Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Saturday, August 8, 2015

පොලිසියත් එක්ක (පාරෙදි) රණ්ඩු වෙන්න කලින්...

වාහනයක් ධාවනය කරද්දි පොලිස් නිළධාරින් වාහනය නවත්තන්නෙ රියදුරාගෙන් කීයක් හරි කඩා ගන්න කියන මතය අපේ සමාජයේ මුල් බැසගත්තු තියරියක්. බොහෝවිට මේ තියරිය හරි වුනත් මේ තියරිය වැරදි වෙන අවස්ථාත් තියෙන බව අපි තේරුම් ගන්න ඕන. මෑතක ඉදන් අන්තර්ජාලයට එකතුවන වීඩියෝ අතර රථවාහන වැරදි සම්බන්ධ වීඩියෝ විශාල ලෙස දකින්න ලැබුනා. නමුත් BMW අක්කා සම්බන්ධ සිද්ධියෙන් පස්සෙ ඒ වීඩියෝ එකතු වෙන එක නිකන්ම වගේ නැතිවෙලා ගියා.
මේ සමහර වීඩියෝ වලදි සමහරු කියනවා ඇහුනා තනි පොලිස් නිළධාරියකුට දඩ කොළ ලියන්න බෑ වගේම කාලෙක පටන් ෆේස්බුක් සමාජ ජාලය හරහා ප්‍රසිද්ධ වුනු සමහර නීති වගයක්. ඒ නීති සම්බන්ධව www.police.lk අඩවිය පැහැදිලිව තමන්ගෙ අදහස් දක්වා තියෙනවා. නීතිය නොදැන සිටීමත් වැරදියට දැනගෙන සිටීමත් ගැටලු ඇති කරන නිසා මම හිතුවා ඒ ලිපිය කෙටියෙන් සිංහලට හරවන්න. http://www.police.lk/index.php/special-events-/685-find-out-the-truth

නීතියේ මොන දේ තිබුණත් තමන් රථවාහන නීතියට අනුව තමන්ගෙ වාහනේ ධාවනය කරනවා නම් ගැටලු හා ගැටුම් ගොඩක් අඩුයි. ඒ වගේමයි හැම පොලිස් නිළධාරියකුම වාහන නවත්තන්නෙ හවස ගෙදරට බඩු මල්ල අරන් යන්නවත් තමන්ට තමන්ගෙ ඉහළ නිළධාරින් දුන්න ඉලක්ක සපුරන්නවත් නොවන බව දැන් විශ්වාස කරන්න වෙනවා. මොකද සමහර නිළධාරින්ගෙ නිළඇදුම ඇතුලෙ මනුස්සයෙක් ඉන්නවා. හොදින් කතාබහ කරලා තමන් වැරැද්දක් කරලා තියෙනවානම් ඒක පිළිඇරගෙන පොඩි දඩමුදලක් ගෙවන්න කටයුතු සලසා ගන්න පුලුවනි සමහර නිළධාරින් එක්ක. මොකද අපි රණ්ඩු වෙලා උසාවි යමු කියලා ලියා ගත්තට ඒකෙන් පොලිස් නිළධාරියාට පාඩුවක් වෙන්නෙ නෑ. අපටමයි කාලයයි සල්ලියි පාඩු වෙන්නෙ. රණ්ඩු වෙලා දැඟලීමෙන් වෙන්නෙ රජයේ සේවකයෙක් වෙන පොලිස් නිළධාරියාගෙ රාජකාරියට බාධාකිරීම කියන වැරැද්දත් තමන්පිට වැටෙන එක.

මෝටර් රථවාහන පනතේ සංශෝධනයක් http://www.motortraffic.gov.lk/web/images/stories/document/act_no%2008of2009_en.pdf වෙතින් ගන්න පුලුවන් වුනත් ලිපියේ දැක්වෙන අංක දැක්වෙන මුල් පනත අන්තර්ජාලයේ හොයා ගන්න නැහැ. ප්‍රධානම දේ තමයි මේ මෝටර් රථවාහන පනතේ පොලිස් නිළධාරියකු කියලා පැහැදිලිව දක්වා තිබීම. ඒ නිසා පොලිස් නිළධාරින් දෙන්නෙක් ඕන කියන එක අනිවාර්ය නෑ කියලායි පේන්නෙ.

තනි පොලිස් නිළධාරියකුට මහාමාර්ගයේ දී ඔබව නැවැත්විය හැක. ඔබට පොලිස් නිළධාරියාට විරුද්ධ වීමට අයිතියක් නැත. පොලිස් නිළධාරියාට ඔබව නැවැත්වීමට සම්පූර්ණ අයිතිය ඇත. මෙය මෝටර් රථවාහන පනතේ 162 වගන්තිය යටතේ දක්වා ඇත.

පොලිස් ආඥාාපනතේ 56 වන වගන්තිය යටතේ පොලිස් නිළධාරියකුගේ වගකීම් හා රාජකාරි යටතේ පහත දේ දක්වා ඇත.

පොලිස් නිළධාරියා  සෑම විටම/මොහොතකම සේවයේ නියුතු අයෙකු ලෙස සලකනු ලබන අතර ලංකාවේ ඕනෑම තැනකදී පොලිස් නිළධාරියකු ලෙස කටයුතු කිරීමට බලය ඇත. එය ඔහුගේ රාජකාරියයි.
  1. අපරාධ,වැරදි, මහජන පීඩා වැළැක්වීමට තම සම්පුර්ණ උත්සාහය දැරීම.
  2. සාමය ආක්ෂා කිරීම
  3. වැරදිසහගත හා සැකකටයුතු හැසිරීම් හා පුද්ගලයින් හදුනාගැනීමට.
  4. අපරාධකරුවන් හදුනාගැනීමට හා නීතිය හමුවට පැමිණවීමට
  5. නීත්‍යානුකූලව නිකුත් කළ අණපනත් හා වරෙන්තු ක්‍රියාත්මක කිරීමට

තනි පොලිස් නිළධාරියකුට ඔබගේ රියදුරු බලපත රදවා ගත හැක.
මෙය මෝටර් රථවාහන පනතේ 135(1) වගන්තියේ දක්වා ඇත. 
තනි පොලිස් නිළධාරියකුට රියදුරු බලපතක් රදවා ගැනීම නීතිමය අයිතියක් ඇත. රථවාහනයේ රියදුරා සෑමවිටම රියදුරු බලපත තමාසතුව තබා ගත යුතු අතර පොලිස් නිළධාරියකු ඉල්ලා සිටිවිට ඉදිරිපත් කළයුතුය. 
එමෙන්ම තාවකාලික බලපතක් ඔබවෙත නිකුත් කර ඔබගේ රියදුරු බලපත අත්අඩංගුවට ගැනීමට පොලිස් නිළධාරියාට බලය ඇත.
It has been made clear in Section 135 (1) of Motor Traffic Act that a single Police Officer has a legal right to withhold a driving license. “The driver of a motor vehicle shall always carry his driving license on his person or in the motor vehicle and shall, on demand made by police officer, forthwith produce the license and permit it to be inspected”. 
as Section 135 (4) of Motor Traffic Act that a Police Officer is authorized to take a driving license into his custody after issuing a temporary license for the driver. It is not possible to interdict a police officer after carrying out a disciplinary inquiry against such act.“Where a driving license is produced to a police officer at any investigation made by him into an offence alleged to have been committed in connection with the driving of a motor vehicle by the person who is the holder of the license, the police officer may take charge of such license for the time being and issue to such person a permit under his hand, in the prescribed form and setting out the prescribed particulars.”     

පොලිස් නිළධාරියකු විසින් ඉල්ලා සිටිය හැකි ලියවිලි පිළිබද කිසිදු සීමාවක් පනවා නැත. නිළඇදුමින් සිටින ඕනෑම පොලිස් නිළධාරියකුට ජාතික හැදුනුම්පත ඇතුලු ඕනෑම ලියකියවිල්ලක් පරික්ෂා කළ හැක. රථවාහන  හා අපරාධ අංශ පිහිටුවා ඇත්තේ පරිපාලන පහසුව සදහාය.
No restriction has been imposed on any Police Officer which prevents him from requesting any document other than the NIC.Any Police Officer in uniform has authority to examine any document including the NIC. The separate divisions of Police such as Traffic and Crimes have been established merely for the purpose of easy administration.

පොලිස් නිළධාරියකු ඔබගේ රියදුරු බලපත ඉල්ලා සිටි විට ඔබ එය ඉදිරිපත් කළ යුතුය.
A Police Officer has the authority to request the driving license so as to verify whether the driver is holding a valid driving license for the relevant vehicle. It has been clearly stated in Section 135 of Motor Traffic Act that the driving license should be submitted forthwith if a Police Officer requests a driver to do so.“The driver of a motor vehicle shall always carry his driving license on his person or in the motor vehicle and shall, on demand made by police officer, forthwith produce the license and permit it to be inspected” 

තනි පොලිස් නිළධාරියකුට ඔබට එරෙහිව දඩ කොළ නිකුත් කළ හැක.ඒ සදහා නිළධාරින් දෙදෙනෙකු සිටීම අනිවාර්ය නැත. රාජකාරියේ යෙදී සිටින පොලිස් නිළධාරියා වාචික හා සංඥා මගින් දෙන නියෝග පිළිපැදීමට රියදුරා බැදී සිටී. රාජකාරියේ යෙදී සිටීම යනු නීතිය ක්‍රියාත්මක කිරීමයි. ඉතින් මෙම නියෝග පිළිනොපැදීම යනු රියදුරා නීතිය කඩ කිරීමක් ලෙස උසාවිය මගින් පිළිගනී. 

There is not a law in force which states that a single Police Officer is unable to do so or there should be two officers for the same purpose and it has been made clear in Section 162 of Motor Traffic Act as follows.“The driver of a motor vehicle shall obey all verbal directions or signals, given by a police officer in the execution of his duty, to stop or reverse the car or to make it slow down or turn back or to pass on such side or to keep to such line of traffic as many be indicated by the police officer.”


2010 මාර්තු 28 දැනැති 843 වන IGP චක්‍රලේඛය මගින් පොලිස් නිළධාරින්ට ගිණිඅවි පාවිච්චි කිරීම සීමා කර ඇතත් තහනම් කර නැත. 
A Police Officer has the authority to use fire arms if necessary to maintain law and order in the country. According to the IGP Circular 843 dated 28th March, 2010, the use of fire arms has been limited for the police officers but it has not been prohibited.

ඔබ බීමත් බව පොලිස් නිළධාරියා ප්‍රකාශ කරයිනම් බැලුන් පරික්ෂණයක් කිරීමට පොලිස්  නිළධාරියාට බලය ඇති අතර එසේ නොමැතිනම් රජයේ වෛද්‍ය නිළධාරියා හමුව වෛද්‍ය පරික්ෂණයක් කිරීමට අණ කළ හැක.

It has been clearly mentioned in the Section151 (1c). (a) of the Motor Traffic Act that the offender could be arrested after getting a report by producing him before a government medical officer. “Where a police officer suspects that the driver of a motor vehicle on a high way has consumed alcohol he may require such person to submit himself immediately to a breath test for alcohol or the Police Officer can order him to face a medical test which is done by a Government Medical Officer immediately, and that person shall comply with such requirement.” 

ඔබගේ වාහනය නැවැත්වීමට රථවාහන අංශයේ පොලිස් නිළධාරියකු සිටීම අනිවාර්ය නැත. පොලිස් අණපණත් 56 වගන්තිය මගින් සෑම පොලිස් නිළධාරියකුම එක සමාන බලයකින් යුත් ලෙස දක්වා ඇත. 
There is no such law. Any uniformed police officer has the authority to do so. Furthermore, it has been mentioned in the Section 56 of the Police Ordinance which has already been mentioned above (01) that every police officer has equal police powers. Furthermore, the following facts have been mentioned in Section 63 of the Police Ordinance. “Any person who in any street or road, through free, or passage, within the limits of any town, commits any of the following offences, shall be liable to a fine not exceeding fifty rupees, or to imprisonment not exceeding three months, and it shall be lawful for any police officer to take into custody without a warrant any person who within his view commits any such offence.”   (1) Any person who drives a Vehicle or carrying a Cart without lights after dark and before dawn.
  
_____________________________________________


මේ පහල කොටස ගත්තෙ https://www.facebook.com/legalfirstaid පිටුවෙන්. එතන වැඩි විස්තරයක් දකින්න ලැබුන නිසා මගේ ලිපියට මේ ටික එකතු කරා.
____________________________________________
https://www.facebook.com/legalfirstaid/posts/878370862237230:0

රථ වාහන පොලිස් නිලධාරියකුට ඇති බලතල මොනවාද?

මහා මාර්ගයේදී පොලිස් නිලධාරියෙකුට ඇති බලතල සම්බන්ධව ඇති වැරදි මත කිහිපයකට අදාළ නිවැරදි නීතිය පහත ඉදිරිපත් කෙරේ :

තනි පොලිස් නිලධාරියකුට වාහන නතර කල හැකිය:
01. මහා මාර්ගයකදී තනි පොලිස් නිලධාරියකුට ඔබ පදවන රථය නවතා ලිය හැකිය. පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සිටීම අවශ්‍ය නොවේ. මෝටර් රථ ප්‍රවාහන පනතේ (මෝ.ර.ප්‍ර.ප) 162 වගන්තිය මීට අදාළ නීතියයි.
ඒ අනුව,මෝටර් වාහනය නතර කිරීමට හෝ පසු පසට පැදවීමට හෝ එහි වේගය අඩු කරවීමට හෝ ආපස්සට හැරවීමට හෝ පොලිස් නිලධරයා හෝ වාහන නිරීක්ෂක විසින් සංඥා කරනු ලැබිය හැකි පැත්තකින් ගමන් කිරීමට හෝ රථ වාහන පෙළකට අනුව යාමට හෝ පොලිස් නිලධරියකු විසින් හෝ වාහන නිරීක්ෂකයකු විසින් ස්වකීය කාර්ය ඉටුකිරීමෙහි ලා දෙනු ලබන සියලු වාචික විධිවිධාන වලට හෝ හස්ත සංඥා වලට මෝටර් වාහනයක රියදුරු අවනත විය යුතුය.


පොලිස් නිලධාරියෙකු දඩ කොළ ලිවීම :
02. පොලිස් නිලධරයකු විසින් අල්ලා ගනු ලැබූ විට පහත දක්වා ඇති මෝටර් රථ ප්‍රවාහන පනතේ වගන්තියක විධිවිදානයක් කඩකිරීමක් ගැන හෝ එම වගන්ති යටතේ නිකුත් කරන ලද යම් නියමයක්, නියම කිරීමක්, ඉල්ලා සිටීමක්, දැන්වීමක් අනුව ක්‍රියා කිරීම පැහැර හැරීම යන වරද සිදු කිරීම පිළිඹඳ තම කැමැත්ත අනුව වරද පිළිගන්නා යම් තැනැත්තෙකුට (රියදුරෙකු, වාහන හිමිකරුවෙකු ඇතුලත්ව) එරෙහිව නඩු පැවරීම වෙනුවට ඔහුට එම වරදට අනුරූප දඩයක් ගෙවීමට අවස්ථාව තිබේ. එවන් ගෙවීම් කිරීමක් කච්චේරියකදී හෝ තැපැල් කාර්යාලයක දී කල හැකි අතර ගෙවීම් කල බවට වන කුවිතාන්සිය වරද අල්ලා ගනු ලැබූ දින සිට දින 14ක් තුල අදාළ පොලිස් ස්ථානය වෙත පුද්ගලිකවම හෝ ලියා පදිංචි තැපෑලෙන් ඉදිරිපත් කල හැකිය. (මෝ.ර.ප්‍ර.ප. 215අ )

එම වැරදි පහත දැක්වේ:
21- හඳුනාගැනීමේ තහඩු - දඩ මුදල රු.500.
22- හඳුනාගැනීමේ තහඩුවල හැඩය - දඩ මුදල රු.100.
38 - ආදායම් බල පත්‍රය වාහන වල ගෙන යා යුතුය හා නියම කරනු ලැබූ විට ඉදිරිපත් කල යුතු වීම - දඩ මුදල රු.500.
45 - ආදායම් බලපත්‍ර කඩ කරමින් මෝටර් වාහන පාවිච්චි කිරීම සම්බන්දයෙන් වූ සීමා කිරීම - දඩ මුදල රු.1000.
123(1) (අ) - රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම තහනම් කිරීම - දඩ මුදල රු.2500.
123(1)(ආ) -රියදුරු බලපත්‍රය නොමැතිව තැනැත්තන් සේවයේ යොදවා ගැනීම - දඩ මුදල රු.3000.
123(2) රියදුරුට වයස අවුරුදු 18ට අඩුවීම - දඩ මුදල රු.5000.
140- අධික වේගයෙන් රිය ධාවනය - දඩ මුදල රු.1000.
148 - මාර්ග රීති - දඩ මුදල රු.500.
152 - රියදුරු සිටින ආකාරය - දඩ මුදල රු.100.
153 - රියදුරන් විසින් කල යුතු සංඥා - දඩ මුදල රු.500.
154 - මෝටර් වාහනය පිටුපසට ධාවනය කිරීම - දඩ මුදල රු.20
155 - ශබ්ද හෝ ආලෝක මගින් අනතුරු හැඟවීම - දඩ මුදල රු.100
156 - පා පුවරුවේ නැගී යාම හෝ ඊට අවසර දීම - දඩ මුදල රු.100
157 - මෝටර් වාහනවල ඉදිරිපස ආසනවල ගමන් කරන මගීන් ගණන - දඩ මුදල රු.100
158(2) - ආරක්ෂක හිස් වැසුම් පැළඳීම පැහැර හැරීම- දඩ මුදල රු.500.
159 - ප්‍රචාරක දැන්වීම් බෙදා හැරීම - දඩ මුදල රු.100.
162 - පොලිස් නිලධාරින් විසින් දෙන රථවාහන හැසිරවීමේ විධාන හා සංඥා - දඩ මුදල රු.1000.
165- ටැංකියට පෙට්රිල්/ඩීසල් ලබාගන්නා විට ගත යුතු ආරක්ෂක විධි - දඩ මුදල රු.20.
166- මහාමාර්ගයක රථවාහන නවතා තැබීම - දඩ මුදල රු.500.
167 - මහා මාර්ගයක මෝටර් වාහනයක් නවතා තබනු ලැබූ හෝ අනාරක්ෂිතව තබා යන හෝ ක්‍රියා විරහිත වූ විට ගත යුතු ආරක්ෂක විධි - දඩ මුදල රු.500.
178 - නියමිත ගන්නට වඩා මගීන් ගෙන යාම - දඩ මුදල රු.150 .
159 - මෝටර් වාහනයක ගෙන යා හැකි තැනැත්තන් - දඩ මුදල රු.150.


ප්‍රශ්වාස පරීක්ෂණය:
03. වාහනයක් පදවන ඔබ නවතාලන පොලිස් නිලධාරියෙකු විසින් ඔබ මත්පැන් ගෙන ඇති බවට සැක කරනු ලබන විට ඒ බව නිශ්චය කිරීම සඳහා ප්‍රශ්වාස පරීක්ෂණයකට හෝ ආණ්ඩුවේ වෛද්‍ය නිලධරයකු විසින් පවත්වන පරීක්ෂණයකට හෝ වහාම භාජනය වන ලෙස ඒ පොලිස් නිලධාරියා විසින් ඔබට නියම කරනු ලැබිය හැකිය. එවන් අවස්තාවක ඔබ පොලිස් නිලධාරියාගේ නියමයට අනුව ක්‍රියා කල යුතුය. [මෝ.ර.ප්‍ර.ප. 151(1)(ඇ)]. ඔබ එවන් පරීක්ෂණයකට ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, පටහැනි සාක්ෂි ඉදිරිපත් කර ඇත්නම් මිස, ඔබ මත් ද්‍රව්‍ය ගැනීමෙන් පසු රිය පදවමින් සිටි බවට පූර්ව නිගමනය කෙරේ.

රියදුරු බල පත්‍රය තහනමට ගැනීම :
04. මෝටර් වාහනයක රියදුරු තම රියදුරු බල පත්‍රය සැමවිටම තම සන්තකයෙහි තබා ගත යුතුය හෝ මෝටර් වාහනයෙහි ගෙන යා යුතුය.එය පොලිස් නිලධාරියෙකු විසින් ඉල්ලන විට ඉදිරිපත් කල යුතුඅතර පරීක්ෂා කිරීමට දිය යුතුය. (මෝ.ර.ප්‍ර.ප. 135 )
ඒ වාගේම රියදුරෙකු විසින් සිදු කරනු ලැබුවේ යයි චෝදනා කරනු ලබන වරදක් පිළිඹඳව පොලිස් නිලධාරියෙකු විසින් කාරණ ලද විමර්ශනයකදී ඒ පොලිස් නිලධරයා වෙත රියදුරු බල පත්‍රය ඉදිරපත් කරනු ලබා ඇති විට එම පොලිස් නිලධරයා විසින් එම බල පත්‍රය තාවකාලිකව තම බාරයට ගෙන රඳවා තබා ගත හැකි අතර නියමිත ආකෘතිහි තම අත්සන යොදා තාවකාලික අවසර පත්‍රයක් ලබාදිය යුතුය. එම අවසර පත්‍රය දින 60ක් සඳහා රිය ධාවනයට බල පවතින අතර චෝදනා ගොනු කර ඇති මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම කාල සීමාව දීර්ග කිරීමක් කල හැකිය.


රථවාහන පොලිස් නිලධාරියකුට ඇති සාමාන්‍ය බලතල :
05. රථවාහන පොලිස් නිලධාරියකු යනු තවත් පොලිස් නිලධාරියෙකි. පොලිස් ආඥාපනත යටතේ මුළු ලංකාවටම බල පවත්වන පරිදි සාමය පවත්වාගෙන යාම, වැරදිකරුවන් සොයාගැනීම හා ඔවුන් නීතිය හමුවට ගෙන ඒම, බලයලත් අධිකාරිය විසින් නිකුත් කර ඇති නියෝග හා වරෙන්තු ක්‍රියාත්මක කිරීම ආදී තම රාජකාරි හා බලතල ඔහුට/ඇයට තිබේ. (ව.56)
නමුත් කිසිදු පොලිස් නිලධාරියෙකුට වරෙන්තුවක් ඇතිව හෝ නැතිව යම් අත්අඩංගුවට ගතයුතු අයෙකු සෙවීමේ කටයුත්තකට හෝ යම් වරදක් සම්බන්ධව සෙවීමේ කටයුත්ත සඳහා හෝ හැර ඔබගේ අවසරය නොමැතිව ඔබගේ නිවසට ඇතුළු වීමට බලයක් නොමැත. (අපරාධ නඩු විධාන සංග්රබහ පනත යටතේ 24, 25 වගන්ති යටතේ)

මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ එන සියලු වැරදි සංඥෙය වැරදි වේ, එනම් පොලිස් නිලධාරියෙකුට වරෙන්තුවක් නොමැතිව සැකකරුවෙකු අත්අඩංගුවට ගත හැකි වැරදි වේ(මෝ.ර.ප්‍ර.ප. 239ඈ ).


10 comments:

  1. /හොදින් කතාබහ කරලා තමන් වැරැද්දක් කරලා තියෙනවානම් ඒක පිළිඇරගෙන පොඩි දඩමුදලක් ගෙවන්න කටයුතු සලසා ගන්න පුලුවනි සමහර නිළධාරින් එක්ක./

    වරදක් කරා නම් එයට අනුකූල දඬුවම විඳීමට පසුබට විය යුතු නෑ. ට්‍රාෆික් ලා මේකට නම් උසාවි දාන්න වෙනවා, ඒත් සුළු දඩයක් ගහන්නම් ඒක ගෙවල යන්න කියල කියන්නේ, කල වරද වසා ගන්න කන් කෙදිරි ගාන ඤාව්වන්ට සහ නැත්නම් නෑදෑයාළුකම් කියාගෙන දඟලන හාල්පාරුවන්ටයි.

    වැඩකට නැති වේග සීමා චෙක් කිරීම දැන් ක්‍රියාත්මක නෑ, ඔබ අනෙකුත් මාර්ග නීති අවධානම් ලෙස කඩකරනවානම්, එය මාර්ගය භාවිතකරන අයගේ ජීවිතය සහ වත්කම් අවධානමේ හෙලීමක්, එයට දඩුවම් විඳිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. අපි වැරැද්දක් කළානම් ඔබ කී විදියට දඩුවම් විදිය යුතුයි.
      නමුත් මම දැකපු දෙයක් තමයි අපිව නවත්තාගන්න හේතුව ඒ අයගේ පොත්වල නෑ. ඒ නිසා උසාවි දමන කතාවකින් තමයි පටන් ගන්නෙම. පාරෙ යද්දි නීතිය විවිධාකාරයට ක්‍රියාත්මක වන අවස්ථා අපිට දකින්න පුලුවනි. විශේෂයෙන්ම වාහනය මත නීතිය වෙනස් වෙනවා. ඒ නිසායි මම කීවෙ කතා බහ කරලා විසද ගන්න ඕන කියලා.

      Delete
  2. නෙත් සයිට් එකේ තිබුණා (හයිස්පීඩ් ගියොත් දැන් අල්ලනවා - මෙන්න අල්ලන මාර්ග)

    http://offair.nethfm.com/article/24108

    ReplyDelete
  3. Replies
    1. ස්තුතියි. කෙනෙක් හරි බේරුණොත් ඒ ඇති.

      Delete
  4. වටිනා ලිපියක් සහෝ................

    ReplyDelete
  5. මුකුත්ම අතේ නැතුව ගිහින් මාට්ටු උනාම පොලිස්කාරය බයිසිකලේ අංකය ලියාගෙන නම ගියාගෙන කිව්වොත් ඒ දේවල් ටික ගෙනත් පෙන්වන්න කියලා කැත්නම් උසාවි දානවා කියලා අපි ආපහු යා
    යුතුද

    ReplyDelete
  6. මුකුත්ම අතේ නැතුව ගිහින් මාට්ටු උනාම පොලිස්කාරය බයිසිකලේ අංකය ලියාගෙන නම ගියාගෙන කිව්වොත් ඒ දේවල් ටික ගෙනත් පෙන්වන්න කියලා කැත්නම් උසාවි දානවා කියලා අපි ආපහු යා
    යුතුද

    ReplyDelete
  7. http://www.mhearttv.com/news-35083540352035013530-35083538349535403520/2732335

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails