Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Sunday, January 30, 2011

අලුත් වැස්සක් දැන්ම එපා...

කලින් වැහැපු වැස්සට
සෑදුණු මඩ වල
වියැලෙන්නට පෙර ම
අලුත් වැස්සක් වහින්නට වගෙයි.......
නමුත්
එයින්

මඩ ගොහොරුවක්
නිර්මාණය වේදැයි ? ? ?

Friday, April 16, 2010

ජීවිතය

විටෙක සුන්දර ය

විටෙක අසුන්දර ය


නමුත්

සුන්දරත්වයෙන් තොරව අසුන්දරත්වයද

අසුන්දරත්වයෙන් තොරව සුන්දරත්වයද

හරිහැටි හඳුනාගත නොහැක


ඉතින්

කිමද අපි


ජීවිතය

සුන්දර යැයි කියා

උදම් අනනුයේ?


ජීවිතය

අසුන්දර යැයි කියා

දුක් වනුයේ?


2010-04-16
rh

An interview with a journalist...(dream)

I thought to write about a dream that I've seen on last-week
a journalist came to meet me to do an interview on myself for their magazine. here are the conversation that happened between us.

Hello sir. could you please tell me your full name?
Why should I tell you my name as you know my name?

Ok. tell me about your school
I didn't go to any school and I have attended to a college.

could you tell me your age?
of course. I'm 23 years old.

what did you do for sports when you schooling?
I've done running events, football and many other sports.

what are the running events you've involved in?
it's simply running when a dog barking on me.

how was the support that you got from your wife to be a successful person?
She agrees with everything what I say her to do and she tries to complete it on the level best of her.

It says both of you badly loves each other?
yeah.

But we know, your wife works as the MD at ASDF.co. Then how could she find free-time to help you?
I don't know a wife like that. Did I say I'm married?

If you didn't marry, how could there be a wife ?
Oh. you've got it wrong. My wife is my PC because she knows every secret of me and never tells those secrets to anyone.

I think you are playing with me?
no. I don't play with you.

what did you do for become so famous around the world?
I didn't do anything to be famous. I think you've made a mistake.

are you Mr.XYZ ?
no. he is in the next house..

Oh no! I'm sorry sir.
It's OK. I've enjoyed it well. thanks.


sorry for the grammar/spelling mistakes in this post.
---------
2010-04-16
rh

Thursday, April 15, 2010

මහගෙදර දෙන්න ඕන පිරිමි ළමයි ඉන්න කෙනෙකුටමද?

මේක කලින් "සමාජයට උවමනා නිසා කරදුන් කසාදය" ලිපියේ අයියාටම සම්බන්ධයි.

මේ අයියගේ දරුවා පිරිමි ළමයෙක්. ඒ කියන්නෙ පුතෙක්. ඉතින් මේ අයියාගෙ අයියලාට අක්කලාට හරිම සතුටුයි ඒ ගැන. ඒ මොකද දන්නවද? පරම්පරාව ගෙනියන්න කොල්ලෙක් ඉන්නවලු. මේ දරුව ඉපදෙන්න කලින් ඒ අයියගෙ ම අයියා කෙනෙක් "පරම්පරාවෙ ගෙදර කොල්ලෙකුට දෙන්න ඕන. පරම්පරාවෙ ගෙදර පිට යන්න දෙන්න හොඳ නෑ" කිය කියා ඒ අයියා හිටපු ගෙදර තමන්ගෙ පුතාට ලියවගන්න උත්සාහ කරා. තව දෙයක් කියන්න බැරිවුනා. මම මේ කතා කරන (කතාවේ කතානායක) අයියගෙ අයියා කෙනෙක්ට තමයි මහගෙදර මුලින්ම ලියලාදෙන්න හිටියෙ. නමුත් ඒ අයියාට හිටියෙ ගෑණුදරුවන්ම 3 දෙනෙක් නිසා පවුලෙ කට්ටිය එයාට ගෙදරින් අයින් වෙලා වෙනම ගෙදරක් හදාගන්න සිද්ද වෙන විදියට වැඩ කරා. ඊට පස්සෙ තමයි අපේ කතානායක අයියාව ඒ ගෙදර පදිංචි කරේ. ඊයේ පෙරේදා දවසක තමයි මට මේ දේ පැහැදිලි වුනේ.

ඉතින් අලුත්ම කතාවට එනවානම් දැන් මේ පවුලෙ අය සතුටින් ඉන්න බව කිව්වානෙ. ඒ පිරිමි දරුවා නිසා කියලාත් කිව්වනේ. මට ඉතින් ප්‍රශ්ණ ගොඩක් මතු වෙනවා
  • හැම ගෙදරම පිරිමි ළමයි විතරක් ද හදන්න ඕනි.? එහෙම වුනොත් ලංකාවෙ ඉන්න කොල්ලන්ට කසාදබඳින්න කෙල්ලො ගේන්නෙ දකුණු ඉන්දියාවෙන්ද?
  • ගෙවල් අයිති වෙන්න ඕන පිරිමි අයට විතරද?
  • ගෑණු ළමයි කසාද බැන්දම තමන්ගෙ මහගෙදර ඉන්න බැරිද? (බින්න විවාහය කියලා එකක් O/L සමාජ අධ්‍යයනය/ඉතිහාසය ට ඉගෙන ගත්ත වගේ මතකයි)

පවුලෙ එකම දරුවා පිරිමි දරුවෙක් වෙන එකයි, පවුලෙ වැඩිමල් දරුවා පිරිමි දරුවෙක් වෙලා අනික් අය ගැහැණු දරුවන් වෙන එකයි දෙකම ඒ දරුවට හොඳ නෑ කියලා තමයි මම හිතන්නෙ..
  • පවුලෙ එකම දරුවා පිරිමි දරුවෙක් වුනාම ඒ දරුවගෙ අම්මයි තාත්තයි ඒ දරුවව ගොඩක් ආරක්ෂා කරනවා. ඒ නිසා ම නිදහස ගොඩක් සීමා කරනවා.. ඉතින් ඒ ගෙදරින් බොහෝවිට බිහිවෙන්නෙ ගෑණුළමයෙක්ට වඩා ආරක්ෂා කරපු තනියම කිසිම දෙයක් කරන්න බැරි තරුණයෙක්. ඒ අතරම සමහර අවස්ථා වලදි තමන්ට ලැබෙන නිදහස උපරිමයෙන් පාවිච්චි කරන්න යොමු වෙනවා. එතනදි සමහරවිට ජීවිතය අනතුරේ දාගන්න/විනාශ කරගන්න වුනත් බැරි නෑ.
  • පවුලෙ වැඩිමල් දරුවා පිරිමි දරුවෙක් වෙලා අනික් අය ගැහැණු දරුවන් වෙන එක කියන්නෙ පිරිමි දරුවා තමන්ගෙ ගෙදරම ආගන්තුකයෙක් වෙන එකයි. එනම් පවුලේ වැඩිමල් දරුවා ගෙදරින් ඈත් වෙනවා/පවුල කෙරෙහි බැඳීම නැති වෙනවා කියන එකයි. ඒක වෙන්නෙ කොහොමද කියනවා නම් අනික් සියලුම දරුවන් ගැහැණු දරුවන් වුනාම (මම මෙතනදි කතා කරන්නෙ අයියයි නංගියි කියන දේ මිසක් අක්කයි මල්ලි යි හරි අයියයි මල්ලියි කියන දේ නෙවෙයි) තාත්තායි අම්මයි දෙන්නාම ඒ ගෑණු දරුවා ගැන යොදන අවධානයෙන් 1% වත් පිරිමි දරුවා ගැන යොදන්නෙ නෑ. අවධානය යොදනවා කියන්නෙ මුදල් වියදම් කිරීම, අවශ්‍යතා ඉටුකිරීම පමණක්ම නොවෙයි. පිරිමි දරුවට තමන්ගෙ දෙමාපියන් සමඟ එකට සිටීමේ හැකියාව , ප්‍රශ්ණ විවෘතව කතා කිරීමේ හැකියාව නැති වෙනවා. දෙමව්පියන් තමන්ට ආදරය කරන බව දැනෙන් නෙ නැතිව යනවා. මොකද අයියයි දෙමාපියනුයි අතර නංගි ඉන්න නිසා. තවතු දෙයක්, නෑදෑයින් වුනත් ගෙදරට ආපුවම වැඩි කාලයක් ගතකරන්නෙ ගෑනුදරුවන් එක්කයි. දෙමාපියන් වුනත් හිතන්නෙ /කියන්නෙ "කොල්ලෙක් නෙ. දැන් ඉලන්දාරියෙක් නෙ" කියලායි.ඉතින් කොලුවා තමන්ටම සීමා වුනු (සංවෘත) ලෝකයක ජීවත් වෙන්න පටන් ගන්නවා.

මේකෙන් සිද්ද වෙන හොඳකුත් තියෙනවා. එනම් දරුවා තනිවම තමන්ගෙ කටයුතු කරගන්න පටන් ගන්නවා. නමුත් තමන්ගෙ දරුවා නිවස කෙරෙහි බැඳීම අඩුවීම පසුකාලයක දෙමව්පියන්ගෙම දෝෂදර්ශණයට ලක් වෙනවා. මේ බව කවුරුවත් කවදාවත් (දෙමව්පියන්) තේරුම් ගන්නෙ නැතිබව විශ්වාසයි.

ඉතින් මම කියාගෙන ආපු මහගෙදර පැවරීම කියන දේ ගත්තොත් "මහගෙදර පිරිමි ළමයෙකුටම දෙන්න ඕන" කියන දේ වෙනස් විය යුතු බව මම විශ්වාස කරනවා. මොකද පිරිමි දරුවන්ට (පවුලට බැඳීම අඩු) ගෙවල් ලියලා දීලා පරම්පරාව ගෙනියනවාද නැත්නම් දෙමව්පියන්ට ආදරෙන් සලකන කෙනෙකුට ගෙදර දීලා දෙමව්පියන් තමන්ගෙ අන්තිම කාලය සතුටින් ගත කරනවාද කියලා හිතන්න ඕන දෙව්පියන් මයි. ඒ ගැහැණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියන දේ වැදගත් නෑ.


මේ දක්වපු සිදුවීම් වලට සමාජයේ ඕන තරම් උදාහරණ තියෙන අතරම මෙයින් අපගමනය වන අවස්ථා ද ඕනතරම් තියෙන බව මම දැකලා තියෙනවා.

2010-04-15
rh

Wednesday, April 14, 2010

happy new year for all "Sri Lankans" and "the people who celebrates it"

"සුබ අලුත් අවුරුද්දක් වේවා සැමටම ...!""happy new year for all "Sri Lankans" and "the people who celebrates it....!"
I would like to wish a happy new year for all "Sri Lankans". this is not a "religious festival". this is a "cultural festival". so, no need to mention it as "Sinhala-Hidu" or say "we are not Sinhala or Hindu." WE ALL ARE SRILANKANS....(THERE COULD BE SOME DIFFERENT RELIGIONS, BUT WE ARE ONLY ONE NATION CALLED "SRILANKANS")

Now I got to know that some Asian countries also celebrates this festival. So, I'd like to  wish them too as " happy new year for all "Asians and the people who celebrates it"

 Happy new year

සුබ අලුත් අවුරුද්දක් වේවා සැමටම ...!

"සුබ අලුත් අවුරුද්දක් වේවා සැමටම ...!" "happy new year for all "Sri Lankans" and "the people who celebrates it.....!"
" ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ... ! "යැයි පතමි මම.

මෙය ජාතික උත්සවයක් විනා සිංහල-හින්දු ජනතාවට පමණක් සීමා වූ උත්සවයක් නොවේ..(බලන්න සිංහල යැයි කී විට එම වදන අයත් වන්නේ කිනම් ආගමකට දැයි කියා.) එබැවින් මෙය ජාතික උත්සවයකි. ලංකාව තුල විවිධ ආගම් තිබුණද , විවිධ ආගම් අදහන ජනතාව ලංකාව තුල සිටියද අප රට තුල සිටිනුයේ එක් ජාතියකි. එනම් "ශ්‍රී ලාංකීය ජාතිය" යි.

බින්කු සහෝදරයා පැවසූ අන්දමට මෙම උත්සවය ලාංකික අප පමණක් නොව වෙනත් ආසියාතික රටවල් කීපයකින් ද සමරනු ලබයි. එබැවින් අප කෙසේද මෙම උත්සවයට ආගමික පදනමක් ලබා දෙනුයේ..?

නමුත් මෙයට ජාතික (ශ්‍රීලාංකීය) පදනමක් ලබා දිය හැක. ඒ විවිධ රටවල මෙම උත්සවය සමරනු ලබන්නේ විවිධ අන්දමට බැවිනි.

එබැවින් අද දිනයෙන් උදාවන නව වසර "සියලු පැතුම් ඉටු වන , සතුටින් පිරි සෞභාග්‍යමත් නව වසරක් වේවා..!" යැයි මම ප්‍රාර්ථනා කරමි...
සුබ අලුත් අවුරුද්දක් වේවා සැමටම ...!

Tuesday, April 13, 2010

සමාජයට උවමනා නිසා කරදුන් කසාදය....

මම මේ විදියෙ ලිපියක් මේ වගේ දවසක පළ කරන්න හිතාගෙන හිටියෙ නෑ. නමුත් ඊයේ මට ඇහුණු දෙයක් නිසා මේ සිද්දිය ලිපියක් ලෙස පල කරන්න හිතුණා..

මම දන්න අයියා කෙනෙක් ඉන්නවා වයස අවරුදු 34 විතර වෙන. ඒ අයියා තමයි එයාලගෙ පවුලෙ බාලයා (බඩපිස්සා). මේ අයියාට ස්ථිර රැකියාවක් නෑ. ඒ වුනාට මේසන් වැඩ, රියපැදවීම වගේ රැකියා ගොඩක් කරලා තියෙනවා. අවුල තමයි එකම රැකියාව එක දිගට කාලයක් කරන්න බැරිකම. ඒ වගේම අනාගතේ ගැන ස්ථිර අදහසක් නැතුව අද දවස ගැනවත් කිසිම අරමුණක් නැතිව ජීවත් වුනේ.
ඉතින් මේ පවුලෙ අනිත් අයියලා අක්කලා මේ අයියව හදන්න කියලා කසාදයක් කරලා දුන්නා. නමුත් මේ අයියා තමන් විවාහකයි කියලාවත් , ස්වාමිපුරුෂයකුගේ වගකීම් , යුතුකම් කියන්නෙ මොනවද කියලාවත් කිසිම තේරුමක් ඇති කෙනෙක් නෙවෙයි.  බිරිඳට දරුවා ලැබෙන්න ඉද්දි වුනත් ගෙදර තියෙන සියලුම වැඩ කටයුතු මේ අක්කාගෙන් බලාපොරොත්තු වුනා. සමහර දවස්වල ඉතාම කැත විදියට බැනලා , ගහලා පවා තිබුණා.

ඊයෙ පෙර්දා දවසක මේ අයියා තාත්තා කෙනෙක් වුනා. දැන් ඒ අයියාගේ අයියලා අක්කලා කතාවෙනවා "දැන්වත් මිනිහෙක් විදියට ජීවත් වෙන්න පටන් ගනීවි " කියලා.

මට නම් ඒක ඇහුනම හිතුනෙ "එහෙම වුනොත් හොඳයි. ඒත් එහෙම නොවුනොත්?.... " කියලායි.

සමහරවිට දරුවගේ කිරිසුවඳ දැනෙනකොට ඒ අයියා තමන්ගෙ බිරිඳට හා දරුවට ආදරය කරන්න පටන් ගනීවි. තමන්ගෙ පවුල ගැන, ඔවුන්ගේ පවුලේ, දරුවන් ගේ අනාගතය ගැන හිතලා කටයුතු  කරන්න පටන් ගනීවි. එහෙම නොවුනොත් පවුල් ජීවිතය එපා වේවි. එතකොට අමාරුවේ වැටෙන්නෙ කසාදය කරලා දුන්න අයියිලා අක්කලා නොවෙයි   තමන්ගේ දෙමව්පියන්ගේ රැකවරණයෙන් හැමෝගෙම ආශිර්වාදය මැද අර අයියාත්  එක්ක ජීවත්  වෙන්න ආපු අක්කායි එයාලගේ දරුවායි.


ඇයි මේ මිනිස්සුන්ට  තවත් මිනිහෙක්  අරමුණක් නැති විදියෙ  ජීවිතයක් ගත කරද්දි ඔහුගේ ජීවිතයට  අරමුණක් ලබා දෙන්න තවත් කෙනෙකුගේ ජීවිතය අවදානමට ලක් කරන්නෙ?

2010-04-13
rh
Related Posts with Thumbnails