Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Saturday, January 14, 2012

ජීවිතයට සතුට ළඟා කරද්දි එය වදයක් වගේ හිතෙනවානම්..

ජීවිතයක් අදුරින් එළියට ගන්න උදව් කරන එකත්
ජීවිතයට මාර්ගය විවෘත කරලා දෙන එකත්
හොඳ පින්කමක්...

ඒ පින්කම හැමෝටම කරන්නත් බෑ.. ඒ වුනත් උවමනාව තියෙනවානම් ඕනැම කෙනෙකුට කරන්න බැරිකමකුත් නෑ..

ජීවිතයට සතුට ළඟා කරද්දි එය වදයක් වගේ හිතෙනවානම්..
එතැන තියෙන්නෙ නොලැබීම මිසක් වෙන මොකක්ද?

අයාලේගිය , හීන ලෝකයේ සැරිසරමින් තිබුනු ජීවිතය
නිසිමඟට යොමු කරවනඑකත් කරන්න පුලුවන් වෙන්නෙ එහෙමත් කෙනෙකුටයි..

ඒ වෙනුවෙන් ඉවසීම කොතරම් උවමනා වේවිද?
ඒ වගේම අවබෝධය..?

අනෙකාට ගරුකරන්නත් ඇහුම්කන්දෙන්නත් ඒ වගේම තමන්ගෙ වැරදි අඩුපාඩු නිහතමානිව අවබෝධ කරගෙන ඒවා නිවැරදි කරගන්න පුලුවන් වෙන්නෙත් එහෙමත් කෙනෙකුටයි
ඒ අය කොතරම් සාර්ථකත්වයක් අත් කරගන්නවාද කාලයත් සමඟම

කතාවක් තියෙනවානෙ පවට පින් දෙන්න බෑ කියලත්..

7 comments:

  1. සෑහෙන දුක හිතෙන දෙයක් වෙලා වගේ... හ්ම්.... ගනන් ගන්න එපා යාළුවා. සේරම හොඳින් සිද්ද වෙයි

    ReplyDelete
    Replies
    1. දුක හිතෙන දෙයක් වුනා.. ඒත් ඒ නිසාම මම දැන් සතුටින්... ස්තුතියි මේ පැත්තෙ ආවාට...

      Delete
  2. ගොඩක් ප්‍රශ්නවලට විසඳුම ඉවසීම හා නිශ්ශබ්දතාවය..අද්දැකීමෙන් කියන්නේ..

    ReplyDelete
    Replies
    1. ඉවසීම, නිශ්ශබ්දතාව ඇති කියලා හිතුනා.. හැමදාම එකම තැන ඉඳලා ඇතිවුනා. දැන් මම සතුටින්.. ස්තුතියි මේ පැත්තෙ ආවාට...

      Delete
  3. කතාව ඇත්ත, පවට පින දෙන්න බෑ මචන්.මොකද කේස් එක?

    ReplyDelete
  4. සැත්කමක් උනත් කරන්න ලෙඩාගෙ කැමැත්ත අත්‍යවශ්‍යයි.
    අන් දේ ගැන කුමන කථාද?

    ReplyDelete
  5. ආයෙත් නිශ්ශබ්ද වෙලාද...

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails