Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Saturday, March 29, 2014

දුක නැතිව ෂොපිං කරන්න, ඒ ගමන් පෝලිමේ තැනත් පරිස්සම් කරගන්න

සිංහලහින්දු අලුත් අවුරුදු උත්සවය ළඟ ළඟම ආවත් ඉස්සර තරම් දැන් අපිට අලුත් අවුරුද්ද නොදැනෙන්නේ ඉස්කෝලේ යන කාලේ වගේ දැන් අවුරුද්ද වෙනුවෙන් නිවාඩු නො දෙන නිසාය. රස්සාවට ආවාම අලුත් අවුරුද්ද නිවාඩු දවසක් කියන එක ද වෙනස් වුනේය. නමුත් පහුගිය අලුත් අවුරුද්ද දවසේ අපිට නිවාඩු ලැබුණේය. ඒ නිසා පන්සල් යන්නත් ගෙදර අය එක්ක කාලය ගත කරන්නත් ඉඩ ලැබුණේය.

අලුත් අවුරුදු හෝ ලංකාවේ උත්සව සමයක් කියන්නේ බැංකුවල වැඩ කරන අපට වැඩ වැඩිම කාලයක් ය. ඒ මුදල් සමග කටයුතු කරන අපට ගණුදෙනුකරුවන්ගේ මුදල් අවශ්‍යතා වෙනුවෙන් වෙනදාට වැටුප් දිනවල වෙහෙස වෙනවාට වඩා වෙහෙස විය යුතු වන නිසාය. 

බැංකු තුල විශාල වශයෙන් මුදල් ලබා ගැනීමට පෝලිම් දක්නට ලැබෙන අතර බැංකුවෙන් පිටත ඒටීඑම් යන්ත්‍ර අසලද දිගු පෝලිම්ය. එකම යන්ත්‍රයට දවසට කීප වතාවක් මුදල් යොදන අවස්ථාද තිබෙන්නේය. ඒ තරමට මුදල් ගැනීම් වැඩිය.  ඒ නිසා බොහෝ බැංකු වෙනදාට වඩා වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරමින් තමන්ගේ ගණුදෙනුකරුවන්ට තම මිලදී ගැනීම් සඳහා තමන්ගේ ඒටීඑම් ඩෙබිට් කාඩ් පත හෝ ක්‍රෙඩිට් කාඩ් පත පාවිච්චි කරන්නැයි දැනුම් දෙන්නේ හැමගේම පහසුවටය.

බැංකු ගිණුමෙන් මුදල් ගැනීමට පෝලිමේ සිට ලබා ගන්නා මුදල් රැගෙන ගොස් සාප්පු සවාරි කර බැංකුවෙන් ගත් මුදල් වලින් බිල්පතේ මුදල් ගෙවීමට ත් පෝලිමේ සිටීමට වඩා පහසු ක්‍රම දැන් තිබෙන නිසාය. බිල්පතේ මුදල් ගෙවීමේදී මාරු සල්ලි ප්‍රශ්නය පැන නැඟීමත් මුදල් ආරක්ෂා කර ගැනීමත් අනවශ්‍ය වන්නේය. (මුදල් ගොඩක් ගෙනියන අයට 5000 කොළ රැගෙන යා හැකිය.එවිට ආරක්ෂා කළ යුතු මුදල් නෝට්ටු ගණන අඩුය. එක කොළයක් නැතිවූ විට පාඩුව වැඩිය.) 

බිලේ වටිනාකම 5000 න් හරියටම බෙදෙන ගුණාකාරයක් වෙන්නේ කලාතුරකිනි. එනිසා ඉතිරි මුදල් දෙන්නට වෙන්නේ පොඩි සල්ලි වලිනි. කවුන්ටරේ නංගි හෝ මල්ලි රුපියල් 5ක් දෙන්න පුලුවන්ද 55ක් දෙන්න පුලුවන්ද කියා අසනවිට ෂොපින් කරන කෙනාට තරහා යයි. ඉතින් සෙනඟ මැද්දේ අර කවුන්ටරේ කෙනාට බණින්නේය . නැතිනම් මාස ගාණක් සුද්ද නොකළ තමන්ගේ බෑග් එක නැතිනම් පොකැට්ටුව ඇර අඩිය එළියට හරවා මාරු සල්ලි හොයන්නේය. සාප්පු වල සෙනඟ ගැවසෙන වෙලාවක් නිසා තව කීපදෙනෙකුගේ බිල්පත් වල වෙලාව අපතේය. ඉතින් කාඩ් එකෙන් ගෙවන්න කියා ඇඩ් දාන්නේත් කාඩ් එකෙන් ගෙවද්දී වට්ටම් දෙන්නේත් ඒ නිසාය. ඒ අන්තිම රුපියල දක්වාම ඉක්මනින්ම කාඩ් එකෙන් ගෙවන්න පුලුවන් නිසාය.
වැඩ කරන තැනට පොඩ්ඩක් මාකටිං පාරක් දෙන්න එපැයි.



සමහර ගණු දෙනු කරුවන්ට තමන්ගේ කාඩ් එකෙන් දවසට ගන්න පුලුවන් 40000 යි 50000 යි කියලා හිතේවි. ඒ නිසා සල්ලි බැංකුවෙන් අරන් යන්න ඕනෑ යයි කියාවි. නමුත් එක බිලකට රුපියල් 30000ට වඩා වියදම් කරන්නේ එහෙමත් කෙනෙකි. ඒ අයට අනිවාර්යෙන්ම ක්‍රෙඩිට් කාඩ් තිබෙන අතර දෛනික ගණුදෙනු සීමාව 40000ට බෙහෙවින් වැඩිය. ඒ නිසා ෂොපිං කරන්ද්දී කාඩ් එකෙන් ගෙවු විට වියදම ඉලක්කම් වලින් විතරක් දකින නිසා කීයක් වියදම් වුනාදැයි නොදැනේ. ඒ නිසා ඉළඟ මාසෙ කොහොම ජීවත් වුනත් දුකක් නැතිව ෂොපිං කළ හැක. ගිණුමේ මෙච්චර තිබුනා කියලා හිතෙන්නේ වියදම අඩු කර ගන්න නොව වියදම සාධාරණීකරණය කිරීමටත් ගෙවිය හැකි බව තහවුරු කර ගැනීමටත්ය. සාක්කුවට පාඩුවක් නැත.රෙදි සාප්පුවටත් පාඩුවක් නැත. අද කාලා එපැයි හෙට කන්න. 
ඉස්සුවේ www.boc.lk

පලි- ෂොපිං කරද්දී පොකැට්ටුව පරිස්සම් කරනා තරම් සැලකිල්ලෙන් කවුන්ටරේ අසළ පෝලිමේ තමන්ගේ තැන ආරක්ෂා කරගන්න. අද මම ෂොපිං කරත්දී මට කලින් සිටි අයගේ බිල දමන තුරු කවුන්ටරේට ඇතිල්ලෙමින් සිටීම හරි නැතැයි සිතා අඩියක විතර ඉඩක් තබාගෙන සිටියෙමි. එක්වරම දෙදෙනෙක් මට ඉස්සරහින් හිටගෙන "එහා පැත්තෙ පෝලිමට ගියේ නැත්තෙ හොඳ වෙලාවට" යි කතා වෙනු ඇසුණි. අනික් කෙනා කීවේ "එතැන හිටියනම් ගොඩක් වෙලා යාවි"  කියාය. මම ඒ මිස්ලා දෙන්නාට කතා කර "මිස් ඉක්මනට යන්න පුලුවනි. ඒත් පිළිවෙලක් තියෙනවා" කී විට "පෝලිමක් තිබුණද. සොරි අපි දැක්කේ නෑනෙ" යි කියා මට මගේ තැන ලබා දීමට තරම් කාරුණික විය.

16 comments:

  1. මාත් මේ ඩෙබිට් කාඩ් එකක් ගත්ත විතරයි..හැබැයි සම්පත්...! :)

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ. කොහෙන් ගත්තත් වියදම පාලනය කරන්න. ඒ වගේම sms alert පහසුකම ලබා ගන්න. එතකොට payment කරපු ගමන් sms එකක් එනවා. ඒ වගේම මේ දවස් වල කාඩ් පත් වලට වට්ටම් දෙන්න බොහොමයක් බැංකු - සාප්පු එක්ක ගිවිසුම් ඇති කරගන්නවා.

      Delete
  2. කාඩ් ක්‍රමයට හුරු වෙච්ච අයට සාමාන්‍ය මුදල් ගණුදෙණු ඇත්තටම බෑ. ඒකට හොඳම උදාහරණය මම.
    මම 50€ වලට වඩා කෑශ් තියාගන්න කෙනෙක් නෙමෙයි. ගෙවන්න පුළුවන් හැමතැනකම කාඩ් එකෙන් ගෙවන්නේ. කාලය විතරක් නෙමෙයි සල්ලිත් කීයක් හරි ඉතුරුයි. කෑශ් නම් කීයක් තිබුනත් හවස ගෙදර ඇවිත් බලද්දි ශතයක්වත් නෑ. කාඩ් එකෙන් ලොකු කන්ට්‍රෝල් එකක් තියෙනව. මම කොහොමත් මම ආසා කරන දේවල් ගන්නවා. ඒත් කෑශ් වලට වඩා කාඩ් එක අස්සේ මොනා හරි කන්ට්‍රෝල් එකක් තියෙනවා කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නෙ කාඩ් එකට පුරුදු වෙලා තව ටික කාලයක් යද්දි කාඩ් එකෙන් අපේ වියදම් පාලනය කරන්න ගොඩක් ලේසි වේවි කියලායි.
      පහුගිය අවුරුද්දෙ ටිකක් විතර ඉතුරු කරන්න ට්‍රයි කලාට වැඩේ හිතපු තරම් සාර්ථක වුනේ නෑ. දැන් කරන්නෙ වියදම් කරන්න පුලුවන් මුදල කාඩ් එක තියෙන ගිණුමට ට්‍රාන්සර් කරලා වියදම කාඩ් එක හරහා කරන එක.
      කාඩ් එක නිසා මාරු සල්ලි කරදරය නැති එක නම් හරිම පහසුවක්.

      Delete
  3. ශොපින් කාඩ් එකක් කාලයක් භාවිතා නොකර තිබීමෙන් එය අවලංගු වෙනවාද? ඒක එක එක බැංකු වලට අනුව වෙනස් වෙනවද?

    ReplyDelete
    Replies
    1. අපේ නම් ගිණුමින් මුදල් නොගෙන මාස ගණනක් තිබුණොත් ඒ අතරතුර මුදල් තැන්පත් කළ හැකි වුනත් නැවත මුදල් ගැනීම තාවකාලිකව නවත්තනවා. එවිට බැංකු ශාඛාවකින් එම ගිනුම මුදල් ගත හැකි තත්වයට පත් කළ හැකියි. විදෙස් ගත වීම්, පොත් අස්ථානගතවීම් වගේ දේවලදි වංචා අවම කරන්න මේ ක්‍රමය බොහෝ බැංකු පාවිච්චි කරනවා. නමුත් අඩුම තරමින් මාස කීපයකට වරක්වත් පොතින්(කවුන්ටර් හරහා) හෝ කාඩ් පත මගින් මුදල් ලබා ගැනීමක් සිදු කරලා තිබුනොත් එහෙම නැවතීමක් සිදු වෙන් නෑ. කාඩ් පත අවලංගු කිරීමක් නොකරන නමුත් යම් කාලයක් ගිනුමින් මුදල් නොගැනීම නිසා ගිනුමින් මුදල් නිදහස් කිරීම තාවකාලිකව නවත්තන නිසා එම ගිනුමේ කාඩ්පතින් මුදල් ගැනීමත් නවතිනවා. නමුත් ගිනුමේ ප්‍රශ්නය මඟ හැරුණම ආයෙත් කාඩ් පත වැඩ කරනවා.

      Delete
  4. Boc bank card walata discount labenne harima aduwen. Anith banku walata sha pekshawa

    ReplyDelete
    Replies
    1. නෑ. පහුගිය අවුරුදු කීපයේම වට්ටම් ලබා දීම සිදු කළා. අපගේ වට්ටම් ගැන දැනුම් දීම atm යන්ත්‍ර හා අපගේ ශාඛා වලිනුත් පෝස්ටර් / පුවත්පත් දැන්වීම් මගිනුත් සිදු කරනවා.
      නමුත් සමහර කඩවලදි මේ වට්ටම් ගැන පාරිභෝගිකයා විමසුවත් එහෙම එකක් නැති බව කියන අවස්ථා මම පුද්ගලිකව දැකලා තියෙනවා. ඒ වුනත් විශාල හා ශාඛා කීපයක් ඇති කඩ/සාප්පු වලදී එතැන කවුන්ටර් වල අය පාරිභෝගිකයාට ලැබෙන වට්ටම් ගැන දැනුම් දීමත් ලබා දීමත් සිදු කරනවා.

      Delete
  5. අපේ මිනිස්සුන්ට පෝලිම් පනින එකත් විනෝදාංශයක්නෙ.

    මුදල් බාවිතයට වඩා කාඩ් බාවිතයෙ ඇත්තෙන්ම වාසි තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. මේ වගේ දවස්වල මාරු සල්ලි හොයන්න පටන් ගත්තම පෝලිමේ තවත් කෙනෙකුගේ වෙලාව ගයනවා එක බිලකට.

      Delete
  6. කාඩ් පාවිච්චි කරන එක නම් ඇත්තටම වාසියි.. හැබැයි ඉතින් සල්ලිත් කීයක් හරි අතේ තියාගන්නම වෙනවා.. මොකද හැමතැනකම වගේ කාඩ් පාවිච්චිය නැහැනේ..

    ReplyDelete
    Replies
    1. හිහි. ඔව්. අනිවාර්යෙන්ම.

      Delete
  7. ඒක නෙමේ මල්ලි BOC ලෝන් වලට පොලී අනුපාතය කීයද ?

    ReplyDelete
    Replies
    1. www.boc.lk - INTEREST RATES FOR ADVANCES
      http://web.boc.lk/index.php?route=information/information&information_id=36

      විස්තර මදි වගේනම් 011 220 44 44 න් දැනගන්න පුලුවනි.

      Delete
  8. හුටස් බී ඕ සී නං එපාම උනා මගෙ කාඩ් එකත් වැඩ නෑ දැං... බැංකුවට ගියාම පික්සු කොර උංගෙ වැඩ ටික කොරගන තමා අපි දිහා බලන්නෙ
    උං තේ බොනව නං අපි බලං ඉන්න ඕන උංගෙ කයියිය් තේ එකයි ඉවර වෙනකං... සෙක් ඉතරක්

    ReplyDelete
  9. සමහර තැන් වල ඒ වගේ දේ දකින්න පුලුවනි තවම. ඒ වගේ වෙලාවට කළමණාකරු හමුවෙලා පැමිනිලි කරන්න. දැන් සැම ශාඛාවකම කෙනෙකු පත් කරලා තියෙනවා පැමිණිලි බාර ගන්න. නැතිනම් http://web.boc.lk/index.php?route=information/contact මගින් දන්වන්න. අදාල අංශ වලට ඒ ගැන දැනුම් දේවි.

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails