Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Monday, August 29, 2011

මම දැන් අපේම ගෙදර බෝඩිම් කාරයෙක් වගේ

ඉස්සර ඉස්කෝලෙ යනකොට අපි හිතුවෙ මේක මහ එපා කරපු දෙයක් නෙ. හරිම ඒකකාරීයි කියලා.

විභාගෙ ලියලා ගෙදරට වෙලා හිටපු කාලෙ හිතුවෙ හැමදාම ගෙදරට වෙලා ඉන්න එක නිදහස් වගේම විනෝදජනකයි කියලා.

ඒත් දැන්..

සතියේ දවස් පහම  උදේ ඉඳන් රෑ වෙනකන් එකම විදියට ගත වෙනවා.

සති අන්තය... අනික් දවස් වලටත් වඩා අවිවේකීයි.

නිවාඩුවක් පෙනෙන තෙක් මානෙක නෑ.
අහම්බෙන් ලැබුන නිවාඩුවෙත් ඉතින් ගෙදර ඉන්න නෑ.

එක අතකට , නිවාඩු දවසට ගෙදරට වෙලා ඉද්දිත් එපා වෙනවා.

මම දැන් අපේම ගෙදර බෝඩිම් කාරයෙක් වගේ

8 comments:

  1. ඒව එහෙම තමා ටික දවසක් යනකං

    ReplyDelete
  2. අප්පා ඒ පාර මොකද..නිවාඩු දවසට එලිය පහලියට යන්න.රවුමක් දාලා එන්න. එතකොට ඔය ගතිය ඇරිලා යයි...:D

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම් ඒක නම් ඇත්ත. මම දවස් 5ක් බෝඩිමේ ඉදලා ගෙදර එද්දි හිතෙන්නෙ ආපහු එන්න යනව කියලනෙ. ඉතින් දැන් බෝඩිම ගෙදර වෙලා ගෙදර බෝඩිම වෙලා!

    ReplyDelete
  4. ඕක මටත් මාස දෙකකට උඩදි උනා. නිවාඩුවට ගෙදරම ඉන්නකොට එපා උනා.
    කොහාට්ටවත් යන්න විදිහකුත් නෑ.

    ReplyDelete
  5. ඇයි අම්ම කිව්වද වෙලාවට ගාස්තුව ගෙවාපන්..නැත්තං පන්නනවා කියල... :D

    ReplyDelete
  6. එහෙම දැනෙනවත් ගෙදර ඉන්න වෙන්නේ නැති එක තමා දුක

    ප.ලි : අනේ අනේ ඉස්සර නම් අපේ අඩවියටත් ඇවිත් ගියා මොනවා හරි කියලා.. දැන් ගෙදර ඉන්න නිසා වෙලාවක් නැතුව ඇති නේද???

    ReplyDelete
  7. ස්තුතියි මිතුරනේ/මිතුරියනේ ප්‍රතිචාර වලට.
    අපි කාලෙන් කාලෙට හිතන විදිය වෙනස්වීමත් එක්ක අපිට නොලැබුනු දේ ගැන ආසාවක් ඇතිවීම ලැබුනුදේ එකාකාරී වෙද්දි නිරායාසයෙන්ම සිදුවන්නක් ...

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails