මීට
කලකට පෙර
සිටි
මමත්
දැන්
වර්තමානයේ
සිටින
මමත්
අතර
තරමක වෙනසක්
දැනෙයි මට
එය
හැසිරීම අතින්
පමණක් නොව
සිතුවිලි වලින්ද
සිදුවී ඇති බව
දැනෙයි මට
ජීවිතේමල් ඇතුලු
පසුගියකාලයේ
බ්ලොග් අවකාශයෙන් හමුවූ
ඔබ සැම
ඊට හේතුවූ බව
දැනෙයි මට
ඉතින්,
ඔබට
තුති
ඔබේ පැදිය කියෙවු මට ගොඩාක් සතුටුයි..ඒ මගේ නම තිබූ නිසා නෙමෙයි.... ඔබේ වෙනස දැකලා... අපි කලින් කලට වෙනසට පත් වෙනවා... එය වැලැක්විය නොහැකියි..ශාරීරිකව මෙන්ම මානසිකව... ශාරීරික වෙනස අපට පාලනය කිරීම අපහසුයි..ඒත් මනසේ දිශාව අපගේ සංවර්ඪ්නය මත මග පෙන්වා ගත හැකි දෙයක්.. නැද්ද?
ReplyDeleteඔබේ සිතුවිලි වල වෙනස ගැන ඉතාම සතුටුයි...
වෙනස කොහොමත් අපිට උරුමයි.ඒකට අපි නිතර ගැටෙන පරිසරයත් බලපානව. වෙනසත් එක්ක ඔබ තෘප්තිමත් වීම ගැන සතුටුයි. ඔබට සුබපැතුම් සහෝදරයා.
ReplyDelete@ජීවිතේමල් said... ඔව් මිස්.. මනස අපිට පාලනය කරගත හැකි නිසා අපට අවශ්‍ය පරිදි හසුරැවාගත හැකියි..
ReplyDelete@Raven said... ඔව්. ඔබ කියන දේ හරි..
@ජීවිතේමල් said... @Raven said...
ස්තුතියි ප්‍රතිචාර වලට..
සුභ අලුත්අවුරුද්දක් වේවා ඔබ සැමට........!