Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Tuesday, February 8, 2011

වර්තමාන ජනමාධ්‍ය හා නිවේදක නිවේදිකාවන්....


අද රූපවාහිනී නාලිකාවක උදෑසන වැඩසටහනක නිවේදිකාවක් තමන්ගෙ වැඩසටහනට ආරම්භයක් විදියට දැනට ඇතිවෙමින් පවතින ලෝක කුසලාන ක්‍රිකට් උණුසුම ගැන කතා කරමින් කියා සිටියේ ලෝකයේ ජනතාව අතරින් ක්‍රිකට් ක්‍රීඩා තරඟ නැරඹීමට අකැමති කිසිම කෙනෙකු නැති බවයි.

නමුත් මට ඒ වෙලාවේ ඒ නිවේදිකාව ගැන හරියට දුක හිතුනා. මොකද ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක් වුනාට ඊට ලෝකයේ සෑම රටකින්ම කණ්ඩායම් ඉදිරිපත් කරනවා දැයි මට සිතුනු නිසා..

බොහෝ නිවේදක නිවේදිකාවන් තමන්ගේ කටට එන ඕනෑම දෙයක් ප්‍රකාශ කරනවා ඒ කියැවෙන දේ ගැන සිතාබලන්නෙ නැතිවම. මාධ්‍ය ආයතන තමන්ගේ වැඩසටහන් පෙළගස්වන විට ඊට හොඳින්ම ගැලපෙන කෙනාව එම වැඩසටහනට යොදාගන්නවානම් මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නෙ නෑ කියලායි මට හිතෙන්නෙ. නිවේදනය කරනවා කියන්නෙ තමන් හොඳින් නොදැන හිටියත් තමන් නොදන්නාබව නොපෙන්වා තම නිවේදන කටයුතු කරගෙනයාම මිසක් හිතෙන හිතෙන දේ ජනතාවට ප්‍රකාශ කර ජනතාව නොමඟ යැවීම නොවෙයි නේද?

පොඩ්ඩක් හිතලා බලන්න ලෝකයේ රටවල් වලින් කීයෙන් කීයද ක්‍රිකට් ක්‍රීඩා කරන්නෙ කියලා. රටවල් කීයක් තියෙනවාද ක්‍රිකට් ක්‍රීඩා නොකරන. ඒත් මේ නිවේදිකාව හිතන් ඉන්නෙ ලෝක කුසලාන තරඟාවලිය කියන්නෙ ඔලිම්පික් හෝ ලෝක පාපන්දු ශූරතාවලිය හා සමාන දෙයක් කියලායි. ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට් නොව පාපන්දු බව මේ නිවේදිකාව නොදැන සිටියාද?
(වැඩසටහනට සහභාගි වු ක්‍රිකට් විස්තර විචාරකයෙකු කියා සිටියේ තමන්ගේ දරුවන් ක්‍රිකට් තරඟ නරඹන්නේ නැති බවය.)

5 comments:

  1. ලංකාවෙ කොහෙද බං ක්‍රීඩා මාධ්‍යවේදියො? අර රොෂාන් වටවලයි, කාංචන දසනායකයි තමයි ඉන්නෙ මම දන්න තරමින්. අනිත් කට්ටියනං ක්‍රීඩකයෙක්ගෙ නමක්වත් හරියට දන්නෙ නෑ

    ReplyDelete
  2. දන්නෙ නැතත් දන්නව වගේ කියන එක තමයි දැං මාධ්‍ය තියරිය :D

    ReplyDelete
  3. ඒක ඇත්ත නුවර ඈයෝ කැමති රගර් වලට .මට මතකයි මගෙත් එක්ක පන්තිගිය කොල්ලෙකුත් එක්ක මම වලියක් හිටන් දාගත්තා ඔය ක්‍රිකට් රගර් මතවාද නිසා

    බ්ලොග් ගඩොල් කීවත් වගේ අපට ක්‍රීඩා නිවේදක නිවේදිකාවෝ නෑ නෙව..

    ReplyDelete
  4. @blog gadol @hare :-) @හිස් අහස
    ඒක ඇත්ත මිතුරනි.. අපේ රටේ ජනමාධ්‍ය භාවිතය පිළිබඳව නිවැරදිව තේරම්ගත් අය ක්ෂේත්‍රය තුල හරිම අඩුයි.. ස්තුතියි පැමිණ ප්‍රතිචාර දැක්වුවාට.

    ReplyDelete
  5. අැත්ත ලිව්වම තරහ ෙවනවා . වැඩ සටහනක් බලන් ඉන්න. වැඩිපුර කතා කරන්ෙන් අාරා ධිතයද නිෙව්දි කාවද?ඒ් අැහැව්ව ප්‍රශ්ණ වැදගත්ද? තමන් පණ්ඩිතෙයක් කියල ෙපන්නන්න හැදුවද?ගෑණුන්ට ලණුව දුන්නම අග මුල මතක නෑ.අර බැංකුෙව ෙකල්ල උදාහරෙන....

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails