Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Friday, August 26, 2011

මට හිතුනා ටවුමට ගිහින් කාලකන්නියෙක් වෙන්න.

සීයා කොහෙද මේ යන්නෙ?
මම මේ ටවුමට යනවා.
ඒත් ඉතින් මෙච්චර රෑ වෙලා ටවුමට යන්නෙ ඇයි?
මට හිතුනා ටවුමට ගිහින් කාලකන්නියෙක් වෙන්න.
මොකක්? කාලකන්නියෙක් වෙන්න?
ඔව් මහත්තයෝ.. මම මේ ටවුමපැත්තෙ ගිහින් කාලකන්නියෙක් වෙන්න කියලා.
ටවුමට ගියාම කොහොමද සීයෙ කාලකන්නියෙක් වෙන්නෙ?
ඇයි මහත්තයෝ. මම ටවුමට ගිහින් කාලක් ගන්නවා. ඒ කාල ක්‍රියා කරලා කාලකන්නියෙක් වෙනවා. අතේ සල්ලි ටිකක් වැඩිපුර තිබුනානම් මට භාග්‍යවතෙක් හරි බෝධිසත්වයෙක් හරි වෙන්න තිබුනා.
ඒ කොහොමද භාග්‍යවතෙක් හරි බෝධිසත්වයෙක් හරි වෙන්නෙ?
කාලක් ක්රියා කරන්නෙ නැතිව බාගයක් ක්‍රියා කරාම භාග්‍යවතෙක් වෙනවා. ඒ බාගෙ මදි කියලා බෝතලයක් ක්‍රියා කරාම බෝධිසත්වයෙක් වෙනවා. ඒත් ඉතින් මං කොහොමද එච්චරදෙයක් කරන්නෙ. ඒ නිසා මම ගිහින් කාලකන්නි වෙනවා.

(මෙය අසල්වැසියකු සමඟ සැබෑවටම සිදුවුන සංවාදයක් වන අතර මෙම සංවාදය මගින් කිසිවකුට, යම්කිසි දේකට හානි කිරීමේ අදහසක් නැති බවත් බාගය හෝ කාල වෙනුවෙන් වක්‍රාකාර ප්‍රචාරණයක් හෝ හෙළාදැකීමක් සිදු නොකළබව සලකන්න.)

10 comments:

  1. දැන් බියර් බොන අයට මොකද්ද කියන්නේ? බියර් වන්තයාද?

    ReplyDelete
  2. ඔයත් ඔහොම බොනවද?

    ReplyDelete
  3. අපි දන්න කතාවට අනුව ඔතන එකක් අඩුයි..
    තුන් කාලක් ගැහුවහම..... "තුන් ලෝකෙටම කාලකන්නියෙක් වෙනව....."

    ReplyDelete
  4. මගේ නම් ගාන බාගේ තමයි ඊට වෑඩි වුනොත් පහුවෙනිදට හරිම අමාරුයි...හෑබෑයි තනියම හවසට කූල් බියර් එකක් ගහනවා වගේ ෆන් එකක් ලොවෙත් නෑ....

    ReplyDelete
  5. කරැනාකරලා බුද්ධගම ඔවාට ගාව ගන්න එපා මවා මොඩ අදහස් ප්‍රසිදකරන්න එපා.

    ReplyDelete
  6. @මකුළුපැංචි හික්ස්
    @prasanna86k ඒක නම් දන්නෙ නෑ
    @නදී තවම නෑ.
    @නදුන්උයන ඒහෙම දේකුත් තියෙද?
    @අසoක අනේ මන්දා
    @SK, SAC and DTD ඒකත් එහෙමද?
    @N.Udara Chinkthaka Silva හා.

    ReplyDelete
  7. අපොයි...මරු සීයෙක් තමයි...:D

    ReplyDelete
  8. කාලක් ක්‍රියා කරලා ඉන්නකොට ලියපු එකක්ද මන්දා.

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails