Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Friday, June 24, 2011

ලස්සන : සාපේක්ෂයි....... නෑ...... වෙන්න බෑ........


ලස්සන....

සාපේක්යි


නෑ නෑ .. වෙන්න බෑ
ඇයි ඒ?
තේරුම් කරන්න තේරෙන්නෙ නෑ

හරි එහෙනම් සාපේක්ෂයි කියන්නෙ ඇයි?
සාපේක්ෂ නිසා
ඒ කීවෙ
ඒ කීවෙ දකින දකින කෙනාට අනුව වෙනස් වෙන නිසා


ඔයා දකින්නෙ ඔයාගෙ ඇස් දෙකෙන්
ඒ ඇස් දෙක ඔයාගෙ වෙන්නෙ ඔයා දකින දේ ඔයාට අනුව හිතුවොතින්
ඉතින් ,
බලන්න
ඔයා ඔයාගෙ ඇස් දෙකෙන් දැකලා
මම හිතන විදියට හිතුවොත්
ඔයා දැකලා තියෙන්නෙ ඔයාගෙ ඇස් දෙකෙන් නෙවෙයි
මගේ ඇස් දෙකෙන්

අපි එකිනෙකා දකින්න ඕන
තමන්ගෙම විදියට
හිතන්න ඕන
තමන්ගෙම විදියට

නැත්නම්
මේ
ලෝකය
ඒකාකාරී වේවි
නීරස තැනක් වේවි

ලෝකය
ලස්සන වෙන්නෙ
අපි
ලෝකය දකින්නෙ
එකිනෙකාට වෙන්වු
වෙනස් වූ
ආකාරයකට නම් විතරයි නේද ?

4 comments:

  1. ලස්සන සාපේක්ෂයි තමා. එක්කෙනෙක්ට ලස්සන දේ අනිත් කෙනාට ලස්සන නෑ.

    ReplyDelete
  2. ලස්සන දෙපාරක් සාපේක්ෂයි. එක පාරක් බලන කෙනා අනුව. ආයෙමත් ඒ බලන කෙනා බලන කට්ටිය අනුව.

    ReplyDelete
  3. ලස්සන කියනදේ සාපේක්ශයි තමා.මට ලස්සන දේ වෙන කෙනෙක්ට කැත වෙන්න පුලුවන්.

    ReplyDelete
  4. සාපේකෂතාව මම දකින්නේ ගියර් සිස්ටම් එකක් වගේ. නිරපේක්‍ෂතාව ඔටෝ ගියර් සිස්ටම් එකක් වගේ. ඒ උනාට නිරපේක්‍ෂව බලලා දෙයක් කියන්ඩ යම් මට්ටමකට එනකම් විතරයි අපිට පුලුවන්. කොටින්ම කිව්වොත් බෑ. ඒ හින්දා හැමවෙලාවෙම රසවින්දනයත් සීමා වෙනවා. නමුත් මම විශ්වාස කරන විදිහට හැමදේම නිරපේක්‍ෂව දකින්ඩ පුළුවන් කෙනාට රස්වින්දනයේ අවශ්‍යතාවයක් තියෙයි කියලා මටනම් හිතෙන්නේ නෑ.

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails