Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Sunday, October 27, 2013

බ්ලොග් අවකාශයෙන් එපිට සිංහල යුනිකෝඩ් පාවිච්චිය

සිංහල බ්ලොග් අවකාශයතුල දැනට සිංහල බ්ලොග් විශාල සංඛ්‍යාවක් පවතින අතර ඒවායේ සිංහල යතුරුලියනය කිරීමට විවිධාකාර ක්‍රම භාවිතා වෙනු දැකිය හැකිය. මොන ආකාරයෙන් සිංහල යතුරුලියනය කළත් බොහොමයක් පරිගණක වලදි sinhala unicode  ස්ථාපනය වී ඇත්නම් අපට එම ලිපි පහසුවෙන් කියැවිය හැක. නමුත් බ්ලොග් අවකාශයෙන් එපිට ලෝකය දෙස බැලීමේදී පරිගණක යතුරුලියනය sinhala unicode පැමිණිමට පෙර තිබුනු තත්වයෙන් එපිටට ගොස් ඇත්නම් ඒ කලාතුරකිනි. එනම් තවමත් බ්ලොග් අවකාශයෙන් පිටත බොහෝදෙනා තමන්ගේ සිංහල ලිපි ලේඛණ කටයුතු සිදු කරනුයේ කිසියම් ආකාරයක සිංහල ෆොන්ටයක් පාවිච්චි කරමින්. එනම් ඒ ලිපි ලේඛණ වෙනත් පරිගණකයක් තුල පාවිච්චි කරන විට අපට අතීතයේ මෙන්ම එම ෆොන්ටය සෙවීමට සිදු වේ. මින් සිංහල යුනිකේත නිර්මාණයේ අභිමතාර්ථ ඉටු වීමක් සිදු නොවන බව මාගේ හැඟීමයි. එනම් සෑම පරිගණකයකම ඉංග්‍රිසි ලිපි ලේඛණ කටයුතු සිදු කළ හැකි ආකාරයටම සිංහල ලිපි ලේඛණ කටයුතු සිදු කිරීමේ හැකියාව නැතිව යයි.

4 comments:

  1. මට පෙනෙන විදිහට Potoshop වල යුනිකෝඩ් භාවිතාවේ ඇති ගැටළු සහ අකුරු රටා අවම වීම මෙයට මුලිකම් හේතුවක් වෙලා තියනවා. යුනිකෝඩ් භාවිතය ආරම්භකරණ කෙනෙකුට කල යුතු මුලික සුදානම් වීම් වලට ඇති අලස බවත් මම දැකපු තවත් කරුණක්. කාලයත් සමඟ හරියාවි. වටිනා ලිපි පලවීම වැඩිවන විට කියවන අයට ඒ සඳහා අනුගතවන්න සිදුවේවි.

    ReplyDelete
  2. කතාව ඇත්ත. වෙලාවකට මේක මහා වදයක්. මොනව හරි ඕනෙ වුණා ම කියනවා අහවල් ෆොන්ට් එකෙන් එවන්න කියලා. ඉතින් එපා වෙනවා.

    ReplyDelete
  3. මේ වගේ කෙටි ලිපි ලියන්න හොඳ තැනක් තියෙනවා ලොකුත් නැති පොඩිත් නැති මීඩියම්

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails