මම හොඳට දැකපු දෙයක් තමයි අපේ සමහරු තමන්ගෙ ඊමේල් ගිණුමට ස්පෑම් ඊමේල් ගෙන්වා ගන්නෙ ඉල්ලලාමයි කියලා. මේ සඳහා හේතු වන ක්‍රම දෙකක් පිළිබඳව මම ප්‍රකාශ කලත් තවත් ක්‍රම රැසක් තිබෙනවා.
ඊමේල් forward කිරීම.
ගොඩක්දෙනා ලස්සන පින්තූර එකතු කරන්න හරිම කැමතියි. ඒ වගේම තමන්කැමති පින්තුර වලට අනිත් අයත් කැමති ඇති කියලා හිතලා තමන් දන්න අයටත් ඒ ඊමේල් එක යවනවා. මෙතනදි තමයි කට්ටිය බෙදාහදාගෙන ඉල්ලාගෙන කන්නෙ . සාමාන්‍යයෙන් අපි යවන ඊමේල් එකක ලබන්නාගෙ ලිපිනය දාන්නෙ "to" තීරුවටයි. මෙතනදි අපිට ලිපින කීපයක් ලබාදෙන්නත් පුලුවනි. නමුත් එලෙස ලිපින කීපයක් ලබාදුන් විට අප යැවූ ලිපිය ලබන හැමෝටම අපවිසින් ලිපිය යැවූ හැම දෙනාගෙම ඊමේල් ලිපින දැකබලාගන්න පුලුවනි. එසේ වන්නේ අපි "to" තීරුවට දමන ලිපින සියල්ලම ලිපිය තුල පෙන්වන නිසායි. දැන් ඉතින් අපි 10 දෙනෙකුට ඊමේල් එකක් යැවුවානම් ඒ 10 දෙනාටම දෙනාගේම ලිපින පෙන්වනවා. ඉතින් ඒකෙ ඇති අවුලක් නෑනෙ කියලා සමහරු හිතයි. අපි හිතමු ලිපිය ලැබුණු 10 දෙනාගෙන් එක් අයෙක්වත් කලින් විදියටම ලිපිය තවත් අයට යවනවා කියලා. ඔය විදියටම දිගින් දිගටම එකම ලිපිය forward වෙවී යද්දි ලිපිය ලබපු හැම දෙනාගෙම ලිපින එම ලිපිය තුල අන්තර්ගත වෙන නිසා අන්තිමට ලිපිය ලබන කෙනෙකුට ලිපිය ආරම්භයේ සිටම ලැබුණු අයගේ ලිපින සියල්ලම දකින්න පුලුවනි. ඒ එක් අයෙක් ඊමේල් හරහා වෙළඳාම් කරන කෙනෙක් වුනොත් හරිම සතුටු වේවි. මොකද ඊමේල් ලිපින ගොඩක් ලැබෙන නිසා.(මට එක් වරක් ලැබුණු ඊමේල් ලිපියක අන්තර්ගතවුනේ 300x300 ප්‍රමාණයේ ඡායාරූපයක්. ඒකෙ තිබුන ලිපින ගණන්කරලා බැලුවාම ලිපින සංඛ්‍යාව 351යි.) ඒවගේ ලිපියක් ඊමේල් හරහා වෙළඳාම් කරන කෙනෙකුට ලැබුණාම ලැබුණ ලිපින සියල්ලටම අනවශ්‍ය ඊමේල් ලැබෙන්න පටන් ගන්නවා.
ඉතින් මේක නවත්තන්න නම් කරන්න තියෙන්නෙ ගොඩක් දෙනෙකුට ලැබෙන විදියට ඊමේල් එකක් යවනවානම් "to" තීරුවට ඊමේල් ලිපින නොදමා "bcc" තීරුවට ඊමේල් ලිපින යෙදීමයි. මෙවිට ලිපිය එකවර ලබන කිසිම කෙනෙකුට අනෙක් අයගේ ලිපින පෙන්වන්නේ නෑ. එනම් ලිපිය ලබන කෙනා දකින්නෙ තමන්ගෙ ඊමේල් ලිපිනය පමණයි.
අනවශ්‍ය වෙබ් අඩවි වල ලියාපදිංචි වීම හා ඊමේල් ගිණුමේ මුරපදය අනවශ්‍ය වෙබ් අඩවි වලට ලබා දීම.
ඉල්ලාගෙන ස්පෑම් ගැනීම හා බෙදාහදාගන්න තවත් ක්‍රමයක් තමයි අනවශ්‍ය වෙබ් අඩවි වල ලියාපදිංචි වීම. බොහෝවිට මෙලෙස ලියාපදිංචි වන්නේ නොමිලේ ලබාදෙන සේවාවන් ලබා ගැනීමටයි. මෙවැනි වෙබ් අඩවි මුදල් සෙවීමට සාමාජිකයින්ගෙ ඊමේල් ලිපින විකිණම සිදු කරනවා. ලියාපදිංචි වන විට තමන් මෙවැනි අඩවියක ලියාපදිංචි වුණු බව තමන්ගෙ මිතුරන්ට දන්වන්න පහසු ක්‍රමයක් යොදා ගන්නව. එය තමයි තමන්ගෙ ඊමේල් ගිණුමෙ තිබෙන ලිපින සියල්ලම තමන්ගෙ ඊමේල් ගිණුමේ මුරපදයත් සමඟම ලබාදීම. මෙවිට ලිපින ලබාදුන් කෙනාගෙ නමින් ම ඔහුගේ/ඇයගේ ලිපින පොතේ තිබෙන සෑම ලිපිනයකටම ලිපි යවන්න වෙබ් අඩවියට හැකියාව ලැබෙනවා. මෙතැනින් නොනවතින වෙබ් අඩවියට එම ලිපින සියල්ලත් තමන්ගෙ දත්ත සමුදායට එකතු කර ගන්නවා වෙළඳාම් කිරීමට.
ඉතින් මේක නවත්තන්න නම් කරන්න තියෙන්නෙ අනවශ්‍ය වෙබ් අඩවි වල ලියාපදිංචි නොවීමයි.( ලියාපදිංචි වීමට තදබල උවමනාවක් තිබෙනවා නම් ලියාපදිංචි වූවාට කම්නැත.) නමුත් ලියාපදිංචි වන කිසිඳු අඩවියකට තමන්ගෙ ඊමේල් ගිණුමෙ මුරපදය ලබා නොදීමට වගබලා ගන්නා ලෙස ඉල්ලා සිටිමි. එසේ නොමැති නම් වෙබ් අඩවි වල ලියාපදිංචි වීමට වෙනම ඊමේල් ගිණුමක් නිර්මාණය කර තබා ගැනීමෙන් හිතමිතුරන් ස්පෑම් කරදරයෙන් බේරා ගත හැක.
ow machan eka hari...
ReplyDeleteපළවෙනි එකට නම් හරිම සරළ විසදුමක් තියෙන්නෙ, මේල් යවනකොට මම වගේ To ෆීල්ඩ් එකට නැතුව BCC ෆීල්ඩ් එකට ලිපින ටික දාල යවන්න.
ReplyDelete@H. Madhawa Ranga , ඒක ක්‍රියාත්මක කරන්නෙ බොහොම ටික දෙනයි..
ReplyDelete@බිඟුවා...! ල @H. Madhawa Ranga , ප්‍රතිචාර වලට ස්තුතියි.