Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Monday, October 31, 2011

ඒ අතරෙ මතක් වෙනවා විභාගෙ ළඟයි නේද කියලා

ලබන සතිඅන්තෙ විභාගෙලු..

ප්‍රොජෙක්ට් එක.. තවම බාගෙට කරලා තියෙන්නෙ..
විභාගෙන් පස්සෙ ඒකත් සබ්මිට් කරන්න ඕනලු..

උදේ නැගිටින්නෙ.. අදනම් පුලුවන් ඉක්මනට ගෙදර ඇවිත් පාඩම්කරනවා කියලා හිතාන..
බ්‍රාන්ච්එකෙන් එලියට එන්නෙත් ඉක්මනට ගෙදරගිහින් පාඩම්කරන්න හිතාගෙන..

ඒත් ගෙදර ආපුගමන් ලැප්එක ඔන් කරගෙන හෝම්පේජ්ටික ලෝඩ් කරගන්නවා..
ටික කියලා කිවෙ.. මුනුපොතයි, ගුගල්රීඩරෙයි
ඊට පස්සෙ ඉතින් ඕපාදුප ටික කියවකියව ඉන්නවා

ඒ අතරෙ මතක් වෙනවා විභාගෙ ළඟයි නේද කියලා
ඉතින් ඒ වෙලාවට හිතනවා හෙට උදේම නැගිටලා පාඩම් කරන්නම් කියලා
රෑ වෙනකන් ඇහැරිලා ඉඳලා නිදාගෙන උදේ නැගිටලා හිතනවා හවස පාඩම් කරන්නම් කියලා

බලානයද්දි මම කරන්නෙ පාඩම් කරන්න වෙලාව වෙන්කරන එක විතරයි වගෙයි.


7 comments:

  1. ජන්ජාලෙ වහලා දාලා විභාගෙ කරල පස්සෙ ඇති තරන් ඕප දූප බලන්න.:)

    ReplyDelete
  2. දැන් එහෙනම් පාඩම් කරන්න කාලේ හරි. අන්තර්ජාලෙට විරාමයක් දීලා පාඩම් කරන්න ගන්න

    ReplyDelete
  3. ජන්ජාලේ උන්නම විභාග කෙරෙයිද....පාඩම්..ළමයා පාඩම්... :)

    ReplyDelete
  4. අනතර් ජාලය කපනු
    පාඩම් කරනු

    ReplyDelete
  5. හප්පේ...පාඩම් කරලා හිටහන් මලේ...

    ReplyDelete
  6. මේ ඉතින් අපි හැමෝගෙම ඇත්ත කතාව.

    wish u all the very best for exams.

    ReplyDelete
  7. මටත් එසේමයි.

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails