අපි එදිනෙදා සමාජයේ ජීවත් වෙද්දි සිදුවන සමහර සිදුවීම් වලදි අපි යම් යම් තීරණ වලට එළඹෙනවා. ඒ තමන් දකින/සිතන ආකාරය අනුවයි. නමුත් අපි කිසිම වෙලාවක තමන්ගේ රාමුවෙන් පිට සිතන්නේ නෑ ඒ මොකද අපි හැමෝම යම් තරමකට ආත්මාර්ථකාමීයි, හිතුවක්කාරයි (මෙක මටත් පොදුයි). නමුත් අපට පුලුවන්නම් එම සීමාවෙන් පිටතට තමන්ගේ සිතුවිලි මෙහෙයවලා වෙනත් කෝණයකින් එම සිදුවීම් දිහා බලන්න , තමන්ගේ වගේම අන් අයගේ ජීවිත වලටත් යම්කිසි සහනයක් , උපකාරයක් වේවි ඒක.
මම අද බස් එකකදි අහපු දෙයක් මේ ලිපියට හේතු වුනා. බස් එකක බස් නැවතුම් පොලවල් 2,3 ක් අතර ගමන් ගන්න බස් එකට නැගපු කෙනෙකුට බස් එකේ කොන්දොස්තර කීවා වාඩිවෙන්න එපා කියලා. බස් එකේ ආසන වල ඉඩ තියෙනවා නම් වාඩි වුනාම මොකද වෙන්නෙ? ඒ වගේම හිටගෙන යන්න බැරිකමක් තියෙනවද දන්නෙත් නෑ නෙ. නමුත් බස්රථ වල කොනදොස්තරලා බොහෝ දෙනෙක් බලන්නෙ තමන්ට ලැබෙන මුදල දිහා විතරයි.
බොහො විට අපි හිතන්නෙ අපේ සමාජ මට්ටමට සමාජ අත්දැකීම් වලට අනුරූපවයි. අපේ සිතුවිලි වලට සම්පත් දායකත්වය සපයන්නෙ සමාජයයි. සමාජය ආත්මාර්ථකාමී වන විට සිතුවිලි ආත්මාර්ථකාමී නොවී තිබිය හැකිද?
ReplyDeleteරොෂාන්
ReplyDeleteඅපි කොන්දොස්තරගෙ පැත්තෙන් බැලුවොත් මේ සිද්ධිය මොන වගේ අපිට පෙනේවිද
සුභ දවසක්
@දයියා, ඊළඟ බස් නැවතුමේදි හිස් ආසනයක් නැති නිසා ගමනාන්තයටම යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් බස් එකට ගොඩ නොවෙන්න පුලුවනි. ඒත් බස් එකෙන් බාගයක් වත් සෙනඟ නැතිකොට?
ReplyDelete@Indraj said...ඔව්. ඒ වගේම ඒක සාපේක්ෂයි නේද?
@Indraj said... @දයියා said... ස්තුතියි ප්රතිචාර වලට..
ඉඳගත්තට පස්සේ සෙනඟ පිරුනත් නැගිට්ටවන්ට බෑනේ . ඒක නිසා වෙන්ට ඇති
ReplyDelete@Anonymous said... වෙන්න පුලුවනි.. ස්තුතියි ප්රතිචාර වලට..
ReplyDelete