මොකද්ද බං උඹේ ෆෝන් එක. අල්ලලා විසි කරලා දාපං
අැයි මචං?
ඇයි තමයි තොට මම කීපාරක් කෝල් කරාද ඊයෙ හවස. එකක්වත් ආන්සර් කළේ නෑ තෝ.
හරි බං මම දැක්කා මිස් කෝල් තියෙනවා.
මම තොට මිස්කෝල් ගැහුවෙ නෑ යකෝ. උවමනාවකට කෝල් කළාම උඹ මිස්කෝල් ගණන් කරපිය.
ඇයි බං මම උඹට එස්එම්එස් කළානෙ මම දොස්තරළඟට ආවා දතක් ගලවන්න කියලා.
තෝ දන් නැද්ද මම මැසේජ් බලන් නෑ කියලා. ඊට පස්සෙවත් ගනිනන්කො කෝල් එකක්.
ඉතිං බං දතක් ගැලෙව්වම කොහොමද කතා කරන්නෙ?
ඇයි උඹ මෙච්චර කාලයක් ගලවපු දතින් ද කතා කළේ?
නෑ බං. ගලවපු දත තිබුනු තැනින් පුලුං කෑල්ලක් තියලා දොස්තර කීවා එ්ක හපාගෙන ඉන්න කියලා ටික වෙලාවක් යනකන්.
යකෝ ටික වෙලාව කියන්නෙ දැන් බලපන් 10ටත් කිට්ටුයි. තෝ මෙච්චර වෙලා පුලුං හප හප හිටියද? කියපංකො උඹේ ඔය දොස්තර කොහෙද ඉන්නෙ කියලා මටත් දැනගන්න.
ඩොකා කීවෙ නෑ බං උදේ වෙනකන් පුලුං හපා ගන්න.
කොහෙන්ද උඹ දත ගැලෙව්වෙ. චැනල් සෙන්ටර් ගිහින්ද?
දතක් ගලවන්න චැනල් සෙන්ටර් යනවද බං. ගෙවල් ළඟ ඩෙන්ටල් එකකට ගියෙ.
උඹේ කුණුකමනෙ. තොට ක්ලේම් කරන්නත් පුලුවන් නේද? යන්ට එපැයි ඩොක්ට ******** ගාවට අපොයින්මන්ට් එකක් දාගෙන.
ඇයි බං ඒ ඩොක්ට දත් ගලවන්නෙ අමුතු ක්‍රමේකටද?
නෑ බං. ඌ ප්‍රසිද්ධයි නෙ. අනික නියම මීටරේ.
හරි බං. ඌ ප්‍රසිද්ධයි කියලා මම අපොයින්මන්ට් දාගෙන පෝලිමේ වාඩිවෙලා ඉඳලා දත ගලවගෙන, ක්ලේම් කරන්න ලොකු බිලක් අරන් ගෙදර එන්න ඕනි.
තොට ඉතිං කියලා බෑ නෙ. එහෙම නෙවෙයි බං ඌට එච්චර වෙලා යන්නෙ නෑ දතක් ගලවන්න.
ඔව් ඉතින්. අපොයින්මන්ට් එකටයි දත ගලවන්නයි තව අනම්මමනම් වලටයි අතින් ගෙවාගෙන දත ගලවගන්න අපේ මිනිස්සු පෝලිමේ යනවනෙ. ඉතින් උෟ නියමට දත ගලවනවා.
හරි දැන් උඹ ගිය තැන දත ගලවන්න උඹ පෝලිමේ හිටියෙම නෑ.
හිටිය බං. පැය බාගයක් විතර. ඒ වුනාට ඒ ඩොකා එච්චර ලොකු බිලක් දාන්නෙත් නෑ. අපොයිමන්ට් ඕනෙත් නෑ. එන කෙනා එක්ක හොඳට කතා කරනවා. උඹේ මීටර් ඩොක්ට වචන දහයක් කතා කරනවද ලෙඩා එක්ක? තොපි නමක් පස්සෙ දුවනවා සල්ලි ගෙවාගෙන. යකෝ අපිට තියෙන ප්‍රශ්නෙ අහලා තේරුම් ගන්න තැනකින් වැඩේ කරගන්න පුරුදු වෙයන්. සල්ලි ගෙවාගෙන මැෂින් එකක් පස්සෙ යන්නෙ නැතිව.
පලි- දොස්තර හැඳින්වීමට ඩොකා /ඌ යන වදන් භාවිත කළේ මේ සැබෑ සිදුවීමක් නිසාත් දොසතර මහත්තයා යන වදන අප පාවිච්චි කරනුයේ දොස්තර ඉදිරිපිටදී පමණක් නිසාත්ය.
වර්ගීකරණය
Saturday, August 30, 2014
උවමනාවකට කෝල් කළාම උඹ මිස්කෝල් ගණන් කරපිය.
ලියුවේ..
Roshanherath
කලින් ලියුවත් බ්ලොග් එකට දැමුවේ :
Saturday, August 30, 2014
Saturday, May 3, 2014
Configuring flashtool on Linux to root/install custom roms on Sony/SonyEricsson Android phone
This is the easy simple guide to Configuring flashtool on Linux to root/install custom roms on Sony/SonyEricsson Android phone. Using the windows version of Flashtool is easy but, Linux fans can't find a Windows PC to get the work done.
First of all download the Linux version of Flash tool from Flashtool website.
then go to the place where you saved the extracted Flashtool-xxxxxx.tar.7z by using
First of all download the Linux version of Flash tool from Flashtool website.
http://www.flashtool.net
Then ensure that you have libusb-1.0 is installed. 64bits system needs the both 64bit and 32bit. If you don't have it, simply download it using the package manager of your distribution version.
Now type this command the configure some USB settings for Flashing interface
Settings are saved inside /etc/udev/rules
create new file for settings using terminal/command line as root (sudo/su followed by password for root)
cp /etc/udev/rules.d/70-persistent-net.rules /etc/udev/rules.d/80-persistent-usb.rules
then open the file by
vi /etc/udev/rules.d/80-persistent-usb.rules
paste the following lines to the file.
SUBSYSTEM=="usb", ACTION=="add", SYSFS{idVendor}=="0fce", SYSFS{idProduct}=="*", MODE="0777"
save the file and close it.
then go to the place where you saved the extracted Flashtool-xxxxxx.tar.7z by using
#cd <place_where_extracted_files_saved>
Run the program using
#./FlashTool
wait until "Cloning devices from github project" or any other waiting window closes.
ලියුවේ..
Roshanherath
කලින් ලියුවත් බ්ලොග් එකට දැමුවේ :
Saturday, May 03, 2014
වර්ගීකරණය :
Android
Saturday, April 19, 2014
ඒ වුනාට කනක් ඇහිලා ඉන්න නෑනෙ.
අලුත් අවුරුද්දට ගෙදරට ආපු අසල්වැසියොත් එක්ක කතා කරකර ඉද්දි
අසල්වැසි ඇන්ටි- කොහෙද මේ පැත්තෙ උදේට හයියෙන් බණ දානව ඇහෙන්න?
මම- ඒ ඇන්ටි මේ කන්ද උඩ තියෙන පන්සලකින්නෙ.
ඇන්ටි-ඉස්සර මේ පැත්තෙ පන්සලක් තිබුන් නෑ නෙ.
මම- දැන් අවුරුදු දෙකක් විතර වෙනවා පන්සල හදලා . කැම්පස් එකේ ලෙක්චර්ස් කරන හාමුදුරුනමක් ඉන්න පන්සලක්.
ඇන්ටි- අපේ ගෙවල් පැත්තටත් හරිම හයියෙන් ඇහෙනවා.
මම- හිහි. කන්ද මුදුනෙ වගේනෙ පන්සල තියෙන්නෙ. ඔයාල ඉන්නෙ එහා පැත්තෙ කන්ද මුදුනෙනෙ.
ඇන්ටි-ඉස්සරනම් උදේට විතරයි ඇහුනෙ. ඒ වුනාට දැන් හවසටත් පිරිත් දානවා.
මම-ඒ ගමේ අය ඉල්ලීමක් කරාම බෝධි පූජා තියනවානෙ.
ඇන්ටි- ඒ වුනාට කනක් ඇහිලා ඉන්න නෑනෙ. උදේ හවස හයියෙන් පිරිත් දානකොට එපා වෙනවනෙ.
මම- අනේ ඇන්ටි. ඔයාලා රේඩියෝඑකේ බණ යද්දි හයියෙන් දාගෙන අහනඑකේ පන්සලේ හාමුදුරුවන්ගෙන් බණ පදයක් අහන්නකො.
පලි- බෞද්ධ යැයි කියා ගන්නා ගොඩක් දෙනා නමට බෞද්ධ වන අතර එම බෞද්ධ බව උප්පැන්නයටත් සමාජයේ කැපී පෙනීමටත් පාවිච්චි කරන්නේය. බුදුදහම රැකීමට මෙවන් පොෂ් අයගෙන් සිදුවන සේවයක් නැත්තේය. සිදු වන්නේ තමනුත් අගාධයට යමින් අන් අයත් ඒ වෙත ඇද ගැනීමයි. අයෙක් තමන් අදහන ආගම දහමට අනුව ජීවත් වේ නම් ඒ මානසික රෝගියෙකු ලෙස ද හඳුන්වන්නේය.
ලියුවේ..
Roshanherath
කලින් ලියුවත් බ්ලොග් එකට දැමුවේ :
Saturday, April 19, 2014
Sunday, April 13, 2014
හයිවේ නැති අපේ ජීවිතේ. පාරට moving barriers සමඟ නව මංතීරුවක්.
අපි සාමාන්‍යයෙන් පොදු ප්‍රවාහනයේ ගමන් කරන අයය. ඒ තියෙන වාහනේ අරන් ගියොත් නවත්තන්න තැනක් නැති නිසාය. එක අතකින් ඒ ක්‍රමය හොඳය.
තදබදය අස්සේ පැය ගණන් ඉන්නවාට වඩා පයින් යන එකත් හොඳය කියා සිතෙන්නේ පයින් ගියත් පැයට කිලෝමීටර 5ක්වත් යන්න පුලුවන්කොට බස්එකක් පිටකොටුවේ ඉඳන් දෙමටගොඩ හරියට එන්න පැයකට වැඩි කාලයක් ගතවන විටය. ඉස්සර ඔහොම නැතිය. හයිවේ හදන්න කලින් අපි සිකුරාදා හවස 4න් පස්සේ 7 වෙනකන් මොන බස් එකේ ආවත් බස් එක පිටකොටුවෙන් පිටත් වෙලා පැය 3 1/2 ඇතුළත ගෙදරය. ඒත් දැන් අපි පිටකොටුවෙන් කැළණියට එන්නේත් පැය 1 1/2 විතර තදබදේ ඉඳලාය.
තදබදේට විවිධාකාර හේතු ඇත්තේය. ප්‍රධානම කරුණ අතුරුමාර්ග වැඩි වීමය. අතුරු මාර්ග හදන්නේ තදබදය අඩු කිරීමට කියාය. නමුත් එයින් වෙන්නේ තදබදය තවත් වැඩි වීම මිස අඩු වීමක් නොවන්නේය. අතුරු මාර්ග තිබුණාම ඒ මාර්ගයෙන් එන වාහන නිතරම ප්‍රධාන මාර්ගයට ඇතුල් වන්නේය. ඉතින් ප්‍රධාන මාර්ගය තදබද වන්නේය. මෙවන් බොහෝ තැන් වල ආලෝක සංඥාා නැත්තේය. ඒ මදිවාට පොලිසියද නැත්තේය.පොලිසිය සිටියද ඉන්නේ ලයිට් එළියට අනුව වාහන හසුරුවන්න ලයිට් කණුව ළඟ මිසක් ලයිට් එකක් නැති තැනක නොවන්නේය. ඉතින් අතුරු පාරෙන් ප්‍රධාන පාරට වාහන ඇතුල් කිරීම නොකඩවාම සිදුවෙනවිට ප්‍රධාන පාරේ වාහන තදබදය වැඩි වන්නේය. කිරිබත්ගොඩ මීට හොඳම උදාහරණයය.
දිනක් කොළඹදී පාර මාරු වෙන්න ඉන්නා විට සංඥාා කණුවේ වාහන වලට කොළ එළිය දැල්වී තිබුණු අතර පදිකයින්ට රතු එළිය දැල්වී තිබුණි. පාරේ වාහන නැති නිසා කෙනෙක් පාර මාරු වන්නට පාරට බැස්සේය. එතැන
සිටි රාළහාමි ඔහුව නවත්තා ගත්තේය. ලයිට් එකේ රතු තියෙන්නේ කියා පදිකයින්ගේ
සංඥාා කණුව පෙන්වීය. අප දන්නේ සංඥාා කණුවක් ළඟ පොලිස් නිළධාරියකු සිටි විට
ක්‍රියාත්මක වන්නේ ඔහුගේ නීතිය බවත් ආලෝක සංඥාා නොතකා නියෝග දීමට ඔහුට
හැකි බවත්ය. ඉතින් පාරේ වාහන නැත්නම් පාර මාරු වීමට පදිකයින්ට අවස්ථාව නොදී ආලෝක සංඥාා වලටම පදිකයින් හා වාහන
හසුරුවන්න පොලිස් නිළධාරින් යොදා ඔවුන්ට වැටුප් ගෙවිය යුතුද? කහඉර දෙපැත්තේම විශාල මිනිසුන්
ගණනක් එකතු වූ විට පාර මාරු වීමෙන් දෙපැත්තේම අය එකට ගැටෙන්නේය.
පාර තදබද වුනාම පාරේ විරුද්ධ පැත්තට යන වාහනවලට වෙන් කරපු තීරුවේ වාහන යන්නේ ඉස්සරහින් තමන් දෙසට එන වාහන නැති බව සිතාය. ඒත් වාහනයක් එනවග පෙනුනාම තමන් යන පැත්තට තියෙන තදබදයට රිංගන්න දඟලන්නේය. එක්වරම ඇතුල් වූවොත් හොඳය. බැරි වුනොත් දෙපැත්තටම යන වාහන තදබද වන්නේය. එක වාහනයක් යනවිට තවත් වාහන පෝලිමක් ඒ විදියට යන නිසා තදබදය වැඩි වීම අනිවාර්යය. මේකට විසඳුමක් විදියට පිටරටවල හයිවේ වල වාහන වැඩිපුර යන පැත්තට වැඩි ඉඩක් ලබා දෙන්නට පාර වෙන් කරන්න මැද තියෙන කොන්ක්‍රීට් වෙනස් කිරීමේ ක්‍රමය යොදා ගන්න පුලුවන්ය. හරියට කළොත් මෝටර් සයිකලයක්වත් ලේන් පන්නලා රිංගවන්න බැරිය. වාහන වැඩියෙන් යන පැත්තට අමතර මංතීරුවක් ලබාදෙන්නත් පුලුවන්ය.
මේ මොනවා තිබුනත් වැඩක් නැතිය. හෝන් ගසාන තදබදය අස්සේ රිංගවන වාහන නැති විය යුතුය. වරක් කඩවතදී කලු වීදුරු ඇති ජිප් රථයක් හෝන් ගසමින් මා ගිය බසයට ඉස්සර කරන්නට ආවත් රියදුරා ඒක ගනන් ගත්තේ නැත්තේය. ඉන් පස්සේ ටික වේලාවකින් පොලිස් මොටර් සයිකලයක පිටුපස වාඩි වුනු නිළධාරියා අත් වනමින් වාහන අයින් කරමින් ඉඩ ලබා දුන්නේ කලින් හෝන් ගැසූ ජිප් රථයට බව අඳුනා ගත්තේ ඒ ජිප් එකේ නොම්මරය වැඩිමුදලක් ගෙවා තෝරාගත් එකක් නිසා ලේසියෙන් මතක තියෙන නිසාය. පොලීසිය ට්‍රැෆික් අඩු කරන්නේ එසේය. ඇම්බියුලන්ස් එකක් හෝ ගිණි නිවන රථයක් ආවානම් මේ තරම් දුකක්+තරහක් ඇති නොවන්නේය.
ලියුවේ..
Roshanherath
කලින් ලියුවත් බ්ලොග් එකට දැමුවේ :
Sunday, April 13, 2014
වර්ගීකරණය :
සමාජය
Friday, April 4, 2014
සිතට, හැඟීම් වලට වහල් වී සැපත සතුට සොයා ජනප්‍රිය වීම.
රටේ විවිධාකාර අය සිටින්නෝය. සමහරු ප්‍රසිද්ධය. සමහරු ජනප්‍රිය ය. තවත් සමහරු ජනප්‍රිය හා ප්‍රසිද්ධය. නමුත් ඒ හැම දෙනා වෙනුවෙන්ම ජනප්‍රිය හා ප්‍රසිද්ධ යන වචන පාවිච්චි කරන ආකාරයේ වරදක් දක්නට ලැබෙන්නේය.
මේ වරද බොහෝවිටම කරන්නේ ජනමාධ්‍යවේදියාය. ඒ කිසියම් නලුවකු නිළියක හඳුන්වා දෙන විට වැඩිපුරම කියන්නේ ජනප්‍රිය තරුව කියාය. එතැනට සුදුසුම වචනය එය වන අවස්ථාද ඇත. ඒ වගේම නොගැලපෙන අවස්ථාද බොහොමයකි.
කලාකරුවා හෝ යමෙකු ප්‍රසිද්ධ වීම නිරායාසයෙන්ම සිදු වන්නේය. ඒ ඔහුගේ ඇයගේ නම කියවෙන දකින වාර ගණනට අනුලෝමවය. නමුත් ජනප්‍රිය වීම එලෙස නොවන්නේය. ජනප්‍රිය බව උපයාගත යුතු දෙයකි. එය නිරායාසයෙන් ලබා ගත නොහැකි වන්නේ එය යමෙකුගේ කියාකාරකම් වල හොඳ නරක මත රඳා පවතින්නක් වන බැවිනි. යමෙකු වැරදි එමෙන්ම සමාජ විරෝධී වැඩ කළද ප්‍රසිද්ධ විය හැකි වන්නේය. නමුත් ජනප්‍රිය නොවනේය.
දරු පවුල් අනාථ කර කුඩා දරුදැරියන්ගේ අනාගතය අඳුරු කර වෙනත් අය කසාද බැඳි අය හඳුන්වන්නට ජනප්‍රිය යන වදනට වඩා ප්‍රසිද්ධ යන වදන ඉතා සුදුසුයැයි මට සිතෙනුයේ මා උගෙන ඇති මට්මට ඒ අය කරනු ලබනුයේ සිතට/හැඟීම් වලට වහල් වී තවකෙකුගේ ජීවිතය අඳුරට ඇද දමමින් තම සැපත සතුට සෙවීම වන බැවිනි. නොගැලපෙන අය වෙන්වූවාට කාරි නැත්තේය. ඒ අය ගැලපෙනවායැයි සිතන අය සමඟ එක් වූවාටද කම් නැත. පවුල් දෙකක් විනාශ කරනවාට වඩා එය හොඳය. නමුත් තමන් වෙනුවෙන් කැපවූ අය ත් තමන්ගේ ලෙයින් උපන් දරුවනුත් අතරමංකර දමා සැප විඳින්නේ කෙසේදැයි ගැටලුවකි.
ලියුවේ..
Roshanherath
කලින් ලියුවත් බ්ලොග් එකට දැමුවේ :
Friday, April 04, 2014
Wednesday, April 2, 2014
ප්‍රයිවට් බස් කර්මාන්තෙ නඟා සිටුවන්න නම් සීටීබී හෙමින් යන්නෙපැයි
ඉස්සර අපි බස් වල නුවර යද්දි ගතවෙන කාලය අඩු කරගන්න ප්‍රයිවට් බස් එකක අපිට ළඟම ප්‍රධාන බස් නැවතුමට ගිහින් එතැනින් සීටීබී හෝ දුර ගමන් බස් එකක නැංගා ප්‍රයිවට් බස් පැය 1 1/2 වගේ කාලයක් ගම්පොල ඉඳන් නුවර යන්න ගත්තු නිසා. ඒ දවස් වල ඒ රූට් එකේම ගිය සීටීබී බස් පාරෙ ගියේ හරියට සීමිත නැවතුම බස් වගේ. සෙනඟ පටව ගන්න නැවැත්තුවේ එක්ස්ප්‍රස් හෝල්ට් වල විතරයි. ඉතින් ඒ දවස්වල අපි හිතාන හිටියේ සීටීබී ඩ්‍රයිවර්ලට බස් එක දෙන්නෙ ටර්න් එක වේගෙන් යන්න මිසක් මිනිස්සු ප්‍රවාහනය කරන්න නොවෙයි කියලා. ඒකටත් එක්ක ප්‍රයිවට් බස්, මිනිස්සු ලෑස්ති වෙලා ගෙදර දොරවල් වහගෙන එනකම් නවත්තන් ඉඳීවි.
ඒත් දැන් මාස කීපයක ඉඳන් ප්‍රයිවට් බස් විනාඩි 55ට අඩුවෙන් ටර්න් එක ඉවර කරන නිසා ඉස්සර සෙනඟ ගොඩක් ගියපු දුරගමන් බස් වලත් එච්චර සෙනඟ නෑ. ඉක්මනට යන නිසා මිනිස්සු ප්‍රයිවට් වල නගිනවා. නමුත් ඉස්සර නුවර ගම්පොල අතර ටවුන් දෙක බලන්න (මිනිස්සු පටවන් නැතිව) බස් පදවපු සීටීබී ඩ්‍රයිවර්ලා මේ වෙද්දි ඉස්සර හිටපු ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ලා වගේ හෙමින් යන්න පටන් අරන්. ඒ අයට විනාඩි 55 ට යන්න එපා කියලා ඇති. මොකද සීටීබී එක උදව් කරන්න එපැයි පුද්ගලික බස් කර්මාන්තය නඟා සිටුවන්න.
අපිට කොළඔදි දකින්න ලැබෙන විදියට ප්‍රයිවට් බස් 30ට විතර සීටීබී බස් එකක් දකින්න ලැබේවි මේ විදියට සීටීබි බස් ගියොත්. මොකද අපි කැමති නෑ නෙ ඉක්මනින් යන්න පුලුවන් කම තියෙද්දි හෝල්ට් ගානෙ රස්තියාදු වෙන්න. (ප්‍රයිවට් බස් වලයි සීටීබී බස් වලයි කාර්ය මණ්ඩල මාරු වෙලා ද දන් නෑ.)
අන්තිමට සෙනඟ නැති නිසා බස් දුවන් නැති වේවි. බස් නැති නිසා සෙනඟ නැති වේවි.
පලි- පුරුද්දක් වශයෙන් වගේම සීසන් පාවිච්චි කරපු අපේ යුතුකමක් ඉටු කිරීමක් වශයෙන් ප්‍රයිවට් බස් වල ට වඩා සීටීබී වල යන්න උත්සාහ කලාට අපි සීසන් අරන් බස් එකේ යන්න ඉද්දි නවත්තන් නැතිව ගියපු බස් ඩ්‍රයිවර් කෙනෙක් හරි අපි දැක්කම බෙල් එක ගහලා බස් එක අද්දවපු කොන්දොස්තර කෙනෙක් හරි හිටියොත් ඒ සීටීබි බස් එක කකුල් දෙක ගාවට ඇවිත් නැවැත්තුවත් නඟින් නැති ප්‍රතිපත්තිය තවමත් එහෙමයි.
ලියුවේ..
Roshanherath
කලින් ලියුවත් බ්ලොග් එකට දැමුවේ :
Wednesday, April 02, 2014
Saturday, March 29, 2014
දුක නැතිව ෂොපිං කරන්න, ඒ ගමන් පෝලිමේ තැනත් පරිස්සම් කරගන්න
සිංහලහින්දු අලුත් අවුරුදු උත්සවය ළඟ ළඟම ආවත් ඉස්සර තරම් දැන් අපිට අලුත් අවුරුද්ද නොදැනෙන්නේ ඉස්කෝලේ යන කාලේ වගේ දැන් අවුරුද්ද වෙනුවෙන් නිවාඩු නො දෙන නිසාය. රස්සාවට ආවාම අලුත් අවුරුද්ද නිවාඩු දවසක් කියන එක ද වෙනස් වුනේය. නමුත් පහුගිය අලුත් අවුරුද්ද දවසේ අපිට නිවාඩු ලැබුණේය. ඒ නිසා පන්සල් යන්නත් ගෙදර අය එක්ක කාලය ගත කරන්නත් ඉඩ ලැබුණේය.
අලුත් අවුරුදු හෝ ලංකාවේ උත්සව සමයක් කියන්නේ බැංකුවල වැඩ කරන අපට වැඩ වැඩිම කාලයක් ය. ඒ මුදල් සමග කටයුතු කරන අපට ගණුදෙනුකරුවන්ගේ මුදල් අවශ්‍යතා වෙනුවෙන් වෙනදාට වැටුප් දිනවල වෙහෙස වෙනවාට වඩා වෙහෙස විය යුතු වන නිසාය.
බැංකු තුල විශාල වශයෙන් මුදල් ලබා ගැනීමට පෝලිම් දක්නට ලැබෙන අතර බැංකුවෙන් පිටත ඒටීඑම් යන්ත්‍ර අසලද දිගු පෝලිම්ය. එකම යන්ත්‍රයට දවසට කීප වතාවක් මුදල් යොදන අවස්ථාද තිබෙන්නේය. ඒ තරමට මුදල් ගැනීම් වැඩිය. ඒ නිසා බොහෝ බැංකු වෙනදාට වඩා වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරමින් තමන්ගේ ගණුදෙනුකරුවන්ට තම මිලදී ගැනීම් සඳහා තමන්ගේ ඒටීඑම් ඩෙබිට් කාඩ් පත හෝ ක්‍රෙඩිට් කාඩ් පත පාවිච්චි කරන්නැයි දැනුම් දෙන්නේ හැමගේම පහසුවටය.
බැංකු ගිණුමෙන් මුදල් ගැනීමට පෝලිමේ සිට ලබා ගන්නා මුදල් රැගෙන ගොස් සාප්පු සවාරි කර බැංකුවෙන් ගත් මුදල් වලින් බිල්පතේ මුදල් ගෙවීමට ත් පෝලිමේ සිටීමට වඩා පහසු ක්‍රම දැන් තිබෙන නිසාය. බිල්පතේ මුදල් ගෙවීමේදී මාරු සල්ලි ප්‍රශ්නය පැන නැඟීමත් මුදල් ආරක්ෂා කර ගැනීමත් අනවශ්‍ය වන්නේය. (මුදල් ගොඩක් ගෙනියන අයට 5000 කොළ රැගෙන යා හැකිය.එවිට ආරක්ෂා කළ යුතු මුදල් නෝට්ටු ගණන අඩුය. එක කොළයක් නැතිවූ විට පාඩුව වැඩිය.)
බිලේ වටිනාකම 5000 න් හරියටම බෙදෙන ගුණාකාරයක් වෙන්නේ කලාතුරකිනි. එනිසා ඉතිරි මුදල් දෙන්නට වෙන්නේ පොඩි සල්ලි වලිනි. කවුන්ටරේ නංගි හෝ මල්ලි රුපියල් 5ක් දෙන්න පුලුවන්ද 55ක් දෙන්න පුලුවන්ද කියා අසනවිට ෂොපින් කරන කෙනාට තරහා යයි. ඉතින් සෙනඟ මැද්දේ අර කවුන්ටරේ කෙනාට බණින්නේය . නැතිනම් මාස ගාණක් සුද්ද නොකළ තමන්ගේ බෑග් එක නැතිනම් පොකැට්ටුව ඇර අඩිය එළියට හරවා මාරු සල්ලි හොයන්නේය. සාප්පු වල සෙනඟ ගැවසෙන වෙලාවක් නිසා තව කීපදෙනෙකුගේ බිල්පත් වල වෙලාව අපතේය. ඉතින් කාඩ් එකෙන් ගෙවන්න කියා ඇඩ් දාන්නේත් කාඩ් එකෙන් ගෙවද්දී වට්ටම් දෙන්නේත් ඒ නිසාය. ඒ අන්තිම රුපියල දක්වාම ඉක්මනින්ම කාඩ් එකෙන් ගෙවන්න පුලුවන් නිසාය.
සමහර ගණු දෙනු කරුවන්ට තමන්ගේ කාඩ් එකෙන් දවසට ගන්න පුලුවන් 40000 යි 50000 යි කියලා හිතේවි. ඒ නිසා සල්ලි බැංකුවෙන් අරන් යන්න ඕනෑ යයි කියාවි. නමුත් එක බිලකට රුපියල් 30000ට වඩා වියදම් කරන්නේ එහෙමත් කෙනෙකි. ඒ අයට අනිවාර්යෙන්ම ක්‍රෙඩිට් කාඩ් තිබෙන අතර දෛනික ගණුදෙනු සීමාව 40000ට බෙහෙවින් වැඩිය. ඒ නිසා ෂොපිං කරන්ද්දී කාඩ් එකෙන් ගෙවු විට වියදම ඉලක්කම් වලින් විතරක් දකින නිසා කීයක් වියදම් වුනාදැයි නොදැනේ. ඒ නිසා ඉළඟ මාසෙ කොහොම ජීවත් වුනත් දුකක් නැතිව ෂොපිං කළ හැක. ගිණුමේ මෙච්චර තිබුනා කියලා හිතෙන්නේ වියදම අඩු කර ගන්න නොව වියදම සාධාරණීකරණය කිරීමටත් ගෙවිය හැකි බව තහවුරු කර ගැනීමටත්ය. සාක්කුවට පාඩුවක් නැත.රෙදි සාප්පුවටත් පාඩුවක් නැත. අද කාලා එපැයි හෙට කන්න.
![]() |
| ඉස්සුවේ www.boc.lk |
පලි- ෂොපිං කරද්දී පොකැට්ටුව පරිස්සම් කරනා තරම් සැලකිල්ලෙන් කවුන්ටරේ අසළ පෝලිමේ තමන්ගේ තැන ආරක්ෂා කරගන්න. අද මම ෂොපිං කරත්දී මට කලින් සිටි අයගේ බිල දමන තුරු කවුන්ටරේට ඇතිල්ලෙමින් සිටීම හරි නැතැයි සිතා අඩියක විතර ඉඩක් තබාගෙන සිටියෙමි. එක්වරම දෙදෙනෙක් මට ඉස්සරහින් හිටගෙන "එහා පැත්තෙ පෝලිමට ගියේ නැත්තෙ හොඳ වෙලාවට" යි කතා වෙනු ඇසුණි. අනික් කෙනා කීවේ "එතැන හිටියනම් ගොඩක් වෙලා යාවි" කියාය. මම ඒ මිස්ලා දෙන්නාට කතා කර "මිස් ඉක්මනට යන්න පුලුවනි. ඒත් පිළිවෙලක් තියෙනවා" කී විට "පෝලිමක් තිබුණද. සොරි අපි දැක්කේ නෑනෙ" යි කියා මට මගේ තැන ලබා දීමට තරම් කාරුණික විය.
ලියුවේ..
Roshanherath
කලින් ලියුවත් බ්ලොග් එකට දැමුවේ :
Saturday, March 29, 2014
Subscribe to:
Posts (Atom)


