Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Sunday, February 17, 2013

කඩුවට (ඉංගිරිසියට) බය වෙන්න දෙයක් නෑ..

අයියා මට නම් මිස් කතා කරන තරම් හොඳට ඉංග්‍රිසි කතා කරන්න බෑ. ඒ වුනාට සුද්දෙක් ඇවිත් කතා කරද්දි මිස් ට වඩා ලේසියෙන් සුද්දා කියන දේ තේරුම් ගන්න පුලුවනි. 

මොකද මෙතැනට එන සුද්දන්ටත් හරියට ඉංග්‍රිසි බෑ. මටත් බෑ. අපි දෙන්නම කතා කරන්නෙ ගොලුභාෂාවත් කලවම් කරල කැඩුනු ඉංග්‍රිසියෙන් නෙ. 

මේ කතාව මට කීවෙ අපේ ශාඛාවෙ පුහුනුවට ආපු මල්ලි කෙනෙක්. ඒ මල්ලි විදේශ මුදල් හුවමාරු කරන තැන වැඩකරද්දි එතැනට ආපු විදේශිකයින් එක්ක මිස්ට වඩා ලේසියෙන් ගනුදෙනු කරන්නෙ කොහොමද කියලා අපි අහනකොට තමයි මෙහෙම කීවෙ .

ලංකාවෙ රාජ්‍ය භාෂාව මොකක්ද කියලා කවුරුහරි ඇහුවොත් කවුරුත් කියාවි "සිංහල" කියලා. අපි බොහෝදෙනෙක්ගෙ මවුබස සිංහල. ඒ වුනාට අපි අත්දැකීමෙන් දන්නවා ලංකාවෙ ජීවත් වෙද්දි අපිට සිංහල වගේම ඉංග්‍රිසිත් අනිවාර්යෙන්ම දැනගන්න වෙනවා කියලා. මොකද අපි රජයේ ආයතනයකට ගියත් පුද්ගලික ආයතනයකට ගියත් සම්මුඛ පරික්ෂණයකට ගියත් අපිට ඉංග්‍රිසිය ඕන වෙනවා අනිවාර්යෙන්ම.

අනගාරික ධර්මපාලතුමා මීට අවුරුදු ගානකට කලින් කීවා සුද්දො අපේ රට අතෑරලා යනදාට කලුසුද්දො අපේ රට පාලනය කරාවි කියලා. ඒ වගේ ම අපේ සමාජය හැඩගැහිලා තියෙන්නෙත් පිටරටට ආවඩන අපේ දේ පහලට දාලා සලකන ආකාරයට.

නමුත් අපි හිතුවට අපිට ඉංග්‍රිසි බෑ කියලා ඒ අපි අපව අවතක්සේරු කරගන්න අවස්තාවක් විදියටයි මම නම් දකින්නෙ. අපි අතර ඉන්න ඉංග්‍රිසි කතා කරන අය නිසයි අපි ඉංග්‍රිසියට බය වෙලා තියෙන්නෙ.  අපි අතර ඉන්න ලාංකිකයො හිතන්නෙ ඉංග්‍රිසියෙන් කතා කරන්න නම් ව්‍යාකරණ හරියට දැනගෙන ඒවා පාවිච්චි කරන්න ඕන කියලා. ඒත් හොයලා බලන්න ඉංග්‍රිසි ජාතිකයෙක් හරි විදේශිකයෙක් හරි අපි කැඩුනු ඉංග්‍රිසියෙන් හරි ව්‍යාකරණ වැරදි ඉංග්‍රිසියෙන් හරි කතා කරා කියලා අපේ අඩුපාඩුවට හිනා වෙන්නෙවත් අපි එක්ක කතා නොකර ඉන්නෙවත් නෑ. එයාලා තේරුම් ගන්නවා අපි මොකක්ද කීවෙ කියලා අපේ ව්‍යාකරණ වැරදුනත්.

තවත් දෙයක් අපි හිතුවට අපේ රටට පිටරටින් එන හැමෝටම ඉංග්‍රිසි පුලුවන් කියලා ඒ ගොඩ දෙනෙක්ටත් ඉංග්‍රිසි නිවැරදිව කතා කරන්න බෑ. අපි ඉංග්‍රිසි පාවිච්චියට බය වුනාට අපි අතර ඉන්න බස්රථ සේවකයින් බොහෝදෙනෙක් බය නැතුව ඉංග්‍රිසි කතා කරනවා විදේශිකයින්ට වඩා හොඳට. ඒක මම දකින්නෙ ඒ අය වැරදි වැරදි හරි පහුබහින් නැතිව ඉංග්‍රිසි කතා කරන්න පෙළඹීම කියලායි.

4 comments:

  1. භය නැතුව කතා කරන්න. ඔබගේ උපදෙස හරි කියල හිතෙන්නෙ මාත් ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගත්තෙ එහෙම නිසා. ඉංග්‍රීසි ප්‍රවෘත්ති අහන්න, විදේශ ගුවන් විදුලි සේවා වලට ඇහුම් කන් දෙන්න....

    ReplyDelete
  2. ඇත්ත. මමත් මුලින් ඉංග්‍රිසි වලට බය නිසා සුද්දෙක් දැක්ක ගමන් මගඅරිනවා. ඒත් දැන් විදේශිකයො එක්ක කතාකරන්නෙ හරිම ආසාවෙන්. ඒත් මට අපේ රටේ අය එක්ක තවම කතා කරන්න අපහසුවක් තියෙනවා..

    ReplyDelete
  3. බය නැතිකරගන්න නම් කතා කරන්නම වෙනව.මටත් දැන් ටිකක් කඩ්ඩ පුලුවන් :)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. පීනන්න නම් වතුරට බහින්නම වෙනවානෙ..

      Delete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails