Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Saturday, September 24, 2011

මට බැරිවුනානෙ BMICH යන්න. ඒත් ඉතින් පොත්නම් ගත්තා..


මට ඊසිරියාවේ බෑ අනික් අය BMICH ගිහින් පොත්ගත්තා කියද්දි... අවුරුද්දකට පොඩ්ඩක් වැඩි කාලයක් ජොබ් එක කරලා එකතුකරපු මුදලින් කොළඔ  ඇවිත් පොත් ප්‍රදර්ශනෙන් පොත් ගන්න හිතද්දි මේ සති අන්ත දෙකේම වැඩ කරන්න වුනා. ඉරිදා කොළඔ එන්න බෑ කියලා හිතුනා ඒ නිසා.මොකද සඳුදා කියන්නෙ අපේ කාර්යබහුලම දවස. උදේ 8ට වාඩිවුනාම වතුරඑකක් බොන්න නැගිටින්න වෙන්නෙත් 12.30 පහුවෙලා. ඒ නිසා මම ඉරිදා හවස විවේකයට වෙන්කරලා තියෙන්නෙ.

මම ඉතින් පොත් ගන්න කියලා කොළඔ එනඑක වෙනුවට දවල් වැඩ ඇරිලා නුවර පොත්කඩේකට ගොඩවුනා. අතේ තිබුන මුදලින් බාගයක් ටාගට් කරලා පොත් ගත්තා තවත් පොත්කඩේකට ගොඩවෙන්න හිතලා. ඒත් බලද්දි 20% ඩිස්කවුන්ට් දීලා මගේ බිලට. ඒ නිසා තවත් මුදලක් ඉතිරි වුනා. නමුත් පොත් ටික ගත්තා වගේ නෙවි. ගෙදර ගේන්නත් ඕන නිසා තවත් පොත් හොයන එක කල්දාලා ගෙදර ආවා.

මේ තියෙන්නෙ ගත්තු පොත්වලින් මට ඉතිරිවුනු පොත් ටික. අනික්වා දැනටමත් කියවන්න කියලා නංගි අරන්ගිහින්..

මම මේ වතාවෙ දැකපු දෙයක් තමයි පහුගිය අවුරුදුවල සාහිත්‍යමාසය වෙනුවෙන් ඉතා විශාල වශයෙන් පොත් තොග නොතිබුනු පොත් කඩවල මේ වතාවෙ ගොඩක් අලුත් පොත්, ඒ වගේම පහුගිය අවුරුද්දෙ කොළඹින් විතරක් ගන්න තිබුනු පොත් පවා විශාල වශයෙන් ගෙන්වලා තිබුන බව.(මට මතකයි ගිය අවුරුද්දෙ සමහර කතුවරුන්ගෙ පොත් එකක්වත් නුවරදි හොයාගන්න තිබුනෙ නෑ) ඒ වගේම බොහෝවිට වට්ටම් සහිතව (20%-30%)  පොත් ගන්න අවස්ථාව ලැබේවි මේ මාසය අවසන් වෙනතුරු

මේ දවස්වල ගොඩක් දෙනා කතාබහ කරන්නෙ බුක්ෆෙයා ගැන. ඒත් ඉතින් සමහරුන්ට ඒ වෙනුවෙන්ම කොළඔ එන්න බැරිව දුක්වෙනවා ඇති. ඒත් ඉතින් එහෙම දුක්වෙවී ලබන අවුරුද්ද වෙනකම් බලන් ඉන්නවාට වඩා හොඳයි නේද තමන්ඉන්න ප්‍රදේශයේ තියෙන ප්‍රධාන නගරවල පිහිටලා තියෙන පොත් කඩේකට ගොඩවැදෙන එක.

5 comments:

  1. attatama hoda adahasak...ko meka loku blog karayanta terenne nahane okkama pashion ekatane eyala karanne

    ReplyDelete
  2. පොත් ප්‍රදර්ශනේට ආවා නම් ඔයාට ගොඩාක් පොත් අඩු ගානට ගන්න තිබුනා අයියේ. මම ගිය එක පොත් කඩේක 1000ක පොත් ගත්තම තව 250ක පොත් නොමිලේ දෙනවා.. රු 250ට ඉතින් හොඳ කියවන්න පුළුවන් පොතක් නොමිලේ ගන්න පුළුවන් කියන්නේ ගොඩාක් වටින දෙයක්නෙ.. සාහිත්ය මාසේ විතරක් නෙවෙයි, කියවනවා නම් කොයි කාලෙත් වැදගත්..

    ReplyDelete
  3. පුතා... පණපිටින් පොත වෙනුවට ගන්න තිබ්බෙ දිලිප ජයකොඩිගෙ ගිණි දියනි පොත.. අපරාදෙ මාත් ඔය පෑටලිල්ලම කලා..
    විනාඩි 11 වෙනුවට, විදර්ශනාලගෙ මිනිත්තු එකොලහේ කතාව ගන්න තිබ්බ.
    කමක් නෑ.. එකම කතාවනෙ. පරිවර්තන කොලිටිය නම් දිලිපගෙ සහ විදර්ශනා පොත් වල උපරිමයි . ඒකයි කිව්වෙ...
    දෙවියන්ගේ අඩවිය, කාන්තාරයේ කුසුම ලස්සනම පොත් දෙකක්.

    ReplyDelete
  4. @ප්‍රාර්ථනා..
    ඇත්ත. ඒ වගේම හොයාගන්න අමාරු පොත් පවා ප්‍රදර්ශනේට ආවානම් මට හොයාගන්න තිබුනා.

    @ජීවිතේ මල්....
    අයියෝ.. මම බැලුවේ නමේ තේරුම මිසක් හොයානගිය පොතම ද මේ කියලා නෙවි නෙ. බලමු. තව පොත් ටිකක් ගන්න තියෙනවා. හැමදාම සල්ලි එක්ක ගැවසෙන මට තවම සල්ලි වල වටිනාකම තේරෙන්නෙ නෑ මිස්.(ඉස්සර ගෙදරින් යැපෙද්දි නම් ගොඩක් අරපිරිමැස්මෙන් වියදම් කළා) ඒ නිසා ඉඩක් ලැබුනම ගිහින් පොත් ගන්න යි හිතාන ඉන්නෙ..

    ReplyDelete
  5. පොත් ගන්න බුක් ෆෙයාර් යන්නම ඕනෙ කියල එකක් නෑනේ.යන්න තියන්ව නම් හොදයි ලොකු පොත් එකතුවක් තියන නිසා.ඔච්චචරම පොත් කියවන්න ඔනේ නම් ලයිබ්‍රී එකකට බැදුනම හරි.

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails