කෝල් වේටින් නැත
කෝල් ෆෝවඩින් නැත
කරුණාකර පසුව අමතන්න කියන්නේ නැත
කට+දිව වෙහෙසවිය යුතු නැත
වැඩි කාලයක් වැයකලයුතු නැත
වැඩි මුදලක් වැයකලයුතු නැත
කෙටිපණිවුඩයකින්
සමාජජාල පණිවුඩයකින්
විද්‍යුත් ලිපියකින්
අප
මිනිස් සබඳතා
තර කරගනිමින්
සිටින්නෙමු
ඉතින්
තවදුරටත්
කාලය
ශ්‍රමය
මුදල්
වැයකරමින්
වෙහෙසවිය යුතු
නැත
ඔබට සුභ ....... (කුමක් හෝ) වේවා !
යැයි
පණිවුඩයක්
යැවු විට
පිළිතුරද පැමිණේ
එක් එක් අයට
වෙන වෙනම
පණිවුඩ යටහන් කළයුතු නැත
එකක් සටහන් කර
ලැබිය යුතු අය තේරීම පමණි
කල යුත්තේ
ඉතිරි කොටස
තාක්ෂණය විසින්
බාර ගනී
මෙතරම් දියුණු
තාක්ෂණයක් මගින්
එකිනෙකා සමීප කලද
එම තාක්ෂණයම
අපව
හුදෙකලා කරන බව
මට සිතේ.....
තවත් සිංහල හින්දු අලුත් අවුරුද්දක් ළඟ ළඟම එයි. අප අතීතයේදී (අතීතයේ කීවද එතරම් අතීතයේ නොව , මීට වසර 15 පමණ පෙර කාලය මම මෙහිදී සලකමි) එය සැමරූ ආකාරයට වඩා තරමක් වෙනස් ආකාරයකට දැන් එය සමරන්නෙමු. නෑදෑ හිතමිතුරන් මුණගැසී සුබපැතූ අප දැන් ඔවුන් ව මුණ නොගැසී සුබ පතන්නෙමු.
දුරකථනය මගින් සුබපැතීමට පටන් ගත් අප ජංගම දුරකථනය පැමිණීමත් සමඟම කෙටිපණිවුඩ මගින් සුබ පැතීමට පටන් ගතිමු. අනතුරුව අන්තර්ජාලය හරහා විද්යුත් ලිපි (email) යැවිමටද , සමාජජාල හරහා සුබ පැතීමටද පටන් ගතිමු. දැන් video calls ද ඊට එකතු වී ඇත.
මේ ආදී ලෙස .තාක්ෂණය යොදාගෙන වැඩිදෙනෙකුට සුබපැතීම මගින් "මිනිස් සබඳතා තරකරගැන්මට" මිනිසා සමත් වුවත් එම තාක්ෂණයම අපව
"හුදෙකලා කර ඇති බව" මට සිතේ...
සුභ අලුත් අවුරුද්දක් වේවා ......!
උද වන සිංහල - හින්දු අලුත් අවුරුද්ද බ්ලොග් අවකාශයේ සැරිසරන ඔබ සැමදෙනාටත් , ඔබගේ ආදරණීයයන්ටත් ශ්‍රීලාංකීය සැමටත් , ලෝකවාසී සැමටත් සුභම
සුභ නව වසරක් වේවා ... ! යැයි මම ප්‍රාර්ථනා කරමි..