මට අද මගේ මිතුරකුගෙන් ලැබුණ පණිවුඩයක තිබුණු ලිපිනය (url) ට අදාල ලිපිය දැක්කම මට මගේ ඇස් දෙක අදහාගන්න බැරි වුණා. ඒ වෙබ් පිටුවෙ දැක්වුණු විදියට අපි අන්තර්ජාලයේදී මූණු පොතටත් වඩා රඳාපවතින වෙබ් අඩවිය www.google.com ලංකාව තුලදී භාවිතා කරන්න ඇති හැකියාව නවතන්න සූදානම්ලු.( මම මූණුපොතට වඩා ගුගල් මත රඳා පවතිනවා..)
මගේ හැඟීම නම් එය සැබෑවක් වනවා යනු ලංකාවේ විශාල පිරිසක් මහත් අපහසුතාවකට ලක්වනවා නිසැකයි. මට නම් ගුගල් නැතිව අන්තර්ජාලය භාවිතා කරනවාට වඩා හොඳයි අන්තර්ජාලය භාවිතා නොකර ඉන්න එක කියලා හිතෙනවා.
මේ තියෙන්නෙ ලිපියට යන ලිපිනය. කියවලා බලන්න.
http://lankanewsweb.com/news/EN_2010_02_10_013.html
මේ තියෙන්නෙ මම දැනට එක් වතාවක්වත් භාවිතා කර ඇති ගුගල් සේවාවන්. ඉතින් ගුගල් නවත්වනවා කියන්නෙ මට මේ සේවාවන් සියල්ලම නැති වනවා කියන එකයි නේද?
තවත් දෙයක්, දැන් ඉතින් yahoo හරි වෙනත් ඊමේල් ගිණුම් සපයන්නෙකුගෙන් නව ලිපිනයක් ලබා ගෙන මම දැනට ලියාපදිංචි වෙලා තියෙන වෙබ් අඩවි සියල්ලටම ගිහින් ගිණුම් විස්තර තියෙන තැනට නව ලිපිනය ලබාදෙන්නත් වෙනවා. බැරි වෙලාවත් නව ලිපිනය තහවුරු කරන්න කියලා පරණ ලිපිනයට ලිපියක් යැව්වොතින්???
ඒත් කමක්නෑ කියමුකෝ.. කාලයක් යද්දි අනිත් සෙවුම් යන්ත්‍රත් ලංකාව තුලදි අඩපණ කරොතින්????



මොකක්ද බං ඔය link එකට යන්න බෑනෙ. අනිත් එක ඔය ලෝකෙ නැති කටකතා කරයන්ගෙ වැඩක්ද දන්නෙනෑනෙ. කෝකටත් ඔබ කලබල නොවී ඉදපං කොල්ලො
ReplyDeleteඑක සැරේට එච්චර දරුණු තීරණයක් ගනී කියල නම් හිතන්න අමාරුයි. එත් මේ යන පොට නම් අල්ලන්නෙ නෑ.
ReplyDelete@gama
ReplyDeletegoproxing.com වලින් යන්න
http://www.lankanewsweb.com/Sinhala/news/2010_02_10_009.html
ReplyDeleteproxy වලින් යන්න බෑ proxy ත් block කලොත්...මම ඉන්න UAE වල ඉස්සරලම block කරලා තියෙන්නේ proxy ටික.....VOIP, Proxy කියන වචන වලට දාල හැම සයිට් එකම block....Anchor free hot spot shield වලින් විතරයි ඕනේම සයිට් එකකට යන්න පුළුවන්...
ලිංක් එක වැඩ නැත.
ReplyDeleteමචං ඔය ලංකා නෙව්ස් වෙබ් කියන්නේ එච්චර විශ්වාස කරන්න පුළුවන් සයිට් එකක් නෙමේ. ඒකෙ සමහර නිව්ස් මවල දෙනව.
ReplyDeleteමේක එච්චර ලේසියෙන් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නෑ.
ReplyDeleteමොකද රජයේ සමහර තැන්වලත් මේක පාවිචිචි කරනවනේ.
MAY BE A BULLSHIT
/බිඟුවා...!
ඉරානය ජීමේල් ඒක බිලොක් කරා කිව්වාම මම විහිළුවට කිව්වේ "චීනයත් හුටපටයක් දාගත්තු ගුගුලයේ ජිමේල්ල දැන් ඉරානයේ තහනම් කර ඇත. එනයින් මේ සමීකරණයට අනුව ඊළඟට ශ්‍රි ලංකාවද?" කියලා. ඒක ඇත්තක් නොවුණොත් හොඳයි.
ReplyDeleteඔය වෙබ් සයිට් එක තනිකරම මඩ සයිට් එකක්. google තහනම් කරල වැඩක් නෑනෙ. ඕක තනිකරම බොරුවක්.
ReplyDeleteරජය අපහසුතාවයට පත් කරන්න, විජාතික බලවේග ගොතපු බොරැවක් ඕක! :)
ReplyDeleteහැබැයි ඉතින් ඔය සයිට් එකේ කිව්ව දේවල් ගොඩක් ඇත්ත වෙලා තියනවා. සමහ්ර නිව්ස් අයිටඊඑන් එකටත් ඉස්සෙල්ල කිව්වෙ මේගොල්ලො. ගූගල් විත්රක් නෙමේ FB twitter වගේ එවත් බ්ලොක් ක්රන්න යන්නේ. එතකොට නම් හ්රි ශෝක්. මම හදවතින්ම පතනවා ඕක බ්ලොක් ක්රන්න කියලා.
ReplyDelete@panni
ගූගල් තහනම් ක්රලා වැඩක් නෑ කියන්නේ නැතුව ඔයගේ බ්ලොග් සයිට් එක වගේද බ්ලොක් ක්රන්න ඔනේ ? බහුබූත කියවන්න එපා.
FYI
රජාගේ හොදම යාළුවා වෙන චීනෙ නම් ගූග්ල් සීමා ක්රල තියෙන්නේ democracy කියල සර්ච් ක්රන්නවත් දෙන්නේ නෑ. you tube එහෙම සම්පූර්නයෙන් බ්ලොක් ක්රලා තියෙන්නේ.
සමහර ISP ලා මේ සයිට් එක බ්ලොක් කරලා වගෙයි පෙනෙන්නෙ.
ReplyDeleteමඩ ගහනවා කියලා අපිව බය කරාම හරියනවද මම අහන්නෙ? තව පොඩ්ඩෙන් හර්දයාබාධයක් හැදෙනවා මට..දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ.
මේක ඇත්තක් නොවේවා!!!!!!!
@gama @තමීර @Saman @බුද්ධි @දසයා @බිඟුවා @~බිன்ku~ @panni @කොමා @මල්මාමා
ප්‍රතිචාර වලට ස්තුතියි.
use, Tor : http://torproject.org/
ReplyDeleteපුහුලට තිබ්බ අත ලබ්බට නොතියයි කියලා සහතික වෙන්න පුළුවන් කාටද? අහෝ goo....
ReplyDeleteහිතන්න ආමාරුයි ඔහොම වෙයි කියල.
ReplyDeleteමෙහෙම උනොත් නං වහ කන්න තමයි වෙන්නෙ...
ReplyDelete@kasun @Tharu @astroanu @මධු වීරකෝන්
ReplyDeleteප්‍රතිචාර වලට ස්තුතියි.
හා හා මල්ලී . . කලබොල වෙන්න එපා . . අපිට සුබ අනාගතයක් ලබල තියෙන්නේ . . . ඔය පටන් ගන්න හැදුව විතරයි . . බලන්නකෝ අනාගතේ කොයි තරම් නම් සුබ වෙයිද කියලා . . .
ReplyDeleteඅර මකුනෙක් මදුරුවෙක් මැරුනොත් විතරක් ලේ දකින්න ඇහැකි "කේතුමතී නුවරයි" අපි ජීවත් වෙන්නේ කියලා මල්ලීට අමතක වුනාද . . .
සුභ අනාගතයක් . . . !!
@දුකා .. ඒත් මට නම් බයේබැරුවා අයියේ.. ස්තුතියි ප්‍රතිචාරයට..
ReplyDeleteපිස්සුනේ. ඔය ලංකා ඊ නිව්ස් කියන්නෙ මඩ සයිට් එකක් ඕකට කවුරුවත් බය වෙන්න එපා. ගූගල් බ්ලොක් කරලා වීරවංශට මාලිගා හදන්න යැ.
ReplyDelete/කුම්භකර්ණයා
@කුම්භකර්ණයා
ReplyDeleteස්තුතියි ප්‍රතිචාරයට..
ඔබට සුබ දවසක්..