Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Sunday, November 1, 2009

හැකර් කියන්නේ කාටද ? එතකොට කවුද ක්රැකර් කියන්නේ ?

හැකර් කියන්නේ කාටද ? එතකොට කවුද ක්රැකර් කියන්නේ ?

typed using sinhala unicode.

English translation of this article will be available as soon as possible.


හැකර් කියන වචනය පරිගණක ලෝකයේදී නිතරම අහන්න ලැබෙන වචනයක් වගේම හරිම ප්‍රසිද්ධ වචනයක්.

හැකර් තරමින් ප්‍රසිද්ධ නැතත් ක්රැකර් කියන වචනයත් යම් තරමකට ප්‍රසිද්ධයි. නමුත් හැකර් හා ක්රැකර් යන වචන දෙක භාවිතා කරන ආකාරය තවමත් හරිම පැටලිලි සහිතයි. සමහරු කියන්නේ ක්රැකර් කියන්නේ පරිගණක පිළිබද විශාරදයෙක් , එයා පරිගණක වලට වැඩසටහන් සකසන්නෙක් , එයාගෙන් කාටවත් හානියක් නෑ කියලයි. ඒත් සමහරු ක්රැක් කියන වචනය නිසා හිතාගෙන ඉන්නේ ක්රැකර් කියන්නේත් හැකර්ට කියලයි. ඒත් දැනට පිළිගත හැකි මූලාශ්‍ර වලින් කියැවෙන්නේ නම් ක්රැකර් ගෙන් කාටවත් හානියක් නෑ කියලයි.

දැන් ඉතින් ක්රැකර් අමතක කරලා හැකර් ගැන හොයලා බලමු.

හැකර්ලා වර්ග තුනක් ඉන්නවා.

පලමු කාණ්ඩය තමයි "වයිට් හැට් හැකර්". එහෙම නැත්තම් "එතිකල් හැකර්".

මේ අය පරිගණක ආරක්ෂාව පිළිබද විශාරදයින්. ඔවුන්ගෙන් කාටවත් හානියක් නෑ. මේ අය නිතරම පරිගණක පද්ධති වල ආරක්ෂාව පිළිබදව පරීක්ෂණ කරලා, පද්ධති වල ආරක්ෂාව තහවුරු කරනවා. ඒ නිසාම මේ අයව සමහර සමාගම් තමන් ගේ පරිගණක පද්ධති වල ආරක්ෂාව පිළිබදව තහවුරු කර ගැනීමට යොදා ගන්නවා.

දෙවෙනි කාණ්ඩය තමයි "බ්ලැක් හැට් හැකර්".

මේ අය පරිගණක ආරක්ෂාවට තර්ජනයක්. නිතරම බලන්නේ ‍‍වෙන කෙනෙක් ගේ පරිගණක‍යකට රිංගලා ‍මොනවා හරි හොරකම් කරන්නමයි. පරිගණක පද්ධතියකට එහෙම ඇතුල් වුනොත් සොරි තමයි ඉතින්. මෙයාලා කරන්නේ වැරැද්දක් කියලා මෙයාලා දන්න‍වා. මෙයාලා කරන වැඩ නිසා නිතරම නඩු-හබ වලට පැටලෙනවා.

තුන්වෙනි කාණ්ඩය තමයි "‍ග්‍රේ හැට් හැකර්".

මෙයාලාත් පරිගණක ආරක්ෂාව පිළිබද විශාරදයින්. ඒත් "වයිට් හැට් හැකර් " කරන හොද වැඩ ව‍ගේම හිතුනොත්/අවස්ථාව ලැබුනොත් "බ්ලැක් හැට් හැකර්" කරන නරක වැඩත් මෙයාලා කරනවා. ඒ නිසා මෙයාලාත් නඩු-හබ වලට පැටලෙනවා.


ගොඩක් අය හැක් කරන හැටි ඉගෙන ගන්න හරිම ආසයි. ඒකට උත්සාහත් කරනවා. මොනවා වුනත් හැක් කරන හැටි දන්න‍වා නම් හැකර්ලාගෙන් බේරෙන එකත් ලේසියි. ඒ පරමාර්ථයෙන් හැක් කරන හැටි ඉගෙන ගන්න ‍ගොඩක් අය ටික කාලෙකදි තමන්ගේ අරමුණ අමතක කරලා "බ්ලැක් හැට් හැකර්" කෙනෙක් වෙන‍වා. ඒ වගේ අයට දැන් ගොඩක් තෑගි දෙනවාලු "උසාවිය පැත්තේ එන්න කියලා". සම‍හරුන්ට "ආණ්ඩුවේ බෝඩිමේ නවතින්නත් ‍දෙනවාලු" (ආණ්ඩුවේ බෝඩිමේ කෑම බීම නිකන් ලු ).


1 comment:

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails