Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Saturday, June 6, 2015

ගප්පියෝ. ඇස් රතුවෙන ජෝක් හරි තව කෙනෙකුගෙ හිත රිදෙන ජෝක් හරි කරන්න එපා චූටි පුතේ.

ගප්පියෝ.
උඹව මම අදුනගත්තෙත් අන්තර්ජාලෙට පින්සිද්ධ වෙන්න. එ් කියන්නෙ මම උඹව හැබැහින් දැකලා නෑ තවම. දැන් හිතෙනවා උඹව හැබැහින් නොදැක්ක එකත් හොදා කියලා. මොකද උඹ ලංකාවෙන් ගිහින් පිටරටක පදිංචි වෙලා එහෙ ඉන්න තරුණියක් කසාද බැද ගත්තා. මට එහෙම දෙයක් කරන්න තියා තවම ලංකාවෙන් පිටට එහෙම නැතිනම් හෙලිකොප්ටරේකටවත් නැග ගන්න නොලැබුනු එක ගැන හරිම දුකයි. ඒ වගේම ඊරිසියයි.  අනික හැබැහින් නොදැක්ක ගොඩක් දෙනෙක් උඹ ගැන දන්නවා. ඒ අතින් බැලුවම උඹනම් පොරක්.


ඉතින් "ගප්පියා ද පොර"ගෙන් මම එක ඉල්ලීමක් කරන්න කැමතියි. උඹ ඊළග රාමසාන් එකට,නත්තලට, පාස්කු දවසට ඒ වගේම තෛපොංගල් මාටුපොංගල් දවසට ඒ උත්සව අල්ලලාත් අපිට හිනාවෙන්න පුලුවන් නිර්මාණයක් කරලා පබ්ලිෂ් කරපන්කෝ. මම හරි ආසයි උඹේ ඹය නිර්මාණ බලලා හිනා වෙන්න. 

https://www.facebook.com/gappiyapictures?fref=nf

තව දෙයක් කියන්න තියේ. මේ මම ඉස්කෝලෙ කාලෙ ඉස්කෝලෙනුත් දහම් පාසලෙනුත් සිල් ගැනීම අනිවාර්ය කරපු දවසක ඇරෙන්න අවුරුදු ගානකින් සිල් අරන් නෑ. ඒ වුනාට මම ගමේ පන්සලටයි ඒකෙ ඒ කාලෙ දහම්පාසල නොතිබුනු නිසා ගියපු අනික් පන්සලටයි පෝයට විතරක් නෙවි අවස්ථාව ලැබෙන ඔනම වෙලාවක ගිහින් ඒ පන්සල්වල හාමුදුරුවරුන් හමුවෙලා සුවදුක් අහනවා. ඒ වගේම බෝධිපූජා/පිංකම් වලට සහභාගි වෙනවා. ඒ නිසා මම බුකියේ බෞද්ධයෙක්වත් අන්තර්ජංජාල බෞද්ධයෙක්වත් නෙවි. ඉතින් කියපන් හාමුදුරුවන්ගෙ සුවදුක් බැලුවට පින් ලැබෙන් නෑ කියලා. 
https://www.facebook.com/gappiyapictures?fref=nf


උඹ හිතන් ඇති ෆේස්බුක් ලයික් කියන්නෙ ඇත්තටම කැමති නිසා ලැබෙන දෙයක් කියලා. එහෙම නෙවි බං. ෆේස්බුක් සුකරබර්ගයා අන්ලයික් බොත්තමක් දමලා නෑ. ඒ වගේම උඹ කරන දේවල් අපිට දැකගන්න නම් උඹේ පේජ් එකට ලයික් කරාම ලේසි. මොකද එතකොට උඹ අලුතින් දෙයක් කරපු ගමන් අපිට පණිවිඩේ ලැබෙන නිසා. ඒ නිසා හිතන්න එපා උඹේ හැම පෝස්ට් එකටම කැමති අය විතරයි උඹේ පේජ් එකේ ඉන්නෙ. උඹේ පෝස්ට් වලට ලයික් දාන්නෙ කියලා.


උඹ දැන් ලංකාවෙ නැති නිසා උඹට හිතේ හැටියට වැදපුදා ගන්න පන්සලක් ඔය දීපංකරේ නැතිවත් ඇති මයෙ හිතේ. අනික උඹ දැන් විවාහකයෙක් නිසා පන්සල් යන්න විදියක් නැතිවත් ඇති.(ඒක උඹේ අයිතිය) ඒකට කමක් නෑ මම කරපු ඉල්ලීම ඉටු කරපන්කෝ. මම හරි ආසයි උඹේ ජෝක් වලට. 



ඒ වුනාට ඇස් රතුවෙන ජෝක් හරි තව කෙනෙකුගෙ හිත රිදෙන ජෝක් හරි කරන්න එපා චූටි පුතේ මින් මතුවටවත්.  අනික ආගම් එකක්වත් විහිලුවට ගන්න එපා පුතේ. 



මීට,

(උඹට ඕන දෙයක් හිතා ගනින්කෝ)


4 comments:

  1. මෝඩ කතාවක්.

    ඔය කියන කාටූන් එකෙන් බෞද්ධයෙකු ගේ ඇස් රතුවෙන්නේ හෝ හත රිදෙන්නේ කොහොමද? මෙතන සරදම තියෙන්නේ සෙල්ෆී ගැනිල්ලටයි. අනික ඒක කරන්නේත් රජා මිස මිහිදුහිමි නොවෙයි.

    ඔය මොහොතේදී රජා මිත්‍යා දෘෂ්ඨිකයි නේ. ඉතිං සෙල්ෆී ගැහැවවට මොකද? මුවා එක්කත් සෙල්ෆීයක් ගහන්න ගිය හින්දා වෙන්න ඕනෑ ඌ පැනලා දිව්වේ!

    රජා බුද්ධාගංකාරයෙක් වුනේ ඔය වෙලාවට පස්සේ. ඔන්න සංඝමිත්තා එන කොට සෙල්ෆී ගහනවා දැම්මා නම් තව වැරදියි කියන්න පුළුවනි!

    අනික එතකොට මේ කාටූන් එක ගැන මොකද හිතෙන්නේ?
    https://www.facebook.com/photo.php?fbid=10153428372438793

    ගප්පියා ගේ එක අවුල් අය සහරුන්ට මේකේ නං අවුලක් නෑ ලු!

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ....ස්වයන් චූන්

      Delete
    2. රසිකඅයියේ.මේක වෙන්ටැ අනික් පොටෝව.

      [img]https://lh6.googleusercontent.com/-1ZB82PAv1ZI/VXQOxUa68cI/AAAAAAAACek/31gAxmRfHg0/w514-h497-no/Gappiya31.png[/img]

      Delete
  2. මම බෞද්ධයෙක් නෙමේ. මම දන්න විදිහට බුදුදහමේ උගන්වන්නේ රාග ද්වේෂ මෝහ පාලනය කිරීමක් සම්බන්ධව. එය පාලනය කල යුත්තේ තමාමයි. තමාගේ මනස තුළින්මයි. (වැරදි නම් නිවැරදි කරන්න)

    නමුත් අපේ රටේ (සමහර)බෞද්ධයෝ බලන්නේ තමාට දැනෙන ද්වේෂය පාලනය කරගන්න නෙමේ, ඒ ද්වේෂයට ලක් වෙන දෙය බලෙන් නැති කරන්න. මම දන්න බුදු දහමේ නම් එහෙම දෙයක් ගැන කියවෙන්නේ නැහැ.

    ගප්පියාගේ විහිලුවක් තේරුම් ගන්න බැරි මිනිස්සු බෞද්ධ දර්ශනය කොහොම තේරුම් ගන්නද?
    ගප්පියාගේ විහිලුවක් ඉවසන්න බැරි මිනිස්සු කවදා බුදු දහමේ ඉගැන්වීම් වලින් ප්‍රයෝනයක් ලබයිද?

    මොවුන් පෙන්වන්නේ ආගමික වශයෙන් බංකොලොත් බව මිසක් වෙන මොකවත් නෙමේ. බුදුදහම මොවුන් ආගමක් විදිහට ඇදෙහෙව්වට දර්ශනයක් විදිහට මොවුන්ගේ ජීවිතය තුල බෞද්ධ දර්ශනය ෆේල්.

    මේ පිළිබඳව මම ලියපු සටහනට ලින්ක් එක පහත දක්වා ඇත. කැමති අය කියවන්න.

    https://asammathasatahan.wordpress.com/2015/06/03/%E0%B6%85%E0%B7%84%E0%B7%9D-%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%92%E0%B6%A7%E0%B7%92-%E0%B6%B8%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%B4/

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails