Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Sunday, September 18, 2011

දැන් මට වඩා මංගැන දන්නවා ඇති ගුගල්.

දවසම ගෙදරටම වෙලා හිටියට අද දවසේ කරපු වැඩකටයුතු ප්‍රමාණයනම් හරිම සීමාසහිතයි වගේ.  රෙදි හෝදලා කාමරේ අස්පස් කරලා දමලා දවල් වෙද්දි නාලා පැය 3 විතර නිදාගත්තා. නැගිටලා සති2ක් තුලදි සබ්මිට් කරන්න තිබුනු පැවරුම් 3ක් ඉවර කරා පැය5 විතර මහන්සි වෙලා. ඒත් ඉතින් හෙට හවස් වෙද්දි සබ්මිට් කරන්න තිබුනු එවා. හෙට හවස ගෙදර ඇවිත් කරන්න වෙලාවක් නැති නිසා අද සබ්මිට් කරලා දැම්මා..

එක අතකට ගුගල් කියන්නෙ දෙවි කෙනෙක් වගේ.. අපි පැවරුම් කරන්නෙ ගුගල් දෙයියාගේ උදව් ඇතුවනේ.. සමහරවිට ගුගල් නොතිබුනානම් අපි වෙනත් සර්ච්එන්ජින් එකකට දෙවියා කියාවි. ඒත් ඉතින් ගුගල් තියෙනවානෙ..

මට නම් හිතෙන්නෙ මම ගුගල් මත රඳාපවතිනවා වැඩියි කියලා. එහෙම කියලා ගුගල්ගෙන් ඈත්වෙන්නයැ. දැන් මට වඩා මංගැන දන්නවා ඇති ගුගල්.

9 comments:

  1. ඔබගේ දවසද මගේ දවසට සමානය!

    ReplyDelete
  2. ගූගල් දෙය්යන්ට පින්සිද්දවේවා!!!

    ReplyDelete
  3. අපේ පැත්තේ කට්ටිය සර්ච් කරනවා වෙනුවට කියන්නේ ගූගල් කරනවා කියලා. මේල් එකවුන්ට් එකට ලොග් වෙනවට කියන්නේ ජීමේල් බලනවා කියලා. ඒතරමටම ගූගල් අපිට සම්බන්ධයි !!!!

    ReplyDelete
  4. ගූගලයට පින්..නැවතනැවත අපි අතරම ඔබ උපදීවා...

    ReplyDelete
  5. ඔය දේම මට හිතුණෙ මෙහෙම. වෙළඳ වාසි අරභයා නෙවෙයි මේ දාන්නෙ. ඒ නිසා උඹට මුදල් ගෙවන්න වෙන්නෙත් නෑ හො‍ඳේ... ;-)

    http://living.hartstuff.com/2011/08/after-googlization.html

    ReplyDelete
  6. ගුගල් සරණං ගච්චාමි......... හැමදාම කියවෙන සිල් පදයක්

    ReplyDelete
  7. මටත් හිතෙන්නේ අපි ගූගල් මත රඳා පවතිනවා වැඩියි කියලා තමයි. ගූගල් අපි ගැන දන්න තරම ගැන හිතනකොට බයත් හිතෙනවා :O

    ReplyDelete
  8. මටත් ඉතින් ඔච්චර තමා . . . . google සරණං ගච්චාමි . . . .

    ReplyDelete
  9. බලන් යද්දි අපි හැමෝම ගුගල් මත රඳාපවතිනවානේ...
    ස්තුතියි ප්‍රතිචාර වලට යාලුවනේ..

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails