Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Wednesday, December 30, 2009

pwgen භාවිතා කර Linux command line එකෙන් මුරපද හදමු.

මුරපදයක් යනු වර්තමානයෙ දී ඉතා වැදගත් දෙයකි. එය යම් තරමකින්වත් අාරක්ෂිත මුරපදයක් නොවුවහොත් ඔබගෙ අන්තර්ජාල ගිණුම් වලට  අනවසර පුද්ගලයින් අැතුල් වී ඔබට සිතා ගත නෙෙහැකි ප්රතිපල උදාකරවීමට ඉඩ අැත. තවද සමහර වෙබ් අඩවි වල ලියාපදිංචි වන විට අප විසින් සාමාන්යයෙන් භාවිතා කරන මුරපදය පිලිනොගැනීමට ඉඩ අැත. ( සමහර වෙබ් අඩවි වල ලියාපදිංචි වන විට ලබා දෙන මුරපදය එම වෙබ් අඩවිය මගින් ඉල්ලා සිටින අාකාරයට ලබා දිය යුතුය. එනම් සමහරවිට මුරපදයතුල ඉංග්රිසි කැපිටල් අකුරක්, ඉංග්රිසි සිම්පල් අකුරක්, ඉලක්කමක්, සංකෙතයක් (symbol) හා මුරපදය අවම වශයෙන් අක්ෂර (characters) 8 කින් යුක්ත විය යුතු යැයි ප්රකාශ කරයි. මෙවිට ඔබට සිදුවන්ෙන් නව මුරපදයක් තැනීමටය. මෙම මුරපදය ඔබට පහසුවෙන් මතක තබා ගත හැකි විය යුතු මෙන්ම අන් අයට අනුමාන කිරීමට අපහසු එකක්ද විය යුතුය.)
ඔබ ලිනක්ස් පරිෂීලකයෙක් නම් ඔබට අාරක්ෂිත මුරපදයක් සෑදීම වෙනුවෙන් මොළය වෙහෙසමින් කල්පනා කල යුතු නොෙව්. එනම් linux command line එක භාවිතා කර ඔබට උවමනා අාකාරයට මුරපදයක් තනාගත හැක. මෙයට අදාල විධානය pwgen ය. මෙහිදී ඔබට අවශ්ය මුරපදයෙ අාකාරය pwgen විධානය සමග ලබා දුන් විට මුරපදය තිරය මත පෙන්වයි. මෙහි දී මුලින් භාවිතා කල විධානයම නැවත ලබා දුන්නද ඔබට මුලින් පෙන්වූ මුරපදය නැවත වරක් නොපෙන්වයි. එනම් මෙහිදී මුරපද නිර්මාණය කරනුයෙ අහඹු ලෙසය.
linux command line එක මත pwgen විධානය සමග ලබා දුන් විට bash: pwgen: command not found අිකාරයෙන් පණිවුඩයක් දිස්වන්ෙන් නම් ඔබගෙ package manager එක භාවිත කර pwgen ස්ථාපනය කර ගන්න.

pwgen
විධානය භාවිත කල යුතු අාකාරය පහත දැක්වෙ.
pwgen [ OPTIONS ] [ pw_length ] [ num_pw ]

  • මෙහි [ OPTIONS ] යන ස්ථානයට ඔබට අවැසි මුරපදයෙ අාකාරය එනම් මුරපදයතුල ඉංග්රිසි කැපිටල් අකුරක්, ඉංග්රිසි සිම්පල් අකුරක්, ඉලක්කමක්, සංකෙතයක් (symbol) අවැසි දැයි ප්රකාශ කල හැක. OPTIONS ලබා දෙන විට අාරම්භයට - සලකුණ ලබා දීමට අමතක නොකල යුතුය.
  • [ pw_length ] යන ස්ථානයට ඔබට අවැසි මුරපදය සමන්විත විය යුතු අක්ෂර (characters) ගණන ලබා දිය හැක.
  • [ num_pw ] යන ස්ථානයට ඔබට අවැසි මුරපද ගණන ලබා දිය හැක. එනම් තිරය මත දිස්විය යුතු මුරපද ගණන ලබා දිය හැක
  • (මෙහිදී වරහන්, එනම් [  ] භාවිත නොකිරීමට වගබලා ගන්න.)

Options supported by pwgen:

  -c or --capitalize
    අඩුම තරමින් එක capital අකුරක්වත් අැතුලත් විය යුතු බවට උපදෙස් දෙයි.


  -A or --no-capitalize
    capital අකුරු අැතුලත් නො විය යුතු බවට උපදෙස් දෙයි.


  -n or --numerals
    අඩුම තරමින් එක ඉලක්කමක් වත් අැතුලත් විය යුතු බවට උපදෙස් දෙයි.


  -0 or --no-numerals
    ඉලක්කම් අැතුලත් නො විය යුතු බවට උපදෙස් දෙයි


  -y or --symbols
    අඩුම තරමින් එක සලකුණක්වත් අැතුලත් විය යුතු බවට උපදෙස් දෙයි.


  -s or --secure
    සම්පූර්ණයෙන්ම අහඹු මුරපද නිර්මාණය කරයි.


  -B or --ambiguous
    Don't include ambiguous characters in the password


  -h or --help
    pwgen හා අදාල උපකාරක පිටුව පෙන්වයි.


  -H or --sha1=path/to/file[#seed]
    Use sha1 hash of given file as a (not so) random generator


  -C
    නිර්මාණය කරන ලද මුරපද, තීරු ලෙස තිරය මත පෙන්වයි.


  -1
    නිර්මාණය කරන ලද මුරපද, තීරු ලෙස තිරය මත නොපෙන්වයි.


  -v or --no-vowels
    මුරපද නිර්මාණය කරන විට vowels භාවිතා නොකරයි. එවිට වදන් ලෙස ශබ්ද කල හැකි මුරපද නිර්මාණය නොකරයි.




Technorati Tags:

1 comment:

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails