Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Monday, September 12, 2011

දවසක් එනවා ඒ අයට අපෙන් වෙන්වෙලා යන්න සිදුවෙන


ඉපදුනු දා පටන් නොයෙක් අවස්ථාවල දී නොයෙකුත් විදියෙ අය අපි අතරට එනවා විවිධාකාර විදියට විවිධාකාර කාරණාවලට. ඒ අතරින් කීපදෙනෙක් අපේ සමීපතමයින් විදියට අපේ දුකසැප බෙදා හදාගෙන අපිත් එක්කම ඉන්නවා. නමුත් දවසක් එනවා ඒ අයට අපෙන් වෙන්වෙලා යන්න සිදුවෙන. මම කීවෙ මරණය ගැන නෙවි. මරණයට කලින් වුනත් සමහරු අපෙන් ඈත්වෙලා දුරට යනවා. ඒ අතර අපේ හිතගත්තු, අපි ගරුකරන අය වුනත් ඉන්න පුලුවනි. එහෙම වෙලාවට අපිට දැනෙන්නෙ දුකක් වුනත් ඒ වෙන්වීම සමහරවිට අපි දෙගොල්ලන්ටම හොඳක් වෙන්න පුලුවනි.(නරකක් වෙන්නත් පුලුවනි).

ඒ අතරම අපි අකැමති අයත් එක්ක එකතුවෙන්න සිදුවුනොත්?

අපිට පුලුවනි 100%ක් හෝ අඩුවෙන් සෘණාත්මකව ඒ සිදුවීම් දකින්න. ඒ වගේම 100% ධනාත්මකව වුනත් ඒ සිදුවීම් දකින්න පුලුවනි. නමුත් ඒ සිදුවීම් 50%-50% සෘණ-ධන මිශ්‍රකරලා දකින්න පුලුවනිනම් එය සමහරවිට අපේ ජීවිතවලට ආලෝකයක් ගෙනේවි. 100% ධනාත්මක වීමත් 100% සෘණාත්මක වීමත් දෙකම අහිතකරයි

 

4 comments:

  1. හැම තිස්සෙම අපි කැමති අය එක්කම විතරක් ඉන්න ලැබෙන්නේ නැති එක තමා දුක !!!

    ReplyDelete
  2. අපි කැමති අකමැති මේ හැම කෙනෙක්වම අපිට සමාජයේ මුණ ගැහෙනවා.. ඇසුරු කරන්න වෙනවා..

    ReplyDelete
  3. අප්‍රිය සම්භෝගය දුකක්.ඒවගේම ප්‍රිය විප්පයෝගයත් දුකක්.

    ReplyDelete
  4. @මධුරංග ඒකනෙ.. හැමවෙලාවෙම අපි කැමතිඅයත් එක්ක ඉන්න තියේනම්...

    @dinesh ඇත්ත. සමාජයේ විවිධාකාර මිනිස්සු නැතිනම් සමාජය ඒකාකාරී වේවි..

    @නදී.. දුකයි.. හරිම දුකයි.. ඒත් ඉතින් සමහර දේවල් තියෙන්නෙ අපේ සීමාවෙන් එහා නිසා ඒවා වෙනස් කරන්න බෑ.

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails