Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Monday, April 5, 2010

ලංකාව ලෝකයේ පර්යේෂණ වෙළඳපොලක්ද? නැත්නම් ලෝකයේ කුණුගොඩ ද?

මම දැනට මාසයකට විතර කලින් UPS එකක් ගත්තා මීට කලින් තිබුණු UPS එක අවුරුදු 6 ක විතර සේවයකින් පස්සෙ ඉවත් කරන්න සිදු වුණු නිසා. එච්චර කාලයක් අපේ ගෙදරට එන විදියෙ අස්ථාවර විදුලි සැපයුමක්  එක්ක වැඩ කරා කියන්නෙ UPS එක තමන්ගේ කාර්යය හරියට ඉටු කළා කියන එකයි.

මම ඉතින් මගේ දෙවැනි UPS එක විදියට ගත්තේත් මුලින් තිබුණු වර්ගයේම එකක්. ඒත් අලුත් UPS එක ගැන නම් මට ඇත්තේ සතුටුදායක සිතුවිලි නෙවෙයි. මොකද UPS  එකකින් වෙන්න ඕන මූලික ම කාර්යය වන අඛණ්ඩ විදුලි සැපයුම නම් මගේ පරිගණකයට ලැබෙන්නෙ ඉතාම කලාතුරකින්..

අපේ නිවසට ලැබෙන විදුලි සැපයුම හිටිගමන් තත්පරයක කාලයක් තුල බිඳවැටී නැවත යථාතත්වයට පත් වන අවස්ථා වලදී මගේ පරිගණකය ක්‍රියාවිරහිත වන දේ දැන් සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. කලින් UPS එක මේ ආකාරයට ක්‍රියාකළේ ඉතාම කලාතුරකින්.  විදුලි සැපයුම දෝෂ සහිත වන විට UPS එක හරහා පරිගණකයට ලැබෙන විදුලිය බිඳවැටෙනවානම් UPS පාවිච්චි කරන එකේ තේරුමක් නැතිබවයි මට හිතෙන්නේ.

නමුත් විදුලි බිඳවැටීම තත්පරයකට වඩා වැඩි කාලයක් තිබෙන විට නම් පරිගණකය කිසිම වෙලාවක ක්‍රියා විරහිත වෙන්නේ නෑ.

මම හිතන්නේ දැන් ලංකාවෙ වෙළඳපොලේ පවතින බොහොමයක් විදුලි උපකරණ තත්වයෙන් බාල බවයි. එක්කෝ වෙනත් රටවලට යවන්න නිපදවන ලද නිෂ්පාදනවල කිසියම් දෝෂයක් නිසා එම රටවල් වලින් ප්‍රතික්ෂේප වන විට එම නිෂ්පාදන ලංකාවට එවන බව හෝ ලංකාව වෙනුවෙන් වෙනම තත්වයෙන් බාල නිෂ්පාදන නිපදවන බව හෝ අලුත් විශේෂාංග ඇතුලත් නිෂ්පාදන සඳහා ලංකාව පර්යේෂණ වෙළඳපොලක් බවට පත් කර ඇති බවයි.


මේ කෙසේ වෙතත් ලංකාවේ පාරිභෝගිකයින් සුරැකීමට නම් නීති වලට වඩා පිටරටවලින ගෙන්වන නිෂ්පාදන වල තත්ව පාලනයක් / පිරික්සුමක් සිදු කළ යුතුයි....

නැතිනම් power tree යූපීඑස් එකට වුන දේ වෙනත් දේවල් වලටත් සිදුවන දිනය වැඩි ඈතක නැති බව මාගේ හැඟීමයි....

7 comments:

  1. ලංකාවේ ගොඩක් උපකරණ පවතින බදුත් එක්ක අඩු මුදලට ගේන්න අමාරුයි. ඒක නිසා තත්වයෙන් බාල උපකරණ ගෙන්වනවා. ප්‍රෂ්ණය තියෙන්නේ වෙළෙන්ඳාගෙද රජයේද කියන්න මම දන්නේ නෑ.

    ReplyDelete
  2. දැනට ලංකාවෙදි ගන්න පුළුවන් හොඳම ups වර්ගය vence කියල තමයි ටෙක්කතා අයියල කිව්වෙ. ගන්න තියෙන තැන් නම් දන්නෙ නෑ...

    ReplyDelete
  3. @DReeZone said... ඔව් ඒකත් ඇත්ත තමයි.. නමුත් දැන් හැම දේම වියදම අඩු කරගන්න චීනෙ නිපදවන නිසා ඒවායේ ප්‍රමිතිය ගැනත් මට නම් සැකයි..

    @Anonymous said... මම මේ දවස් ටිකේ ටිකක් විතර කාර්යබහුල වුන නිසා ටෙක් කතා අහන්න බැරි වුනා.. මම හිතුවෙ powertree කලින් වගේ ම හොඳ ඇති කියලායි.

    ReplyDelete
  4. @DReeZone said..@Anonymous said... ස්තුතියි ප්‍රතිචාර වලට..

    ReplyDelete
  5. UPS ඒක On කරන්ෙන් වැඩ කරෙනාකට විතරනම් ඔෙහාම ෙවනවා දිගටම On කරල තියන්න නැත්නම් බැටරි ඒක නරක් ෙවනවා

    ReplyDelete
  6. @Keerthi said... ON කරන්නෙ වැඩ කරද්දි විතරයි. ඒත් උදේ 5.30 ඉඳන් රෑ 11.30-12.00 විතර වෙනකන් වැඩ. සතිඅන්තෙ විතරයි OFF කරලා තියෙන්නෙ දවල්ට. කලින් UPS එකත් ඒ විදියටමයි මම අවුරුදු ගාණක් ම පාවිච්චි කලේ.. ඒ දවස් වල නම් මෙච්චර ON කරලා තිබුණෙත් නෑ. ඒත් සර්කිට් බෝඩ් එක් පිච්චෙනකොටත් විනාඩි 4 විතර UPS එකෙන් PC එක වැඩ කරන්න පුලුවන් තත්වෙක තිබුණා බැටරිය..

    ඒත් ON කරලා තියලාත් බලමු..
    ස්තුතියි ප්‍රතිචාරයට...

    ReplyDelete
  7. ඇත්තටම සහෝදරය මම මේ UPS ගැන අත්දැකීම් තියෙන කෙනෙක් හොයා ගත්තේ ගූගල් සෙවුමකින්. මම කලින් Power Tree - UPS එකක් අවුරුදු 5ක් පාවිච්චි කරල පස්සේ Prolink - UPS එකක් ගත්තා ඒත් ඒක වැඩ කලේ අවුරුද්දයි.

    දැන් මට තියෙන ප්‍රශ්නේ ගන්න හරි හමන් UPS එකක් හොයා ගන්න එකයි. ඉස්සර Power Tree - UPS වලට අවුරුදු 2ක වගකීමක් තිබුනත් දැන් තියෙන්නේ අවුරුදු 1යි ඒ හින්ද මට දැන් ඒක ගැන සැකයි.

    අනිත් එක දැන් තියෙන තරමක් තියෙන්නේ ලෝකෙ නැති නම් වලින් එන UPS ඒ නම් ගූගල් එකේ වත් නෑ. මම හිතන්නේ චීනේ බාල බඩු කාරයන්ගෙන් තමන් කැමති නමකට මේව ගෙන්න ගන්න පුළුවන්ද කොහෙද.

    ඉතින් මට ගෙවන මුදලට වැඩක් වෙයි කියල හිතෙන UPS එකක් ගැන කියන්න පුළුවන් නම් ලොකු දෙයක්.

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails