Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Wednesday, July 20, 2011

මයික් එකක් නිසා චාටර් වුනෙමි


පහුගිය දවසක අපේ පන්තියේ අයව ස්කයිප් හරහා සම්බන්ධ කරගෙන සාකච්ඡාවක් පැවැත්වෙන බව දන්වලා තිබුනා. ඉතින් මමත් කියපු වෙලාවට මගේ හෙඩ්සෙට් එකත් දාගෙන ස්කයිප් එකට ලොග් වුනා. ටික වෙලාවකින් අපේ යාලුවොටිකත් ඇවිත් කතා කරන්න පටන් ගත්තා

එත් මට අනික් අය කියන දේවල් ඇහුනත් මම කියන දේවල් අනික් අයට ඇහෙන් නෑ කියලා කට්ටිය කතා වෙනවා ඇහුනා. ඉතින් මමත් මොකද මයික් එක වැඩ නැත්තෙ කියලා හොයන්න උත්සාහ කරමින් හිටියා. මයික් එකට අදාල සෙටින්ස් වෙනස් කරලාත් ටෙස්ට් කෝල් කීපයක් අරන් බැලුවත් මයික් එක වැඩ නොකරන බව තමයි පෙනුනේ. ඉතින් මම අනික් අය කියන දේ අහගෙන චැට් එකෙන් උත්තර දුන්නා. අන්තිමට අපේ සාකච්චාව ඉවර වෙලා හෙඩ්සෙට් එක ගලවලා තියද්දි තමයි මම කරලා තියෙන මෝඩ වැඩේ තේරුනේ

හෙඩ්සෙට්එකේ volume control එක ලඟින් තවත් බට්න් එකක් තියෙනවා. ඉතින් මමත් ඒ බට්න් එක පොඩ්ඩක් අනෙක් පැත්තට තල්ලු කළා. ඊට පස්සෙයි හිතුනේ මේ බට්න් එක මයික් එකට සම්බන්ධයක් ඇති කියලා. ඉතින් මම ආයෙත් ස්කයිප් ගිහින් ටෙස්ට් කෝල්එකක් අරන් බැලුවා. මේ වැඩරන්නෙ මයික් එක. දැන් ඉතින් ක්ලාස් ගිහින් බයිට් වෙමුකෝ..

2 comments:

  1. හි හි.... පරක්කු උනාට සමා වෙන්න.. ඉතින් චාටර් උනාද?
    මොකක් හරි බොරුවක් ඇදබාන්න එපැයි...

    ReplyDelete
  2. @තාරා. බොරු කියන්න ඕන වුනෙ නෑ. මොකද ඒ ගැන වැඩි දෙනෙකුට මීටර් වුනෙ නෑ.

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails