Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Saturday, April 19, 2014

ඒ වුනාට කනක් ඇහිලා ඉන්න නෑනෙ.

අලුත් අවුරුද්දට ගෙදරට ආපු අසල්වැසියොත් එක්ක කතා කරකර ඉද්දි

අසල්වැසි ඇන්ටි- කොහෙද මේ පැත්තෙ උදේට හයියෙන් බණ දානව ඇහෙන්න?
මම- ඒ ඇන්ටි මේ කන්ද උඩ තියෙන පන්සලකින්නෙ.
ඇන්ටි-ඉස්සර මේ පැත්තෙ පන්සලක් තිබුන් නෑ නෙ.
මම- දැන් අවුරුදු දෙකක් විතර වෙනවා පන්සල හදලා . කැම්පස් එකේ ලෙක්චර්ස් කරන හාමුදුරුනමක් ඉන්න පන්සලක්.
ඇන්ටි- අපේ ගෙවල් පැත්තටත් හරිම හයියෙන් ඇහෙනවා.
මම- හිහි. කන්ද මුදුනෙ වගේනෙ පන්සල තියෙන්නෙ. ඔයාල ඉන්නෙ එහා පැත්තෙ කන්ද මුදුනෙනෙ.
ඇන්ටි-ඉස්සරනම් උදේට විතරයි ඇහුනෙ. ඒ වුනාට දැන් හවසටත් පිරිත් දානවා.
මම-ඒ ගමේ අය ඉල්ලීමක් කරාම බෝධි පූජා තියනවානෙ.
ඇන්ටි- ඒ වුනාට කනක් ඇහිලා ඉන්න නෑනෙ. උදේ හවස හයියෙන් පිරිත් දානකොට එපා වෙනවනෙ.
මම- අනේ ඇන්ටි. ඔයාලා රේඩියෝඑකේ බණ යද්දි හයියෙන් දාගෙන අහනඑකේ  පන්සලේ හාමුදුරුවන්ගෙන් බණ පදයක් අහන්නකො.

පලි- බෞද්ධ යැයි කියා ගන්නා ගොඩක් දෙනා නමට බෞද්ධ වන අතර එම බෞද්ධ බව උප්පැන්නයටත් සමාජයේ කැපී පෙනීමටත් පාවිච්චි කරන්නේය. බුදුදහම රැකීමට මෙවන් පොෂ් අයගෙන් සිදුවන සේවයක් නැත්තේය. සිදු වන්නේ තමනුත් අගාධයට යමින් අන් අයත් ඒ වෙත  ඇද ගැනීමයි. අයෙක් තමන් අදහන ආගම දහමට අනුව ජීවත් වේ නම් ඒ  මානසික රෝගියෙකු ලෙස ද හඳුන්වන්නේය.


12 comments:

  1. ඒ උනාට බලෙන් අස්සන එක හරි නෑ නේ.. මටත් දිරවන්නේ නැති කේස් එකක්.. මම ජනාධිපති නම් මේවා නවත්තනවා නීතියෙන්ම.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. බලෙන් අස්සවන එක වැරදි තමා. නමුත් තමන්ගෙ අහලපහල අයටත් බලෙන්ම රේඩියෝ බණ අස්සවන කෙනෙක් කියපු දේට මට කියන්න වෙන දෙයක් තිබුනෙ නෑ

      Delete
    2. Ai Maathalan.. .oya Muslimda? Tikak amaru wai awa nawaththannaaa... .

      Delete
  2. උදේට හවසට පරිත් ටිකක් ඇහෙනකොට හිතට මොන තරම් සහනයක් දැනෙනවද?

    ReplyDelete
    Replies
    1. ඒ පන්සල නිසා අපේ ගෙවල් ළඟ මිනිස්සු දැන් පන්සල් යනවා. සමහර අයට පන්සල් එපා වෙලා තිබුනෙ පන්සලට ගියොත් මොකක් හරි සංවර්ධන කටයුත්තක් කියලා සල්ලි ඉල්ලන නිසා. ඒ සංවර්ධන කටයුතු ඉවරයක් වෙන් නැති නිසා බොහෝ දෙනෙක් පන්සලෙන් ඈත් වුනා.

      Delete
  3. බුදු දහම අවුරුදු 2500ක් රැකුනේ ලවුඩ්ස්පීකරෙන් නෙවෙයිනෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඒ වුනාට ලෝකෙට පේන්න රේඩියෝඑකේ බණ අහනවාට වඩා මම කැමතියි අපෙන් ගොඩක් දේ බලාපොරොත්තු නොවෙන හාමුදුරු කෙනෙකුගෙන් බණක් අහන්න.

      Delete
  4. බන හරි පිරිත් හරි මොන මල දානයක් හරි අහන්න වෙලාවක් තියනවා. බලෙන් අස්සන එක නම් මමත් අනුමත කරන්නේ නැ. පන්සලෙන් විතරක් නෙවේ පල්ලියෙන් උනත්.

    ReplyDelete
    Replies
    1. බලෙන් ඇස්සුවාට වැඩක් නෑ හිතේ ශ්‍රද්ධාව නැතිනම්.

      Delete
  5. දැං බණ අහන්නෙ පොෂ් වෙන්න නොවැ..

    ReplyDelete
  6. බණ පිරිත් ඇහෙන එක හොඳයි. ඔය ගමටම ඇහෙන්න බණ පිරිත් හැමදාම දාන එක නම් එච්චර හොඳ දෙයක් විදිහට හිතෙන්නෙ නෑ. මොකද මිනිස්සුන්ගෙ ජීවිතේ අනිත් කටයුතු වලට ඒක බාධාවක් වෙන්න පුලුවන්. බෞද්ධ අපි හැමදේම කරන්න පුරුදු වෙලා හිටියෙ කාටවත් කරදරයක් නොවී. බොහොම සංයමයෙන්. ඒත් මේ වගේ දේවල් වලින් ඒ සංයමය පේන්නෙ නෑ. සද්දෙට පිරිත් බණ දැම්ම කියල ගම ධාර්මික වෙන්නෙ නෑ. ධාර්මික වෙන්නෙ අවබෝධය තුලින්. සමහර විට අවට අන්‍යාගමික අය ඉන්න පුලුවන්. ඒ අයට පිරිත් අහන එක අදාල නෑ. ඒ වගේම පොඩි ළමයි නිදිකරවන්න, පාඩම් කරන්න වගේ දේවල් වලට බාධා වෙන්න පුලුවන්. ඒ නිසා තමන් ආගම වෙනුවෙන් කරන දේවල් අනුන්ට කරදරයක් වෙන්නෙ නැතුව කරනව නම් ඒක බෞද්ධකම වෙන්නෙ.

    ReplyDelete
  7. ගමේ ඉන්නේ බහුතරයක් බෞද්ධ නම් ඕක මහලොකු ප්‍රශ්නයක් නෑ නේ..අනික බෞද්ධ ක්‍රිස්තියානි කතෝලික මිනිස්සු බහුතරයක් ඉන්න තැන්වල උදේ හවා මුස්ලිම් පල්ලිවල තියෙන සද්දේ..විශේෂයෙන්ම නෝම්බි කාලෙට..එතකොට ඔය ශබ්ද දූෂණයට කරදරයට විරුද්ධ සේරම ලොක්කෝ කටවල් වහන් ගෙවල් අස්සට වෙලා ඉන්නවා..අනික පිංකමක් තියෙනවානම් හරි උදෙයි හවසයි පැයක් විතර ගොරහැඬි අඳෝනාවක් නොවන පිරිතක් දැම්මා කියලා මැරෙන්න හදන්න ඕන නැති බවයි මගේ අදහස..රොෂාන්ට ඕක කිව්ව ඇන්ටිත් සර්වාගමිකයෙක්ද දන්නේ නෑ..ලොල්!

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails