Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Tuesday, June 28, 2011

මායාවරු කී දිනට ලෝකය විනාශ නොවුනොත් ඊට පසු දින ලෝක විනාශය ඇරඹේවි.

මේ දිනවල ලෝක විනාශය ගැන කතාබහ වටාපිටාවෙන් අහන්න ලැබෙන එක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. මේ අතරේ සමහරු ලෝක විනාශය මායාවරුන්ගේ දින දර්ශනයට අනුව සිදු නොවන බව ප්‍රකාශ කරනවා. මටත් නිකමට වගේ හිතුනා මායාවරු කී දිනට ලෝක විනාශය සිදු නොවුනොත් මොනවා වේවිදැයි හිතා බලන්න.

බොහෝදෙනෙක් හිතාන ඉන්නෙ 2012-12-21 දින ලෝක විනාශය සිදුවන බව.  ඒ නිසා බොහෝවිට ඒ ආසන්න දින වන විට මිනිසුන් මානසික රෝගීන් මෙන් තමන් අවට පරිසරය විනාශ කරන්නට පෙළඹේවි. ඒ 12-21 න් පසු ඒ පරිසරය පාවිච්චි කරන්න මිනිසුන් ඉතිරි නොවන නිසා. නමුත් එදින ලෝක විනාශය සිදු නොවුනොත් ?

ඊට පසු දින මිනිසුන් ආහාර වෙනුවෙන් සටන් වදීවි. මිනිසා විසින් විනාශ නොකර ඉතිරි වු සම්පත් බෙදාගැනීමට නොහැකිව සටන් වදීවි. ඉතින් සමහරවිට ලෝක යුද්දයක් වුවත් ඇතිවිය හැකියි. මිනිස් වර්ගයා තමන් කරන ලද මෝඩකම් පිළිබඳව දුක් වේවි. ආහාර හිඟය නිසා බොහෝදෙනෙක් මිය යාවි. මියගියවුන්ගේ සිරුරු කොටස් දිරාපත් වන විට ඒවා හේතුවෙන් පරිසරය තව තවත් අපිරිසිදු වේවි. අපිරිසිදු පරිසරය තුළ වසංගත රෝග පැතිරේවි.

ඉතින් 2012-12-21 දින මායාවරුන් පැවසු ලෙස ලෝක විනාශය සිදු නොවුනොත් එදින ලෝක විනාශය හෝ මිනිස් වර්ගයාගේ විනාශය ආරම්භ වේවි.

ඒ වගේම අපි  කොහොමද උපකල්පනය කරන්නෙ මායාවරු 2012 දෙසැම්බර් මසින් තම දින දර්ශනය නිමා කලේ ලෝක විනාශය සිදු වන නිසා ම යි කියලා. මොකද අපිට හිතන්න බැරිද මායාවරුන්ගෙ දින දර්ශනය සෑදීමේ ව්‍යාපෘතියට මුදල්/ප්‍රතිපාදන හිඟයක් නිසා ඒ ව්‍යාපෘතිය 2012 දෙසැම්බර් මස දක්වා දින දර්ශනය සෑදීමෙන් අවසන් කල බව. (ප්‍රතිපාදන හිඟය නිසා වර්තමාන ව්‍යාපෘති කීයක් අතරමග නවතිලා ඇත්ද)

අනික තමන් විසින් දින දර්ශනය සෑදූ පසු ඔවුන්ගෙන් පසු පැවතෙන මිනිසුන්ට දින දර්ශන සෑදීමේ ව්‍යාපෘති සිදු කළ නොහැකි වේ යැයි සිතා ඔවුන්ට අවස්ථාවක් දුන්නාද දන් නෑ දින දර්ශනය එතැන් සිට සැදීමට. .

තව අපි වගේ වැඩ පසුවට කල් දමන අය කොටසක් ඒ දින දර්ශනය සෑදිම පසුවට කල් දැමුවා ද දන්නෙත් නෑ නෙ.

ඉතින් , මායාවරු කී දිනට ලෝකය විනාශ නොවුනොත් ඊට පසු දින ලෝක විනාශය ඇරඹේවි.

9 comments:

  1. බලමුකො මොකද වෙන්නෙ කියල නේද?

    ReplyDelete
  2. දම්ම නම් මුකුත් කියන්න බෑ. තව ටික කාලයයි නේ. ඉවසලා බලමු.

    ReplyDelete
  3. අපි ඉතින් ඒ වෙනකන් ජීව්ත් වේවි නේ... කොහොමත් මගේ ඔය ගැන ඒතරම් විශ්වාසයක් නෑ.. එතැනින් පස්සෙ මොකද වෙන්නේ කියලා අපි බලමු...

    ReplyDelete
  4. බොරු කතා මල්ලි ඔව්වා

    ReplyDelete
    Replies
    1. ow ban owwa boru echchara ekmanin owwa wene na.
      owwa gana hithanna epa kolo.. ubath pissek wey.....
      haka .....haka...

      Delete
  5. අපි දැනට පාවිච්චි කරන දින දර්ශනයක දෙසැම්බර් 31 න් පස්සෙ මොකෝ වෙන්නෙ ? අලුත් කැලැන්ඩරයක් ජනවාරි 1න් පටන් ගන්නවා

    ReplyDelete
  6. ගොඩාක් මිනිස්සු ඔහොමම තමයි හිතන්නේ, ඒ හින්දා බය වෙන්ඩ එපා මේ යන විදිහටම ලෝකය තියෙයි. පොඩි වෙනසක් දෙකක් උනාට.

    ReplyDelete
  7. බොහෝම ස්තුතියි ප්‍රතිචාර වලට යාලුවනේ..

    ReplyDelete
  8. විනාස වුනොත් එහෙමයි, නැත්නම් මෙහෙමයි....මට නම් ඔන එකක්...

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails