Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Sunday, June 14, 2015

තහනම් වචනය "සිංහල"- ඉතින් භාෂාවත් තහනම් කරමුකො.


සිංහල කියන වචනෙ හරිම ජාතිවාදියි අයියො. ඒ වචනෙ ඇහෙන ඇහෙන වාරයක් ගානෙ අනික් ජාතින් පොලොවෙ පෙරලි පෙරලි පස් කාගෙන අඩනවා. ඒවා දැකලා අපිටත් ඇඩෙනවා.  ඒ නිසා අපි තහනම් කරමු "සිංහල" කියන වචනෙ. අද ඉදන් පටන් ගනිමු "සිංහල" කියන වචනෙ යෙදුන තැන් වෙනස් කරන්න.


මේ තියෙන්නෙ ජාතික රූපවාහිනියෙ සුසර දැහැන 2015 මැයි 30 දින වැඩසටහනින් උපුටා ගෙන වෙනත් අඩවියක තිබුනු වීඩියෝ කොටසක්. උපුටාගත් තැන url නොදැමීම ගැන සමාවෙන්න. 
full video available at
http://www.rupavahini.lk/musical-programmes/susara-dahana/6964-2015-05-30.html

ඉතින් මීට ලේසි නෙවැ මේ සිංහල වෙනස් කරන්න දතකන ඈයො ටිකට මේ ලංකාවෙ පුරවැසිබව නැතිව වෙනත් රටක පුරවැසිබවක් ලබාගෙන මාස කීපයක් නැතිනම් ජීවිතකාලෙම ඒ රටට වෙලා තමන්ගෙ ඉතිරි ජීවිත කාලෙත් ගෙවන එක. අන්න එදාට තේරේවි ලංකාවෙදි තමන් අකැමති වුන "සිංහල" කියන වචනෙ නිසා තමන්ට ලැබුනු බොහොමයක් දේවල් මේ දැන් තමන් ඉන්න රටේදි තමන්ට අහිමි වෙලා කියලා. කොටින්ම කීවොත් මේ "සිංහල" කියන වචනේ වෙනස්කරන්න කියලා කැමරාව ඉස්සරහට ඇවිත් ගොත ගැහිගැහි  (Saman chanadranath weerasinghe ගොත ගැහිගැහි කීවට තමන්ගෙ දිව මොන පැත්තට නැමුනත් තමන්ගෙ හෘද සාක්ෂිය දන්නවා තමන් මේ කියන්නෙ බොරුවක්ය- තමන් මේ ඉටු කරන්නෙ තමන්ගෙ හදවතින්ම වැරදි කියලා තේරෙන නමුත් තමන්ගෙ පැවැත්ම වෙනුවෙන්ය කියලා- නමුත් අපි දන්නවා මේ විදියට බයෙන් ජීවත් වෙන්න දෙයක් නෑකියලා. මොකද මේ ලංකාව ඇතුලෙදි මේ වගේ දෙයක් කීවා කියලා අපේ අය ඔයතුමාව මරන්න පන්නන්නෙවත් ගෙවල් දොරවල් විනාශ කරන්නෙවත් නෑ. ඒකයි සිංහලකම )  කියපු වචනයක් පාසා ලැබුනු මුදල පවා මතක් වේවි.  අපි හිතාන ඉන්නෙ ලංකාවෙන් පිට හැම රටම සහජීවනේ තියෙනවා අපේ රටේ තමයි ඒක නැත්තෙ කියලා. (සිංදුව ලීවෙ/කීවෙ ලාංකිකයො ගැන මිසක් ලෝකෙ පුරාම හිටපු/ඉන්න රණවිරුවො ගැන නෙවි අයියො -  දැන් ඔය වචනෙ වෙනස් කළා කියලා මුස්ලිම්-දෙමළ මිනිස්සු මේ සින්දුව අහාවි.)

දිවයින 2015 06 14 දින ආචාර්ය පියසේන රතුවිතානයන්ගේ පිළිතුර  http://www.divaina.com/2015/06/14/feature26.html


"සිංහල" කියන වචනය කොහේවත් පාවිච්චි කරන්න එපා. ඒ වචනෙ එහෙම්පිටින්ම ජාතිවාදියි. ඒ නිසා අපි සිංහල කියන වචනෙ යෙදුනු හැමතැනම වෙනස් කරමු. ඒක කරන්න හරිම ලේසියි "සිංහල" කියන්නෙ තහනම් වචනයක් ඒ වගේම "සිංහල" භාෂාව තහනම් භාෂාවක් කළානම්. (නමුත් මේ සිංහල වෙනස් කරන්න දගලන අය නොදන්න එහෙම නැතිනම් නොදන්නවා වගේ පෙන්නන දෙයක් තමයි "සිංහල" කියන වචනෙ ඇතිවුනේ කොහොමද කියන එක. තමනුත් මේ කරන්නෙ තමන්ගෙ ජානවලම තියෙන තමන්ට කෙලවුනත් තමන් ඒ වෙලාවෙ හොදයි කියලා හිතාන පාවාදීම් කරපු අතීතෙ මුතුන්මිත්තො කරපු දේමයි කියලා-අපේ ඉතිහාසෙ තරම් පාවාදීම් කරපු ඉතිහාසයක් වෙන කිසිම රටක නැතිව ඇති. රාම රාවණා යුද්දෙ ඉවර වුනෙ පාවාදීමකින් - කුවේණි තමන්ගෙ අයගෙන් වෙන්වෙලා විජය කුමාරයාට උදව් කරා විජය කුමාරයා ලංකාවට ආපුවම)

සිංහල සංස්කෘතිය එක්ක ගොඩනැගුනු ලංකාවෙ සංස්කෘතිය නිසා ලංකාවෙ ජීවත්වෙන අයට ලැබුනු දේ බොහොමයි. නමුත් ඒ සිංහලකම එක්ක ඉන්න එක වැරැද්දක් කියලා හිතාන සිංහලකම අයින් කරපු දවසට තේරේවි තමන් කරපු මෝඩකමක තරම. මොකද මම විශ්වාස කරන දෙයක් තමයි මේ රටේ ජාතින් අතර මේ තරමින්වත් එකමුතුවක් තියෙන්නෙ සිංහල සංස්කෘතිය නිසා කියනඑක.

නමුත් මේ දැන් සිද්දවෙන බොහොමයක් ප්‍රශ්න වලට හේතුව අපි එක එක කණ්ඩායම් විදියට බෙදිලා ඉන්න එක. මේ ප්‍රශ්නෙට දේශපාලනේ කරන අය ගොඩක් වග කියන්න ඕන. ඒ වගේම මේ රටේ මිනිස්සු ඊට වඩා වග කියන්න ඕන. 

සිංහල කියන වචනේ පාවිච්චි කරගෙන යමක් කලොත් ඒක ජාතිවාදියි කියන මතය මේ වෙද්දි අපේ රටේ මිනිස්සුන්ගෙ ඔලුගෙඩි වලට ඇතුල්වෙලා තියෙනවා ආයෙ අයින් කරන්නම බැරි විදියට.

8 comments:

  1. ඔබ කැමති නම් හිතට එන කුණුහරුප හෝ ඒ වගේ සිතුවිලි/අදහස් හැර හිතට එන සිතුවිලි/අදහස් ලියන්න.

    ලියන්න එපා කිව්වා වගේනේ.

    ReplyDelete
    Replies
    1. මටත් නිකන් මඤ්ඤං වගේ. වෙනස් කරන්නම්

      Delete
  2. අද සිංහලයාට තමන් සිංහල යැයි කියන්න බැරි ලජ්ජාවක්, බයක් වගේ දෙයක් කොහන්දෝ ඇවිත්. ඒක තමයි කරුමේ කියන්නේ. දෙමළට දෙමළ කියන්න පුළුවන් නම්, මුස්ලිමාට මුස්ලිම් කියන්න පුළුවන් නම්, ජපනාට ජපනා කියන්න පුළුවන් නම් සිංහලයාට සිංහල කියන්න ලැජ්ජාවක් ආවේ කෙහෙන්ද? මේ සියල්ල සුළු ජාතික ඡන්දවලට කෑදර කමින් සුළු ජාතිකයන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරන්නට පෙළ ගැසුණු අපේ අමන දේශපලකයන්, ඔවුනට කඩේ යන අමනක කලා කරුවන්, විශේෂයෙන් ‘අලුත් පරපුර‘ වැනි අමන සංවිධාන, එන්ජීඕ නඩ ආදී සියල්ල වගකිව යුතුයි.

    ReplyDelete
    Replies
    1. අලුත් පරපුර යනු ඵලය මිස හේතුව නොවේ. පොදුවේ ගත් කල, කලාකරුවන්ට මේ සම්බන්දයෙන් එතරම් කාර්‍යභාරයක් නැත. කොතරම් බලයක් තිබුණද දේශපාලකයන් පවා මේ කරුණ සම්බන්ධයෙන් සැළකිය යුතු බලපෑමක් නොකරයි. එසේනම් වරද කාගේද?

      මෙය මේ රටේ උගතුන්ගේ වරදයි. උගතුන් තනන්නේ අධ්‍යාපන ක්‍රමය විසින් බැවින්, මෙය අධ්‍යාපන ක්‍රමයේ වරද වේ. නැවතත් මුලට --- අධ්‍යාපන ක්‍රමය තැනෙන්නේ උගතුන් විසිනි.

      මේ චක්‍රය කඩා බිඳ හෙළීමෙන් තොරව සිංහලයාට විමුක්තියක් නැත.

      Delete
    2. ඒ වගේම අපේ මිනිස්සුත් හාමුදුරුවරුත් වග කියන්න ඕන මේ ප්‍රශ්න වලට. හාමුදුරුවරු ලෝකේ ලොකුම දේවල් හදනවා පන්සල සංවර්ධනය කරනවා කියලා ආධාර එකතු කරන එකේ සීමාවක් නෑ. ඒ වැඩ වල ඉවරයකුත් නෑ. ඒ නිසා මිනිස්සු පන්සලට යන්නෙ නෑ. හාමුදුරුවෝ මිනිස්සු අතරට එන්නෙත් නෑ.
      සිංහලයාගේ මොළය සෝදලා තියෙන්නෙ දැන්.

      අපේ මිනිස්සු තමන් කැමති පක්ෂෙට ඡන්දෙ දීලා ඡන්දෙ ඉල්ලපු අයට සැප විදින්න දීලා මනෝ ආතල් ගන්නවා තමන් විනාශ වෙනගමන්.

      Delete
    3. අපේ මිනිස්සුය / හාමුදුරුවන්ය කීමෙන් අදහස් කෙරෙන්නේ විධායක සභා ජුන්ටාවේ සිටින අයවළුන් සහ නාග විහාරාධිපති නම වැනි කිහිප දෙනෙක් නම් ඔබේ කතාවේ ඇත්තක් පවතීය කියා සිතමි. එසේ නොවී මිනිස්සු / හාමුදුරුවෝ කියා ඔබ අදහස් කරන්නේ අපේ ගමේ ගුණේ මාමා, ජගත් අයියා හා ජේන් නැන්දාත් ගමේ පන්සලේ පඤ්ඤාකිත්ති හාමුදුරුවෝත් නම් එහි සත්‍යයක් නැත.

      හාමුදුරුවෝ ලෝකේ ලොකුම අහවල් එක සැදීමත් ඵලය මිස හේතුව නොවේ. සැබෑ හේතුව වෙත යා යුතුය. සැබෑ හේතුව සහ පහරදිය යුතු තැන නම් මේ රටේ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගන්නා තැන් වල සිටින උගතුන් වේ.

      Delete
    4. ඇත්ත. උගතුන් තමන්ගේ දැනුමෙන් තීන්දු තීරණ නොගන්නාවිට සැබෑ හේතුවට කිසිම දිනක පිළිතුරක් නොලැබී යා හැකිය.
      මිනිස්සු/හාමුදුරුවෝ කියන කුලකයට සම්පූර්ණ සමාජයම දැමිය නොහැකියි. නමුත් ඒ කුලකය හේතුවෙන් කුලකයට පිටින් ඉන්න අයත් ගැටලු වලට මුහුණදෙනවා අනිවාරතේ.

      Delete
  3. ඒක තමයි sony එකෙන් xperia Phone වලින් අළුත් lolipop update එකෙන් සිංහල අයින් කරලා තියෙන්නෙ

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails