Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Saturday, July 6, 2013

ඩෙබිට්කාඩ් ක්‍රෙඩිට්කාඩ් භාවිතයේ දී අත්සනට හිමි තැන...


මගේ ඩෙබිට් ක්‍රෙඩිට් කාඩ් කිසිවක පිටුපස සුදුපැහැ තීරුවේ මගේ අත්සන යොදන්න මම උනන්දු වුනේ නෑ මෙච්චර කාලයකට. නමුත් අද දවසේ සිදු කරපු මිලදී ගැනීමකදි මම කාඩ්පත ඉදිරිපත් කළාම එම කාඩ්පතේ අත්සන නැති බැවින් කාඩ්පත මත මගේ අත්සන යොදන ලෙස කවුන්ටරයේ මුදල් අයකැමිවරිය ඉල්ලා සිටියා. එම අවස්ථාවේ කාඩ්පත මත අත්සන යෙදීමට මම ප්‍රතික්ෂේප කළා මගේ කාඩ්පතේ මගේ අත්සන තහවුරු කිරීමේ අයිතිය තියෙන්නෙ බැංකුවට වන නිසා. 

නමුත් එම අවස්ථාවේ මට කල්පනා නොවුනු දෙයක් පසුව කල්පනාවට ආවා. කිසියම් කෙනෙකුගේ කාඩ්පතක අත්සන යොදා නොමැති විට වෙළඳසැලේ දී එම කාඩ්පත පාවිච්චි කළේ නියම හිමිකරුම දැයි තහවුරු කරගන්න මුදල් අයකැමිට තිබෙන අවස්ථාව මඟහැරෙනවා. එවිට එතැනදී අනන්‍යතාව තහවුරු කරගැනීමේ ගැටලුවක් ඇති වෙන්න පුලුවනි. නමුත් මුදල් අයකැමි විසින් කාඩ්පත මත අත්සන යෙදීමට පැවසීමෙන් කිසියම් විටෙක කවුරුන් හෝ තම නිවසේ හෝ වෙනත් අයෙකුගේ කාඩ්පතක් මත තම අත්සන තැබීම සිදු කළ විටක නියම හිමිකරුට තමන්ගේ කාඩ්පත පාවිච්චි කිරීමේ අවස්ථාව නැතිවෙන්න පුලුවනි. 

ඩෙබිට්කාඩ් ක්‍රෙඩිට්කාඩ් පාවිච්චි කරන බොහෝදෙනෙක් ඒ කාඩ්පත් මගින් ගෙවීම් සිදුකරන්න පෙළඹෙනවා නිරායාසයෙන්ම. නමුත් බොහෝවිට මේ කාඩ්පත් බොහොමයක පාවිච්චි කරන්නා අත්සන යොදලා නෑ. මේකට හේතුවන්නේ බැංකුවෙන් එම කාඩ්පත් නිකුත් කරන වෙලාවෙදි ගිනුම් හිමියාගේ අත්සන ඒ කාඩ්පත මතට නොගැනීමයි. නමුත් මේ වෙද්දි අපි බොහෝවිට නිකුත් කරන කාඩ්පත් වල පිටුපසට කාඩ්පත් හිමියාගේ අත්සන අනිවාර්යෙන්ම ලබා ගැනීමට කටයුතු කරනවා.
මේ විදියට අත්සන් ගැනීමෙන්  කාඩ්පත හිමි අයට පමණක් එය සුපිරි වෙළඳසැල් ආදී POS යන්ත්‍ර සහිත ස්ථාන වලදී පාවිච්චි කරන්නට ඉඩ ලැබෙන අතර වෙනත් අයෙක් එම කාඩ්පත පාවිච්චි කිරීම වැලකෙනවා. නමුත් බොහෝ වෙළඳසැල් වලදී කාඩ්පත් මගින් කරන ගෙවීම් සඳහා කාඩ්පතේ අත්සන හා රිසිට් පතේ අත්සන සසඳා බැලීමක් කරන්නේ නැහැ. මම මෙතරම් කාලයක් ගත වෙලත් අද දිනයේ තමයි අත්සන සසඳා බැලීමකට මුහුණ දුන්නෙත්.


එබැවින් තමන්ගේ කාඩ්පත මත තමන්ගේ අත්සන යෙදීමට ත් තමන්ගේ කාඩ්පත වෙනත් අයෙකුට නොදීමට ත් වගබලා ගැනීම හැම අතින්ම වැඩදායී වෙන්න පුලුවනි.ඒ වගේම දැනට බොහොමයක් බැංකු තමන්ගේ ගනුදෙනු කරුවන්ට ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ් පාවිච්චියේදී FREE SMS ALERT පහසුකම මගින් ගනුදෙනුව පිළිබඳව එම මොහොතේම දැනුම් දෙන්න කටයුතු කරනවා.

7 comments:

  1. මම ඇඳුම් ගන්න ගියාම එහෙම ගොඩක් වෙලාවට ගෙවන්නේ ඩෙබිට් කාඩ් එකෙන්. මගේ අත්සන ටිකක් දිගයි. සමහර කඩවල් වල අත්සන් කරන්න ගියාම කියනවා කෙටි අත්සනක් ගහලා දෙන්න කියලා. ඉතින් ඒ උපදෙස නිසා මාත් කෙටි අත්සන් ගැහුවා. දවසක් කොහේදී හරි ඔය කෙටි අත්සන නිසා චෝදනාවක් ආවා කාඩ් ඒක මගේ නෙවේ කියලා. එදා ඉඳන් මම කොච්චර වෙලා ගියත් කාඩ් එකේ ගහලා තියන මගේ දිග අත්සනම බිලෙත් ගහනවා

    ReplyDelete
    Replies
    1. චෝදනාව ආවෙ නුවර නගරසභාව ආසන්නයේ ඇති කඩයකදි වෙන්ටැ..

      Delete
  2. //මට හිතුන දේ, හිතෙන දේ, ඒ වගේම මම දුටුව දේ, මට හිතෙන විදියට ලියන තැන//
    ඔයාගේ ආදර්ශ පාඨය විදියටම, ගනුදෙනුකරුවෙක් වශයෙන් ඔයාට හිතෙන දේ කියලා තියෙන බව මම විශ්වාස කරනවා. ඇත්තටම මෙහෙමයි. බැංකුවක් තමන්ගේ ගනුදෙනු කරුගේ අත්සන සහතික කර ගන්නේ ගිණුම් වලින් මුදල් ගන්න තිබෙන පාස්පොතේ, නැත්නම් චෙක් වලට යොදන ආදර්ශ අත්සන. ක්‍රෙඩිට්/දෙබිට් කාඩ් වල මේක කරන විදිය වෙනස්. එතැනදී කරන්නේ නියම ගනුදෙනුකරුගේ අතට කාඩ්පත දෙන එක. අත්සන යෙදීම ගනුදෙනුකරුට පවරනවා. මොකද හිතන්න ගනුදෙනුකරු විදේශගතව ඉන්නවා කියලා එතකොට අත්සන එයාටම දා ගන්න කාඩ් එක යවන්න වෙනවා. දැන් කාලේ වෙළෙන්දෝ අත්සන බලනවා අඩුයි.

    ReplyDelete
    Replies
    1. අපි නම් දැන් කාඩ්පත දෙන්නෙ නියම හිමිකරුගේ අත්සන ලබාගෙන එ්ක ගිනුමේ අත්සන සමඟ සසඳා බලලායි. ගිනුම හිමිකරුගේ ලියුමක් තිබුණොත් එහි දන්වා තියෙන කෙනාට කාඩ්පත දෙනවා අත්සන නොගෙන. ඒත් අපි ලිපියක් තියාගෙන කාඩ්පත දෙන අවස්ථා බොහොම අඩුයි. ක්‍රෙඩිට්කාඩ් නම් දැන් අපි ගනුදෙනුකරුගේ නිවසටම පාර්සල් කරලා යවනවා. ඒ නිසා අත්සන ගන්න විදියක් නෑ. නමුත් ඩෙබිට් කාඩ් පාර්සල් කරලා එවන්න කියලා ලිඛිත ලියවිල්ලක් නැත්නම් පින් අංකය විතරයි නිවසට යවන්නෙ.

      Delete
  3. පළමුවරට ක්‍රෙඩිට් කාඩ් එක බැංකුවෙන් ගනිද්දි බැංකු නිලධාරියා ඉදිරිපිටදිම අත්සන් කරවනවා. නමුත් එය අළුත් කිරීමේදී බොහෝවිට නව කාඩ්පත තැපෑලෙන් ගෙදරට එවන එක තමයි වෙන්නේ. ඒ වෙලාවට අපි අත්සන් කරනවාද නැද්ද යන්න ගැන බැංකුවට බලන්න පුළුවන්කමක් නෑ

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඒත් අත්සන්කරලා කාඩ් එක තියා ගන්න එක ගනුදෙනුකරුගේ වගකීමක්.
      කාඩ්පත පිටුපස අත්සන යොදන තීරුව අසල AUTHORIZED SIGNATURE- NOT VALID UNLESS SIGNED කියලා සඳහනකුත් තියෙනවා..

      Delete
  4. Umba wage gon booruwek, umba danda own danne.

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails