Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Friday, April 16, 2010

ජීවිතය

විටෙක සුන්දර ය

විටෙක අසුන්දර ය


නමුත්

සුන්දරත්වයෙන් තොරව අසුන්දරත්වයද

අසුන්දරත්වයෙන් තොරව සුන්දරත්වයද

හරිහැටි හඳුනාගත නොහැක


ඉතින්

කිමද අපි


ජීවිතය

සුන්දර යැයි කියා

උදම් අනනුයේ?


ජීවිතය

අසුන්දර යැයි කියා

දුක් වනුයේ?


2010-04-16
rh

An interview with a journalist...(dream)

I thought to write about a dream that I've seen on last-week
a journalist came to meet me to do an interview on myself for their magazine. here are the conversation that happened between us.

Hello sir. could you please tell me your full name?
Why should I tell you my name as you know my name?

Ok. tell me about your school
I didn't go to any school and I have attended to a college.

could you tell me your age?
of course. I'm 23 years old.

what did you do for sports when you schooling?
I've done running events, football and many other sports.

what are the running events you've involved in?
it's simply running when a dog barking on me.

how was the support that you got from your wife to be a successful person?
She agrees with everything what I say her to do and she tries to complete it on the level best of her.

It says both of you badly loves each other?
yeah.

But we know, your wife works as the MD at ASDF.co. Then how could she find free-time to help you?
I don't know a wife like that. Did I say I'm married?

If you didn't marry, how could there be a wife ?
Oh. you've got it wrong. My wife is my PC because she knows every secret of me and never tells those secrets to anyone.

I think you are playing with me?
no. I don't play with you.

what did you do for become so famous around the world?
I didn't do anything to be famous. I think you've made a mistake.

are you Mr.XYZ ?
no. he is in the next house..

Oh no! I'm sorry sir.
It's OK. I've enjoyed it well. thanks.


sorry for the grammar/spelling mistakes in this post.
---------
2010-04-16
rh

Thursday, April 15, 2010

මහගෙදර දෙන්න ඕන පිරිමි ළමයි ඉන්න කෙනෙකුටමද?

මේක කලින් "සමාජයට උවමනා නිසා කරදුන් කසාදය" ලිපියේ අයියාටම සම්බන්ධයි.

මේ අයියගේ දරුවා පිරිමි ළමයෙක්. ඒ කියන්නෙ පුතෙක්. ඉතින් මේ අයියාගෙ අයියලාට අක්කලාට හරිම සතුටුයි ඒ ගැන. ඒ මොකද දන්නවද? පරම්පරාව ගෙනියන්න කොල්ලෙක් ඉන්නවලු. මේ දරුව ඉපදෙන්න කලින් ඒ අයියගෙ ම අයියා කෙනෙක් "පරම්පරාවෙ ගෙදර කොල්ලෙකුට දෙන්න ඕන. පරම්පරාවෙ ගෙදර පිට යන්න දෙන්න හොඳ නෑ" කිය කියා ඒ අයියා හිටපු ගෙදර තමන්ගෙ පුතාට ලියවගන්න උත්සාහ කරා. තව දෙයක් කියන්න බැරිවුනා. මම මේ කතා කරන (කතාවේ කතානායක) අයියගෙ අයියා කෙනෙක්ට තමයි මහගෙදර මුලින්ම ලියලාදෙන්න හිටියෙ. නමුත් ඒ අයියාට හිටියෙ ගෑණුදරුවන්ම 3 දෙනෙක් නිසා පවුලෙ කට්ටිය එයාට ගෙදරින් අයින් වෙලා වෙනම ගෙදරක් හදාගන්න සිද්ද වෙන විදියට වැඩ කරා. ඊට පස්සෙ තමයි අපේ කතානායක අයියාව ඒ ගෙදර පදිංචි කරේ. ඊයේ පෙරේදා දවසක තමයි මට මේ දේ පැහැදිලි වුනේ.

ඉතින් අලුත්ම කතාවට එනවානම් දැන් මේ පවුලෙ අය සතුටින් ඉන්න බව කිව්වානෙ. ඒ පිරිමි දරුවා නිසා කියලාත් කිව්වනේ. මට ඉතින් ප්‍රශ්ණ ගොඩක් මතු වෙනවා
  • හැම ගෙදරම පිරිමි ළමයි විතරක් ද හදන්න ඕනි.? එහෙම වුනොත් ලංකාවෙ ඉන්න කොල්ලන්ට කසාදබඳින්න කෙල්ලො ගේන්නෙ දකුණු ඉන්දියාවෙන්ද?
  • ගෙවල් අයිති වෙන්න ඕන පිරිමි අයට විතරද?
  • ගෑණු ළමයි කසාද බැන්දම තමන්ගෙ මහගෙදර ඉන්න බැරිද? (බින්න විවාහය කියලා එකක් O/L සමාජ අධ්‍යයනය/ඉතිහාසය ට ඉගෙන ගත්ත වගේ මතකයි)

පවුලෙ එකම දරුවා පිරිමි දරුවෙක් වෙන එකයි, පවුලෙ වැඩිමල් දරුවා පිරිමි දරුවෙක් වෙලා අනික් අය ගැහැණු දරුවන් වෙන එකයි දෙකම ඒ දරුවට හොඳ නෑ කියලා තමයි මම හිතන්නෙ..
  • පවුලෙ එකම දරුවා පිරිමි දරුවෙක් වුනාම ඒ දරුවගෙ අම්මයි තාත්තයි ඒ දරුවව ගොඩක් ආරක්ෂා කරනවා. ඒ නිසා ම නිදහස ගොඩක් සීමා කරනවා.. ඉතින් ඒ ගෙදරින් බොහෝවිට බිහිවෙන්නෙ ගෑණුළමයෙක්ට වඩා ආරක්ෂා කරපු තනියම කිසිම දෙයක් කරන්න බැරි තරුණයෙක්. ඒ අතරම සමහර අවස්ථා වලදි තමන්ට ලැබෙන නිදහස උපරිමයෙන් පාවිච්චි කරන්න යොමු වෙනවා. එතනදි සමහරවිට ජීවිතය අනතුරේ දාගන්න/විනාශ කරගන්න වුනත් බැරි නෑ.
  • පවුලෙ වැඩිමල් දරුවා පිරිමි දරුවෙක් වෙලා අනික් අය ගැහැණු දරුවන් වෙන එක කියන්නෙ පිරිමි දරුවා තමන්ගෙ ගෙදරම ආගන්තුකයෙක් වෙන එකයි. එනම් පවුලේ වැඩිමල් දරුවා ගෙදරින් ඈත් වෙනවා/පවුල කෙරෙහි බැඳීම නැති වෙනවා කියන එකයි. ඒක වෙන්නෙ කොහොමද කියනවා නම් අනික් සියලුම දරුවන් ගැහැණු දරුවන් වුනාම (මම මෙතනදි කතා කරන්නෙ අයියයි නංගියි කියන දේ මිසක් අක්කයි මල්ලි යි හරි අයියයි මල්ලියි කියන දේ නෙවෙයි) තාත්තායි අම්මයි දෙන්නාම ඒ ගෑණු දරුවා ගැන යොදන අවධානයෙන් 1% වත් පිරිමි දරුවා ගැන යොදන්නෙ නෑ. අවධානය යොදනවා කියන්නෙ මුදල් වියදම් කිරීම, අවශ්‍යතා ඉටුකිරීම පමණක්ම නොවෙයි. පිරිමි දරුවට තමන්ගෙ දෙමාපියන් සමඟ එකට සිටීමේ හැකියාව , ප්‍රශ්ණ විවෘතව කතා කිරීමේ හැකියාව නැති වෙනවා. දෙමව්පියන් තමන්ට ආදරය කරන බව දැනෙන් නෙ නැතිව යනවා. මොකද අයියයි දෙමාපියනුයි අතර නංගි ඉන්න නිසා. තවතු දෙයක්, නෑදෑයින් වුනත් ගෙදරට ආපුවම වැඩි කාලයක් ගතකරන්නෙ ගෑනුදරුවන් එක්කයි. දෙමාපියන් වුනත් හිතන්නෙ /කියන්නෙ "කොල්ලෙක් නෙ. දැන් ඉලන්දාරියෙක් නෙ" කියලායි.ඉතින් කොලුවා තමන්ටම සීමා වුනු (සංවෘත) ලෝකයක ජීවත් වෙන්න පටන් ගන්නවා.

මේකෙන් සිද්ද වෙන හොඳකුත් තියෙනවා. එනම් දරුවා තනිවම තමන්ගෙ කටයුතු කරගන්න පටන් ගන්නවා. නමුත් තමන්ගෙ දරුවා නිවස කෙරෙහි බැඳීම අඩුවීම පසුකාලයක දෙමව්පියන්ගෙම දෝෂදර්ශණයට ලක් වෙනවා. මේ බව කවුරුවත් කවදාවත් (දෙමව්පියන්) තේරුම් ගන්නෙ නැතිබව විශ්වාසයි.

ඉතින් මම කියාගෙන ආපු මහගෙදර පැවරීම කියන දේ ගත්තොත් "මහගෙදර පිරිමි ළමයෙකුටම දෙන්න ඕන" කියන දේ වෙනස් විය යුතු බව මම විශ්වාස කරනවා. මොකද පිරිමි දරුවන්ට (පවුලට බැඳීම අඩු) ගෙවල් ලියලා දීලා පරම්පරාව ගෙනියනවාද නැත්නම් දෙමව්පියන්ට ආදරෙන් සලකන කෙනෙකුට ගෙදර දීලා දෙමව්පියන් තමන්ගෙ අන්තිම කාලය සතුටින් ගත කරනවාද කියලා හිතන්න ඕන දෙව්පියන් මයි. ඒ ගැහැණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියන දේ වැදගත් නෑ.


මේ දක්වපු සිදුවීම් වලට සමාජයේ ඕන තරම් උදාහරණ තියෙන අතරම මෙයින් අපගමනය වන අවස්ථා ද ඕනතරම් තියෙන බව මම දැකලා තියෙනවා.

2010-04-15
rh

Wednesday, April 14, 2010

happy new year for all "Sri Lankans" and "the people who celebrates it"

"සුබ අලුත් අවුරුද්දක් වේවා සැමටම ...!""happy new year for all "Sri Lankans" and "the people who celebrates it....!"
I would like to wish a happy new year for all "Sri Lankans". this is not a "religious festival". this is a "cultural festival". so, no need to mention it as "Sinhala-Hidu" or say "we are not Sinhala or Hindu." WE ALL ARE SRILANKANS....(THERE COULD BE SOME DIFFERENT RELIGIONS, BUT WE ARE ONLY ONE NATION CALLED "SRILANKANS")

Now I got to know that some Asian countries also celebrates this festival. So, I'd like to  wish them too as " happy new year for all "Asians and the people who celebrates it"

 Happy new year

සුබ අලුත් අවුරුද්දක් වේවා සැමටම ...!

"සුබ අලුත් අවුරුද්දක් වේවා සැමටම ...!" "happy new year for all "Sri Lankans" and "the people who celebrates it.....!"
" ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ... ! "යැයි පතමි මම.

මෙය ජාතික උත්සවයක් විනා සිංහල-හින්දු ජනතාවට පමණක් සීමා වූ උත්සවයක් නොවේ..(බලන්න සිංහල යැයි කී විට එම වදන අයත් වන්නේ කිනම් ආගමකට දැයි කියා.) එබැවින් මෙය ජාතික උත්සවයකි. ලංකාව තුල විවිධ ආගම් තිබුණද , විවිධ ආගම් අදහන ජනතාව ලංකාව තුල සිටියද අප රට තුල සිටිනුයේ එක් ජාතියකි. එනම් "ශ්‍රී ලාංකීය ජාතිය" යි.

බින්කු සහෝදරයා පැවසූ අන්දමට මෙම උත්සවය ලාංකික අප පමණක් නොව වෙනත් ආසියාතික රටවල් කීපයකින් ද සමරනු ලබයි. එබැවින් අප කෙසේද මෙම උත්සවයට ආගමික පදනමක් ලබා දෙනුයේ..?

නමුත් මෙයට ජාතික (ශ්‍රීලාංකීය) පදනමක් ලබා දිය හැක. ඒ විවිධ රටවල මෙම උත්සවය සමරනු ලබන්නේ විවිධ අන්දමට බැවිනි.

එබැවින් අද දිනයෙන් උදාවන නව වසර "සියලු පැතුම් ඉටු වන , සතුටින් පිරි සෞභාග්‍යමත් නව වසරක් වේවා..!" යැයි මම ප්‍රාර්ථනා කරමි...
සුබ අලුත් අවුරුද්දක් වේවා සැමටම ...!

Tuesday, April 13, 2010

සමාජයට උවමනා නිසා කරදුන් කසාදය....

මම මේ විදියෙ ලිපියක් මේ වගේ දවසක පළ කරන්න හිතාගෙන හිටියෙ නෑ. නමුත් ඊයේ මට ඇහුණු දෙයක් නිසා මේ සිද්දිය ලිපියක් ලෙස පල කරන්න හිතුණා..

මම දන්න අයියා කෙනෙක් ඉන්නවා වයස අවරුදු 34 විතර වෙන. ඒ අයියා තමයි එයාලගෙ පවුලෙ බාලයා (බඩපිස්සා). මේ අයියාට ස්ථිර රැකියාවක් නෑ. ඒ වුනාට මේසන් වැඩ, රියපැදවීම වගේ රැකියා ගොඩක් කරලා තියෙනවා. අවුල තමයි එකම රැකියාව එක දිගට කාලයක් කරන්න බැරිකම. ඒ වගේම අනාගතේ ගැන ස්ථිර අදහසක් නැතුව අද දවස ගැනවත් කිසිම අරමුණක් නැතිව ජීවත් වුනේ.
ඉතින් මේ පවුලෙ අනිත් අයියලා අක්කලා මේ අයියව හදන්න කියලා කසාදයක් කරලා දුන්නා. නමුත් මේ අයියා තමන් විවාහකයි කියලාවත් , ස්වාමිපුරුෂයකුගේ වගකීම් , යුතුකම් කියන්නෙ මොනවද කියලාවත් කිසිම තේරුමක් ඇති කෙනෙක් නෙවෙයි.  බිරිඳට දරුවා ලැබෙන්න ඉද්දි වුනත් ගෙදර තියෙන සියලුම වැඩ කටයුතු මේ අක්කාගෙන් බලාපොරොත්තු වුනා. සමහර දවස්වල ඉතාම කැත විදියට බැනලා , ගහලා පවා තිබුණා.

ඊයෙ පෙර්දා දවසක මේ අයියා තාත්තා කෙනෙක් වුනා. දැන් ඒ අයියාගේ අයියලා අක්කලා කතාවෙනවා "දැන්වත් මිනිහෙක් විදියට ජීවත් වෙන්න පටන් ගනීවි " කියලා.

මට නම් ඒක ඇහුනම හිතුනෙ "එහෙම වුනොත් හොඳයි. ඒත් එහෙම නොවුනොත්?.... " කියලායි.

සමහරවිට දරුවගේ කිරිසුවඳ දැනෙනකොට ඒ අයියා තමන්ගෙ බිරිඳට හා දරුවට ආදරය කරන්න පටන් ගනීවි. තමන්ගෙ පවුල ගැන, ඔවුන්ගේ පවුලේ, දරුවන් ගේ අනාගතය ගැන හිතලා කටයුතු  කරන්න පටන් ගනීවි. එහෙම නොවුනොත් පවුල් ජීවිතය එපා වේවි. එතකොට අමාරුවේ වැටෙන්නෙ කසාදය කරලා දුන්න අයියිලා අක්කලා නොවෙයි   තමන්ගේ දෙමව්පියන්ගේ රැකවරණයෙන් හැමෝගෙම ආශිර්වාදය මැද අර අයියාත්  එක්ක ජීවත්  වෙන්න ආපු අක්කායි එයාලගේ දරුවායි.


ඇයි මේ මිනිස්සුන්ට  තවත් මිනිහෙක්  අරමුණක් නැති විදියෙ  ජීවිතයක් ගත කරද්දි ඔහුගේ ජීවිතයට  අරමුණක් ලබා දෙන්න තවත් කෙනෙකුගේ ජීවිතය අවදානමට ලක් කරන්නෙ?

2010-04-13
rh

Monday, April 12, 2010

ඉතින්, ඔබට තුති ...

 මීට
 කලකට පෙර
 සිටි
 මමත්
 දැන්
 වර්තමානයේ
 සිටින
 මමත්
 අතර
 තරමක වෙනසක්
 දැනෙයි මට

 එය
 හැසිරීම අතින්
 පමණක් නොව
 සිතුවිලි වලින්ද
 සිදුවී ඇති බව
 දැනෙයි මට

 ජීවිතේමල් ඇතුලු
 පසුගියකාලයේ
 බ්ලොග් අවකාශයෙන් හමුවූ
 ඔබ සැම
 ඊට හේතුවූ බව
 දැනෙයි මට

 ඉතින්,
 ඔබට
 තුති

Saturday, April 10, 2010

තාක්ෂණය හරහා සුබපැතීමේ කලාව හා හුදෙකලාවීම..

කෝල් වේටින් නැත
කෝල් ෆෝවඩින් නැත
කරුණාකර පසුව අමතන්න කියන්නේ නැත
කට+දිව වෙහෙසවිය යුතු නැත
වැඩි කාලයක් වැයකලයුතු නැත
වැඩි මුදලක් වැයකලයුතු නැත

කෙටිපණිවුඩයකින්
සමාජජාල පණිවුඩයකින්
විද්‍යුත් ලිපියකින්

අප
මිනිස් සබඳතා
තර කරගනිමින්
සිටින්නෙමු

ඉතින්
තවදුරටත්
කාලය
ශ්‍රමය
මුදල්
වැයකරමින්
වෙහෙසවිය යුතු
නැත

ඔබට සුභ ....... (කුමක් හෝ) වේවා !
යැයි
පණිවුඩයක්
යැවු විට
පිළිතුරද පැමිණේ

එක් එක් අයට
වෙන වෙනම
පණිවුඩ යටහන් කළයුතු නැත
එකක් සටහන් කර
ලැබිය යුතු අය තේරීම පමණි
කල යුත්තේ
ඉතිරි කොටස
තාක්ෂණය විසින්
බාර ගනී

මෙතරම් දියුණු
තාක්ෂණයක් මගින්
එකිනෙකා සමීප කලද
එම තාක්ෂණයම
අපව
හුදෙකලා කරන බව
මට සිතේ.....


තවත් සිංහල හින්දු අලුත් අවුරුද්දක් ළඟ ළඟම එයි. අප අතීතයේදී (අතීතයේ කීවද එතරම් අතීතයේ නොව , මීට වසර 15 පමණ පෙර කාලය මම මෙහිදී සලකමි) එය සැමරූ ආකාරයට වඩා තරමක් වෙනස් ආකාරයකට දැන් එය සමරන්නෙමු. නෑදෑ හිතමිතුරන් මුණගැසී සුබපැතූ අප දැන් ඔවුන් ව මුණ නොගැසී සුබ පතන්නෙමු.
දුරකථනය මගින් සුබපැතීමට පටන් ගත් අප ජංගම දුරකථනය පැමිණීමත් සමඟම කෙටිපණිවුඩ මගින් සුබ පැතීමට පටන් ගතිමු. අනතුරුව අන්තර්ජාලය හරහා විද්යුත් ලිපි (email) යැවිමටද , සමාජජාල හරහා සුබ පැතීමටද පටන් ගතිමු. දැන් video calls ද ඊට එකතු වී ඇත.

මේ ආදී ලෙස .තාක්ෂණය යොදාගෙන වැඩිදෙනෙකුට සුබපැතීම මගින් "මිනිස් සබඳතා තරකරගැන්මට" මිනිසා සමත් වුවත් එම තාක්ෂණයම අපව "හුදෙකලා කර ඇති බව" මට සිතේ...


සුභ අලුත් අවුරුද්දක් වේවා ......!

උද වන සිංහල - හින්දු අලුත් අවුරුද්ද බ්ලොග් අවකාශයේ සැරිසරන ඔබ සැමදෙනාටත් ,  ඔබගේ ආදරණීයයන්ටත් ශ්‍රීලාංකීය සැමටත් , ලෝකවාසී සැමටත් සුභම සුභ නව වසරක් වේවා ... ! යැයි මම ප්‍රාර්ථනා කරමි..

Thursday, April 8, 2010

අපව අමතක වන බව අප කෙසේ නම් අදහන්නද?

ඊයේවනතුරු
දිවා රෑ නොමැතිව
රූපවාහිනිය තුලින් ද
පාර දෙපස සිටිමින් ද
පුවත්පත් තුලින් ද
අප හමුවට ආ

ඉන් නොනැවතී
තැපෑලෙන් ද
අන්තර්ජාලය තුලින් ද
දුරකථනය හරහා ද
අප අසළට ආ,

අපට මිතුරු වෙසින් පෙනීසිටි
ඔබට
හෙටින් පසු
වසර හයක් ගතවන තුරු
අපව අමතක වන බව
අප කෙසේ නම් අදහන්නද?


දේශපාලනය පිළිබඳව ලිපි ලිවීම හා කියවීම මා අකැමතිම දෙයක් වුවද අප්‍රේල් 8 වන දින මැතිවරණය පිළිබඳව යමක් කීමට සිත් විය. මෙවර මැතිවරණයේ විශේෂත්වයක් වන්නේ අපේක්ෂකයන් කීප දෙනෙකු හැරුණුවිට කිසිඳු අපේක්ෂකයකු තමන්ට ඡන්දය දෙන ලෙස වේදිකාවලදී නොකීමයි. බොහෝදෙනෙකු ප්‍රකාශ කරන ලද්දේ "මම දිනනවා" "අපි දිනනවා" යන වදන් ය. මෙය හරියට "හොඳින් ක්‍රීඩකයකු / විභාග අපේක්ෂකයකු මම දිනනවා/සමත් වනවා " යැයි කීමට සමාන කල හැකිද? අප ඡන්දය නොදුන්නොත් ඔබ දිනන්නේ කෙසේදැයි මට ඇත්තේ පැනයකි.

Tuesday, April 6, 2010

බුද්ධිමය දේපල පනත හා ලංකාවේ පරිගණක භාවිතය.

පසුගිය සතියේ පළවූ ප්‍රවෘත්තියකින් කියැවුණු පරිදි රත්මලාන හා හොරණ ප්‍රදේශ වල සිදුකල වැටලීම් මගින් අනවසර මෘදුකාංග භාවිතා කරන ලද පරිගණක රැසක් සොයාගෙන ඇත. (http://www.dailynews.lk/2010/04/05/bus26.asp)

නමුත් මෙහිදී නීති පනවා එම වරද පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම විනා එහි ප්‍රායෝගික බව පිළිබඳව සලකා බැලීමක් නීති පැනවීමේදී සිදු වී නැති බව මට සිතේ.
එනම් ආනයනික මෘදුකාංග ගෙන්වීමේදී ඒවා ඇමරිකාවේ හෝ ඒවා නිපදවු රටේ මිලටම ලංකාව තුලදී විකිණීමෙන් එය ප්‍රායෝගිකව මිලදී ගත හැක්කේ කාටදැයි සිතිය යුතු ය. ඇමරිකානු ඩොලර් 299 වන මෘදුකාංගයක් ලංකාව තුලදී ඒ අනුපාත මිලකට ලංකාවේ වෙළඳපොලට ඇතුලත් කිරීම අසාධාරණය. එනම් පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට ඒවා ලබා දීමේ වැඩපිලිවෙලක් සැකසීම රජයේ වගකීමයි.ලංකාවේ ඒකපුද්ගල ආදායම ඩොලර් 1500 පසු කළා යැයි උදම් ඇනුවද සත්‍ය තත්වය නම් එම පැරණි නිර්ණායක වල පවතින ආදායම් පිළිබද සීමා වැඩි දියුණු විය යුතු බවය. දැනට වසර 10කට පෙර $1500න් (වසරකට) කළ කිසිවක් කිරීමට ලෝකයේ කුමන රටක දී වත් නොහැක.

පරිගණකයක් මිලදී ගැනීමේදී අද අවම වශයෙන් රුපියල් 30,000 වත් වැය වේ. මෙම මුදල තරමක් හෝ අඩු වනුයේ අපරට දැන් ලෝකයේ පරිගණක කුණුගොඩ බවට පත් වී ඇති බැවින් පිටරට වලින් භාවිතයෙන් ඉවත් කරන ලද පරිගණක අඩු මුදලට අපරට තුලදී මිලට ගත හැකි නිසාය.. නමුත් එලෙස ගන්නා ලද පරිගණකයක මෘදුකාංග වුවද ලංකාව තුලදී භාවිතා කිරීමට නම් නැවත මුදල් ගෙවා බලපත්‍ර ලබා ගත යුතුවේ. (EULA බලපත්‍ර බොහෝමයක් වලංගු වන්නේ ඒවා මිලදී ගත් රට තුලදී පමනි.) ඉතින් සාමාන්‍ය ජනතාව පරිගණක භාවිතා කරනුයේ කෙසේද?

මෘදුකාංගයක් නිර්මාණය කිරීම යනු විශාල කාලයක්/ශ්‍රමයක් මෙන්ම විශාල මුදලක් ද වැයවන ක්‍රියාවකි. ඒ අතින් බැලු විට මෘදුකාංගයක් ඉහල මිලකට අලෙවි කිරීමද අනවසර භාවිතයන්ට එරෙහිව නීති ගෙන ඒමද අත්‍යාවශ්‍යය. නමුත් නිර්මාණකරු තම ආයෝජනය මෙන් විශාල ප්‍රමාණයක් / ප්‍රතිශතයක් ලාභ ලබයි නම් මිල අඩු කිරීම මගින් එතරම් අලාභයක් සිදු නොවේ.

දැනට ඉන්දියාවට ආනයනය කරනු ලබන මෘදුකාංග එරටට ගැළපෙන මිලකට අලෙවි කරවීමේ ක්‍රියාමාර්ග එහි රජය මගින් ගෙන ඇත. ඉන්දියාව දැන් ලෝකයේ ප්‍රමුඛ තොරතුරු තාක්ෂණ විද්‍යාර්ථීන් බිහි කරනුයේ මේ නිසාය.
වෙනත් යුරෝපීය රටවල ජනතාව එක් මෘදුකාංගයක් පමණක් භාවිතා කිරීමට දස්කම් දක්වන විට ලංකාව ඉන්දියාට වැනි රටවල ජනතාව මෘදුකාංග කීපයකින් එකවර වැඩ කරනුයේ අඩුමිලට මෘදුකාංග ලබා ගැනීමේ පහසුකම නිසාය.

එසේ නොමැති නම් විවෘත හා නිදහස් මෘදුකාංග ප්‍රචලිත කිරීමට රජය මීට වඩා උනන්දු විය යුතුය. එවිට රටින් පිටට ඇදී යන විශාල මුදලක් රටේ වෙනත් කාර්යයකට යොදාගත හැක.

දවස ගෙවී යන අයුරු

මාගේ
අරමුණු
වගකීම්
හඳුනාගත් පසු
ඒ වෙනුවෙන්
වෙහෙස වීම
කෙතරම් පහසු වීද යත්

අද

දවස
ගෙවී යන අයුරු
මට ම
නොදැනේ

.

Monday, April 5, 2010

ලංකාව ලෝකයේ පර්යේෂණ වෙළඳපොලක්ද? නැත්නම් ලෝකයේ කුණුගොඩ ද?

මම දැනට මාසයකට විතර කලින් UPS එකක් ගත්තා මීට කලින් තිබුණු UPS එක අවුරුදු 6 ක විතර සේවයකින් පස්සෙ ඉවත් කරන්න සිදු වුණු නිසා. එච්චර කාලයක් අපේ ගෙදරට එන විදියෙ අස්ථාවර විදුලි සැපයුමක්  එක්ක වැඩ කරා කියන්නෙ UPS එක තමන්ගේ කාර්යය හරියට ඉටු කළා කියන එකයි.

මම ඉතින් මගේ දෙවැනි UPS එක විදියට ගත්තේත් මුලින් තිබුණු වර්ගයේම එකක්. ඒත් අලුත් UPS එක ගැන නම් මට ඇත්තේ සතුටුදායක සිතුවිලි නෙවෙයි. මොකද UPS  එකකින් වෙන්න ඕන මූලික ම කාර්යය වන අඛණ්ඩ විදුලි සැපයුම නම් මගේ පරිගණකයට ලැබෙන්නෙ ඉතාම කලාතුරකින්..

අපේ නිවසට ලැබෙන විදුලි සැපයුම හිටිගමන් තත්පරයක කාලයක් තුල බිඳවැටී නැවත යථාතත්වයට පත් වන අවස්ථා වලදී මගේ පරිගණකය ක්‍රියාවිරහිත වන දේ දැන් සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. කලින් UPS එක මේ ආකාරයට ක්‍රියාකළේ ඉතාම කලාතුරකින්.  විදුලි සැපයුම දෝෂ සහිත වන විට UPS එක හරහා පරිගණකයට ලැබෙන විදුලිය බිඳවැටෙනවානම් UPS පාවිච්චි කරන එකේ තේරුමක් නැතිබවයි මට හිතෙන්නේ.

නමුත් විදුලි බිඳවැටීම තත්පරයකට වඩා වැඩි කාලයක් තිබෙන විට නම් පරිගණකය කිසිම වෙලාවක ක්‍රියා විරහිත වෙන්නේ නෑ.

මම හිතන්නේ දැන් ලංකාවෙ වෙළඳපොලේ පවතින බොහොමයක් විදුලි උපකරණ තත්වයෙන් බාල බවයි. එක්කෝ වෙනත් රටවලට යවන්න නිපදවන ලද නිෂ්පාදනවල කිසියම් දෝෂයක් නිසා එම රටවල් වලින් ප්‍රතික්ෂේප වන විට එම නිෂ්පාදන ලංකාවට එවන බව හෝ ලංකාව වෙනුවෙන් වෙනම තත්වයෙන් බාල නිෂ්පාදන නිපදවන බව හෝ අලුත් විශේෂාංග ඇතුලත් නිෂ්පාදන සඳහා ලංකාව පර්යේෂණ වෙළඳපොලක් බවට පත් කර ඇති බවයි.


මේ කෙසේ වෙතත් ලංකාවේ පාරිභෝගිකයින් සුරැකීමට නම් නීති වලට වඩා පිටරටවලින ගෙන්වන නිෂ්පාදන වල තත්ව පාලනයක් / පිරික්සුමක් සිදු කළ යුතුයි....

නැතිනම් power tree යූපීඑස් එකට වුන දේ වෙනත් දේවල් වලටත් සිදුවන දිනය වැඩි ඈතක නැති බව මාගේ හැඟීමයි....

Friday, April 2, 2010

ජීවිතය හා අරමුණු.....

ජීවිතය
ජීවත් කරවීමට
බලාපොරොත්තු
අවැසි බව
කවුරුන් හෝ
කීවා
මතකයි
මට

නමුත්
බලාපොරොත්තුවලට වඩා
අරමුණු
වැදගත් බවද
ඒවා
ඉලක්ක ලෙස සලකා
ඒවා
හඹායාම
ජීවිතය
සාර්ථක වීමට
ඉවහල් වන බව
පහදා දුන්නීය
තවත් අයෙක්

මටද
වැටහෙන  පරිදි
බලාපොරොත්තු වලට වඩා
අරමුණු
වැදගත්ය

එම අරමුණු
ඉලක්ක බවට
පත් කරගෙන
එම ඉලක්ක
සපුරා ගැනීමට
කටයුතු කිරීම මඟින්
මාගේ
වටිනා කාලය
කළමණාකරණය කර ගැනීමටද
මාගේ
අරමුණු
අතපසු කර
නොගැනීමටද
ඉවහල් වනු
නොඅනුමානය

එබැවින්
එය පහදා දුන්
ඔබට
තුති....
Related Posts with Thumbnails