Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Friday, March 5, 2010

මුදල් හොයන්නෙ ජීවත් වෙන්නද? ජීවත් වෙන්නෙ මුදල් හොයන්නද?

අපි ගොඩක් අයගෙ ජීවිත වල සතුට හා අර්ථය රැඳී තියෙන්නෙ මේ ප්‍රශ්ණයට තමන් දෙන පිළිතුර මත කියලයි මම හිතන්නෙ. වර්තමාන සමාජ ක්‍රමය තුල ජීවත් වන අපට මුදල් කියන්නෙ වැදගත් දෙයක්. ඒ නිසාම තමයි හැමදෙනාම වගේ මුදල් හොයන්න හැකිතරම් වෙහෙස වෙන්නෙ. සමහරු හිතන් ඉන්නෙ මුදල් මත තමයි ජීවිතේ සියලුම දේ රැඳී තියෙන්නෙ කියලයි. ඒ නිසා දිවා රෑ නොබලා මුදල් හොයන් න වෙහෙස වෙනවා. ඒත් මුදල් අතට ලැබීමත් එක්ක සතුටු වෙන්නෙ, එම මුදල් ප්‍රයෝජනවත් කාර්යයකට යොදවන්නෙ කීයෙන් කී දෙනා ද?

සමහරු තමන්ට ලැබුණු මුදල තව තවත් වැඩි කර ගන්න උත්සාහ කරන්නෙ තමන්ගේ අවශ්‍යතාවන් සපුරා ගැනීමටවත් වියදම් නොකර. ඒ අය හිතනවා ඇත්තෙ මුදල් තියෙන්නෙ එකතු කරන්න මිසක් වියදම් කරන්න නොවෙයි කියලයි. ඉතින් කවදාද ඔවුන්ගේ ජීවිත වලට සතුට ලැබෙන්නෙ? තමන්ගෙ ජීවිතය සාර්ථක කර ගන්න යොදා ගන්න පුලුවන් දෙයක් එසේ නොකර තබා ගැනීමෙන් ජීවිතයට සතුට ලැබෙනවාද? හදිසියකදි වියදම් කරන්න මුදල් අවශ්‍ය බව ඇත්ත . නමුත් මම නම් හිතන්නෙ තමන් උපයන මුදලින් කිසියම් කොටසක් අනාගතය වෙනුවෙන් ඉතිරි කරලා ඉතිරි කොටස තමන්ගෙ එදිනෙදා කටයුතු වලට යොදාගන්නන ඕනි කියලායි. එසේ නොකර මුදල් පොදිබැඳීමෙන් ජීවිතය අසහනයෙන් පිරී යෑමක් ඇර කිසිවක් සිදුනොවෙන බවයි මගේ හැඟීම.

මම දකින විදියට ඔවුන් "මුදල් හොයන්න ජීවත් වෙන" අයයි. ඒ සඳහා සමහරු තමන්ගේ උත්සාහය පාවිච්චි කරලා සාධාරණ ආකාරයට මුදල් උපයන අතරම සමහරු අසාධාරණ (බොරුව වැනි) ක්‍රම යොදා ගන්නවා.

ඒ වගේම අපි අතර ජීවත් වන සමහරු උපයන්නෙ සුලු මුදලක් වුනත් ඔවුන් තමන්ගෙ වර්තමාන හා අනාගත ජීවිතය යන දෙකම සාර්ථකව සතුටින් ගත කරනවා. මම දකින විදියට ඔවුන් "ජීවත් වෙන්න මුදල් හොයන" අයයි. ඔවුන් අතර අසාධාරණ අයුරින් මුදල් උපයන් අය ඇත්තේම නැති තරම්.

ඉතින් "මුදල් හොයන්නෙ ජීවත් වෙන්නද? ජීවත් වෙන්නෙ මුදල් හොයන්නද?" කයන එක අපි කවුරුත් සිතා බැලිය යුතු දෙයක්. මොකද මුදල් කියන්නෙ ජීවිතය වත් ජීවිතය කියන්නෙ මුදල් වත් නොවෙන නිසා.

මේ ලිපිය ලියන්න මම මේ දවස්වල අහපු දැකපු සිදුවීම් කීපයක් හේතු වුනා.

5 comments:

  1. සල්ලි ද වටින්නේ මිනිස්සු ද වටින්නේ ?

    සල්ලිනේ/මිනිස්සුනේ

    ReplyDelete
  2. 1/සල්ලි = මිනිස්සු

    ReplyDelete
  3. @බිඟුවා.. ඒක ඇත්ත බිගුවෝ..

    ReplyDelete
  4. @Madura1985 @බිඟුවා...! ස්තුතියි කමෙන්ටුවලට..

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails