Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Monday, February 8, 2010

ජීමේල් වලදි to තීරුව වෙනුවට bcc තීරුව default කරන විදියක් දන්නවාද?

මම අනික් අයට කියන්නෙ එක්කෙනෙකුට වඩා එකම ඊමේල් එක යවනවානම් bcc තීරුවට ඊමේල් ලිපින දමන්න කියලායි. නමුත් මටත් අද අමතක වුනා bcc තීරුව. මේල් එක යවලා ටික වෙලාවකට පස්සෙ මතක් වුනා ලිපින කාණ්ඩයක් (address group) ම  to තීරුවට දාලා නේද මේල් එක යැව්වෙ කියලා. අනේ ඉතිං මමත් කරපු දෙයක් කියලා මට හිතුනා. මම හිතන්නෙ  ඊමේල් එක ලැබුණු අය ඒක දකින් නැති වෙයි. ඒත් ඉතින් අත්සන(signature) විදියට මම යවන හැම   ඊමේල් එකකම වගේ යොදනවා ගොඩක් අයට එකම  ඊමේල් එක යවද්දි  to තීරුව වෙනුවට bcc තීරුව පාවිච්චි කරන්න කියලා.  දැන් ඉතින් මොනවා කරන්නද?

මම හිතනවා ජීමේල් වලදි to තීරුව වෙනුවට bcc තීරුව default කරගත්තොත් මේ වැරදීම නැවත සිදු නොවේවි කියලා.මොකද එතකොට  to තීරුව වෙනුවට එතැන තියෙන්නෙ bcc තීරුව නිසා.

මම හොයලා බැලුවට මට ඒක කරගන්න විදියක් හොයාගන්න බැරි වුනා. කවුරුහරි දන්න කෙනෙක් උපකාර කරයි කියන බලාපොරොත්තුවෙන් තමයි මේ ලිපිය ලියන්න හිතුවෙත්..(ඔබේ උපකාර මම බලාපොරොත්තු වෙනවා.)

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ෆොටෝ ගොඩාක් Links වලින් full screen open වෙන විදිහට තියන මේල් වල address ගොඩාක් BCC විතරක් දැම්මට යන්නේ නෑ....එක address එකක් To වලටත් දාන්න ඕනේ නේද...ඒ ඇයි කියලා දන්නවද....

    ReplyDelete
  3. @saman මම තවම ඒකට උත්සාහ කරලා නෑ. අනිවාර්යයෙන්ම to වලට ලිපිනයක් දමන්න ඕන නම් හොඳම වැඩේ තමන්ගෙ ලිපිනයක් දමන එකයි. මොකද ලිපිය එවන කෙනාගෙ ලිපිනය කොහොමත් පෙන්වන නිසා. ප්‍රතිචාරයට ස්තුතියි..

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails