Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Saturday, February 15, 2014

සැලුන් කතාවක් (ජාතිවාදී අදහසින් නොවේ)

නිවාඩු දවසේ උදේ 9.30 ට විතර ටවුමට ගියා කොන්ඩෙ කපාගන්න.උදේම ගියෙ නැත්නම් සැලුන් එකේ සෙනඟ වැඩි වුනාම ගොඩක් වෙලා ඉන්න වෙන නිසා මම සාමාන්‍යයෙන් උදේම යනවා කොන්ඩෙ කපා ගන්න.   

(පුරුද්දක් වශයෙන් යන සැලුන් එකේ බෝඩ් එකක් ගහලා තියෙනවා  උදේ 8.30 හවස 6.30 වෙනකන් විවෘතයි කියලා. ඒත් මීට කළින් වතා වල පවා 8.30 ට නෙවි 9.00 ට විතර සැලුන් එක ඇරපු බව මතක නිසා තමයි 9.30ට විතර ගියෙ.)

අද 9.30ට විතර ගිහිල්ලත් සැලුන් එකේ දොර බාගෙට ඇරලා වැඩ කරන කෙනා හඳුන්කූරු ගේන්න ගිහින්. ටික වෙලාවක් ඉද්දි තව කීපදෙනෙක් එකතු වුනා කොන්ඩෙ කපා ගන්න. අතුගානකන් අපි එළියෙ. වැඩ කරන කීප දෙනෙක් හිටියත් මුලින්ම එන කෙනා ඇවිත් ගොඩක් වෙලා යනකන් අනික් අය එන් නෑ. තවත් දෙයක් අනික් කෙනා ආපු ගමන් කොන්ඩෙ කපා ගත්තු කෙනා යද්දි ඒ මුලින් ආපු වැඩ කරන කෙනා (කරණවෑමියා) යනවා තේ බොන්න. ඉතින් ඉන්න සෙනඟ ගොඩක් වෙලා ඉන්න ඕන තමන්ගෙ වාරය එනකන්. මමත් සමහර දවස් වල කොන්ඩෙ කපාගන්න කණ්නාඩිය ඉස්සරහ පුටුවෙ වාඩි වෙලා ඉඳලා තියෙනවා අර මනුස්සයා තේ බීලා එනකන්.

ඊයෙත් වහලා තිබුන නිසා අදවත් කලින් වරෙල්ලාකො වැඩට. අපි නිවාඩු දවසට ළඟ ම ටවුමට ගිහින් කොන්ඩෙ කපා ගන්න බලන්නෙ සතියෙ දවස්වල ඉන්න ප්‍රදේශයෙ සැලුන් නැතිව නෙවි. අපි දන්නා අඳුරන ගමේ එකෙක්ගෙන් කොණ්ඩෙ කපාන ඌට සල්ලි දීලා එන්න තියෙන ඇඟේ අමාරුවට.

මම ඉතින් අද නම් එතැනින් කොණ්ඩෙ කපා නොගෙන වෙන තැනකට ගියා.  එතැන හිටියෙ දෙමළ කොල්ලෙක්. ඊයෙත් වැඩ කළාලු හවස් වෙනකන්. වීක්එන්ඩ් නැත්නම් නිවාඩු දවස් කියලා නිවාඩු ගන්නෙ නෑ ලු. සතියෙ දවස්වල කොන්ඩෙ කපන්න එන ගාන අඩු නිසා සතිය මැද නිවාඩු දැම්මත් සති අන්තෙ වැඩ කරනවාමලු.  එතැනට ගියේ හො‌ඳ වෙලාවට.  මොකද මම ගෙදර එද්දි කරන්ට් එක නෑ. ටවුමෙත් කරන්ට් නෑ කියලා මස්සිනා ඇවිත් කීවා. 

අපි කොයිතරම් සිංහල ජාතිකත්වය ගැන කතා කරත් මොන සේනා ආවත් අපේ වෙළෙඳුන්ගෙ ආකල්ප වෙනස් නොකර බිස්නස් වැඩි කරගන්නවත් වෙනත් ජාතින්ගේ වෙළඳසැල්වලින් සේවා ලබා ගන්න අයව නවත්තන්නත් අමාරුයි. මොකද වෙනත් ජාතිකයින් ඔවුන්ගේ ජාතිකයින්ගේ වෙළඳසැල් වලට යනවා වුනත් අපි ඒ විදියට සිංහල බෞද්ධ ව්‍යාපාර නංවන්න හිතාන අපේ වටිනා කාලය හා මුදල් වැය කරනවා කියන්නෙ තේරුමක් නැති දෙයක් වෙනවා අපේ  නිවාඩු දවසින් බාගයක් විතර එක වැඩක් වෙනුවෙන් ගත කරන්න වුනොත්.

මේක ලීවෙ ජාතිවාදී අදහසින් නෙවි. ව්‍යාපාරිකයින් ව්‍යාපාර කරන්න නොදන්නවානම් සේවා ලාභීන් වෙනත් ව්‍යාපාරිකයින් වෙත යාම නවත්තන්න බැරි බව පෙන්වන්නයි.

15 comments:

  1. ඒ අය පාරිභොගිකය රදවගන්න දන්නව ඒකනේ එයාලට බිස්නස් හරියන්නෙ .අපේ මිනිස්සු බලන්ඩ එපැයි කඩේකට ගියාම හරියට අපිට ඕනේවට වගේ බිස්නස් කරන්නෙ, ඕනෙනම් ගනින් නැත්තම් නිකම් හිටපන් තාලෙට.

    ReplyDelete
    Replies
    1. මේ ගැන වෙළෙඳුන් හිතන්න පටන් ගත්තට පස්සෙ පුලුවනි බිස්නස් වැඩි කරගන්න.

      Delete
  2. අනිවා අපේ අයගේ සේවාව අන්තිමයි පාරිභෝගිකයො ගැන හිතන්නේ නෑ අපේ අයගේ සේවාව අන්තිමයි වෙන ජාති වල අය හොදට කතාබහ කරලා ගානට වෙලදාම කරගන්නවා අපේ අයගේ සේවාව දියුනු කරන්නේ නැතුව වෙන ජාතීන්ගේ කඩ වර්ජනය කරන්න කියන එක හරි විසදුමක් නෙමෙයි මම නම් හිතන්නේ.

    අපිත් එක්කත් එකතු වෙන්න sinhalahelp.com

    ReplyDelete
    Replies
    1. වර්ජනයෙන් පාඩු වෙන්නෙත් අපිටමනෙ

      Delete
  3. ලොක්කා, තුට්ටු දෙකට කොන්ඩේ කපන්න යනවට ඔව්වා හොඳ පාඩම්. යනවකෝ හොඳ බාබර් සාප්පුවකට.

    ReplyDelete
    Replies
    1. ඇයි ඒවයෙ කොන්ඩෙ කපන්නෙ මැෂින්/කතුරු වලින් නෙවිද?

      Delete
  4. බ්ලොග් පෝස්ට් එකක් දාන්න තරම් රිදුනා සිංහලුනී

    ReplyDelete
  5. කවුද කියල තියෙන්නෙ අර අර සිංහලයා කලාවටත් මුස්ලිම් ජාතිකයා වෙළදාමටත් දක්ෂයි කියා.පැරැන්නන් ඒව කිව්වෙ කට කහනවට නෙවි යාළු. ඒක තමා ඇත්ත. හැබැයි මෙහෙමත් එකක් තියෙනවා සර්ව සම්පුර්ණයෙන්ම නෙවී.කම්මැලි නැති දක්ෂ උදවිය ඕන තරම් ඉන්නවා.
    ඒ මොනව උනත් කතාව ඇත්ත. ඔය වගේ උන් ගාවට යන එවුන්ටත් විසතරේ කියල යන්න එපා කියන්න ඕනෙ.කම්මැලි හැත්ත කාලෙ කාබාසිනිය කරනවා

    ReplyDelete
    Replies
    1. බිස්නස් වැටෙනකොට ඇස් ඇරේවිනෙ.

      Delete
    2. කලාවට ?? හිකිස් !!
      මේ දුපත් පොජ්ජෙන් එහාට ගිහිල්ල ලෝකේ ටිකක් හරි ප්‍රසිද්ද වෙච්ච් ගායකයෙක් ගේ , සංගීත නිෂ්පාදකයෙක් ගේ , චිත්‍ර ශිල්පියෙක් ගේ , ගුවන් විදුලි/රුපවාහින්/චිත්‍ර පටි ශිල්පියෙකුගේ හෝ රචකයෙක් ගේ එක නමක් බේතකට වත් මතක් කරොත් එහෙම .....

      Delete
  6. ඕවා ඉතිං බිස්නස් ට්‍රික්ස්නේ යාළුවා

    ReplyDelete
    Replies
    1. ට්‍රික්ස් තමයි. නමුත් පාරිභෝගිකයා හඳුනා ගැනීමත් වෙළඳාමෙ ම කොටසක්නෙ.

      Delete
  7. අද මුලින්ම ගොඩවුනේ. රහයි පෝස්ටුව.. ජය!!

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails