Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Friday, April 4, 2014

සිතට, හැඟීම් වලට වහල් වී සැපත සතුට සොයා ජනප්‍රිය වීම.

රටේ විවිධාකාර අය සිටින්නෝය. සමහරු ප්‍රසිද්ධය. සමහරු ජනප්‍රිය ය. තවත් සමහරු ජනප්‍රිය හා ප්‍රසිද්ධය. නමුත් ඒ හැම දෙනා වෙනුවෙන්ම ජනප්‍රිය හා ප්‍රසිද්ධ යන වචන පාවිච්චි කරන ආකාරයේ වරදක් දක්නට ලැබෙන්නේය. 

මේ වරද බොහෝවිටම කරන්නේ ජනමාධ්‍යවේදියාය. ඒ කිසියම් නලුවකු නිළියක හඳුන්වා දෙන විට වැඩිපුරම කියන්නේ ජනප්‍රිය තරුව කියාය. එතැනට සුදුසුම වචනය එය වන අවස්ථාද ඇත. ඒ වගේම නොගැලපෙන අවස්ථාද බොහොමයකි. 

කලාකරුවා හෝ යමෙකු ප්‍රසිද්ධ වීම නිරායාසයෙන්ම සිදු වන්නේය. ඒ ඔහුගේ ඇයගේ නම කියවෙන දකින වාර ගණනට අනුලෝමවය. නමුත් ජනප්‍රිය වීම එලෙස නොවන්නේය. ජනප්‍රිය බව උපයාගත යුතු දෙයකි. එය නිරායාසයෙන් ලබා ගත නොහැකි වන්නේ එය යමෙකුගේ කියාකාරකම් වල හොඳ නරක මත රඳා පවතින්නක් වන බැවිනි. යමෙකු වැරදි එමෙන්ම සමාජ විරෝධී වැඩ කළද ප්‍රසිද්ධ විය හැකි වන්නේය. නමුත් ජනප්‍රිය නොවනේය. 

දරු පවුල් අනාථ කර කුඩා දරුදැරියන්ගේ අනාගතය අඳුරු කර වෙනත් අය කසාද බැඳි අය හඳුන්වන්නට ජනප්‍රිය යන  වදනට වඩා ප්‍රසිද්ධ යන වදන ඉතා සුදුසුයැයි මට සිතෙනුයේ මා උගෙන ඇති මට්මට ඒ අය කරනු ලබනුයේ සිතට/හැඟීම් වලට වහල් වී තවකෙකුගේ ජීවිතය අඳුරට ඇද දමමින් තම සැපත සතුට සෙවීම වන බැවිනි. නොගැලපෙන අය වෙන්වූවාට කාරි නැත්තේය. ඒ අය ගැලපෙනවායැයි සිතන අය සමඟ එක් වූවාටද කම් නැත. පවුල් දෙකක් විනාශ කරනවාට වඩා එය හොඳය. නමුත් තමන් වෙනුවෙන් කැපවූ අය ත් තමන්ගේ ලෙයින් උපන් දරුවනුත් අතරමංකර දමා සැප විඳින්නේ කෙසේදැයි ගැටලුවකි.

4 comments:

  1. සුපර් ස්ටාර්,ඩ්‍රීම් ස්ටාර් වල පළවෙනි සින්දුව කියනකොටම ජනප්‍රිය වී හමාරය..

    ReplyDelete
    Replies
    1. ඒ නිවේදනය කරන අය වැරදි විදියට ජනප්‍රිය වචනේ පාවිච්චි කරන නිසානෙ.

      Delete
  2. ගොඩක් අය උත්සහ කරන්නේ මොන ක්‍රමයකින් හරි ජනප්‍රිය වෙන්ඩ නෙව !

    ReplyDelete
  3. ඒත් ප්‍රසිද්ධ වෙන හැමෝම ජනප්‍රිය වෙන්නෙ නෑ නෙ.

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails