Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Sunday, May 17, 2015

ගමෙන් පන්සලට.. පන්සලෙන් ගමට.. තෝරා ගැනීම තමන්ගේ අයිතියයි.

වෙසක් බලන්න ගියාද? දන්සල් වැන්දද? අනිවාර්යෙන්ම. 
ගමේ පන්සලට ගිහින් මලක් පහනක් පූජා කළාද? වෙසක් බලන්න ගියා නෙ. ඒ නිසා බැරිවුනා. 

මේ ඔබේ පිළිතුර නොවෙන්න ඇති. ඒ වුනාට සමහරෙකුගේ පිළිතුරක් වෙන්න පුලුවනි. ඉස්සර අපේ ගම්වල මිනිස්සු ජීවිතේ ගොඩනගා ගත්තේ පන්සල කේන්ද්‍ර කරගෙන වුනාට දැන් අපේ ජීවිත ගොඩනැගෙන්නේ ගෙදර ටීවී එක වටේ. එහෙම නැතිනම් මුහුණුපොත-fb එකේ. 

වරදක් කියන්න බෑ නෙ. මොකද තෝරා ගැනීම තමන්ගෙ අයිතියනෙ. ඉතින් පන්සලට යන දායකයින්ගෙ ප්‍රමාණය දවසින් දවස අඩු වෙනවා. 

ඉස්සර ගමේ මිනිස්සු උදේට දවල්ට කෑවෙ පන්සලේ හාමුදුරුවො දන්වැළදුවද කියලා හොයලා බලලා. ඒ වුනාට දැන්.. පන්සලේ ගොදුරුගමේ තියෙන ගෙවල් වලට දවස් වෙන් කරලා පන්සලට දානය පිරිනමන්න පහසුකම් සලසලා තිබුනට දැන් පන්සල් වල හාමුදුරුවරුන්ට දානය වරදින දවස් බොහොමයි. සමහර අය එදාට ගෙදරත් නෑ. මොකද දානෙ දවස අමත වෙලා කොහෙ හරි ගිහින්. ඉතින් හාමුදුරුවො උයාගෙන කන්න වෙනවා පන්සල ඇතුලෙම. මේ සිදුවීම හොදට දන්නෙ පන්සලට ආසන්නයේම ඉන්න දායකයින්. 

ගමේ පන්සලට අපිට ඕනවෙලාවක යන්න පුලුවනිනෙ. පයන් යන දුරනෙ. අතන තියෙන්නෙ ලෝකෙ ලොකුම පිළිමෙ. ඒක බලන්න බැරිවුනානෙ. ගමේ පන්සලේ පිළිමෙ අපි දැකලා තියෙනවානෙ. පන්සලේ හාමුදුරුවන් උත්සාහ කරනවා මිනිස්සුන්ට දකින්න - දැකලා සතුටු වෙන්න යමක් කරලා දායකයින් පන්සලට ගෙන්වා ගන්න. ඇත්තටම මම දන්නෙ නෑ ලෝකෙ ලොකුම පිළිමෙට වැන්දත්/පූජා කළත් පොඩි පිළිමෙට වැන්දත්/පූජා කළත් ඒ දෙකේ වෙනස මොකක්ද කියලා.

දැකලා ඇති පන්සලේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ආධාර එකතු කරනවා. සංවර්ධන කටයුතු වල ඉවරෙකුත් නෑ. එකක් ඉවර වෙද්දි තව එකක්. ඉවරවුනු එක ගේට්ටු දාලා ඉබියතුරු දාලා වහලා තියෙනවා. දකින්නවත් ලැබෙන්නෙ එහෙමත් දවසක. දායකයින් පන්සල වෙතින් ඈත් වෙන්න ප්‍රධානම හේතුව මම දකින්නෙ ඉවරයක් නැති සංවර්ධන කටයුතු. ගමේ පන්සල යම් ප්‍රමාණයකට සංවර්ධනය කළාම ගමේ පන්සලේ නෑ කියලා අනික් පන්සල් වල තියෙන හැමදේම ගමේ පන්සලේ හදනවාට වඩා පන්සලින් ගමට යමක් කරගන්න ගමේ මිනිස්සු දැනගන්න ඕන. 

තවත් දෙයක් සමහර පන්සල් වලදි අපි දකින්නෙ ගමේ ඉන්න කාන්තාවන් විතරයි පන්සලේ මොන උත්සවයක්/පිංකමක් තිබුනත් පන්සලට එන්නෙ. මේකට හේතුව ගෙවල්වල පිරිමි අය රස්සාවට යාම විතරක්ම නොවන බව පැහැදිලියි. 

දැන් ලංකාවෙ විවිධ නිකායන් හා විවිධ පන්සල් වටා හැදුනු සංස්කෘතියන් කීපයක්ම තියෙනවා. ඉතින් ඒ සංස්කෘතියට පිටින් තියෙන සංස්කෘතියෙ කෙරෙන හැමදේම වැරදි. ඉතින් මම ඉන්න සංස්කෘතිය, මම දරන මතයන් එක්ක අනික් දේ වැරදියි.  

ගමේ පන්සලේ හාමුදුරුවන්ව මළගෙදරකදි පාංශුකූලෙ දෙන්න විතරක් හමුවෙන කෙනෙක් කරගන්නෙ නැතිව පොඩ්ඩක් පන්සලින්/පන්සලේ හාමුදුරුවන්ගෙන් ගමට,මිනිස්සුන්ට යමක් සිදුකරන තත්වයට පත් කරගන්න ගමේ දායකයින් එකමුතු වුනොත් පුලුවන් වේවි. 

නැතිනම් ඉතින් ගමේ පන්සල විතරක් නෙවි නගරෙ පන්සලත් අපිට නැති වුනාම තමයි අපිට දැනෙන්නෙ අපි කරගත්තෙ මොකක්ද කියලා. නැතිනම් දවසක් ඒවි අපිට බුදුදහම වැළදගත්තු විදේශිකයින්ගෙන් බුදුදහම ඉගෙන ගන්න සිදුවෙන.  අනික් ආගම් වලට බැන බැන ඉන්නවාට වඩා ගමේ පන්සලත් හාමුදුරුවනුත් ගමේ මිනිස්සුත් අතර සම්බන්ධය නිසිආකාරව පැවතුනොත් බුදුදහම නිසා අපේ ජීවිත ආලෝකමත් වේවි. (හාමුදුරුවන්ගෙ වැඩ විවේචනය කරන්න ගිහියන් විදියට අපිට අයිතියක් නෑ. මොකද හාමුදුරුවො ගිහියන්ට වඩා වෙනස් සමාජයක/සමාජතලයක ඉන්න නිසා විවේචනයන්ගෙන් ගිහියන්ට සිදුවන අනර්ථය වැඩියි මම හිතන විදියට) 

කෙටියෙන් අපිළිවෙලට කියපු මේ දේවල් මොනවා වුනත් තමන්ගේ ජීවිතයට අදාල දේ තෝරා ගැනීම තමන්ගේ අයිතියයි. 



පින්තුරය - http://www.ananmanan.lk/sinhala-lyrics/lyric/1252/edward-jayakody-game-pansala-ape-pansala-apekama-rakka.html

Thursday, May 14, 2015

ඊබේ-පේපෑල් දීගය ජුලි 1න් අවසන්.

බය හිතෙනවා නේද? ලංකාවෙදි අන්තර්ජාලය පාවිච්චි කරන බොහෝදෙනෙක්ගෙ බලාපොරොත්තුව රටින් අඩුවට බඩු ගෙන්වන එක නැතිනම් අන්තර්ජාලය පාවිච්චි කරලා සල්ලි හොයන එක. ඉතින් මේ රටින් බඩු ගෙන්වන අය වැඩිදෙනෙක් පාවිච්චි කරන අන්තර්ජාල වෙළදපොලක් තමයි ඊ්බේ කියන්නෙ. 

ඊබේ වගේම පේපෑල් සමාගමත් අයිති eBay Inc. corporate family of companies වලට. නමුත් දැන් මේ ඊබේ සමාගමත් පේපෑල් සමාගමත් වෙන්වෙන්න යනවා කියන්නෙ එක සමාගමක් බංකොලොත් නිසා විකුණලා දානවද කියලා හිතෙන්න පුලුවනි. අැත්තම ගත්තොත් එ් සමාගම් දෙකෙන් එකක්වත් විකුණාදැමීමක්වත් බංකොලොත් වීමක්වත් නිසා නොවෙයි මේ සමාගම් වෙන් වෙන්න යන්නෙ. එ් සමාගම් දෙකේම කටයුතු සහ අනාගත දියුණුව වෙනුවෙන් මේ තීරණය ගත් බවයි www.paypal.com ප්‍රකාශ කරන්නෙ. ඉතින් අපි ඊබේ වලින් මිලදී ගැනීමක් සිදු කළාම එ් දේ අපිට ලැබුණම හරි නොලැබුණම හරි අපිවෙනුවෙන් ඊබේ හා පේපෑල් ගත්තු ක්‍රියාමාර්ග ඉදිරියටත් එ් විදියටම පවතීවි. කොටින්ම ඊබේ එකෙන් මිලදී ගත්තු දේවලට මුදල් ගෙවීමත් පේපෑල් හරහාම ඉදිරියටත් වේවි. 

වැඩිවිස්තර https://www.paypal.com/md/webapps/mpp/paypal-ebay-update මගින් ලබාගන්න පුලුවනි.

Monday, May 4, 2015

Mobitel APN settings for Xperia (Sony Xperia වලට මොබිටෙල් APN සැකසුම්)

ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ගත්තම ඒවාට mobile APN සැකසුම් නොකර ඉන්ටර්නෙට් යන්න හා MMS යවන්න බැරි වෙන හේතුව තමයි ඒ ෆෝන් හදන සමාගම ලංකාවට අදාල සැකසුම් යොදා නොතිබීම. මේක බොහෝවිට Sony Xperia ෆෝන් වල දකින්න පුලුවනි. මොකද මේ සෝනි සමාගම ලොවපුරා ඉන්න සෝනි පාරිභෝගිකයන් ගැන හිතන් නැතිව බොහොමයක් මාදිලි එක එක රටවලට හා කලාප වලට Customize කරන නිසා බොහෝවිට ජංගම දුරකථනය පාවිච්චි කරන කෙනා එයින් පිට කෙනෙක් නම් තමන් විසින් මේ සැකසුම් හදා ගන්න වෙනවා.

APN settings හොයාගන්න පහසු වෙන්න මම ඒ APN settings බ්ලොග් එකේ පෝස්ට් කරන්න හිතුවා.

සාමාන්‍යයෙන් HSPA/LTE දෙකම සදහා එකම තැන සැකසුම් කරන්න පුලුවනි. මේ විදියට. ඉන්ටර්නෙට් යන්න , MMS යවන්න මේ දෙකට වෙන වෙනම සැකසුම් කරන්න ඕන වෙන් නෑ.

mobitel Sri Lanka Settings for Xperia
Mobitel (Sri Lanka) APN settings for Xperia

mobitel Sri Lanka Settings for Xperia
Mobitel (Sri Lanka) APN settings for Xperia

mobitel Sri Lanka Settings for Xperia
Mobitel (Sri Lanka) APN settings for Xperia

තනි තනිව settings හදනවා නම් මේ පහළ විදියට හදන්න වෙනවා. ඊට ලේසි උඩ තියෙන විදිය.

3G වෙනුවෙන් විතරක් නම්. (4G/LTE වෙනුවෙන්  APN එක mobitel)

Mobitel (Sri Lanka) APN settings for Xperia

MMS සඳහා අදාල APN settings 
Mobitel (Sri Lanka) MMS settings for Xperia

Settings හැදුවම save කරන්නත් අමතක කරන්න එපා.

Sunday, May 3, 2015

දැලිපිහිය ලැබුනු කවුදෝ වගේ ලිනක්ස් ගත්තු අපේ අය


ලිනක්ස් , උබුන්ටු. මේ වචන දෙකෙන් ලංකාවෙ වැඩි දෙනෙක් දන්නවා ඇත්තෙ උබුන්ටු කියන නම. මොකද අපේ අයට නිකන් දෙන ඕන දෙයක් ආසාවෙන් ලං කරගන්න නිසා නොමිලේ සීඩී එවනවා කියලා දැනගත්තම ගෙදර සීඩී ප්ලේයර් වල ප්ලේ කරන්නත් සීඩී ගෙන්නා ගත්තෙ තොග පිටින්. ඒ වුනාට ලංකාවට කැනොනිකල් ආයතනෙන් තැපැල් කරපු සීඩී වලින් කීයක් ඒ ගෙන්වාගත්තු අය පාවිච්චි කරන්න ඇතිද? කැනොනිකල් ආයතනෙ බලාපොරොත්තු වුනේ වැඩි දෙනෙකුට තමන්ගේ නිෂ්පාදන නොමිලේ ලබා දෙන්න වුනත් අපේ අය නම් කලේ තමන්ගේ නම වෙනස් කරලා හරි ලිපිනය වෙනස් කරලා හරි ඒ සීඩී ගෙන්නා ගත්තු එක. 


සමහරු තමන්ගෙ වාහන වල අලවා ගන්න, වගේ වැඩ වලටත් ඒ සීඩී පාවිච්චි කරනවා දකින්න ලැබුනා. (කාලයක් තිබුනනෙ සීඩී එකක් වාහනේ ඉස්සරහ ඇලෙව්වම පොලිසිය වාහනේ වේගෙ බලන උපකරණෙ හරියට ක්‍රියාත්මක වෙන් නෑ කියලා ගෙදර තියෙන සීඩී වාහනේ අලවන් ගියපු)

දැන් ඉතින් ආවොත් උබුන්ටු ගැන කතා කරන්න, ලංකාවෙ මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්දති වලට පස්සෙ වැඩි දෙනෙක් දන්න මෙහෙයුම් පද්ධතිය තමයි උබුන්ටු. ඉතින් නිකන් දෙන නිසා තමන්ගෙ ගෙදරට ගෙන්නාගත්තු සීඩී කලාතුරකින් කෙනෙක් තමන්ගේ පරිගණක වලට ස්ථාපිත කරගන්න ඇති. මුල් වතාවෙ ඉන්ස්ටෝල් කරද්දි තමන්ගෙ පරිගණකයේ කලින් තිබුන හැමදේම මකාගෙන උබුන්ටු දාගත්තු කීපදෙනෙක්ම මට හමුවෙලා තියෙනවා. මොකද අපි පුරුදු වෙලා තියෙන්නෙ පරිගණකය පාවිච්චි කරද්දි එන පණිවුඩ කියවනවා වෙනුවට ඒ පණිවුඩය නොකියවා ම ඉදිරියට යන්නයි. ඉතින් අපි කරන්නෙ finish පණිවිඩය ලැබෙනකන් yes ඔබන එක. අන්තිමට උබුන්ටු දාගත්තම වින්ඩෝස් වල තිබුනු ෆයිල් ටික නැතිවෙලා. ඊට පස්සෙ කරන්නෙ සිංදුවක් අහන්න ෆිල්ම් එකක් බලන්න ට්‍රයි කරන එක. එතකොට තමයි තේරෙන්නෙ නිකන් දුන්න අශ්වයාගේ දතුත් නෑ උට ඇස් පේන්නෙත් නෑ කියලා. (මොකද සීඩී ගෙන්නුවාට ඒ සීඩී වල උඩ ගහලා තියෙන දේවල්වත් සීඩී ඉල්ලනකොට ඒ සයිට් එකේ කියලා තියෙන දේවල්වත් හරියට කියවලා නෑ) ඉතින් උබුන්ටු දාගත්ත කෙනා දැන් තමයි දැනගන්නෙ ලිනක්ස් කියන්නෙ මොනවගේ දෙයක් ද කියලා. ඊළගට කරන්නෙ උබුන්ටු එහෙමම තියෙද්දි වින්ඩෝස් දාගෙන ලිනක්ස් වලටයි උබුන්ටු වලටයි දෙකටම බනින එක. 

ඇත්තටම උබුන්ටු පාවිච්චි කරන්න ඕන කෙනා කරන්නෙ තමන්ට අවශ්‍ය දේ අන්තර්ජාලේ හොයමින් දිගටම උබුන්ටු පාවිච්චි කරන එක. අද වගේ අන්තර්ජාලෙ  (මිල/වේගය)  නොතිබුනකාලෙ නම් මේ විදියට තමන්ගෙ දෛනික කටයුතු වලට උබුන්ටු හරිගස්සාගන්න සෑහෙන කට්ටක් කන්න වුනා. 

මේ කට්ට කන්න බෑ කියලා හිතුන අය වින්ඩෝස් වලට ආයෙත් ගියත්, සමහරු මෙච්චර කට්ටක් කන්න වෙන් නැති ලිනක්ස් මෙහෙයුම් පද්ධති හොයන්න පටන් ගත්තා. දැන් අන්තර්ජාලය නිසා ලේසියෙන් තමන්ට අවශ්‍ය දේ බාගත කරගන්න පුලුවන් වුනත් 2009ට පෙර කාලෙ සීඩී ඩීවීඩී නැතිව සොෆ්ට්වෙයා ඩවුන්ලෝඩ් කරලාම පාවිච්චි කරන්න යොමු වුනේ ටික දෙනයි. ඒ වෙනුවට ඕනෑම සොෆ්ට්වෙයා සීඩී එකක් රුපියල් 100ට කඩෙන් ගන්න පුලුවන් වුනා. 

ඒත් සීඩී කඩවල ලිනක්ස් හොයන්න ගියපු කෙනෙක් අත්දැකීමෙන්ම දන්නවා ඇති ලිනක්ස් කියන වචනෙ ඇහුනම කඩේ අයගේ ප්‍රතිචාර. (මල්ලි ලිනක්ස් පාවිච්චි කරන්න අමාරුයි නෙ. වැඩ කරන්නෙ  command line  එකෙන් නෙ. ගේම්ස් ගහන්න බෑ නෙ. ලිනක්ස්? ඇහුවෙත් අදයි. ) 
ඉතින් ඒ  කඩේකට දවස් දෙකතුනකින් ගිහින් නිකන් ගෙන්නා ගත්තු ලිනක්ස් සීඩීයක් විකුණලා ඒ වෙනුවට වෙන සීඩී දෙකතුනක් ගත්තු අවස්ථාත් අපේ ජීවිතේ තිබුනා.

ඉතින් දැන් බලමු කට්ට කාලා ලිනක්ස්/උබුන්ටු එක්ක ඉන්න අයගේ හැසිරීම කොහොමද කියලා. ලිනක්ස් පාවිච්චි කරන කෙනා බලන්නෙ තමන් පාවිච්චි කරන දේ තවත් අවශ්‍ය අයට බෙදා හරින්න. ඉතින් මේ අය ලිනක්ස් ඕන කියන අයට ලිනක්ස් ඉන්ස්ටෝල් කරලා දෙනවා පහසුවෙන්ම. සාමාන්‍යය පරිගණකයක් මේ වෙද්දි පාවිච්චි වෙන්නෙ ෆිල්ම් බලන්න, සින්දු අහන්න, ඉන්ටර්නෙට් යන්න විතරක් නිසා ඒ තරම් ගැටලුවක් වෙන්නෙත් නැති නිසා ඊට පස්සෙ අර ලේසියෙන් ලිනක්ස් දාගත්තු කෙනා කරන්නෙ ලෝකෙ තියනෙ හැම පරිගණකයකටම ලිනක්ස් දාන්න ඕන කියලා පරිගණක පාවිච්චි කරන අයට ලිනක්ස් ගැන දේශනා දෙන එක. 

තමන් වැඩ කරන තැන හැම  පරිගණකයක්ම ලිනක්ස් වෙන්න ඕන, ගෙවල් වල වින්ඩෝස් පද්ධති පාවිච්චිය අතඅරින්න ඕන කියලා කතන්දර කෝටියයි. ඒ අය හිතන්නෙ වයින් හරි ක්‍රොස්ඕවර් එහෙමත් නැතිනම් මොනෝ වගේ දේවල් දාලා ලිනක්ස් පාවිච්චි කරන්න හැම කෙනාම එකතු වේවි කියලා. එහෙම කරන්න පුලුවනි පරිගණක සාක්ෂරතාව කියන දේ වින්ඩෝස් මතට යොමු නොවීතිබුනනම්. මොකද ආයතනයක් ගත්තම ඒකෙ පරිගණක 500ක් ලිනක්ස් වලට හරවනවා කියන්නෙ ඒවා පාවිච්චි කරන අයට පුහුණුව ලබා දෙන්න -දෛනික කටයුතු වලට පාවිච්චි කරන සොෆ්ට්වෙයා ලිනක්ස් මතට හරවා ගන්න, ඒ වගේම ලිනක්ස් වලට අමතර සේවා ලබා ගන්න යන වියදමට වඩා වින්ඩෝස් ජෙනුයින් කොපි මිලට ගන්න එක  වාසි දායක වේවි. 

මම ෆේස්බුක් එකේ දැකලා තියෙනවා එක ගෘෘප් එකක් ලංකාවෙ කට්ටියක් බොරු ප්‍රචාර දෙමින් ලිනක්ස් පාවිච්චි කරන අය වැඩි කරගන්න උත්සාහ කරනවා. ඇපල් ඕඑස් එක අද විතරයි ෆ්‍රී දෙන්නෙ කියකියා පෝස්ට් හද හද දානවා linux distro/distribution වලට ලින්ක් කරකර. ඉතින් ඇපල් ඕඑස් ගන්න ආපු කෙනා බැන බැන යනවා ඇපල් නැති නිසා. මේ ගෲප් එක කරන අය ලිනක්ස් කියන්නෙ මොකක්ද? කියලා හරියට දන්නවාද දන් නෑ. රැවටිලා ලිනක්ස් වෙතට එන කෙනා ආවටත් වඩා ඉක්මනට අායෙත් යන එක අනිවාර්යයි. 

මේ ආකාර විවිධ හේතු තිබුනත් ලිනක්ස් කියන්නෙ ඉතාම බලවත් ආරක්ෂාකාරී ඒ වගේම පාවිච්චි කරන්න ඉතාම ලේසි මෙහෙයුම් පද්ධතියක්. 2004 මම මුලින්ම ලිනක්ස් පාවිච්චි කරද්දි දැකපු ගොඩක් දේ මේ වෙද්දි වින්ඩෝස් වලට ඇවිත් තියෙනවා. kde, gnome වගේ ඩෙස්ක්ටොප් environment වල මුල් කාලෙ තිබුන දේවල් වින්ඩෝස් වලට ලබාදෙනකොට ඒවා මැජික්වගේ දැකලා වින්ඩෝස් වල මේක තියෙනවා-ලිනක්ස් වල නෑනෙ කියනකොට මටනම් හිතෙන්නෙ එහෙම කියන කෙනා ගැන අනුකම්පාවක්. මොකද දැන් වින්ඩෝස් 10 එක්ක multiple desktop feature එනවාලු. ඒ වුනාට ලිනක්ස් වල අපි ඒක දැක්කෙ මීට සෑහෙන කාලෙකට කලින්. 

ඕපන්සෝස් කියන්නෙ සෝස් කෝඩ් එක හැමෝටම ලැබෙන නිසා ආරක්ෂාව අතින් ප්‍රශ්නයක් කියලා හිතන අයත් අපි අතර ඉන්නවා. එහෙමනම් ලෝකෙ සියයට 70ට වඩා සර්වර් ලිනක්ස් පාචිච්චි කරන්නත් රටවල් (චීනය,රුසියාව) පිටින් ලිනක්ස් වලට යොමු වෙන්නත් ඉලෙක්ට්‍රොනික උපකරන වලට ලිනක්ස් පාවිච්චි කරන්නත් හේතුවක් නෑ. (windows xp ඉවත් වීමත් සමග ඉන්දියාව xp වලින් වැඩ කරපු ATM වලට ලිනක්ස් පද්ධතියක් දාන්න සූදානම් බව ආරංචි වුනා පහුගිය අවුරුද්දෙ. ජර්මනිය දැනට දශකයක පමණ සිට ලිනක්ස් වෙතට යොමුවුනත් මේ වෙද්දි රටේ තීරණ ගන්නා අය මුදලට යට වීම නිසා ආපසු වින්ඩෝස් වෙතට යන බවත් මේ දිනවල කියැවෙනවා, apache සර්වර් එක තරම් බලවත් ඒකට ආදේශක සර්වර් එකක් මයික්‍රොසොෆ්ට් වෙතින් නිපදවලා නෑ තවම)

ඒ කොහොම වුනත් ලිනක්ස් පාචිච්චි කරන්න කැමති කෙනෙක් ඉන්නවානම් මුලින්ම linux mint (www.linuxmint.com) පාවිච්චි කරන්න. ඒකෙ මම මුලින් කීව ගොඩක් ප්‍රශ්න නෑ - මොකද ලිනක්ස් මින්ට් කියන්නෙ උබුන්ටු වැඩිදියුණු කරලා හදපු පද්ධතියක්. ඉන්ස්ටෝල් කරපු ගමන්ම අමතර කිසි දෙයක් කරන් නැතිවම සිංදු අහන්න ෆිල්ම් බලන්න ඉන්ටනෙට් යන්න පුලුවනි. 
ඒ වගේම distrowatch (www.distrowatch.com) සයිට් එක බැලුවනම් තමන්ගේ තියෙන ඕනම පරිගණකයකට හරියන ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් හොයාගන්න පුලුවන් වේවි. 

Related Posts with Thumbnails