Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Thursday, February 3, 2011

කාන්තා නියෝජනයක් වෙනුවනේ ඡන්දය දෙන්නලු

හැමෝම දන්නවා ඇතිනේ මේ දවස්වල ආයෙත් ඡන්දයක් වෙනුවෙන් කටයුතු සිද්ද වෙනවා කියලා.
.
පහුගිය දිනක මම වැඩකරන තැනට ආපු ගෑණු කෙනෙක් එතන හිටපු හැමෝවම හමුවෙලා කීවා "මම විතරයි අපේ පක්ෂෙන් මේ පාර ඡන්දයට ඉදිරිපත් වුනු එකම කාන්තාව. ඒ නිසා කාන්තා නියෝජනයක් වෙනුවෙන් මාව ජන්දෙන් දිනවන්න මට ඡන්දය දෙන්න" කියලා ..

ඒ වෙලාවෙ ගණුදෙනුකරුවන් කවුරුවත් නොහිටපු නිසා අපි ඇහුවා "මිස් මොනවද අපි වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වෙන්නෙ?" කියලා..

එතකොට ඒ ඡන්ද අපේක්ෂිකාව කියනවා "තවම අංක දීලා නෑ අපිට.. මම ඡන්දෙන් දිනුවොත් ඔයගොල්ල වෙනුවෙන් කැපවෙලා සේවය කරනවා" කියලා..



දැන් ඡන්දෙ ඉල්ලන අය දෙන බොරු පොරොන්දු දිහා බලපුවම මම නමු හිතන්නෙ "බොරු පොරොන්දු දීලා ඡන්දෙ දිනලා , වැඩක් නොකර ඉන්නවට වඩා ඡන්දෙ ඉල්ලන වෙලාවෙම ඒ බව කියන එක හොඳයි" කියලායි.


තමන් කරන කියන දේ පිළිබඳව පැහැදිලි දර්ශණයක් නැතිව තමයි දැන් ගොඩක් අය ඡන්දය ඉල්ලන්නෙ..

ඒ අතරම තවත් දෙයක් සිදුවෙනවා.. පාක්ෂිකයන් කියලා කියවා ගන්න මිනිසුන් පිරිසක් රැස්කරගෙන මාර්ගයේ ගමන් ගන්නා අය අපහසුවට පත් වෙන විදියට මාර්ග තදබද ඇතිවන විදියට "රථ පෙළපාලි" යාම.. මෙය දරුණු වෙන්නෙ ඒ මාර්ගය ගම්බද එකක් වුනොත්.. මොකද ඒ රථ පෙළපාලියට ඉස්සර කරන්න විදියක් නැති නිසා ඊට පසුපසින් යන අයව පාරෙ ඉන්න අය දකින්නෙ ඒ අපේක්ෂකයාට සහය දෙන්නෙක් විදියට.


මතක ඇතිනෙ නාමයෝජනා දුන් දවස.. එදා මාර්ග තදබදය ඇතිවන විදියට රැස්වීමක් තියපු තැනක මාර්ග .තදබදය නිසා තමන්ගෙ ගමන යාමට නොහැකිව රැඳීහිටපු කාන්තාවක් අපේක්ෂකයා ළඟටම ගිහින් බැනලා තිබුණා "උඹලා ඡන්දෙ දිනුවම අපිට පාරෙ යන්නත් නෑ.. ඡන්දෙ ඉල්ලද්දි පාරෙ යන්නත් නෑ " කියලා. ඒක ඇහුණු අපේක්ෂකයා ඉක්මනට පාරේ අවහිරතාව ඉවත් කරලා දීලා...

4 comments:

  1. mamanam hithanne chande illana hama apekshakayekutama pahadili dakmak ha aramunak thiena bawa habai eya samajaye diunuwa pilibada nam nowei.thamange swarthaya ehemath nathnam thamange diunuwa sandaha yomu wuvak pamanai.

    ReplyDelete
  2. හප්පා...ගමේම ඉන්න ලෝක හොරු ටික තමයි ඔකට චන්දෙ ඉල්ලන්නෙ

    ReplyDelete
  3. මන් නම් මේ පාර ඡන්දෙ දෙන්න ගෙදර එන්නෙත් නෑ. ඒ තරමට එපාවෙලා. ඔය කවුරු පත් වුනත් අපිට වැඩක් කෙරෙන්නෙ නෑ. රටටත් නෑ.

    ReplyDelete
  4. @Anonymous ඔව්... ඒක ඇත්ත.. මොකද දැන් ඡන්දෙ ඉල්ලන අය ඒ වෙනුවෙන් වෙහෙස වෙන හැටි දැක්කම එහෙම හිතන්න වෙනවා..

    @bloggagol
    හික්ස්

    @තාරා
    කොහොමත් මේ ඡන්දෙ ගැන මිනිස්සුන්ගෙ උනන්දුවක් නෑ.. ඔයා විතරක් නෙවි ගොඩක් දෙනා ඒ නිවාඩුව සැබෑ නිවාඩුවක් විදියට ගත කරාවි..

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails