ඊයේවනතුරු
දිවා රෑ නොමැතිව
රූපවාහිනිය තුලින් ද
පාර දෙපස සිටිමින් ද
පුවත්පත් තුලින් ද
අප හමුවට ආ
ඉන් නොනැවතී
තැපෑලෙන් ද
අන්තර්ජාලය තුලින් ද
දුරකථනය හරහා ද
අප අසළට ආ,
අපට මිතුරු වෙසින් පෙනීසිටි
ඔබට
හෙටින් පසු
වසර හයක් ගතවන තුරු
අපව අමතක වන බව
අප කෙසේ නම් අදහන්නද?
දේශපාලනය පිළිබඳව ලිපි ලිවීම හා කියවීම මා අකැමතිම දෙයක් වුවද අප්‍රේල් 8 වන දින මැතිවරණය පිළිබඳව යමක් කීමට සිත් විය. මෙවර මැතිවරණයේ විශේෂත්වයක් වන්නේ අපේක්ෂකයන් කීප දෙනෙකු හැරුණුවිට කිසිඳු අපේක්ෂකයකු තමන්ට ඡන්දය දෙන ලෙස වේදිකාවලදී නොකීමයි. බොහෝදෙනෙකු ප්‍රකාශ කරන ලද්දේ "මම දිනනවා" "අපි දිනනවා" යන වදන් ය. මෙය හරියට "හොඳින් ක්‍රීඩකයකු / විභාග අපේක්ෂකයකු මම දිනනවා/සමත් වනවා " යැයි කීමට සමාන කල හැකිද? අප ඡන්දය නොදුන්නොත් ඔබ දිනන්නේ කෙසේදැයි මට ඇත්තේ පැනයකි.
එහෙම තමයි බන්. හැමදාම අපේ දේශපාළුවෝ කිව්වේ ඕක තමයි.
ReplyDeleteඇත්ත රොෂාන්..හෙටින් පස්සේ එයාලගේ ජීවිත වලට අපි අමුත්තෝ , ආගන්තුකයෝ විතරයි... මේක සෙල්ලමක්. අපි මහලොකුවට හිතන් ඉන්නව අපි තම මේ සෙල්ලමේ විනිශ්චයකාරයෝ කියල. ඒත් ඇත්තටම අපි නිකම් චීයර් ලීඩර්ස්ලා විතරයි. අපි හුරේ දාද්දි අපි ගාවට දුවන් ඇවිත් තොප්පිය පාල අපේ චන්ද කොලෙයි කතිරෙයි අරන් අපිට සැලියුට් ගහලා එයාල යනවා. ඉතින් ගියාම තමයි.. ඒමක් නැත... නැට්ටක්වත් සොයා ගන්නත් නැත ඉන් පස්සේ....
ReplyDelete@හෙළයා said... @ජීවිතේමල් said...
ReplyDeleteඒ අය ටික දවසක් අපේ පස්සෙන් වැඳගෙන එනවා.. ඊට පස්සෙ අපි අවුරුදු 6ක් ඒ අය පස්සෙන් යනවා.. හරි සෝක් නෙ..
ස්තුතියි ප්‍රතිචාර වලට...