Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Sunday, October 23, 2011

මම ඔයාට කාඩ් එකෙන් කැපෙන ගාන මාසෙන් මාසෙට දෙන්නම්

මේ ලියන්න යන්නෙ ක්‍රෙඩිට්කාඩ්එකක් ගන්න ඕන කියලා කියපු නිසා මට වුනු සිද්දියක්.
පහුගිය දවසක අපේ අක්කා කෙනෙක් මුනගැහුනු වෙලාවක මම එයාට කීවා මටත් ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න ඕන කියලා. මේ ළඟදි දවසක ඒ අක්ක කතා කරලා කියනවා මල්ලි මට උදව්වක් ඕන. පොලී නැතිව මාස 36න් ගෙවන්න බඩු ගන්න පුලුවනි. ඔයාට පුලුවන් නේද මට ඔයාගෙ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න බඩු අරන් දෙන්න අපේ ගෙදරට. මම ඔයාට කාඩ් එකෙන් කැපෙන ගාන මාසෙන් මාසෙට දෙන්නම් කියලා.

මම කාඩ්එකක් ගන්න ඕන කියලා කියුවත් තවම කාඩ්එකක් ලැබුන බවක් කියලාවත් කාඩ්එක මගේ අතට ලැබිලාවත් නැතිකොට අක්කා හිතන්නෙ මට කාඩ්එකක් තියෙනවා කියලායි. ඒ වෙලාවෙ මම කීවා අක්කා මට තවම කාඩ් එක ලැබුනෙ නෑ ඒ වගේම කාඩ් එක ලැබුනත් ඔයා ඉල්ලන උදව්වනම් කරන්න බෑ මට. මොකද මගේ පඩිය බොහොම සුලු ගානක්. ඒක මම ගන්න ඕන කිවෙ අපි අනික් අයට කාඩ් අරන් දුන්නට අපි ත් ඒවා අරන් තියාගත්තම අපිට ලේසි නිසා කියලා. එතකොට අක්කා කියනවා තියාගන්නවා තමුසෙගෙ කාඩ්එක. මට ඕන නෑ. අනික් අයට පෙන්නන්නනෙ කාඩ්එක අරන් තියෙන්නෙ. ඒ විදියටම තියාගන්නවා කියලා.

මට හිතුනා මම ලොකු බරකින්  නිදහස් වුනා කියලා. මොකද ක්‍රෙඩිට්කාඩ්එකක් කියන්නෙ බොහොම පරිස්සමින් පාවිච්චි කරන්න ඕන දෙයක් කියලා තමයි මම නම් විශ්වාස කරන්නෙ. අපි ක්‍රෙඩිට්කාඩ් එකකින් කරන්නෙ තමන් අතේ නැති මුදලක් වියදම් කරන එකයි. එතැනදි අපි පරිස්සම් නොවුනොත් වෙන්නෙ අපේ මාස ගනනක වැටුප ඒ වෙනුවෙන් වැය කරන්න වෙන එකයි. එතැනදි අපි නොදැනම ලොකු ණය කාරයෙක් වෙන්න පුලුවනි. අනික මාස 36ක් කියන්නෙ විශාල කාලයක්. ඒ කාලය පුරාම මාසෙන් මාසෙට කැපෙන මුදල කාඩ්එක වෙනුවෙන් ගෙවන්නත් ඕන. වැරදිලාවත් පරක්කු වුනොත් පාඩුව විඳින්න වෙන්නෙ වියදම් කරපු මුදලට වඩා වැඩි මුදලකින් ණය කාරයෙක් වෙලා.

ඒ නිසා අපි ඩෙබිට් කාඩ් දෙනකොට කියන දේට සමාන දෙයක් ක්‍රෙඩිට් කාඩ් වෙනුවෙනුත් කියන්න වෙනවා. ඩෙබිට් කාඩ් එකෙන් වෙන්නෙ අපේ අතේ තියෙන මුදල් වැය කිරීමක්. ක්‍රෙඩිට් කාඩ් එකෙන් වෙන්නෙ අතේ නැති මුදලක් මවා වියදම් කිරීමක්. ඒ නිසා විශ්වාසය මත මේ කාඩ්පත වෙනත් කිසිම කෙනෙකුට නොදී සිටීම වගබලාගැනීමෙන් තමන්ගේ මුදල් ආරක්ෂා කරගතහැකියි. මොකද බොහෝවිට සල්ලි කියන් මිතුරන් නෑදෑකම් නැතිකරන්න පුලුවන් දෙයක්. 

පරණ කියමනකුත් තියෙනවානෙ " ණයට දීමෙන් මුදලත් මිතුරාත් නැතිවේ " කියලා..

9 comments:

  1. ක්‍රෙඩිට් කාඩ් එක නිසා මට 1119/=නැති උනා....බලන්න ලංකාවෙ මුදලින් නම් කීයක්ද කියල? මෙහෙ ඉන්නෙ අමුතුම හොරු...මම බඩුවක් මිලට ගන්න කාඩ් එක දුන්නාම පස්සෙ දන්නෙම නැහැ මගෙ බෑන්ක් එකවුන්ට් එකේ සල්ලි ටික ඇදගෙන...වැරදීමක් උනා කණගාටුයි මුදල් නැවත හරවන්නම් කිව්වා...දැන් අවුරුදු 2 ක් තාම ඒක දුන්නෙ නැහැ...ඒකට නඩු කියන්න නම් ලෝයර් කෙනෙක්ට මෙහෙ ඒ මුදල වගේ දෙගුනයක් ගෙවන්න ඕනෙ....ඉතින් කාට කියන්නද මේ අවනඩුව? පස්සෙ මම ඉන්ටර්නට් එකේ දැක්ක මට වෙච්ච් දේම තව ගොඩක් දෙනෙකුට වෙලා..........

    ReplyDelete
  2. ඒ උනාට ක්‍රෙඩිට් කාඩ් එකක් වැදගත් කමක් නැත්තෙම නැහැ ...

    ReplyDelete
  3. අනවශ්‍ය විදියට පාවිච්චි කරොත් ක්‍රෙඩිට් කාඩ් එක ඇවිල්ලා මර උගුලක්....අත්දැකීමෙන් කිව්වේ...

    ReplyDelete
  4. ණය නොදීම අක්කා නැති වෙලා නේද..?

    ReplyDelete
  5. @Whinchat Kirilli.
    ලෝයර්ගේ ගාස්තුව ගැන දන්න නිසා වෙන්ටැ ඊට අඩු මුදලක් කොල්ලකාලා තියෙන්නෙ. එතකොට නීතිමය ක්‍රියාමාර්ග ගන්න උත්සාහ කරන්නෙ කලාතුරකින් නෙ.

    @පන්සල් හංදිය
    ඔව්. මොකද අපි හැමවෙලාවෙම මුදල් අතේ තියාන ඉන්නෙ නෑ නෙ.

    @ඔබ නොදු‍ටු ලොවක්
    ඔව්. අපි දැනටමත් දැකල තියෙනවා වැටුපෙන් විශාල කොටසක් කාඩ්එක වෙනුවෙන් වෙන් කරන අය.

    @මාරයාගේ හෝරාව
    නැතිවෙලා කියන්න බෑ. මොකද මොන තරහමරහ තිබුනත් ආයෙත් කතා කරාවි ටික කාලෙකට පස්සෙ.

    ReplyDelete
  6. ක්‍රෙඩිට් කාඩ් ගන්න එක ටිකක් අවදානම්. අපේ සමහරු මුලු මාසයක් පුරාම දුවන්නේ කාඩ් එකෙන්. පඩි ගත්තම කාඩ් එකේ ගාන ගෙවනවා !!!! ආයෙම කාඩ් එකෙන් දුවනවා. ඊට පස්සේ ආයේ පඩි ගත්තම කාඩ් එකේ ගාන ගෙවනවා.

    අතේ සතයක් ඉතුරු නෑ.

    ReplyDelete
  7. ක්‍රෙඩිට් කාඩ් නැති ලෝකෙ කොච්චරනම් සුන්දරද !

    ReplyDelete
  8. sira kathawa bnZ~ uba mole use kala eka nam loku deyak!

    ReplyDelete
  9. ඔව්, ක්‍රෙඩිට් කාඩ් එකක් කියන්නෙ ඉතාම පරිස්සමින් භාවිතා කළ යුතු දෙයක්. නමුත් ඉතාම ප්‍රයෝජනවත් දෙයක්. හරියට දැනගෙන වැඩ කරන්න ඕනෙ. මුදල් කළමණාකරණය බැරි එකෙක් නම් කවදාවත් ක්‍රෙඩිට් කාඩ් එකක් නොගත යුතුයි.
    ක්‍රෙඩිට් කාඩ් එකක් වාසි ගොඩයි.
    මම මගෙ කාඩ් එකෙන් දැනට ලොකු භාණ්ඩ 3ක් අරගෙන තිබෙනවා පහසු ගෙවීමේ ක්‍රමයට. කාඩ් එක නිසා මට ඒව ගන්න මාරම පහසුවක් උනා. මොකද එච්චර ගාණක් එක වර ගෙවන්න මගෙ අතේ සල්ලි තිබ්බෙ නැති නිසා.
    මම දැන් පඩි ගත්තු ගමන් අතේ වියදමට තියාගෙන ඉතිරිය ඔක්කොම බැංකුවට දානව. ඒකෙන් තමා කාඩ් බිල ගෙවන්නෙ. කාඩ් එක බොහෝ විට භාවිතා කරනවා, ඒක මාරම පහසුයි. ගිණුමෙ තියෙන සල්ලි ප්‍රමාණෙ ගැන හිතල. මගෙ මාසෙ පඩිය ගැන හිතල ඒව ගැන හොඳින් දැනගෙන තමා වියදම් කරන්නෙ. :) ඉතින් කිසිම කරදරයක් නෑ.
    හැබැයි කාඩ් එක පරිස්සම් කරගන්න වෙනව. මොකද ඩෙබිට් එකක නම් ගිණුමෙ සල්ලි නැත්තම් වැඩක් නෑ, නමුත් ක්‍රෙඩිට් කාඩ් එක ඕනෙ විදිහක පාවිච්චි කරන්න පුළුවන්නෙ. :)

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails