියාය. ඒ වගේම අපේ යුතුකම/වගකීම උන්ව බංගලාවට යවන එක කියාය. ඉතින් අපේ එකා බංගලාවට යන්න කලින් අපි ළගට ඇවිත්, බංගලාවට ගියාම කරන්නං කීව කිසි දෙයක් නොකළාට අපිට කමක් නැත්තේ  අපේ එකා බංගලාවේ සැප විදිනවා දකින එක  අපිට ඊට වඩා  ආතල් නිසාය. 

ඒ ආතල් එක නොකැඩී අපිට එදා වේල කන්න නොලැබුනත් මොකෑ කියා හිතන්නේ අපි ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටේ ඉන්න අමුතු අය නිසාවෙන්ය. 

ඒ අතින් A land like no other  කියනා කියමන අපේ රටේ ජහමනයාට හරියටම ගැලපෙන්නේය.

පලි: හැංගිලා වෙස්මූණු බැදගෙන හැංගිලාම නටපු සමහරු වෙස්මූණු නැතිවම එළිපිට නටන්න පටන්ගත්තු එක තවත් ආතල් එකක්ය.

Sunday, June 14, 2015

තහනම් වචනය "සිංහල"- ඉතින් භාෂාවත් තහනම් කරමුකො.


සිංහල කියන වචනෙ හරිම ජාතිවාදියි අයියො. ඒ වචනෙ ඇහෙන ඇහෙන වාරයක් ගානෙ අනික් ජාතින් පොලොවෙ පෙරලි පෙරලි පස් කාගෙන අඩනවා. ඒවා දැකලා අපිටත් ඇඩෙනවා.  ඒ නිසා අපි තහනම් කරමු "සිංහල" කියන වචනෙ. අද ඉදන් පටන් ගනිමු "සිංහල" කියන වචනෙ යෙදුන තැන් වෙනස් කරන්න.


මේ තියෙන්නෙ ජාතික රූපවාහිනියෙ සුසර දැහැන 2015 මැයි 30 දින වැඩසටහනින් උපුටා ගෙන වෙනත් අඩවියක තිබුනු වීඩියෝ කොටසක්. උපුටාගත් තැන url නොදැමීම ගැන සමාවෙන්න. 
full video available at
http://www.rupavahini.lk/musical-programmes/susara-dahana/6964-2015-05-30.html

ඉතින් මීට ලේසි නෙවැ මේ සිංහල වෙනස් කරන්න දතකන ඈයො ටිකට මේ ලංකාවෙ පුරවැසිබව නැතිව වෙනත් රටක පුරවැසිබවක් ලබාගෙන මාස කීපයක් නැතිනම් ජීවිතකාලෙම ඒ රටට වෙලා තමන්ගෙ ඉතිරි ජීවිත කාලෙත් ගෙවන එක. අන්න එදාට තේරේවි ලංකාවෙදි තමන් අකැමති වුන "සිංහල" කියන වචනෙ නිසා තමන්ට ලැබුනු බොහොමයක් දේවල් මේ දැන් තමන් ඉන්න රටේදි තමන්ට අහිමි වෙලා කියලා. කොටින්ම කීවොත් මේ "සිංහල" කියන වචනේ වෙනස්කරන්න කියලා කැමරාව ඉස්සරහට ඇවිත් ගොත ගැහිගැහි  (Saman chanadranath weerasinghe ගොත ගැහිගැහි කීවට තමන්ගෙ දිව මොන පැත්තට නැමුනත් තමන්ගෙ හෘද සාක්ෂිය දන්නවා තමන් මේ කියන්නෙ බොරුවක්ය- තමන් මේ ඉටු කරන්නෙ තමන්ගෙ හදවතින්ම වැරදි කියලා තේරෙන නමුත් තමන්ගෙ පැවැත්ම වෙනුවෙන්ය කියලා- නමුත් අපි දන්නවා මේ විදියට බයෙන් ජීවත් වෙන්න දෙයක් නෑකියලා. මොකද මේ ලංකාව ඇතුලෙදි මේ වගේ දෙයක් කීවා කියලා අපේ අය ඔයතුමාව මරන්න පන්නන්නෙවත් ගෙවල් දොරවල් විනාශ කරන්නෙවත් නෑ. ඒකයි සිංහලකම )  කියපු වචනයක් පාසා ලැබුනු මුදල පවා මතක් වේවි.  අපි හිතාන ඉන්නෙ ලංකාවෙන් පිට හැම රටම සහජීවනේ තියෙනවා අපේ රටේ තමයි ඒක නැත්තෙ කියලා. (සිංදුව ලීවෙ/කීවෙ ලාංකිකයො ගැන මිසක් ලෝකෙ පුරාම හිටපු/ඉන්න රණවිරුවො ගැන නෙවි අයියො -  දැන් ඔය වචනෙ වෙනස් කළා කියලා මුස්ලිම්-දෙමළ මිනිස්සු මේ සින්දුව අහාවි.)

දිවයින 2015 06 14 දින ආචාර්ය පියසේන රතුවිතානයන්ගේ පිළිතුර  http://www.divaina.com/2015/06/14/feature26.html


"සිංහල" කියන වචනය කොහේවත් පාවිච්චි කරන්න එපා. ඒ වචනෙ එහෙම්පිටින්ම ජාතිවාදියි. ඒ නිසා අපි සිංහල කියන වචනෙ යෙදුනු හැමතැනම වෙනස් කරමු. ඒක කරන්න හරිම ලේසියි "සිංහල" කියන්නෙ තහනම් වචනයක් ඒ වගේම "සිංහල" භාෂාව තහනම් භාෂාවක් කළානම්. (නමුත් මේ සිංහල වෙනස් කරන්න දගලන අය නොදන්න එහෙම නැතිනම් නොදන්නවා වගේ පෙන්නන දෙයක් තමයි "සිංහල" කියන වචනෙ ඇතිවුනේ කොහොමද කියන එක. තමනුත් මේ කරන්නෙ තමන්ගෙ ජානවලම තියෙන තමන්ට කෙලවුනත් තමන් ඒ වෙලාවෙ හොදයි කියලා හිතාන පාවාදීම් කරපු අතීතෙ මුතුන්මිත්තො කරපු දේමයි කියලා-අපේ ඉතිහාසෙ තරම් පාවාදීම් කරපු ඉතිහාසයක් වෙන කිසිම රටක නැතිව ඇති. රාම රාවණා යුද්දෙ ඉවර වුනෙ පාවාදීමකින් - කුවේණි තමන්ගෙ අයගෙන් වෙන්වෙලා විජය කුමාරයාට උදව් කරා විජය කුමාරයා ලංකාවට ආපුවම)

සිංහල සංස්කෘතිය එක්ක ගොඩනැගුනු ලංකාවෙ සංස්කෘතිය නිසා ලංකාවෙ ජීවත්වෙන අයට ලැබුනු දේ බොහොමයි. නමුත් ඒ සිංහලකම එක්ක ඉන්න එක වැරැද්දක් කියලා හිතාන සිංහලකම අයින් කරපු දවසට තේරේවි තමන් කරපු මෝඩකමක තරම. මොකද මම විශ්වාස කරන දෙයක් තමයි මේ රටේ ජාතින් අතර මේ තරමින්වත් එකමුතුවක් තියෙන්නෙ සිංහල සංස්කෘතිය නිසා කියනඑක.

නමුත් මේ දැන් සිද්දවෙන බොහොමයක් ප්‍රශ්න වලට හේතුව අපි එක එක කණ්ඩායම් විදියට බෙදිලා ඉන්න එක. මේ ප්‍රශ්නෙට දේශපාලනේ කරන අය ගොඩක් වග කියන්න ඕන. ඒ වගේම මේ රටේ මිනිස්සු ඊට වඩා වග කියන්න ඕන. 

සිංහල කියන වචනේ පාවිච්චි කරගෙන යමක් කලොත් ඒක ජාතිවාදියි කියන මතය මේ වෙද්දි අපේ රටේ මිනිස්සුන්ගෙ ඔලුගෙඩි වලට ඇතුල්වෙලා තියෙනවා ආයෙ අයින් කරන්නම බැරි විදියට.

Saturday, June 6, 2015

ගප්පියෝ. ඇස් රතුවෙන ජෝක් හරි තව කෙනෙකුගෙ හිත රිදෙන ජෝක් හරි කරන්න එපා චූටි පුතේ.

ගප්පියෝ.
උඹව මම අදුනගත්තෙත් අන්තර්ජාලෙට පින්සිද්ධ වෙන්න. එ් කියන්නෙ මම උඹව හැබැහින් දැකලා නෑ තවම. දැන් හිතෙනවා උඹව හැබැහින් නොදැක්ක එකත් හොදා කියලා. මොකද උඹ ලංකාවෙන් ගිහින් පිටරටක පදිංචි වෙලා එහෙ ඉන්න තරුණියක් කසාද බැද ගත්තා. මට එහෙම දෙයක් කරන්න තියා තවම ලංකාවෙන් පිටට එහෙම නැතිනම් හෙලිකොප්ටරේකටවත් නැග ගන්න නොලැබුනු එක ගැන හරිම දුකයි. ඒ වගේම ඊරිසියයි.  අනික හැබැහින් නොදැක්ක ගොඩක් දෙනෙක් උඹ ගැන දන්නවා. ඒ අතින් බැලුවම උඹනම් පොරක්.


ඉතින් "ගප්පියා ද පොර"ගෙන් මම එක ඉල්ලීමක් කරන්න කැමතියි. උඹ ඊළග රාමසාන් එකට,නත්තලට, පාස්කු දවසට ඒ වගේම තෛපොංගල් මාටුපොංගල් දවසට ඒ උත්සව අල්ලලාත් අපිට හිනාවෙන්න පුලුවන් නිර්මාණයක් කරලා පබ්ලිෂ් කරපන්කෝ. මම හරි ආසයි උඹේ ඹය නිර්මාණ බලලා හිනා වෙන්න. 

https://www.facebook.com/gappiyapictures?fref=nf

තව දෙයක් කියන්න තියේ. මේ මම ඉස්කෝලෙ කාලෙ ඉස්කෝලෙනුත් දහම් පාසලෙනුත් සිල් ගැනීම අනිවාර්ය කරපු දවසක ඇරෙන්න අවුරුදු ගානකින් සිල් අරන් නෑ. ඒ වුනාට මම ගමේ පන්සලටයි ඒකෙ ඒ කාලෙ දහම්පාසල නොතිබුනු නිසා ගියපු අනික් පන්සලටයි පෝයට විතරක් නෙවි අවස්ථාව ලැබෙන ඔනම වෙලාවක ගිහින් ඒ පන්සල්වල හාමුදුරුවරුන් හමුවෙලා සුවදුක් අහනවා. ඒ වගේම බෝධිපූජා/පිංකම් වලට සහභාගි වෙනවා. ඒ නිසා මම බුකියේ බෞද්ධයෙක්වත් අන්තර්ජංජාල බෞද්ධයෙක්වත් නෙවි. ඉතින් කියපන් හාමුදුරුවන්ගෙ සුවදුක් බැලුවට පින් ලැබෙන් නෑ කියලා. 
https://www.facebook.com/gappiyapictures?fref=nf


උඹ හිතන් ඇති ෆේස්බුක් ලයික් කියන්නෙ ඇත්තටම කැමති නිසා ලැබෙන දෙයක් කියලා. එහෙම නෙවි බං. ෆේස්බුක් සුකරබර්ගයා අන්ලයික් බොත්තමක් දමලා නෑ. ඒ වගේම උඹ කරන දේවල් අපිට දැකගන්න නම් උඹේ පේජ් එකට ලයික් කරාම ලේසි. මොකද එතකොට උඹ අලුතින් දෙයක් කරපු ගමන් අපිට පණිවිඩේ ලැබෙන නිසා. ඒ නිසා හිතන්න එපා උඹේ හැම පෝස්ට් එකටම කැමති අය විතරයි උඹේ පේජ් එකේ ඉන්නෙ. උඹේ පෝස්ට් වලට ලයික් දාන්නෙ කියලා.


උඹ දැන් ලංකාවෙ නැති නිසා උඹට හිතේ හැටියට වැදපුදා ගන්න පන්සලක් ඔය දීපංකරේ නැතිවත් ඇති මයෙ හිතේ. අනික උඹ දැන් විවාහකයෙක් නිසා පන්සල් යන්න විදියක් නැතිවත් ඇති.(ඒක උඹේ අයිතිය) ඒකට කමක් නෑ මම කරපු ඉල්ලීම ඉටු කරපන්කෝ. මම හරි ආසයි උඹේ ජෝක් වලට. 



ඒ වුනාට ඇස් රතුවෙන ජෝක් හරි තව කෙනෙකුගෙ හිත රිදෙන ජෝක් හරි කරන්න එපා චූටි පුතේ මින් මතුවටවත්.  අනික ආගම් එකක්වත් විහිලුවට ගන්න එපා පුතේ. 



මීට,

(උඹට ඕන දෙයක් හිතා ගනින්කෝ)


Sunday, May 17, 2015

ගමෙන් පන්සලට.. පන්සලෙන් ගමට.. තෝරා ගැනීම තමන්ගේ අයිතියයි.

වෙසක් බලන්න ගියාද? දන්සල් වැන්දද? අනිවාර්යෙන්ම. 
ගමේ පන්සලට ගිහින් මලක් පහනක් පූජා කළාද? වෙසක් බලන්න ගියා නෙ. ඒ නිසා බැරිවුනා. 

මේ ඔබේ පිළිතුර නොවෙන්න ඇති. ඒ වුනාට සමහරෙකුගේ පිළිතුරක් වෙන්න පුලුවනි. ඉස්සර අපේ ගම්වල මිනිස්සු ජීවිතේ ගොඩනගා ගත්තේ පන්සල කේන්ද්‍ර කරගෙන වුනාට දැන් අපේ ජීවිත ගොඩනැගෙන්නේ ගෙදර ටීවී එක වටේ. එහෙම නැතිනම් මුහුණුපොත-fb එකේ. 

වරදක් කියන්න බෑ නෙ. මොකද තෝරා ගැනීම තමන්ගෙ අයිතියනෙ. ඉතින් පන්සලට යන දායකයින්ගෙ ප්‍රමාණය දවසින් දවස අඩු වෙනවා. 

ඉස්සර ගමේ මිනිස්සු උදේට දවල්ට කෑවෙ පන්සලේ හාමුදුරුවො දන්වැළදුවද කියලා හොයලා බලලා. ඒ වුනාට දැන්.. පන්සලේ ගොදුරුගමේ තියෙන ගෙවල් වලට දවස් වෙන් කරලා පන්සලට දානය පිරිනමන්න පහසුකම් සලසලා තිබුනට දැන් පන්සල් වල හාමුදුරුවරුන්ට දානය වරදින දවස් බොහොමයි. සමහර අය එදාට ගෙදරත් නෑ. මොකද දානෙ දවස අමත වෙලා කොහෙ හරි ගිහින්. ඉතින් හාමුදුරුවො උයාගෙන කන්න වෙනවා පන්සල ඇතුලෙම. මේ සිදුවීම හොදට දන්නෙ පන්සලට ආසන්නයේම ඉන්න දායකයින්. 

ගමේ පන්සලට අපිට ඕනවෙලාවක යන්න පුලුවනිනෙ. පයන් යන දුරනෙ. අතන තියෙන්නෙ ලෝකෙ ලොකුම පිළිමෙ. ඒක බලන්න බැරිවුනානෙ. ගමේ පන්සලේ පිළිමෙ අපි දැකලා තියෙනවානෙ. පන්සලේ හාමුදුරුවන් උත්සාහ කරනවා මිනිස්සුන්ට දකින්න - දැකලා සතුටු වෙන්න යමක් කරලා දායකයින් පන්සලට ගෙන්වා ගන්න. ඇත්තටම මම දන්නෙ නෑ ලෝකෙ ලොකුම පිළිමෙට වැන්දත්/පූජා කළත් පොඩි පිළිමෙට වැන්දත්/පූජා කළත් ඒ දෙකේ වෙනස මොකක්ද කියලා.

දැකලා ඇති පන්සලේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ආධාර එකතු කරනවා. සංවර්ධන කටයුතු වල ඉවරෙකුත් නෑ. එකක් ඉවර වෙද්දි තව එකක්. ඉවරවුනු එක ගේට්ටු දාලා ඉබියතුරු දාලා වහලා තියෙනවා. දකින්නවත් ලැබෙන්නෙ එහෙමත් දවසක. දායකයින් පන්සල වෙතින් ඈත් වෙන්න ප්‍රධානම හේතුව මම දකින්නෙ ඉවරයක් නැති සංවර්ධන කටයුතු. ගමේ පන්සල යම් ප්‍රමාණයකට සංවර්ධනය කළාම ගමේ පන්සලේ නෑ කියලා අනික් පන්සල් වල තියෙන හැමදේම ගමේ පන්සලේ හදනවාට වඩා පන්සලින් ගමට යමක් කරගන්න ගමේ මිනිස්සු දැනගන්න ඕන. 

තවත් දෙයක් සමහර පන්සල් වලදි අපි දකින්නෙ ගමේ ඉන්න කාන්තාවන් විතරයි පන්සලේ මොන උත්සවයක්/පිංකමක් තිබුනත් පන්සලට එන්නෙ. මේකට හේතුව ගෙවල්වල පිරිමි අය රස්සාවට යාම විතරක්ම නොවන බව පැහැදිලියි. 

දැන් ලංකාවෙ විවිධ නිකායන් හා විවිධ පන්සල් වටා හැදුනු සංස්කෘතියන් කීපයක්ම තියෙනවා. ඉතින් ඒ සංස්කෘතියට පිටින් තියෙන සංස්කෘතියෙ කෙරෙන හැමදේම වැරදි. ඉතින් මම ඉන්න සංස්කෘතිය, මම දරන මතයන් එක්ක අනික් දේ වැරදියි.  

ගමේ පන්සලේ හාමුදුරුවන්ව මළගෙදරකදි පාංශුකූලෙ දෙන්න විතරක් හමුවෙන කෙනෙක් කරගන්නෙ නැතිව පොඩ්ඩක් පන්සලින්/පන්සලේ හාමුදුරුවන්ගෙන් ගමට,මිනිස්සුන්ට යමක් සිදුකරන තත්වයට පත් කරගන්න ගමේ දායකයින් එකමුතු වුනොත් පුලුවන් වේවි. 

නැතිනම් ඉතින් ගමේ පන්සල විතරක් නෙවි නගරෙ පන්සලත් අපිට නැති වුනාම තමයි අපිට දැනෙන්නෙ අපි කරගත්තෙ මොකක්ද කියලා. නැතිනම් දවසක් ඒවි අපිට බුදුදහම වැළදගත්තු විදේශිකයින්ගෙන් බුදුදහම ඉගෙන ගන්න සිදුවෙන.  අනික් ආගම් වලට බැන බැන ඉන්නවාට වඩා ගමේ පන්සලත් හාමුදුරුවනුත් ගමේ මිනිස්සුත් අතර සම්බන්ධය නිසිආකාරව පැවතුනොත් බුදුදහම නිසා අපේ ජීවිත ආලෝකමත් වේවි. (හාමුදුරුවන්ගෙ වැඩ විවේචනය කරන්න ගිහියන් විදියට අපිට අයිතියක් නෑ. මොකද හාමුදුරුවො ගිහියන්ට වඩා වෙනස් සමාජයක/සමාජතලයක ඉන්න නිසා විවේචනයන්ගෙන් ගිහියන්ට සිදුවන අනර්ථය වැඩියි මම හිතන විදියට) 

කෙටියෙන් අපිළිවෙලට කියපු මේ දේවල් මොනවා වුනත් තමන්ගේ ජීවිතයට අදාල දේ තෝරා ගැනීම තමන්ගේ අයිතියයි. 



පින්තුරය - http://www.ananmanan.lk/sinhala-lyrics/lyric/1252/edward-jayakody-game-pansala-ape-pansala-apekama-rakka.html

Sunday, May 3, 2015

දැලිපිහිය ලැබුනු කවුදෝ වගේ ලිනක්ස් ගත්තු අපේ අය


ලිනක්ස් , උබුන්ටු. මේ වචන දෙකෙන් ලංකාවෙ වැඩි දෙනෙක් දන්නවා ඇත්තෙ උබුන්ටු කියන නම. මොකද අපේ අයට නිකන් දෙන ඕන දෙයක් ආසාවෙන් ලං කරගන්න නිසා නොමිලේ සීඩී එවනවා කියලා දැනගත්තම ගෙදර සීඩී ප්ලේයර් වල ප්ලේ කරන්නත් සීඩී ගෙන්නා ගත්තෙ තොග පිටින්. ඒ වුනාට ලංකාවට කැනොනිකල් ආයතනෙන් තැපැල් කරපු සීඩී වලින් කීයක් ඒ ගෙන්වාගත්තු අය පාවිච්චි කරන්න ඇතිද? කැනොනිකල් ආයතනෙ බලාපොරොත්තු වුනේ වැඩි දෙනෙකුට තමන්ගේ නිෂ්පාදන නොමිලේ ලබා දෙන්න වුනත් අපේ අය නම් කලේ තමන්ගේ නම වෙනස් කරලා හරි ලිපිනය වෙනස් කරලා හරි ඒ සීඩී ගෙන්නා ගත්තු එක. 


සමහරු තමන්ගෙ වාහන වල අලවා ගන්න, වගේ වැඩ වලටත් ඒ සීඩී පාවිච්චි කරනවා දකින්න ලැබුනා. (කාලයක් තිබුනනෙ සීඩී එකක් වාහනේ ඉස්සරහ ඇලෙව්වම පොලිසිය වාහනේ වේගෙ බලන උපකරණෙ හරියට ක්‍රියාත්මක වෙන් නෑ කියලා ගෙදර තියෙන සීඩී වාහනේ අලවන් ගියපු)

දැන් ඉතින් ආවොත් උබුන්ටු ගැන කතා කරන්න, ලංකාවෙ මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්දති වලට පස්සෙ වැඩි දෙනෙක් දන්න මෙහෙයුම් පද්ධතිය තමයි උබුන්ටු. ඉතින් නිකන් දෙන නිසා තමන්ගෙ ගෙදරට ගෙන්නාගත්තු සීඩී කලාතුරකින් කෙනෙක් තමන්ගේ පරිගණක වලට ස්ථාපිත කරගන්න ඇති. මුල් වතාවෙ ඉන්ස්ටෝල් කරද්දි තමන්ගෙ පරිගණකයේ කලින් තිබුන හැමදේම මකාගෙන උබුන්ටු දාගත්තු කීපදෙනෙක්ම මට හමුවෙලා තියෙනවා. මොකද අපි පුරුදු වෙලා තියෙන්නෙ පරිගණකය පාවිච්චි කරද්දි එන පණිවුඩ කියවනවා වෙනුවට ඒ පණිවුඩය නොකියවා ම ඉදිරියට යන්නයි. ඉතින් අපි කරන්නෙ finish පණිවිඩය ලැබෙනකන් yes ඔබන එක. අන්තිමට උබුන්ටු දාගත්තම වින්ඩෝස් වල තිබුනු ෆයිල් ටික නැතිවෙලා. ඊට පස්සෙ කරන්නෙ සිංදුවක් අහන්න ෆිල්ම් එකක් බලන්න ට්‍රයි කරන එක. එතකොට තමයි තේරෙන්නෙ නිකන් දුන්න අශ්වයාගේ දතුත් නෑ උට ඇස් පේන්නෙත් නෑ කියලා. (මොකද සීඩී ගෙන්නුවාට ඒ සීඩී වල උඩ ගහලා තියෙන දේවල්වත් සීඩී ඉල්ලනකොට ඒ සයිට් එකේ කියලා තියෙන දේවල්වත් හරියට කියවලා නෑ) ඉතින් උබුන්ටු දාගත්ත කෙනා දැන් තමයි දැනගන්නෙ ලිනක්ස් කියන්නෙ මොනවගේ දෙයක් ද කියලා. ඊළගට කරන්නෙ උබුන්ටු එහෙමම තියෙද්දි වින්ඩෝස් දාගෙන ලිනක්ස් වලටයි උබුන්ටු වලටයි දෙකටම බනින එක. 

ඇත්තටම උබුන්ටු පාවිච්චි කරන්න ඕන කෙනා කරන්නෙ තමන්ට අවශ්‍ය දේ අන්තර්ජාලේ හොයමින් දිගටම උබුන්ටු පාවිච්චි කරන එක. අද වගේ අන්තර්ජාලෙ  (මිල/වේගය)  නොතිබුනකාලෙ නම් මේ විදියට තමන්ගෙ දෛනික කටයුතු වලට උබුන්ටු හරිගස්සාගන්න සෑහෙන කට්ටක් කන්න වුනා. 

මේ කට්ට කන්න බෑ කියලා හිතුන අය වින්ඩෝස් වලට ආයෙත් ගියත්, සමහරු මෙච්චර කට්ටක් කන්න වෙන් නැති ලිනක්ස් මෙහෙයුම් පද්ධති හොයන්න පටන් ගත්තා. දැන් අන්තර්ජාලය නිසා ලේසියෙන් තමන්ට අවශ්‍ය දේ බාගත කරගන්න පුලුවන් වුනත් 2009ට පෙර කාලෙ සීඩී ඩීවීඩී නැතිව සොෆ්ට්වෙයා ඩවුන්ලෝඩ් කරලාම පාවිච්චි කරන්න යොමු වුනේ ටික දෙනයි. ඒ වෙනුවට ඕනෑම සොෆ්ට්වෙයා සීඩී එකක් රුපියල් 100ට කඩෙන් ගන්න පුලුවන් වුනා. 

ඒත් සීඩී කඩවල ලිනක්ස් හොයන්න ගියපු කෙනෙක් අත්දැකීමෙන්ම දන්නවා ඇති ලිනක්ස් කියන වචනෙ ඇහුනම කඩේ අයගේ ප්‍රතිචාර. (මල්ලි ලිනක්ස් පාවිච්චි කරන්න අමාරුයි නෙ. වැඩ කරන්නෙ  command line  එකෙන් නෙ. ගේම්ස් ගහන්න බෑ නෙ. ලිනක්ස්? ඇහුවෙත් අදයි. ) 
ඉතින් ඒ  කඩේකට දවස් දෙකතුනකින් ගිහින් නිකන් ගෙන්නා ගත්තු ලිනක්ස් සීඩීයක් විකුණලා ඒ වෙනුවට වෙන සීඩී දෙකතුනක් ගත්තු අවස්ථාත් අපේ ජීවිතේ තිබුනා.

ඉතින් දැන් බලමු කට්ට කාලා ලිනක්ස්/උබුන්ටු එක්ක ඉන්න අයගේ හැසිරීම කොහොමද කියලා. ලිනක්ස් පාවිච්චි කරන කෙනා බලන්නෙ තමන් පාවිච්චි කරන දේ තවත් අවශ්‍ය අයට බෙදා හරින්න. ඉතින් මේ අය ලිනක්ස් ඕන කියන අයට ලිනක්ස් ඉන්ස්ටෝල් කරලා දෙනවා පහසුවෙන්ම. සාමාන්‍යය පරිගණකයක් මේ වෙද්දි පාවිච්චි වෙන්නෙ ෆිල්ම් බලන්න, සින්දු අහන්න, ඉන්ටර්නෙට් යන්න විතරක් නිසා ඒ තරම් ගැටලුවක් වෙන්නෙත් නැති නිසා ඊට පස්සෙ අර ලේසියෙන් ලිනක්ස් දාගත්තු කෙනා කරන්නෙ ලෝකෙ තියනෙ හැම පරිගණකයකටම ලිනක්ස් දාන්න ඕන කියලා පරිගණක පාවිච්චි කරන අයට ලිනක්ස් ගැන දේශනා දෙන එක. 

තමන් වැඩ කරන තැන හැම  පරිගණකයක්ම ලිනක්ස් වෙන්න ඕන, ගෙවල් වල වින්ඩෝස් පද්ධති පාවිච්චිය අතඅරින්න ඕන කියලා කතන්දර කෝටියයි. ඒ අය හිතන්නෙ වයින් හරි ක්‍රොස්ඕවර් එහෙමත් නැතිනම් මොනෝ වගේ දේවල් දාලා ලිනක්ස් පාවිච්චි කරන්න හැම කෙනාම එකතු වේවි කියලා. එහෙම කරන්න පුලුවනි පරිගණක සාක්ෂරතාව කියන දේ වින්ඩෝස් මතට යොමු නොවීතිබුනනම්. මොකද ආයතනයක් ගත්තම ඒකෙ පරිගණක 500ක් ලිනක්ස් වලට හරවනවා කියන්නෙ ඒවා පාවිච්චි කරන අයට පුහුණුව ලබා දෙන්න -දෛනික කටයුතු වලට පාවිච්චි කරන සොෆ්ට්වෙයා ලිනක්ස් මතට හරවා ගන්න, ඒ වගේම ලිනක්ස් වලට අමතර සේවා ලබා ගන්න යන වියදමට වඩා වින්ඩෝස් ජෙනුයින් කොපි මිලට ගන්න එක  වාසි දායක වේවි. 

මම ෆේස්බුක් එකේ දැකලා තියෙනවා එක ගෘෘප් එකක් ලංකාවෙ කට්ටියක් බොරු ප්‍රචාර දෙමින් ලිනක්ස් පාවිච්චි කරන අය වැඩි කරගන්න උත්සාහ කරනවා. ඇපල් ඕඑස් එක අද විතරයි ෆ්‍රී දෙන්නෙ කියකියා පෝස්ට් හද හද දානවා linux distro/distribution වලට ලින්ක් කරකර. ඉතින් ඇපල් ඕඑස් ගන්න ආපු කෙනා බැන බැන යනවා ඇපල් නැති නිසා. මේ ගෲප් එක කරන අය ලිනක්ස් කියන්නෙ මොකක්ද? කියලා හරියට දන්නවාද දන් නෑ. රැවටිලා ලිනක්ස් වෙතට එන කෙනා ආවටත් වඩා ඉක්මනට අායෙත් යන එක අනිවාර්යයි. 

මේ ආකාර විවිධ හේතු තිබුනත් ලිනක්ස් කියන්නෙ ඉතාම බලවත් ආරක්ෂාකාරී ඒ වගේම පාවිච්චි කරන්න ඉතාම ලේසි මෙහෙයුම් පද්ධතියක්. 2004 මම මුලින්ම ලිනක්ස් පාවිච්චි කරද්දි දැකපු ගොඩක් දේ මේ වෙද්දි වින්ඩෝස් වලට ඇවිත් තියෙනවා. kde, gnome වගේ ඩෙස්ක්ටොප් environment වල මුල් කාලෙ තිබුන දේවල් වින්ඩෝස් වලට ලබාදෙනකොට ඒවා මැජික්වගේ දැකලා වින්ඩෝස් වල මේක තියෙනවා-ලිනක්ස් වල නෑනෙ කියනකොට මටනම් හිතෙන්නෙ එහෙම කියන කෙනා ගැන අනුකම්පාවක්. මොකද දැන් වින්ඩෝස් 10 එක්ක multiple desktop feature එනවාලු. ඒ වුනාට ලිනක්ස් වල අපි ඒක දැක්කෙ මීට සෑහෙන කාලෙකට කලින්. 

ඕපන්සෝස් කියන්නෙ සෝස් කෝඩ් එක හැමෝටම ලැබෙන නිසා ආරක්ෂාව අතින් ප්‍රශ්නයක් කියලා හිතන අයත් අපි අතර ඉන්නවා. එහෙමනම් ලෝකෙ සියයට 70ට වඩා සර්වර් ලිනක්ස් පාචිච්චි කරන්නත් රටවල් (චීනය,රුසියාව) පිටින් ලිනක්ස් වලට යොමු වෙන්නත් ඉලෙක්ට්‍රොනික උපකරන වලට ලිනක්ස් පාවිච්චි කරන්නත් හේතුවක් නෑ. (windows xp ඉවත් වීමත් සමග ඉන්දියාව xp වලින් වැඩ කරපු ATM වලට ලිනක්ස් පද්ධතියක් දාන්න සූදානම් බව ආරංචි වුනා පහුගිය අවුරුද්දෙ. ජර්මනිය දැනට දශකයක පමණ සිට ලිනක්ස් වෙතට යොමුවුනත් මේ වෙද්දි රටේ තීරණ ගන්නා අය මුදලට යට වීම නිසා ආපසු වින්ඩෝස් වෙතට යන බවත් මේ දිනවල කියැවෙනවා, apache සර්වර් එක තරම් බලවත් ඒකට ආදේශක සර්වර් එකක් මයික්‍රොසොෆ්ට් වෙතින් නිපදවලා නෑ තවම)

ඒ කොහොම වුනත් ලිනක්ස් පාචිච්චි කරන්න කැමති කෙනෙක් ඉන්නවානම් මුලින්ම linux mint (www.linuxmint.com) පාවිච්චි කරන්න. ඒකෙ මම මුලින් කීව ගොඩක් ප්‍රශ්න නෑ - මොකද ලිනක්ස් මින්ට් කියන්නෙ උබුන්ටු වැඩිදියුණු කරලා හදපු පද්ධතියක්. ඉන්ස්ටෝල් කරපු ගමන්ම අමතර කිසි දෙයක් කරන් නැතිවම සිංදු අහන්න ෆිල්ම් බලන්න ඉන්ටනෙට් යන්න පුලුවනි. 
ඒ වගේම distrowatch (www.distrowatch.com) සයිට් එක බැලුවනම් තමන්ගේ තියෙන ඕනම පරිගණකයකට හරියන ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් හොයාගන්න පුලුවන් වේවි. 

Sunday, January 4, 2015

ආඩම්බරයි... මාන්දමිකයි...

මාතෘකාව මටත් නොතේරෙන්නේය. ලිපියට මාතෘකාවක් අවැසිය. 

මේ දවස් කීපයේ අපි අතර ඇත්තේ විශාල තරඟයක්ය. ඒ අපි වෙනුවෙන් යමක් කරකියා ගන්නය. නමුත් යන්නේ වෙනත් කොහේවත් නෙවේය. කඩේය. කඩේ යන්නේ ගෙදරට ඕනෑ දේ ගේන්න නෙවේය. අපිට , රටට ඕනෑය කියා අපේ බදු වලින් ජීවත් වෙන කෙනෙක් තෝරා ගැනීමටය.

මේ දවස් කීපයේ අපි ඒ වෙනුවෙන් කඩේ යන්නේ තරඟයටය. අනික් කෙනාට වඩා මම කඩේ නොගියොත් වැඩක් නැත්තේය. ඒ නිසා අපි පුලුවන් උපරිමෙන් කඩේ යා යුත්තේය. නැතිනම් අපි පවුය. අපි වටේ යන අය පවුය. ඊටත් වඩා බදුමුදලින් ජීවත් වෙන්න දඟලන කෙනා පවුය. 


එක එක කාලෙට අපි කඩේ යන්නේ එක එක දේවල් වලටයි කියා මතක් වුනේ දැන්ය. මම කාලයක් කට්ටියකට කඩේ ගියේ මම කඩේ යනවායැයි ඇඩ් දමමිනි. ඒත් කාලයක් යද්දි ඒ කඩේ මුදලාලි එන්නේ කඩේ සුපර්මාර්කට් කඩයක් කරගන්න නෙවේ එයා තවත් කෙනෙක් වෙනුවෙන් කඩේ යනකෙනෙක් කියා තේරුණු නිසා කඩේ යන එක නවත්තලා දැම්මේ අනික් අයටත් කඩේ යන්න එපා කියන්නේවත් නැතිවය. කාටද පුලුවන් තමන් මෙච්චරකාලයක් ගියපු කඩේ වැඩක් නෑ කියලා කියන්න.  

අපි මේ කඩේට විතරයි යන්නෙ වෙන කඩවලට වැස්සකටවත් ගොඩ වෙන්නෙ නෑ යැයි කියා අපි කඩේ යන්නේ ඒ කඩවල මුදලාලිලාත් අපි වගේ ම අනික් කඩවලට වැස්සකට ගොඩ නොවන බව සිතාය. නමුත් ඇත්ත එය නොවේය. එයාලා අවුවටද වැස්සටද කියා බලන්නේ නැතිව අනික් කඩේට අනන්තවත් රිංගන්නේය.

ඉතින් මේ දවස් ටිකේ අපි කඩේ මාරු කරලා කඩේ යනකොට ඇඩ් නොදා කඩේ යා යුතුය.  මොකද එක කඩයක් වසා දැමුනොත් අනික් කඩේකට යන්න සිදුවෙන නිසාය. නැතිනම් අපිට යන්න කඩයක් නැතිවන්නට පුලුවනිය.

ඒත් මම කඩේ යන්නෙක්මි. 

Sunday, September 7, 2014

අර අංකල් උඩ බට්න් එක එබුව නිසා තමයි මේක නැවතුනේ.

තාත්තෙ මේ... කොළ පාට බල්බ් රතුපාට වෙනවා..

එහෙම තමයි පුතේ මේ දොරවල් කරන්ට් එකෙන් වැඩ කරන එවානේ

දරුවා විනාඩි 5ක් පමණ දොරේ බොත්තම ඔබමින් දොර ඉබේ ඇරෙන වැහෙන ආකාරය බලමින් විනෝද විය. එක්වරම එතැනට ආසන්න අසුනක සිටි අයෙක් පැමිණ දොර වැසීම වළක්වන බොත්තම ඔබා ගියේය. 

තාත්තේ අර බට්න් එක ඔබන්නකො.

ඇයි පුතේ ? 

ලයිට් පත්තු වෙන්  නෑ.

ඔතන බට්න් එක ඔබලා බලන්නකො

ඒක එබුවට වැඩක් නෑ. අර අංකල් උඩ බට්න් එක එබුව නිසා තමයි මේක නැවතුනේ.

තාත්තා දොර නවතන ස්විචය ක්‍රියා විරහිත කරන ලද අතර දරුවා නැවතත් සෙල්ලම පටන් ගත්තේය.

කලින් දොර ක්‍රයාවිරහිත කළ පුද්ගලයා මෙය දුටු අතර නැවත පැමිණ දොර ක්‍රියා විරහිත කරන ලදි

මේ දුටු දරුවා "තාත්තෙ බලන්නකො" 

පොඩ්ඩක් ඉන්න පුතේ.

දොර ක්‍රයාවිරහිත කළ පුද්ගලයාට මෙය ඇසුණි

මහත්තයා. පොඩි දරුවට කියලා දෙන්න මේවා තියෙන්නෙ සෙල්ලම් කරන්න නෙවි කියලා.

ඇයි පොඩිඑකෙක් සෙල්ලම් කළාම මොකද වෙන්නෙ? 

මහත්තයා. මේවා තව ගොඩක් කල් පාවිච්චි කරන්න තියෙන දේවල්. අද හෙට කඩලා දාන්න තියෙන ඒවා නෙවෙයි.

තමන්ගෙ වැඩක් බලාගෙන යනවද යන්න.

මම මගේ වැඩක් බලාගන්නම්. ඒ වුනාට පොදු දේපල විනාශ වෙනවා බලන් ඉන්න මට බෑ.

තමුසෙ හිතන් ඉන්නෙ මේවා ගොඩක් කල් තියේවි කියලද? ඕනනම් මාස 6ක් තියේවි මේ දොරේ ස්විච්. ඊළඟ මාස 6 වෙද්දි මේ දොරවල් සේරම ඇරලා ඒසී ගලවලා දුවයි සීටීබී බස්වල වගේ.

එහෙම වෙන්නෙ ඒවා පරිස්සම් නොකර මේ විදියට විනාශ කරන අය නිසා තමයි. පොඩි දරුවන්ට වුනත් කියලා දෙන්න මේවා පරිස්සම් කරන්න.

මේ අතර දරුවා අඬන්න විය.

බලනවා තමුසෙ දරුවා බය කරා. 

දරුවා බය වුනාද නැද්ද දන් නෑ මහත්තයා. ඒ වුනාට මහත්තයා මේ ට්‍රේන් එකට නැංගෙ සීට් එකක වාඩි වෙලා යන්න ටිකට් අරන් නේද? දොරේ යන්න ඕන නම් වෙන එකක යන්න තිබුනානෙ මේකෙ නෑවිත්. බලන්න ඔයා ඔතන දොර ඇරගෙන යනවා. දරුවා අනික් දොරෙන් සෙල්ලම් කරනවා. මිනිස්සු ඒසී වලටත් සල්ලි ගෙවාගෙන දාඩිය දාගෙන යන්න ඕන. 

මේ අතර දුම්රිය නඩත්තු අංශයේ අයෙකු පැමිණියේය. සිද්ධිය පිළිබඳව පරික්ෂා කළ ඔහු පාපුවරුව අසළ දොර අගුලු දමා එතැන සිටි අයට තමන් වෙන්කළ ආසන වෙත යන ලෙස උපදෙස් දී එතැන තිබුණු අකුළන ආසනයක වාඩි විය. 

පොදු දේපල ආරක්ෂා කරන්න මිනිස් ආකල්ප වෙනසක් අත්‍යාවශ්‍ය වන අතර එසේ නොවුනොත් පොදුදේපල රැකීමට සේවකයන් රැසක් යෙදිය යුතු වනු ඇත.

පෙති නැතිව කැරකෙන විදුලි පංකා ආවරණ දැක ඇතැයි  සිතමි. 
පින්තූරෙ ගත්තෙ https://c1.staticflickr.com/5/4103/5047734124_64849ab097.jpg




Saturday, September 6, 2014

ඒ මහත්තයා මේ ගොඩේ තියෙන ඒවා විතරයි. මේ ගොඩ 400යි. අරක 500යි.

ආ එන්න මහත්තයා. හැමදාම නෑ හැමතැනම නෑ. එන්න නෝනා. ඕන එකක් 300යි.
බලන්න මහත්තයා ඕන එකක් 300යි. තෝරලා ගන්න. හෙට නෑ අද විතරයි.

මල්ලි මේ ෂර්ට් එකේ ක්‍රීම් පාට එක නැද්ද? 

සොරි මහත්තයා ක්‍රීම් පාට නම් නෑ. කහපාට එකක් තියෙනවා දෙන්නද?

මම හෙව්වෙ ක්‍රීම් පාට එකක්. 

ඉතින් මහත්තයා කහපාට මොකක්ද ක්‍රීම් පාට මොකක්ද? දෙකම පොඩ්ඩනේ වෙනස් වෙන්නෙ.

ඒත් මට ඕන පාට නැත්නම් වැඩක් නෑනෙ.

බලන්න මහත්තයා. වෙන ලස්සන පාට තියෙනවා. රතු පාට, කොළ පාට, නිල් පාට.. එන්න නෝනා. ඕන එකක් 300යි. හෙට නෑ අද විතරයි.

හරි බලමුකො තෝරලා. මේකෙ වෙන සයිස් නැද්ද? 

තියෙනවා මහත්තයා. ඒත් මහත්තයාට හරියන්නෙ මේ සයිස් තමයි. ලස්සනට තියේවි. ෆිටෝන් කරලා බලන්න. 

මේක පොඩ්ඩක් හිරයි වගේනෙ. මීට ටිකක් ලොකු එකක් තියෙයිද?

හ්ම්ම්. සයිස් නම් තියෙනවා මහත්තයා. එත්  එක්ස්.එල් සයිස් එක 400ක් වෙනවා. පොඩ්ඩක් ඉන්න. ආ...මේ තියනේනෙ.

එතකොට ඕන එකක් 300යි කීවෙ. 

ඒ මහත්තයා මේ ගොඩේ තියෙන ඒවා විතරයි. මේ ගොඩ 400යි. අරක 500යි.

එහෙනම් එපා.

ඇයි මහත්තයා මේක මහත්තයාට හොඳට මැච් වෙනවනෙ.

ඒ වුනාට එපා. මං යන්නම්.

මොනවද මහත්තයා කරන්නෙ. ගන් නැත්තන් පාඩුවෙ යන්න තිබුණනෙ අපේ බිස්නස් පාඩු නොකර. බලන්න කෑලි 5ක් විකුණගන්න තිබුණු වෙලාව අපරාදෙ. සේරම ඇදලා දාලා එපා කියලා යනවා.

Saturday, April 19, 2014

ඒ වුනාට කනක් ඇහිලා ඉන්න නෑනෙ.

අලුත් අවුරුද්දට ගෙදරට ආපු අසල්වැසියොත් එක්ක කතා කරකර ඉද්දි

අසල්වැසි ඇන්ටි- කොහෙද මේ පැත්තෙ උදේට හයියෙන් බණ දානව ඇහෙන්න?
මම- ඒ ඇන්ටි මේ කන්ද උඩ තියෙන පන්සලකින්නෙ.
ඇන්ටි-ඉස්සර මේ පැත්තෙ පන්සලක් තිබුන් නෑ නෙ.
මම- දැන් අවුරුදු දෙකක් විතර වෙනවා පන්සල හදලා . කැම්පස් එකේ ලෙක්චර්ස් කරන හාමුදුරුනමක් ඉන්න පන්සලක්.
ඇන්ටි- අපේ ගෙවල් පැත්තටත් හරිම හයියෙන් ඇහෙනවා.
මම- හිහි. කන්ද මුදුනෙ වගේනෙ පන්සල තියෙන්නෙ. ඔයාල ඉන්නෙ එහා පැත්තෙ කන්ද මුදුනෙනෙ.
ඇන්ටි-ඉස්සරනම් උදේට විතරයි ඇහුනෙ. ඒ වුනාට දැන් හවසටත් පිරිත් දානවා.
මම-ඒ ගමේ අය ඉල්ලීමක් කරාම බෝධි පූජා තියනවානෙ.
ඇන්ටි- ඒ වුනාට කනක් ඇහිලා ඉන්න නෑනෙ. උදේ හවස හයියෙන් පිරිත් දානකොට එපා වෙනවනෙ.
මම- අනේ ඇන්ටි. ඔයාලා රේඩියෝඑකේ බණ යද්දි හයියෙන් දාගෙන අහනඑකේ  පන්සලේ හාමුදුරුවන්ගෙන් බණ පදයක් අහන්නකො.

පලි- බෞද්ධ යැයි කියා ගන්නා ගොඩක් දෙනා නමට බෞද්ධ වන අතර එම බෞද්ධ බව උප්පැන්නයටත් සමාජයේ කැපී පෙනීමටත් පාවිච්චි කරන්නේය. බුදුදහම රැකීමට මෙවන් පොෂ් අයගෙන් සිදුවන සේවයක් නැත්තේය. සිදු වන්නේ තමනුත් අගාධයට යමින් අන් අයත් ඒ වෙත  ඇද ගැනීමයි. අයෙක් තමන් අදහන ආගම දහමට අනුව ජීවත් වේ නම් ඒ  මානසික රෝගියෙකු ලෙස ද හඳුන්වන්නේය.


Sunday, April 13, 2014

හයිවේ නැති අපේ ජීවිතේ. පාරට moving barriers සමඟ නව මංතීරුවක්.

අපි සාමාන්‍යයෙන් පොදු ප්‍රවාහනයේ ගමන් කරන අයය. ඒ තියෙන වාහනේ අරන් ගියොත් නවත්තන්න තැනක් නැති නිසාය. එක අතකින් ඒ ක්‍රමය හොඳය. 

තදබදය අස්සේ පැය ගණන් ඉන්නවාට වඩා පයින් යන එකත් හොඳය කියා සිතෙන්නේ පයින් ගියත් පැයට කිලෝමීටර 5ක්වත් යන්න පුලුවන්කොට බස්එකක් පිටකොටුවේ ඉඳන් දෙමටගොඩ හරියට එන්න පැයකට වැඩි කාලයක් ගතවන විටය. ඉස්සර ඔහොම නැතිය. හයිවේ හදන්න කලින් අපි සිකුරාදා හවස 4න් පස්සේ 7 වෙනකන් මොන බස් එකේ ආවත් බස් එක පිටකොටුවෙන් පිටත් වෙලා පැය 3 1/2 ඇතුළත ගෙදරය. ඒත් දැන් අපි පිටකොටුවෙන් කැළණියට එන්නේත් පැය 1 1/2 විතර තදබදේ ඉඳලාය.

තදබදේට විවිධාකාර හේතු ඇත්තේය. ප්‍රධානම කරුණ අතුරුමාර්ග වැඩි වීමය. අතුරු මාර්ග හදන්නේ තදබදය අඩු කිරීමට කියාය. නමුත් එයින් වෙන්නේ තදබදය තවත් වැඩි වීම මිස අඩු වීමක් නොවන්නේය. අතුරු මාර්ග තිබුණාම ඒ මාර්ගයෙන් එන වාහන නිතරම ප්‍රධාන මාර්ගයට ඇතුල් වන්නේය. ඉතින් ප්‍රධාන මාර්ගය තදබද වන්නේය. මෙවන් බොහෝ තැන් වල ආලෝක සංඥාා  නැත්තේය. ඒ මදිවාට පොලිසියද නැත්තේය.පොලිසිය සිටියද ඉන්නේ ලයිට් එළියට අනුව වාහන හසුරුවන්න ලයිට් කණුව ළඟ මිසක් ලයිට් එකක් නැති තැනක නොවන්නේය. ඉතින් අතුරු පාරෙන් ප්‍රධාන පාරට වාහන ඇතුල් කිරීම නොකඩවාම සිදුවෙනවිට ප්‍රධාන පාරේ වාහන තදබදය වැඩි වන්නේය. කිරිබත්ගොඩ මීට හොඳම උදාහරණයය.

දිනක් කොළඹදී පාර මාරු වෙන්න ඉන්නා විට සංඥාා කණුවේ වාහන වලට කොළ එළිය දැල්වී තිබුණු අතර පදිකයින්ට රතු එළිය දැල්වී තිබුණි. පාරේ වාහන නැති නිසා කෙනෙක් පාර මාරු වන්නට පාරට බැස්සේය. එතැන සිටි රාළහාමි ඔහුව නවත්තා ගත්තේය. ලයිට් එකේ රතු තියෙන්නේ කියා පදිකයින්ගේ සංඥාා කණුව පෙන්වීය. අප දන්නේ සංඥාා කණුවක් ළඟ පොලිස් නිළධාරියකු සිටි විට ක්‍රියාත්මක වන්නේ ඔහුගේ නීතිය බවත් ආලෝක සංඥාා නොතකා නියෝග දීමට ඔහුට හැකි බවත්ය. ඉතින් පාරේ වාහන නැත්නම් පාර මාරු වීමට පදිකයින්ට අවස්ථාව නොදී ආලෝක සංඥාා වලටම පදිකයින් හා  වාහන හසුරුවන්න පොලිස් නිළධාරින් යොදා ඔවුන්ට වැටුප් ගෙවිය යුතුද? කහඉර දෙපැත්තේම විශාල මිනිසුන් ගණනක් එකතු වූ විට පාර මාරු වීමෙන් දෙපැත්තේම අය එකට ගැටෙන්නේය.


පාර තදබද වුනාම පාරේ විරුද්ධ පැත්තට යන වාහනවලට වෙන් කරපු තීරුවේ වාහන යන්නේ ඉස්සරහින් තමන් දෙසට එන වාහන නැති බව සිතාය. ඒත් වාහනයක් එනවග පෙනුනාම තමන් යන පැත්තට තියෙන තදබදයට රිංගන්න දඟලන්නේය. එක්වරම ඇතුල් වූවොත් හොඳය. බැරි වුනොත් දෙපැත්තටම යන වාහන තදබද වන්නේය. එක වාහනයක් යනවිට තවත් වාහන පෝලිමක් ඒ විදියට යන නිසා තදබදය වැඩි වීම අනිවාර්යය. මේකට විසඳුමක් විදියට පිටරටවල හයිවේ වල වාහන වැඩිපුර යන පැත්තට  වැඩි ඉඩක් ලබා දෙන්නට පාර වෙන් කරන්න මැද තියෙන කොන්ක්‍රීට් වෙනස් කිරීමේ ක්‍රමය යොදා ගන්න පුලුවන්ය. හරියට කළොත් මෝටර් සයිකලයක්වත් ලේන් පන්නලා රිංගවන්න බැරිය. වාහන වැඩියෙන් යන පැත්තට අමතර මංතීරුවක් ලබාදෙන්නත් පුලුවන්ය.


 




මේ මොනවා තිබුනත් වැඩක් නැතිය. හෝන් ගසාන තදබදය අස්සේ රිංගවන වාහන නැති විය යුතුය. වරක් කඩවතදී කලු වීදුරු ඇති ජිප් රථයක් හෝන් ගසමින් මා ගිය බසයට  ඉස්සර කරන්නට ආවත් රියදුරා ඒක ගනන් ගත්තේ නැත්තේය. ඉන් පස්සේ ටික වේලාවකින් පොලිස් මොටර් සයිකලයක පිටුපස වාඩි වුනු නිළධාරියා අත් වනමින් වාහන අයින් කරමින් ඉඩ ලබා දුන්නේ කලින් හෝන් ගැසූ ජිප් රථයට බව අඳුනා ගත්තේ ඒ ජිප් එකේ නොම්මරය වැඩිමුදලක් ගෙවා තෝරාගත් එකක් නිසා ලේසියෙන් මතක තියෙන නිසාය. පොලීසිය ට්‍රැෆික් අඩු කරන්නේ එසේය. ඇම්බියුලන්ස් එකක් හෝ ගිණි නිවන රථයක් ආවානම් මේ තරම් දුකක්+තරහක් ඇති නොවන්නේය. 


Related Posts with Thumbnails