Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Thursday, December 24, 2009

හුවාවි e156G ඩොංගලය openSUSE සමග භාවිතා කිරීම.

හුවාවි e156G ඩොංගලය  openSUSE සමග භාවිතා කිරීම.

e156G ඩොංගලය openSUSE සමග භාවිතා කිරීම ඉතාම පහසු ක්රියාවකි.

මුලින්ම wvdial පිහිටුවා ගත යුතුය. එය පිහිටුවා ගැනීම එතරම් අසීරු නොවන බැවින් ඔබට බාර කරමි.

අනතුරුව ඔබ http://oozie.fm.interia.pl/pro/huawei-e220/ යන ලිපිනයෙන් huawei-e220 සදහා වන huawei.tar.bz2 ගොනුව බාගත කර ගත යුතුය.
( link is from " http://en.opensuse.org/SDB:HUAWEI_E220_Support " Accessed on 24-12-2009 )

අනතුරුව huawei.tar.bz2 හි අඩංගු ගොනු පිහිටුවීම සදහා terminal එක මත පහත දැක්වෙන විධාන සටහන් කරන්න.

tar -xjvf huawei.tar.bz2
cd huawei
su
[password] ( [password] = ඔබගේ root සදහා වන මුර පදය )
make install_suse

අනතුරුව ඩොංගලය USB port එකට සම්බන්ධ කල විට පරිගණකය මගින් /dev/ttyUSB0 එය හදුනා ගනී.

ඉන් පසු /etc හි අැති wvdial-huawei.conf ගොනුව edit කල යුතුය. /etc/wvdial-huawei.conf
එයට ඔබ කැමති text editor එකක් භාවිත කල හැක.

එහි Modem , Phone , username , password යන ස්ථාන වලට අදාල වෙනස්කම් සිදු කරන්න.

[Dialer Defaults]
Modem = /dev/ttyUSB0
Phone = *99#
username =
password =

අනතුරුව wvdial-huawei.conf සුරක්ෂිත කරන්න.

අනතුරුව wvdial විධානය භාවිතා කර අන්තර්ජාලයට සම්බන්ධ වන්න.

Source : " http://en.opensuse.org/SDB:HUAWEI_E220_Support " Accessed on 24-12-2009 "


මාගේ ලිපි වල සිංහල අකුරු වල කිසියම් දෝෂයක් ඇතැයි කීප දෙනෙක් ප්‍රකාශ කළ අතර එම දෝෂ පෙන්වාදීම පිළිබඳව ස්තුතිය ප්‍රකාශ කරමි. දැන් එම දෝෂය දක්නට නැතැයි සිතන අතර එලෙස දෝෂයක් පෙනේනම් මා හට දන්වන මෙන් ඉල්ලා සිටිමි. 2010-04-08

1 comment:

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails