Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Sunday, June 9, 2013

සෝෂල් ඩ්‍රින්කින් කරලා පාටියකදි වෙරි වීම

සමහරු ඉන්නවා මධුවිත ගන්න ගියාම සීමාවක් නෑ.. හිතන්නෙ තමන් පාටියට ආවෙ බොන්න, බීලා වෙරි වෙන්න කියලා. ඉතින් පාටියට ගිය ගමන්ම හොයන්නෙ බොන්න තියෙන්නෙ කොතැනදිද කියලා. ඉතින් වටේ පිටේ ඉන්න අය ඉස්සරහ ඇඹරි ඇඹරි ඉඳලා බොන්න ආරාධනාව ආපු ගමන් අනික් අය ඉස්සරහ තව තවත් ඇඹරි ඇඹරි දඟලලා ඉතින් යනවා බෝතලයක් හොයාන. ඉතින් පටන් ගන්නවා බොන්න. ඒ බොන්නෙත් බාර් එකට ගිහින් බොන විදියටමයි. ඒ කීවෙ බාර් එකේ පෝලිමේ ඉඳලා බොනකොට ඉක්මනට බීලා එළියට යන්න ඕන සිහියෙන් බොන නිසා කරන්නෙ වීදුරුව උගුරට දෙකට හිස් කරන එක. ඉතින් පාටියෙදිත් ඒ තියරියම ඇප්ලයි කරලා කීපදෙනෙක් එක්ක වටවෙලා චියර්ස් කියලා පටන් ගන්නවා බොන්න

මෙන්න ඉතින් විනාඩියක් විතර යද්දි වීදුරුව හිස්වෙලා. විනාඩියක් කීවට තත්පර 10 විතර ඇතුලත වීදුරුව හිස් කරන්න අපේ අය හරිම දක්ෂයි. ඉතින් විනාඩි පහක් විතර යනකොට පටන්ගන්නවා පොරටෝක් වටය. ඒ කියන්නෙ තවම වීදුරුව හිස් නොකරපු අයට කියනවා ඉක්මනින් ඉවර කරන්න තමන් වගේ කියලා. ඊට පස්සෙ ඊළඟ වටය. තමන්ගෙ වීදුරුව පුරවගන්න අනික් අයගෙ විදුරු ඉක්මනින් හිස් කරවනවා. ඊළඟ වටේදි වටේ ඉන්න අයගෙ විදුරු පුරවන්න ත් ඉදිරිපත් වෙන්නෙ අර පොරටෝක් දාපු කෙනාමයි. ඔහොම ටික වෙලාවක් යද්දි කියන්න පටන් ගන්නවා
අයියෝ තවම දෙවෙනි ෂොට් එකද? ඉක්මනට ගන්නකො" විදියට කියවනවා

තවත් ටිකකින් කෑමට ආරාධනාවත් ලැබෙනවා. ඉතින් කීපදෙනෙක් නැගිටලා යන්න ලෑස්ති වෙද්දි කියනවා "අයියෝ තවම බෝතලේ ඉවරත් නෑ . අපරාදෙනෙ බෝතලේ. ඒ නිසා මේ ටිකත් ඉවර කරමු කියලා ආයෙත් වත් කරගන්නවා. උත්සාහ කරන්නෙ බෝතලේ පතුල බලන්න. අනිත් අයටත් කියනවා තව එක ෂොට් එකක් ගන්න කියලා. ඒත් අන්තිමට කන්න නැගිටින්නෙ හොඳසිහිය නැත්තටම නැතිවුන කෙනෙක්. ඉතින් කන්න ගිහිල්ලාත් හැමදේම බෙදාගෙන වටේම ඉහිරවමින් කාලා වටපිටාවත් අපිරිසිදු කරනවා. ටික වෙලාවකින් කටකපලා නිදි. පස්සෙ දවසක ටෝක් දෙනවා "ඌ වැඩක් නෑ.ඌට බොන්න බෑ. ඌත් එක්ක බීලා බෝතලයක් හිස් කරන්න බෑ" කියලා.

බොහෝදෙනා නොසිතන දෙයක් තමයි මංගල උත්සවයක් වගේ වෙලාවක බොන්න එන්න කියන්නෙ බෝතල් ටික ඉවර කරන්න කියලාවත් බීලා වැටෙන්න කියලාවත් නොවන බව. දැන් කාලෙ තියෙන අවිවේකි ජීවන රටාව එක්ක බොහෝවිට පවුලේ බොහෝදෙනෙක් මුනගැහෙන්නෙ මේවගේ අවස්ථාවකදි විතරයි. ඉතින් එදාට ආගිය කතා විස්තර කතාබහ කරන එක අතර බොන්න කතා කරාම ලෝකෙ අන්තිම බෝතලේ අඩිය බලන් නැතිව හෙමි හෙමින් වීදුරුව තොලගාමින් අවට අය එක්ක සතුටු සාමිචියේ යෙදෙන එක තමයි සිදුවිය යුත්තෙ. නැතිව සිහිය විකල් වෙන මට්ටමට බීලා අවට අය එක්ක රණ්ඩු වෙන එකවත් අනික් අයගෙ කරපිටින් යන්න සලස්වා ගැනීමත් තුලින් වෙන්නෙ තමන්ටයි අනුන්ටයි හැමදෙනාටම උත්සවයේ මිහිර විඳින්න නොලැබෙන එක. දරුවන් එක්ක උත්සවයට සහභාගි වුනානම් ඒ දරුවන් පත්වන අසීරුව ගැනත් ටිකක් හිතන්න ඕන. සෝෂල් ඩ්‍රින්කින් (social drinking) කියන්නෙ මේ වගේ උත්සව අවස්ථාවල මධුවිත තොලගාන්න අවසර ලබාගන්න බොහෝදෙනා පාවිච්චි කරන යෙදුමක්.  

නමුත් මේ වගේ වෙලාවක බීලා තමන්ගෙ සෝෂල් කම විනාශවෙන මට්ටමට පත්වෙනවට වඩා තමන්ගෙත් අන් අයගෙත් ගෞරවය රැකගෙන සෝෂල්ඩ්‍රින්කින් කළ යුතුයි.

10 comments:

  1. ඔය මොන බීමකටවත් මම නම් ආසා නැහැ

    ReplyDelete
  2. පාටියකදි බීල වැඩිවෙන එක අවුලක් නැහැ යාලුවො විතරක් ඉන් තැනකදි..නෑයො ඉන්නවා නම් චාටර් වැඩේ...වෙන්නෙ..
    එච්චර ඉතිං ගනන් ගන්න දේකුත් නැහැ ඒකෙ...අපි බොන්නෙ වෙන කිසිම දේකට නෙමෙයි වෙරි වෙන්න නෙව...

    ReplyDelete
    Replies
    1. හික්ස්.. වෙරිවෙලා වැටුනම....නෑයො හිටියොත් වසලා හමාරයි..

      Delete
  3. ඔව්වා කොච්චර කිව්වත් වැඩක් නෑ අපේ බහුතරයකට බොන්න ගියහම ඔක්කොම අමතකයි...

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. නිකන් දෙනවානම් ඉතින්...ගොඩදෙනෙක් නානවා..

      Delete
  4. පාටියකට ගිහිල්ල බොන්න ඕනා විදිහ හරියටම කෙ‍ටුම්පත් කරලා කැබිනට් එකට යවමු...
    19 වෙනි ව්‍යවස්තා සංශෝධනය විදියට මේක දාමු.....:))

    ReplyDelete
  5. “අයියෝ තවම දෙවෙනි ෂොට් එකද? ඉක්මනට ගන්නකෝ" ව‍ගේ කතා නං අප්පිරියයි.
    අදාල ස්ථානය, ඉන්න උදවිය, බිව්වට පස්සෙ යන්නෙ කොහොමද... කියන කාරණා සලකා බලල තමයි මංතුමා නං බොන්නෙ.

    ReplyDelete
    Replies
    1. බීලා වැඩිවෙලා වැටුනු අයව උස්සන් ගිහින් ම එපා වෙලා තියෙන්නෙ..

      Delete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails